රාදි 🤎🍂
February 22, 2025 at 04:19 PM
"ආයි සුදූ.. කොණ්ඩෙන් අදින්න එපා යෝදියේ.."
මං ආයෙම පාරක් චූටි අයියගෙ කොණ්ඩෙන් අදිද්දි එයා ආයෙමත් කෑගැහුවා..
ඒත් එක්කම චූටි අයියගෙ මේසෙ උඩ තියලා තිබ්බ මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා..
කෝල් එක අර්චිගෙන්..
"අප්පාහ්.. නෑණා පොඩ්ඩ ගන්නෙ.. මොකද දන්නෑ හදිස්සියෙ මාව මතක් උනේ.. ඕක ආන්සර් කරලා ස්පීකර් දාන්නකො චූටි අයියා.. මගෙ අතේ තෙල්නේ.."
මං එහෙම කිව්වම චූටි අයියා ඔලුව හොලවලා ෆෝන් එක අරන් කෝල් එක ආන්සර් කරලා ස්පීකර් ඔන් කරා..
..........................................................♡
"හෙ.."
"බල්ලෝ.. සංසි බඳිනවලු යකෝ.."
මට හෙලෝ කියන්නවත් ඉඩක් නොතියා අර්චි එහෙම කියාගෙන ගියේ ගොඩක් කලබල කටහඬකින්..
චූටි අයියගෙ කොණ්ඩෙ අතරෙ එහෙ මෙහෙ ගිය මගේ අත ඉබේටම නවතිද්දි මට ඉබේටම බැලුනෙ චූටි අයියගෙ මූණ දිහාමයි..
එයත් මම වගේම ශොක් වෙලා..
"අර්..චි..හ්.. විහිලුවක්නේ.. නේද.."
මං වෙවුලන කටහඬකින් එහෙම ඇහුවෙ ඒක ඇත්තටම බොරුවක් වෙන්න කියලා සිය දහස්වාරයක් හිතන ගමන්..
"පිස්සුද යකෝ.. මේ වගේ වෙලාවක විහිලු කරන්න උබට මාව මොකෙක් වගේද පේන්නෙ මීදු. සංසි ඇත්තටම බඳිනවා.. යකෝ මට කිව්වෙත් සේසදී..අංකල්ගෙ යාලුවෙක්ගෙ පුතෙක්ලු. අර නාකි ආච්චි අම්මලු හොයලා තියෙන්නෙ ඒක.. ඒකිට එලියටවත් බහින්න දෙන්නෑලු.. ෆෝන් එකත් පොලොවෙ ගහලලු.. අනේ මන්දා බන්. මටනම් තේරෙන්නෑ මොකද්ද වෙන්නෙ කියලා.. අපි චූටි අයියට මොනවද කියන්නෙ මීදු.."
අර්චි බිඳුන කටහඬකින් එහෙම ඇහුවා..
ඉතින් කොහොමනම් කියන්නද චූටි අයියා මේ හැමදේම අහගෙන ඉන්නෙ කියලා..
කිසිම දෙයක් කියන්න මගේ කටින් වචනයක්වත් පිට වෙන්නෙ නෑ..
"මට මොනවා කියන්නද බන් චූටි නෑණේ.."
මං සද්ද නැතුව ඉද්දි එක පාරටම එහෙම කිව්වෙ චූටි අයියා..
"චූටි.. අයි..යේ.."
"ඔව් ඔව් මං තමයි.. ඔය දැන් ඇති සුදූ.. තමුසෙ අත හෝදගන්නවා.. මං ශොප් එක පැත්තෙ රවුමක් දාලා එන්න යන්න ඕනෙ දැන්.."
එහෙම කියලා චූටි අයියා මගෙ ඔලුවට තට්ටුවක් දාලා එතනින් නැගිටලා ගියා..
"හෙලෝ අර්චි.."
මම එහෙම කිව්වෙ හරිම හෙමින්... අර්චිට ඒක ඇහුනද කියලවත් ශුවර් නෑ..
"මීදු.. චූටි අයියා.."
"එයාට ඔක්කොම ඇහුනා අර්චි.."
"අනේ අපි මොකද කරන්නෙ මීදු.. ඒකිව බලෙන් බන්දන්නේ.. චූටි අයියා පව්නේ.. අනේ මීදු.. අනේ.."
අර්චිට දැනටම ඇඬිලා..
ඔව් ඒක එහෙම වෙන්නත් ඕනෙ. අපි තුන්දෙනා පොඩි කාලෙ ඉඳන් හිටියෙ එකටම වගේ..
ඒත් සංසිලා වලවුකාරයෝනෙ.. ඉතින් එයාගෙ ආච්චි අම්මා දැනට උනත් ඉන්නෙ වලවු මාන්නෙ ඉහට ගහලා..
අංකල් උනත් වැඩ කරන්නෙ ඒ ආච්චි අම්මට ඕනෙ විදියට.. ආන්ටිට කොහෙත්ම කතා කරන්න දෙන්නෙ නැතුව ඇති ඕකට..
"අර්චි.. අඬන්න එපා බන්. අපි හෙට උදේම එහෙට ගිහින් බලමු.. අපි උදේම යං.. දැන් අඬන්න එපා.. හොඳ කෙල්ලනේ.. ම්ම්ම්ම්.. මං දෑස්ට එන්න කියන්නද.."
"ඕනෙ නෑ මීදු.."
අර්චි එහෙම කියන්නෙ නහයත් ඉහලට ඇද ඇද..
මටත් ඇඬෙන්න ඔන්න මෙන්න තරම් හිටියත් මට අඬලා පිට කරන්න තරම් මේ ශොක් එක ලොකු වැඩියි..
කෝල් එක කට් කරලා දාලා මං එලියට ආවෙ චූටි අයියා කොහෙද බලන්න..
සාලෙ සෝෆා එක උඩ ඔලුව තියාගෙන අත් දෙකන්ම මූණ වහගෙන ඔහේ වැතිරිලා ඉන්නවා..
"චූටි අයියේ.."
"ඇයි සුදූ.."
"මං.. අපි ගිහින් කතා කරමුද සංසිලාගෙ අම්මලා එක්ක.."
"ඔව්.. ඔයාලා යන්න.. යාලුවව තනි කරන්න එපා මේ වෙලාවෙ.."
"චූටි අයියෙ.. මම කියන්නෙ අපි ගැන නෙවෙයි. ඔයා ගැන.."
"ඇයි මම ගැන මොකද්ද.. අන්න අරෙහෙ ගිහින් ලෑස්ති වෙයන් බන්. අරූ දැන් එයි.."
එහෙම කියලා චූටි අයියා ආයෙම මාව මග ඇරලා යන්න ගියා..
..........................................................♡
හවස තිවෙන්‍ය අයියා එනවා කිව්ව වෙලාවට මම ලෑස්ති වෙලා ගියේ එයාලගෙ ගෙදරට..
යන්න කලින් කෝකටත් දෑස්ට කෝල් කරලා අර්චිව බලන්න කියලා කිව්වා..
මං ගේට් එක ඇරගෙන යනකොටත් තිවෙන්‍ය අයියා ගෙදර ඇවිත්..
"සුදුඅම්මා... කොයි ඔයා.."
මං එහෙම කියාගෙන ඇතුලට යද්දි සුදු අම්මා කොහෙහරි යන්න ලෑස්ති වෙනවා..
"සුදු මැණික ආවද.. මං මේ අර සමිතියට ගිහින් එන්න කියලා පුතේ.. අයියා නානවා. එයා ආවම මේ කෑම එක දෙනවද එයාට. කන්න බෑ කිව්වොත් බලෙන් හරි කවන්න පුතේ ඔය කොල්ලා උදේට කාලත් නෑ.."
"හරි සුදු අම්මා.."
මං එහෙම කිව්වම සුදු අම්මා මගෙ ඔලුවත් අතගාලා එලියට ගියා..
තිවෙන්‍ය අයියා තාමත් නානවා කියපු හින්දම හෙමීට එයාගෙ කාමරේට ගියේ කම්මැලි හින්දා..
මොකද ඒ කාමරේ බැල්කනි එකට ගියාම එතන ගහෙන් ජම්බු කඩන්න පුලුවන්..
මේ යස්ස පැටියා ආවොත් මට හුලං තමයි.. ඒක නිසා නාලා එන්න කලින් ජම්බු ටිකක් කඩාගන්න හිතාගෙන මං තිවෙන්‍ය අයියගෙ ඇඳ උඩට බෑග් එක දාලා බැල්කනියට පැන්නා..
මේ ගහේ ජම්බු පොඩ්ඩක්වත් ඇඹුල් නෑ.. මාරම රසයි..
ඉතින් මං උඩ පැන පැන අතට අහුවෙන ගානට තිබ්බ ජම්බු ටික සේරම කඩාගෙන කෑවා..
ඒත් එක පාරටම අත්තක එල්ලිලා වගේ හිටපු මාව බැලන්ස් නැතුව ගිහින් බිමට වැටෙද්දි මගේ අතක පැත්තකුත් හීරිලා ගියා..
අහ්.. ඕවට සැලෙනවද මම.. පොඩ්ඩක් දැවිල්ල ඇල්ලුවට ඒක ගානකටවත් නොගෙන ආයෙම ජම්බු කන්න ගත්තා..
ගොඩක් කන්නත් හොඳ නෑ.. දැන් ආවොත් ගුටි කන්න වෙනවනේ..
ඒක නිසා ආයෙම මම ශේප් එකේ තිවෙන්‍ය අයියගෙ කාමරේට ගියා..
මේ කාමරේ පැත්තක් පිරෙන්න තියෙනවා තඩි පොත් රාක්කයක්..
ඉතින් මං පුරුදු විදියටම පොත් අස්සෙ අතරමං උනා..
මෙතන නැති පොතක් නෑ..
පොත් පේලියක් දිගේ අත යවන ගමන් මං හිටියෙ ලොකු කල්පනාවක..
මං එක පාරට ගැස්සිලා ගියේ මගේ පිටිපස්සෙන් ඇහුන තිවෙන්‍ය අයියගෙ කටහඬට..
"සුදු බබා.. තමුසෙ මොකෝ මෙතන.."
කොට ශෝටක් ඇඳලා ටවල් එකකින් කොණ්ඩෙත් පිහ පිහා මාර පුදුමෙකින් මගේ දිහා බලන් ඉන්නවා..
පිහදැම්මට මෙයාගෙ කොණ්ඩෙන් වතුර බේරෙනවා තාමත්..
කොණ්ඩෙන් බේරිලා වැටෙන වතුර පපුව දිගේ බේරෙනවා..
මගේ බෝයිෆ්‍රෙන්ඩ් මාර හොට්නෙ අනේ.. අල්ලගෙන ඉඹින්න හිතෙනවා..
චහ්.. මොනාද යකූ මම මේ හිතන්නේ..
"සුදුබබා.."
"අහ්.."
"ඔය තොලකුත් හපාගෙන මාව ගිලින්න හදන එක නවත්තනවා.. මොනාද මේ කාමරේ කරන්නෙ."
අනේ දෙයියනේ.. මං මෙච්චර දේවල් හිතලා තියෙන්නෙ තොලේ කෙලවරකුත් දත් වලින් හපාගෙන..
මෙතනම වැලලුනානම් මීට හොඳයි මීදුම්..
එහෙමයි කියලා ඇත්ත කියන්නත් බෑනෙ.. ජම්බු කන්න ආවා කිව්වොත් කකුල් ගලවයි මේ යකා මගේ..
"ආම්ම්.. මං මේ.. පොත් බලන්න ආවෙ. සුදුඅම්මා ගෙදර නෑ.."
"අම්මා ගෙදර හිටියත් නැතත්.. කොල්ලෙක්ගෙ කාමරේකට මෙහෙම එනවද ආ.."
මහ අමුතු හිනාවක් කට කොණට දාගෙන අතේ තිබ්බ ටවල් එක මගේ වටේට දාලා මාව එයා දිහාට ඇදලා ගන්න ගමන් තිවෙන්‍ය අයියා එහෙම ඇහුවා..
"ම්..මං.. ඔයාගෙ කාමරේටනෙ ඉතින්.. ආවෙ.."
මේ වතුර බින්දු බේරෙන හැටි දකිද්දි මට වචනත් අමතක වෙනවා අප්පා..
"ඒක තමයි.. නරකම.."
මගේ කන් පෙත්තක තොල් වදින නොවදින ගානට මගේ දිහාට නැවිලා එයා එහෙම කිව්වා..
ඒ හුස්ම සීතලයි.. ඒ සීතල අස්සෙනුත් මට දැනෙනවා මට හුරුපුරුදු උණුහුම..
තවදුරටත් ඒ කියන වචන ඇහෙන්න තරම් මගේ පියවි සිහිය මගෙ ලඟ නෑ..
මගේ අතක් ඉබේටම ගිහින් නැවතුනේ ඒ පපුව දිගේ ගලාගෙන ගියපු වතුර බින්දුවක..
හරියට ඒ වතුර බින්දුව ගලාගෙන යන එක නවත්තන්න වගේ..
මටත් නොදැනිම මගේ තොල් තිවෙන්‍ය අයියගෙ පපුවෙන් නවතිද්දි එයා බොහොම අමාරුවෙන් හුස්ම අල්ලන් ඉන්න වග මට තේරුනා..
"සු..දු.. බබා..."
කැඩිලා ගියපු තිවෙන්‍ය අයියගෙ කටහඬ මට ඇහුනත් මං නෑහුන ගානටම හිටියා..
"ආවුහ්.. සුදු බබා.. මොකද මේ.. නවත්තනවා.."
තිවෙන්‍ය අයියා මගෙ කනට කරලා එහෙම කියනවා ඇහුනත් මම ඔලුව දෙපැත්තට වනලා දිගටම මගේ වැඩේ කරගෙන ගියේ දැන්නම් මෙයාව අවුස්සන්න ඕනෙවට..
"තමුසෙ.. අද මෙතනින් එලියට යන්න අදහසක් තියෙනවනම් ඕක නවත්තනවා.."
" ඉතින් එලියට නොයා ඉමු.."
මං හිටපු විදියටම ඇස් විතරක් උස්සලා එහෙම කිව්වා..
"ඇයි ආයෙ ගෙදර නොයා මෙහෙම නවතින්නද ඕනෙ මැඩම්ට.."
ආපහු මගේ කන් පෙත්තක් හපන ගමන් තිවෙන්‍ය අයියා එහෙම ඇහුවා..
"එතනයි මෙතනයි වෙනසක් නෑනේ.. ඔයාට ඕනෙනම් නවතින්නම්.."
මං ඇහැක් ගහලා එහෙම කිව්වම මගෙ දිහාට කට කොනක හිනාවක් දාපු තිවෙන්‍ය අයියා මාව එහෙමම ඇඳට තල්ලු කරා..
"බලාගමු එහෙනම්.."
"අයි..යෙහ්.."
මං ඒ පාර එයා දිහා බැලුවෙ බය වෙලා වගේ..
වැඩේ වැරදිලා කියලා මගේ කුරුලු මොලේට තේරෙද්දි මෙයාගෙ මායම් වලට මං අහු වෙලා ඉවරයි..
"මේ පේනවද.. මේවට පනිශ්මන්ට් දෙන්න එපැයි නේහ්.."
එයා එහෙම කිව්වෙ මගේ දත් වලටම තුවාල වෙලා යන්තමට රතු වෙලා තිබුන එයාගෙ පපුව ඇස් වලින් පෙන්නලා..
යකෝ මේ මමද හැපුවේ.. එච්චරකට සිහියක් නැති උනේ කොහොමද මට..
"අයියෙ.. මම මේ.. අනේ.."
මම එහෙම කියලා එතන මගේ අතින් පිහිදාන්නයි හැදුවෙ..
ඒත් මට කලින්ම ඉස්සර උන තිවෙන්‍ය අයියා ඒ අතයි මගේ අනික් අතයි දෙකම එක මිටකට අල්ලගත්තා..
"Now.. it's my turn h..o..n..e..y.."
කට කොනකින් අමුතුම හිනාවක් දාගෙන තිවෙන්‍ය අයියා එහෙම කිව්වා..
"අයි..යේ මං.. විහිලු..වක්..නෙ කරේ.."
"ඒ උනාට මම විහිලුවක් නෙවෙයිනෙ කරේ මැණික.."
එහෙම කියලා තිවෙන්‍ය අයියා මගේ තොල් වලට පාත් උනේ මට හිතන්නවත් වෙලාවක් නොතියා..
තප්පර කීපයක් තිස්සෙ එහෙමම හිටපු තිවෙන්‍ය අයියා එක පාරට කරන්ට් වැදිලා වගේ ගැස්සිලා මගෙන් ඈත් උනේ මාවත් බය කරලා..
"අයියෙහ්.."
මං කතා කරේ ඒ තිගැස්මෙන්මයි..
ඒත් මුකුත්ම නොකියපු තිවෙන්‍ය අයියා මගේ අත ඇදලා අරන් විනාඩි දෙක තුනක් සද්ද නැතුවම බලන් හිටියෙ ගහ ලඟ ලෙස්සද්දි තුවාල උන තැන දිහා..
"මොකද මේ අතට උනේ.."
"අහ්.. මං.. මේ.."
දැන්නම් ඉවරයි.. ඇත්ත කිව්වොත් කන පලයි මගේ..
ඒත් බොරු කියන්නත් බෑ..
අනේ දැන් මොනාහරි එකක් වෙලා මෙයාට මේක අමතක වෙනවනම් දෙයියනේ...
එහෙමයි කියලා දෙයියො කවදද මම කියන දේවල් ඇහුවෙ..
"කියනවා සුදු බබා.. තමුසෙ වැටුනද.."
තිවෙන්‍ය අයියා ආයෙමත් එහෙම අහද්දි මට ඉබේටම බැලුනෙ බැල්කනියේ බැබලි බැබලි තියෙන ජම්බු ගහ දිහා..
ඒත් මටත් නොදැනිම මගේ බැල්ම දිගේම තිවෙන්‍ය අයියගෙ ඇසුත් ජම්බු ගහ ලඟ නැවතිලා කියලා මට තේරුනේ හයියෙන්ම නලලට වැදුන පාර නිසා..
"තමුසේ.. අර ජම්බු ගහ දිගේ බඩගෑවද මෙච්චර එපා කියලත් ආ.."
"ආයි අනේ.. රිදෙනවා.. අනික බඩගෑවෙ නෑ.. උඩ පැනලා කැඩුවෙ. කෑගහන්න එපා අයියෙ. පොඩ්ඩයිනෙ සීරුනේ.."
"හොඳ පොඩ්ඩ.. කෝ නැගිටිනවා.."
එහෙම කියලා මාව නැගිට්ටවගත්තු තිවෙන්‍ය අයියා ෆස්ට් ඒඩ් බොක්ස් එකත් අරගෙන ඇවිත් සද්දයක් නැතුවම මගේ අතට බෙහෙත් දැම්මා..
"හ්ම්ම්ම්.. හරිනේ.. දැන් මූඩ් ෆික්ස්නේ.. දැන් එහෙනම් කියමු බලන්න මෙච්චර අවුල් වෙන්න තරම් මගේ කෙල්ලට මොනාද උනේ කියලා.."
තිවෙන්‍ය අයියා එක පාර එහෙම ඇහුවමනම් මම පුදුම උනා..
"අයි..යේ.."
"ම්ම්ම්ම්ම්.."
"ඔයා කොහොමද."
"ඔයාගෙ වෙනසක් මට තේරුම් ගන්න බැරිනම් වැඩක් තියෙනවද සුදු බබා.. කෝ කියන්නකො.. මොකද උනේ.."
තිවෙන්‍ය අයියා ආයෙමත් එහෙම ඇහුවම මම බර හුස්මක් අතෑරලා අර්චි කෝල් කරපු එකයි චූටි අයියා ඒක අහගෙන හිටපු එකයි සේරම කිව්වා..
"හ්ම්ම්ම්.. ඒකනම් ඉතින් ලොකු ප්‍රශ්නයක්නේ.. ඔයාලා ගිහින් ඒ නංගිව බලන්නකො හෙට. මං තීශ් එක්ක කතා කරන්නම්.."
මං කියපු සේරම අහගෙන ඉඳලා මගෙ ඔලුවත් අතගාලා තිවෙන්‍ය අයියා එහෙම කිව්වා..
..........................................................♡
"ඇත්තටම අපි කොහෙද යන්නෙ අයියේ.. කියන්නකෝ.."
"ම්හු.. ගියාම බලාගන්නකෝ.."
"ඔයානම් මහ නරකයි අයියේ.. ඇත්තමයි.."
හිතේ තියෙන හැමදේම කියලා දාපු හින්දා මගේ හිතට පොඩි නිදහසක් දැනුනා..
ඒක නිසා මට දැන් වෙනදා වගේම රණ්ඩු කරන්න පුලුවන්..
මට ඇත්තටම දැන්නම් තරහා මෙයා තාමත් මට යන්නෙ කොහෙද කියලා නොකියපු හින්දා..
"ඇයි අප්පා ඔයාට කියන්න බැරි ඉතින්.."
විනාඩි දෙක තුනක් සද්ද නැතුව හිටපු මම ආයෙම එහෙම ඇහුවා..
"එක විනාඩියක් කට වහගෙන ඉන්නවකො සුදු බබා.. තමුසෙනම් ඇත්තමයි.."
එහෙම කියන ගමන් තිවෙන්‍ය අයියා කාර් එක හැරෙව්වෙ මට හොඳට හුරු පුරුදු පාරකට..
"මේහ්.. අපි ලොකු අයියලගෙ ගෙදර යනවද අයියේ. ඒත් වැඩක් නෑනේ. එයාලා තාම අපේ ගෙදරනේ.."
මං එහෙම ඇහුවත් තිවෙන්‍ය අයියා ලොකු අයියලගෙ ගෙදරත් පාස් කරගෙන තව ටිකක් ඉස්සරහට ගිහින් කාර් එක නැවැත්තුවා..
"කෝ.. දැන් බහින්නකො.."
එහෙම කියලා කාර් එකෙන් බැහැපු තිවෙන්‍ය අයියා මාවත් එක්කගෙන ටිකක් ඉස්සරහට ඇවිදගෙන ගියා..
"හොඳද මෙතන.."
එයා එහෙම ඇහුවෙ විකුණන්න දාලා තිබුන හිස් ඉඩමක් ලඟ නැවතිලා..
"ඔව්..ව් එතන ලස්සනයි. ඒත් මොකටද අයියෙ මේක.."
මං එහෙම ඇහුවෙ මට ඒක ගැන කිසිම තේරුමක් නැති හින්දා..
"හොඳයිනම් එච්චරයි. එහෙනම් ඉතින් අර එදා කිව්ව හැම හීනයක්ම හැබෑ වෙන ඔයාගෙ ගෙදර හැදෙන්නෙ මෙතන.."
තිවෙන්‍ය අයියා හිනා වෙලා එහෙම කියද්දි මම එයා දිහා බැලුවෙ ඇස් දෙකත් ලොකු කරගෙන..
"අයි..යේ.. ඒත්.. අපි.. ඇත්තටම එහෙම කරනවද.."
"ඇයි අපිට එහෙම කරන්න බැරි.."
" ඒ උනාට.. එතකොට සුදු අම්මලා.. එතකොට එයාලා තනියමනේ.."
මං කිව්වෙ ඇත්තටම..
මං එදා ආසාවට මොනවා කිව්වත් අපි එහෙම ගියොත් එයාලා තනියමනේ..
"ඔන්න ඕකනෙ බබා.. ඔයා අපෙ අම්මා ගැන කොච්චර දන්නවා උනත් ඕක තේරුම් අරන් නෑනෙ. අනිවාරෙන් අපි බැඳපු දවසක අපේ අම්මා අපිව වෙනම ගෙදරක නවත්තනවා. මොකද එයා මේ ලඟදි මට හෙන ලෙක්චර් එකක්ම දුන්නනේ ඔය ගැන.. ඉතින් එයාලා කොහොමත් එහෙම කරන එකේ අපේ ගෙදර අපි දැම්ම හදාගමු.. අනික් එක ඉතින් අපි වෙනම ඉන්නවා කියන්නෙ අම්මලට නොසලකා ඉන්නවා කියන එක නෙවෙයිනෙ සුදුබබා.. එයාලටත් පුලුවන් එතකොට නිදහසේ ජීවත් වෙන්න. ඔයාටත් පුලුවන් ඔයාගෙ හීන හැබෑ කරගන්න."
"අයියේ.."
"එතකොට ඒක ඔයාගෙයි මගෙයි ගෙදරනෙ නේද.."
"ඔව් ඉතින්. නැතුව අල්ලපු ගෙදර එකාගෙයැ. අහ්.. එහෙ ඉන්නෙත් මමමනෙ හැබැයි නේද.."
තිවෙන්‍ය අයියා එහෙම කිව්වම අපි දෙන්නම හයියෙන් හිනා උනා..
"අහන්නකො අනේ.."
"ඔව් කියන්නකෝ.."
"අර කිව්වා වගේ ලොකු බැල්කනියක් හදනවා නේද.."
"ඔව් හදමු.."
"එතකොට හෝම් ලයිබ්‍රි එක.."
"හදමූ.."
"අර අඹ ග.."
"හදමු හදමු බන්. ඔය සේරම හදමු.. දැන් පොඩ්ඩක් කට වහන් හිටහන්කෝ.. "
තිවෙන්‍ය අයියා කට බෙරි කරගෙන එහෙම කියද්දි මට ආයෙමත් මහ හයියෙන් හිනා ගියා..
..........................................................♡
"මොන මගුලක්ද බන් මේ වෙන්නේ. එකපාර ගහෙන් ගෙඩි එන්නා වගේනෙ.."
..........................................................♡
රොමෑන්ටික් කෑලි ලියන්න අත්දැකීම් කොහෙන්ද කියලා අහන්න එපා හරිද. අසරණ වෙනවනෙ. 😪
මට නිකන් ලැජ්ජයිත් වගේ අප්පා..
ඊලඟ එපිය අරන් එන්නම්...
✍️ රාදි
❤️
♥️
3