රාදි 🤎🍂
රාදි 🤎🍂
February 28, 2025 at 10:07 AM
"අයියෝ අම්මා.. අපි දෙන්නම ජොබ් කරනවනේ.. අනික් එක අපි ඒ ඉඩම ගත්තෙ අර ෆොටෝ ශූට් එකේ සල්ලියි අපි එකතුකරගත්තු සල්ලියි දාලා.." "අනේ දරුවනේ.. ඒ සල්ලි ඔයාලට ඉතුරු කරගන්න තිබුනනේ.. දැන් ඉතින් ඔයාලා කැමති විදියට කියන්න. අපි ඉතුරු වියදම් ටික කරලා ලස්සන ගෙයක් හදාගම්මු.." තිවෙන්‍ය අයියා එහෙම කියද්දි ඒකට උත්තර දුන්නෙ අපේ තාත්තා.. "ඇත්තටම තාත්තා.. අපි එතන ගේ හදලා ඉවරයි. තව පොඩි පොඩි වැඩ ටිකක් විතරයි ඉවර කරගන්න තියෙන්නෙ.. ලොකු අයියගෙ ගෙදරට ගෙවල් තුනක් එහායින් හදලා තියෙන අලුත් ගේ අපේ.." මං එහෙම කියද්දි ආයෙම කට්ටියගෙම ඇස් නලලේ.. ඒත් එක්කම ආපහු මැද්දට පැනලා ලොකු අයියා බෙරිහන් දෙන්න ගත්තා.. "යකෝ.. ඒ ගෙදර.. මේ අපේ ගෑණි දැකපු වෙලාවෙ ඉඳන් මැරෙන්න හදන ගෙදර උබලා දෙන්නගෙ කියලද දැන් එතකොට ඔය කියන්නේ.." "මොනවද දෙව් කියවන්නේ.. මං කිව්වෙ ඒක ලස්සනයි කියලා විතරනේ.. හැබැයි මං කීයටවත් හිතුවෙ නෑ මේ දෙන්නා මෙච්චර ලොකු දෙයක් අපෙන් හංගගෙන ඔච්චරකල් තියාගනී කියලා.." ඒ පාර මැන්ඩි අක්කා හිනා වෙවී එහෙම කියනවා.. "හරි හරි අම්මේ.. එහෙනම් ඉතින් දැන් වෙඩින් එකට නැකැත් බලද්දි ගෙට ගෙවදින්න නැකතකුත් හදලා ගෙනත් දෙන්න මේ ජෝඩුවට.." මගේ ඔලුවත් අතගාලා එහෙම කියපු ලොකුඅයියා තිවෙන්‍ය අයියගෙ කරට අත දාගත්තෙ එයාගෙ අතකටත් පාරක් ගහලා.... ..........................................................♡ "මල්සරාට ප්‍රේමලෝකෙ මාලිගා තනා.. මල් නෙලන්න වාසනාව මටද අත් උනා.. ගයා ගී.. හහා හා.." "මොකද අප්පා මේ.." මං ඇහුවෙ සින්දු කිය කිය හිනාවෙවී මගෙ වටේට කැරකෙන කේශි අක්කගෙන්.. "සතුටට යකෝ සතුටට.. මං තනිකඩව වේලුනාට මොකෝ.. අපේ බට්ටිච්චි බඳින්නනෙ යන්නේ.. අභී අයියත් හිටියනම් පාටියක් දාන්න තිබ්බා.." "ආ... ඒකද මේ.. වෙඩින් එකට ඉන්විටේෂනුත් දීලා තව පාටිත් ඕනෙද බන් අක්කෙ. අයියෝ මන්දා මෙහෙමත් යාලුවො.." මං කිව්වෙ කම්මුලකට අතකුත් තියාගෙන.. "නැත්තන් යකෝ.. පොඩියට ඉඳගෙන ලේසි වැඩක්ද මේ කරලා තියෙන්නෙ.. අයියටත් හොරෙන් අයියගෙ යාලුවව අල්ලගෙන.. ඌට මායම් දාලා ලඟ තියාගෙන.. දැන් බඳින්නත් ලෑස්තිය.. අනික බලහන්කෝ. තිවෙන්‍ය අයියා කියන්නෙ ලේසි කොල්ලෙක්ද.. හරියට අර ග්‍රීක් ගෝඩ් කෙනෙක් වගේ.. අනේ ඉතින් අපිට හරියන්නෑනෙ ඔහොම චාන්ස්.. එක අයියෙක්ව ඩිවෝස් කරවලවත් මට දීහන්කො නංගියේ.." මෙයා කියවනවා පිස්සියෙක් වගේ.. "ඩිවෝස් කරන්න දෙයක්නම් නෑ ඉතින්. අර යස අපූරුවට ඉන්නෙ චූටි අයියා.." "සිරාවටම.. තාමත් තිවේන් අයියා මුකුත් කතා කරන්නැද නංගි ඒක ගැන.. එතකොට සංසාරි නංගි ඔයාලා එක්ක කතා කරන්නෙත් නැද්ද.." කේශි අක්කා අහනකොට මට හුස්මක් අතෑරුනේ ඉබේටම වගේ.. "චූටි අයියා හැමතිස්සෙම කියන්නෙ තව කල් ඕනෙ කියලා.  සංසිලා බැඳලා සතියෙන් ඒ අයියා ආපහු සංසි එක්කම රට ගියා අක්කේ.. කෝල්නම් ගන්නවා.. ඒකි හරි දුකෙන් ඉන්නෙ ඉස්සර වගේ අපි එක්ක ඉන්න බැරි එකට.. ඔයා දන්නෑ වෙඩින් එකට ගිහිල්ලත් අර උද්දච්ච අත්තම්මා අපිට කියපු කතා.." "හහ්.. අපෝ සිරාවටම ඈ.. ඒ උන්දැට තාම දන්නැද්ද මේක 21 වන සියවස කියලා.. පොඩ්ඩක් කියලා දුන්නනම් හරි අනේ.. පව් අප්පා.." කේශි අක්කා කට ඇදකරගෙන එහෙම කියද්දි අපි දෙන්නම හයියෙන් හිනා උනා.. "අහ් ගෑණුළමයි.. මොකද මේ කැකිරි පලන්නේ.." එකපාරටම චානුක අයියත් එක්ක එතනට ආව අභී අයියා එහෙම ඇහුවෙ අපි ලඟින් ඉඳගන්න ගමන්.. "ආ.. එව්වා ගෑණුළමයිගෙ කතානේ..  මොකද මේ ඔයාගෙ මූණෙ බල්බ් හයි කරලා වගේ.. තරු පිරිලා දිලිසෙනවා ඇහ්.." කේශි අක්කා අහන්නෙ කෙලවරක ඉඳගත්තු අභී අයියගෙ මූණටම එබීගෙන.. "වෙඩින් එකට ඩේට් ෆික්ස් උනා බන්.." අභී අයියා එහෙම කියද්දි මගෙයි කේශි අක්කගෙයි ඇස් නලලේ.. යකෝ.. අපේ මෝඩ මැන්ඩියාවත් කිව්වෙ නෑනෙ ඒ යස්සනීගෙ නගා බඳින්න යනවා කියලා.. "අඩේ..  සිරාවටම අයියේ... අම්මෝ.. මරුනේ.. එකට වෙඩින් දෙකක්.. දැන්නම් පාටියක් ඕනෙමයි ඕනෙමයි අප්පා.." "ඇයි ඒ.. කවුද දෙකක්.." චානුක අයියා එහෙම ඇහුවෙ ලොකු ප්‍රශ්නාර්ථ බැල්මකින්.. "අයියෝ.. ඔයාලා දන්නෑනෙ.. පොඩියට හිටියට සමහරු හෙන ෆාස්ට් ෆෝවර්ඩ්. මේ බට්ටිච්චිත් බඳින්න යන්නෙ අනේ.." "අඩේ සිරාවට.. කන්ග්‍රැජුලේෂන්ස් නංගි.." එකපාරට පිස්සෙක් වගේ උඩපැනපු චානු අයියා මාවත් බදාගෙන එහෙම කිව්වා.. "කන්ග්‍රැජුලේෂන්ස් බට්ටිච්චියෝ.." අභී අයියත් හිනා වෙලා මාව බදාගන්න ගමන් එහෙම කිව්වෙ.. ..........................................................♡ "සිරාවටම.. මාස අටකින්.." "ඔව් ඉතින්. අර අම්මා කිව්වෙ දැන්.." "ඒ කියන්නෙ මාස අටකට පස්සෙ තනිකරම මගේ.. ලෑස්ති වෙලා ඉන්න මැඩම්.." කාර් එක ඩ්‍රයිව් කරන ගමන් අනික් අතින් මගේ අතත් අල්ලගෙන තිවෙන්‍ය අයියා එහෙම කියනවා.. අපි මේ ඉන්නෙ අර්චිගෙ ගෙදර යන ගමන්.. හෙට අපේ ගෙදර කට්ටිය දෑස් එක්ක අර්චිගෙ ගෙදර එනවා.. ඒත් ඉතින් එහෙමයි කියලා මට අර්චිව තනි කරන්න බෑනේ.. ඒක නිසා මම අද යනවා අර්චිගෙ ගෙදර.. " මාස අටකින් හැමදේම කරගන්න පුලුවන් වෙයිද අයියෙ. මටනම් බයත් හිතෙනවා. අම්මලට තිබුනෙ තව ටිකක් ඉස්සරහර දිනයක් දාගන්න.." "කොච්චර වැඩ තිබුනත් අපි තනියම නෙවෙයිනෙ සුදු බබා.. පුලුවන් විදියට කරගමු.. බයවෙන්න එපා ම්ම්ම්.." "අහ්.. ඒක නෙවෙයි අයියෙ.. ඔයා හෙට මොකද්ද අඳින්නේ.." "මොකද්ද අඳින්නෙ අහන්නෙ." "නෑ මං නිකන් ඇහුවෙ. අර කලු පාට ෂර්ට් එක එහෙම ඇඳන් එන්න එපා. අර්චිලාගෙ පුංචිගෙ දුව කියන හෝන්තුවත් ඇවිත් ඉඳියි. ඒකිට කොල්ලෙක් පේන්න බෑ. දැන් දෙතුන් පාරක්ම චූටි අයියගෙ ඇඟෙත් එල්ලෙන්න ගිහින් තියෙනවා.." මං ඒක කිව්වෙ රවාගෙන.. "අනේ අම්මෝ.. ඉරිසියාකාරි.. ඒක නෙවෙයි සුදු බබා.. දන්නවද.. ඔයා හොඳ යාලුවෙක්. ඔයා තරම් හොඳ යාලුවෙක් වෙන්න මට තාමත් බැරි උනා.. ඔයාගෙ ඒ යාලුකම් වලට කවදාවත් කැඩෙන්න දෙන්න එපා.. හැමදාම ඔය වගේම ඉන්න.." අර්චිලගෙ ගේට් එකෙන් ඇතුලට කාර් එක දාන ගමන් තිවෙන්‍ය අයියා එහෙම කිව්වෙ මගෙ ඔලුවට අතකුත් තියලා.. ..........................................................♡ "ආ නංගී.. වැඩ වගේ.." කාමරේ බිම සාරි ගොඩක් දාගෙන එතනම ඉඳගෙන කල්පනා කරන අර්චි ලඟට ගිහින් මම එහෙම කිව්වෙ ඉණට අතකුත් තියාගෙන.. "අම්මෝ ඇති යන්තම්. උබ ආවද.. මෙතනින් සාරියක් තෝරලා දියන් මීදු. අම්මා මට මේ සාරි සේරම දීලා ගියා කැමති එකක් තෝරගන්න කියලා.. මටනම් හිතාගන්න බෑ.." "හෙහ්.. උබ හදන්නෙ හෙටම අපේ බූරුවා එක්ක අපේ ගෙදර එන්නද.. කෝ කෝ හිටපන් බලන්න.." මං එහෙම කියලා අර්චිව එහාට කරලා එතනම බිම ඉඳගත්තා.. "මේක.. ම්ම්ම්ම්.. නෑ මේ පාට.. මේක ඇඳපන්. කහපාට උබට මැච්. ආව් ආව් කොහොමද හෙට අපේ දෑස් එද්දි මගෙ නෑණා පොඩ්ඩ කහ කිරිල්ලි වගේ ඉස්සරහට ගියාම.. ම්ම්ම් ම්ම්ම්ම්..." මං එහෙම කියද්දි අර්චි හෙන පැණි හිනාවක් දාලා ලොකු කල්පනාවකට වැටුනා.. "හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ.. හිම වාගෙ සුන්දර හසකැන් මවා හදේ... මුමුණා කියන්නේ නල රැලින් කඳු මානයේ.. ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ.. ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ.." මං තාලෙට පැද්දි පැද්දි එහෙම අර්චි ඔලුව උස්සලා මගෙ දිහා බැලුවා.. "මීදු.. හෙට මනමාලයා විදියට මේ ගෙදරට එන්නෙ උබෙම අයියා.. ඒකත් උබ එක්කම මේ ලෝකෙට ආව උබට වැඩිපුරම ලඟ මනුස්සයා.. ඒත් උබ හිටගෙන ඉන්නෙ මගේ පැත්තෙන්. මං එක්ක. උබ දන්නවද මට ඒක කොච්චර වටිනවද කියලා.." අර්චි එහෙම කිව්වෙ හෙන සීරියස් මූඩ් එකකින්.. "අයියෝ බන්. එහෙම කියන්න එපා. නෑණා වෙන්න කලිනුයි උබ මගේ යාලුවා උනේ.. මොන දේටත් වඩා මට ඒ යාලුකම වටිනවා.. අච්චර කුණු කතා අහගෙන සංසිගෙ මගුලට ගියපු මම මෙහෙම වෙලාවක උබව අතාරියිද.." "ඒකයි මේකයි වෙනස් බන්. ඒ උබේ අයියා.." "ඔව්.. දෑස් කියන්නෙ මගේ අයියා.. ඒත් උබලා කවුරුවත් හිතන්නෙ නැති තරමට මායි දෑසුයි අපිව තේරුම් ගන්නවා.. සමහර වෙලාවට මගේ එක බැල්මකුත් ඇති දෑස්ට මං හිතන්නෙ මොනවද කියලා තේරුම් ගන්න.. එයා දන්නවා මේ වෙලාවෙ දෑස්ගෙ නංගිට වඩා මෙතෙන්ට ඕනෙ අර්චනාගෙ යාලුවා කියන එක.." "ඒ උනාට උබ දන්නවද.. මං කීයටවත් හිතුවෙ නෑ උබ මට උබේ දෑස්ව දෙයි කියලා.." අර්චි එහෙම කිව්වෙ ඇඳ පාමුල ඉඳගෙන හොඳට හේත්තු වෙන ගමන්.. "මං කොහොමත් මගේ දෑස්ව උබට දෙන්නෑ යකෝ.. උබට හම්බෙන්නෙ අර්චනාගෙ විදැස්ව විතරයි.. සුදූගෙ දෑස්ව උබට කවදාවත් හම්බෙන්නෑ.. අයියෙක්ව නෑණට දෙන්න කෙල්ලෙක්ට ටිකක් අමාරුයි තමයි අර්චි.. උබ දන්නවනෙ මට ඒක කොහොමත් අමාරු වැඩක්. මං උබත් එක්කත් සති දෙකක්ම තරහා වෙලා හිටියෙ ඒකනේ.. ඒ උනාට ඉතින් මගේ අයියා ජීවිත කාලෙම තනිකඩව තියන්න මට බෑ යකෝ. අනික් එක මං දැකලා තියෙනවා උබව දැක්කම ඒ යකාගෙ දෑස් ටෝච් වගේ පත්තු වෙන විදිය.. ඉතින් විදැස්ට එයාගෙ බබාව දීපන්.. උබත් උබේ බබාව තියාගනින්. මට මගේ යාලුවව දීපන්. ඒ වගේම මගේ අයියවත්.. එච්චරයි මං උබෙන් ඉල්ලන්නෙ.." මං එහෙම කිව්වෙ අර්චිගෙ අත් දෙකෙන් අල්ලගන්න ගමන්.. "අනේ මගෙ ඉරිසියාකාර නෑණා.. මෙහෙ වරෙන්.." අර්චි එහෙම කියලා හිනාවෙලා මාව ඇදලා බදාගත්තා.. ..........................................................♡ පහුවදා උදේ බොහොම අමාරුවෙන් අර්චිව ඇහැරවලා ලෑස්ති කරවගත්තෙ.. අනේ අම්මපා මේකිගෙ නින්දනම්.. කහපාට සාරිය ඇඳලා කොණ්ඩෙ පොඩ්ඩක් අල්ලලා කට්ටක් ගහලා ඉන්න අර්චි ඇත්තටම ඩැෆඩිල් මලක් වගේ.. "ඊව්ව්ව්.. මොකද්ද අර්චනා මේ තෝරගෙන තියෙන සාරිය.. කලින් කිව්වනම් මම හොඳ එකක් තෝරලා දෙනවනේ.. බලන්නකො ගොඩේ පාට.." අපි දෙන්නා කාමරේට වෙලා කතාවක් දාගෙන ඉද්දි එතනට ආපු අර්චිගෙ පුංචිගෙ දුව බොහොම අමාරුවෙන් කටත් උල් කරගෙන එහෙම කියවන්න ගත්තා.. පිටි හට්ටියකට වැටිලා වගේ මූණකුත් හදාගෙන කොට්ට උරයක් වගේ සායකුත් පටලගෙන කොරවක්කෙක් වගේ ඇවිද ඇවිද ඇද හොයන්න ඇවිත්.. "මට ඕනෙ දේවල් තෝරගන්න මම දන්නවා සෙත්මි අක්කේ.. ඒවා ගැන කවුරුත් ප්‍රශ්න කරනවට මම වැඩිය කැමති නෑ.." මූණෙ ලොකූ හිනාවක් තියාගෙන එහෙම කිව්වම අරකිගෙ මූණ හුලං ගියපු බැලුමක් වගේ.. ඒත් එක්කම අපේ අම්මලද කොහෙද එන සද්දෙ ඇහුන හින්දා මම අර්චිට පොඩ්ඩක් ඉන්න කියලා එලියට දිව්වා.. කට්ටියම ඇවිත්.. ආයෙ ඉතින් අපේ ගෙදර තියෙන පුංචි පුංචි පවුල් ටික ආවම කොටින්ම ඒ තැන හරියට හෙන සෙනග ගොඩක් ඉන්න රැස්වීමක් වගේ තමා ඉතින්.. ඇයි කීදෙනෙක් කියලා ඉන්නවද.. "මෙයා දැන් දිගටම මෙහෙද පදිංචිය.." මාව දැක්කම ලොකු අයියා හිනාවෙලා එහෙම ඇහුවෙ.. "අනේ ඇත්තටම පුතේ.. මීදුම් දුව නැත්තන් මට මේ සේරම දේවල් තනියමනම් කීයටවත් කරගන්න වෙන්නෑ.. හැම වැඩේටම උදවු කරේ මේ කෙල්ල.." ඇන්ටි එහෙම කියන්නෙ මගෙ ඔලුවත් අතගාලා.. ටික වෙලාවකින් ඇන්ටිම ගිහින් අර්චිව කාමරෙන් එලියට එක්කගෙන ආවා.. අම්මෝ.. දෑස්ගෙ ඇස් ඒකිගෙ ලඟ ඇලිලද මන්දා.. අර්චිනම් තක්කාලි වලට එහා රතු වෙලා.. මං එහෙමම බැලුවෙ චූටි අයියගෙ එහාපැත්තෙ ඉඳන් ලස්සන හිනාවක් එක්ක මගේ දිහා බලන් ඉන්න මගේ අයිතිකාරයා දිහා.. ඒ ඇස් ඇතුලෙ දාහක් දේවල් තියෙනවා. හැබැයි ඒ හැමදේම මැද්දෙන් මට හැමදාම වගේ මාව පේනවා.. ..........................................................♡ "කවුද අනේ මේ හැන්ඩ්සම්.." අම්මලා කට්ටිය ඇතුලෙ කතා කරන අතරෙ අපි හැමෝම එලියට ආවා.. එක පාරට කොහෙදෝ ඉඳන් කඩාගෙන වැදුන අර සෙත්මිද මොකීද හොල්මන එහෙම ඇහුවෙ තිවෙන්‍ය අයියා ලඟින් ඇලිලා වගේ වාඩි වෙලා.. යකෝ මට හිතන්නවත් වෙලාවක් තිබ්බෙ නෑනෙ.. අයියලා හැමෝගෙම ඇස් ලොකු වෙලා.. අක්කලනම් මහ කැත හිනාවක් දාගෙන බලන් ඉන්නෙ ඊලඟ තප්පරේ මගේ අතින් මෙයාගෙ අවසන් කටයුතු වෙයි කියලා දන්න හින්දමද කොහෙද.. ඒත් මේ පාර උනේ එහෙම නෙවෙයි. එකපාරටම එතෙන්ට ගියපු අර්චි අර හොල්මනව ඇදලා අරන් අහකට කරේ කුණු මාලු කෑල්ලක් අල්ලනවා වගේ.. "ඊයා සෙත්මි අක්කේ.. අහකට වෙන්න අනේ අයියගෙ ඇඟේ ඔය උලාගෙන තියෙන මගුල් ටික ගාන්නෙ නැතුව.. ඔහොම ඇලෙන්න ගිහින් මොන ලෙඩක් හැදෙයිද දන්නෑ අයියට.." එහෙම කියලා මේකි ගිහින් තිවෙන්‍ය අයියගෙ ෂර්ට් එකේ අතත් පිහිදනවා.. "අර්ච්නා.. මොනවද කියවන්නෙ තමුන්. මේ පිට මිනිස්සු ඉස්සරහා.." "කෝ.. කවුද පිට.. මෙතන කවුරුත් පිට අය නෙවේනෙ සෙත්මි අක්කේ.. මේ මගෙ පවුලෙ අයනෙ ඉතින්.. ආහ්.. ඔයා දන්නෑනෙ නේද.. මේ හැමෝම දෑස්ගෙ අයියලා.. හැබැයි මෙයා එහෙම නෑ.. ඇලෙන්න යන්න එපා. මේ මීදුම්ගෙ බෝයිෆ්‍රෙන්ඩ්.." අර්චි එහෙම කිව්වම අර හොල්මනගෙ කට ඇද වෙලා.. "ඕහ්.. ඉතින් මට මොකද අනේ.. මෙයාට වඩා මම කොච්චර ලස්සනද.." එහෙම කියලා අරකි තිවෙන්‍ය අයියා ඉඳගෙන හිටපු පුටුවෙ ඇන්දෙන් ඉඳගන්න හදද්දිම තිවෙන්‍ය අයියා ඒ පුටුවෙන් නැගිට්ටම අර මල මගුල එතනම බිම.. "ඕහ්.. ඔයා වැටිලනේ.. සොරි හොඳද. මං දැක්කෙ නෑනේ.." හහ්.. දැට්ස් මා බෝයි.. ඔයා බේරුනා.. "අයියෝ.. මොකද්ද අනේ.." මේ ගෑණිට ලැජ්ජාවක් නැති හැටි ඇත්තටම.. "ඔයා මෙහාට වෙන්න.. අනේ සොරි අක්කේ.. අපේ වෙඩින් එකට තව සති දෙකයි තියෙන්නෙ. ඔයාගෙ ඔෆර් එකට තැන්කියු. ඒත් ඒකෙන් අයියට වැඩක් වෙන්නෑ.. සොරි හොඳේ.." මං ෆුල් නෝන්ඩි හිනාවක් එක්ක එහෙම කිව්වම සෙත්මි එතනින් ගස්සගෙන ගියා මුකුත් නෑ ඉතින්.. අම්මෝ..  "යකෝ.. අපි දන්නෑනෙ මුන් දෙන්නා තව සති දෙකකින් බඳිනවා කියලා.." "අනේ මේ.. කටවහන් ඉන්නවා දෙවනි.. ආවා මෙතන.." ..........................................................♡ "දැන් එතකොට අපි මොකද්ද කරන්නෙ.." "අපි සප්‍රයිස් කරමු.." "එව්ව්ව් ගොන් බූරුවා. සප්‍රයිස් කරන්නෙ කොහොමද කියලා තමයි හරකො මේ අහන්නෙ.." මෝඩ පාටට විරිත්තලා ගොන් කතාවක් කියපු දෑස්ගෙ ඔලුවට පාරක් ගහන ගමන් එහෙම කිව්වෙ පොඩී.. අපි කට්ටියම මේ ඉන්නෙ ෆ්ලවර් ශොප් එකේ ඔෆිස් රූම් එකේ.. මොකද අනිද්දා කියන්නෙ ලොකුම ලොකු දවසක්.. ඇනිවසරි එකක් නෙවෙයි දෙකක්ම තියෙනවා එදාට.. අපෙ අම්මලගෙයි සුදු අම්මලගෙයි.. දැක්කනෙ යාලුකමේ තරම.. දෙන්නා වෙඩින් අරන් තියෙන්නෙත් එකම දවසෙ.. අනික් එක ලේසි වැඩක්ද. මේක තිස් පස්වෙනි ඇනිවසරි එක.. ඉතින් අපි හැමෝමත් දැන් ජොබ් කරන නිසා වගේම අලුත් මුණුබුරු මිනිබිරි ජෝඩුවකුත් ඉන්න නිසා අපි කට්ටියටම ඕනෙ උනා මොනාහරි ස්පෙෂල් දෙයක් කරන්න.. "මං කියන්නද.. අපි කට්ටිය එකතු වෙලා..... ..........................................................♡ කට්ටියම මොනවා කරන්නද දන්නෑ යන්නෙ..  ඔයාලා දැන් වෙඩින් එකට ඇඳුම් එහෙම ලෑස්තිද   අහ් ළමයි. පොඩි සප්‍රයිස් එකකුත් තියේ. කතාවෙනම් නෙවෙයි. ඒත් පුලුවන් ඉක්මනට කියන්නම්කො.. ඊලඟ එපිය අරන් එන්නම්. ✍️ රාදි
❤️ 🌝 2

Comments