
Mahamevnawa
February 12, 2025 at 03:57 AM
අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට නමස්කාර වේවා! 🙏
“පින්වත් මහණෙනි, සාරිපුත්ත හා මොග්ගල්ලානයන් ඇසුරු කරව්. සාරිපුත්ත හා මොග්ගල්ලානයන් ඉතාමත් කිට්ටුවෙන් ඇසුරු කරව්. මේ දෙනම මහා නුවණින් යුක්තයහ. සබ්‍රහ්මචාරී භික්ෂූන්ට අනුග්‍රහ දක්වන්නෝ ය. 🌸
පින්වත් මහණෙනි, දරුවන් වදන්නා වූ මෑණියන් යම්බඳු ද, සාරිපුත්තයෝ එබඳු ය. උපන්නා වූ දරුවාව පෝෂණය කරන තැනැත්තිය යම්බඳු ද, මොග්ගල්ලානයෝ එබඳු ය. පින්වත් මහණෙනි, සාරිපුත්තයෝ සෝවාන් ඵලය අවබෝධ කරගන්ට ශ්‍රාවකයන් හික්මවත්. මොග්ගල්ලානයෝ ඉහළ මාර්ගඵලයන් අවබෝධ කරගැනීම පිණිස ශ්‍රාවකයන් හික්මවත්.” 🌷
(සච්ච විභංග සූත්‍රය - මජ්ඣිම නිකාය 3)
🙏
31