♥️EXTRAORDINARY THINKERS♥️
May 23, 2025 at 04:25 PM
❤️🔥ET SCHOOL එකට මොකද වුනේ?
🥲අපිත් පෞද්ගලිකව බලාපොරොත්තු වුන, ඒත් අකමැත්තෙන් ගන්න සිද්ද වෙන තීරණයක් ගැන තමයි අද ඔයාලට අපි මේ කියන්න යන්නේ.
ඒ කියන්නේ මේ වෙද්දී ET SCHOOL අපිට වහලා දාන්න වෙන තත්වයක් උදා වෙලා තියෙනවා...🙂
හෝව් හෝව් හෝව්... පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න, කලබල වෙන්න එපා...
🤭වහලා දානවා කියන්නේ සදහටම නෙවෙයි, බොහෝ දුරට මාස 6ක් හෝ 9 ක කාලයක්...
✨ඇයි එහෙම වෙන්න හේතුව කිව්වොත්, ET SCHOOL කියන්නේ ඔච්චර කල් පාඩු මැදින් දුවපු ආයතනයක්.
ඉතිම් අද මායි මගේ Team එකයි දවසම කල්පනා කලේ, මේක ගොඩගන්න විදිහක් තියෙනවද කියලා. ඒත් ඉතින් දැන් තත්වය අනුව නම් අපිට ගොඩ දාන්න අමාරුයි. ඒ කියන්නේ අපි මෙච්චර කල් ඔයාලට "නොමිලේ" සිදුකරපු සියල්ලම අපිට එහෙනම් අදින් Close කරන්න වෙනවා...
මන් ඕක් කලිනුත් ඔයාලට සදහන් කරන්න ඇති නේ. ඒත් අපි Try කරේ තව අදින්න, ඒත් එක්කම මාත් අසනිප වුනා, අව්ල් ගොඩක් ආවා, ඉතිම් අන්තිමට අපිට තාවකාලිකව ආයතනය වහලා දාන තත්වයටම එන්න වුනා...
මම සදහන් කරන්නේ ET SCHOOL එක ගැන විතරයි, Extraordinary Thinkers(Pvt)Ltd කියන ආයතනය ගැන නෙවෙයි.
මොකද අපි ඔච්චර කල් කරේ, මුලින්ම මගේ Job එකෙන් සල්ලි හම්බෙද්දී ඒ ටික අපේ මෙ වැඩවලට දදා වැඩේ ඇද්දා ආසාවට, ඊට පස්සේ අපි Project බාරගෙන ඒවා කරලා, ඊට පස්සේ මාර්ගයෙන් හම්බෙන සල්ලිවලින් අපි ET SCHOOL එක ඇද්දා...
එතකොට ඔයාලා කියයි, ඔයාලා Course Fees ගෙවනවා නේ, ඒ සල්ලිවලට මොකද වෙන්නේ කියලා...🤭
ඉන්න පැහැදිලි කරන්නම් ඒකත්.
🥲ඔයාලා හිතන්න අපි රු.3000 ක් ඔයාගෙන් අරගෙන මාස 12 ක Course එකක් කරනවා. මොකද මට ඔච්චර කල් ඔනි වුනේ,ඔයාලා වෙනුවෙන් දෙයක් කරලා දෙන්න මිස, අපි මේකෙන් ලාභ ගන්න නෙවෙයි නේ.
එතකොට ඔන්න දැන් 3000 දීලා, ළමයි 100 ක් එනවා. ඒ කියන්නේ අපිට Total එක ලක්ශ 3 ක් එනවා...🥱
එතකොට ඒ ලක්ශ 3 එන්නේ අවුරුද්දටම, ඕක අපි බෙදමු කෝ 12 න්, එතකොට මාසෙකට රු.25 000ක් එනවා...
හරි දැන් ඔය 25 000න් අපි දැන් තත්වය අනුව,
✨අපේ Office එකේ Rent එක ගෙවන්න ඔනී...රු.80 000යි
ඊට පස්සේ ඔයාලට උගන්නනන Zoom Package එකක් ගන්න ඔනි සහා, Wifiවලට අපිට වියදම් යනවා රු.10 000ක්.
ඊට පස්සේ ඔය රු.90 000 අපි ආසන්නව තව එක එක වියදම් මත පදනම් වෙලා රු.100 000 යි කියමු කෝ...🤭
එතකොට ඔයාට පේනවද රු.75 000ක් අපේ අතින් තමයි යන්නේ, ඔයාලගෙන් අපිට එන ලාභයක් නෑ කියලා...🥶
ඉතිම් මම මෙච්චර කල් පාඩු විදගෙන මේ වැඩේ කරේ,මට ඔනි උනේ Bug Bouty Hunters ලා ටිකක් හදලා, ඊට පස්සේ ඒ අයව Training කරවලා මන් ලගට ගන්න...
ඉතිම් දැන් ඒකත් හරි නේ...🤭 ළමයි 160ක් ඉන්නවා අපේ PEH Course එකත් එක්ක, දැන් ඒ ලමයි ටික මට පුරුදු කරලා ඔතනින් 20 දෙනෙක් හරි මට මගේ ලගට ගන්න් පුලුවන්නේ...🤭
ඉතිම් එතකොට දැනට අපේ යන පාඨමාලා තමයි අපේ,
⭕️Certificate Programming Course
⭕️Practically Ethical Hacker Course
ඉතිම් අපේ Programming Course එක ඉවර වෙද්දී සැප්තැම්බර්, ඔක්තොම්බර් වෙනවා.
අපෙ PEH එක ඉවර වෙද්දී ජනවාරි, පෙබරවාරි වෙනවා 2026 අවුරුද්දේ...
ඉතිම් ඒ වැඩ ටික අපි ආය නතර කරන්නේ නැහැ නේ.
ඒත් ඔයාලට Reply කරන්නයි, ආය Free දේවල් කරන්නයි ගියාම අපිට වෙන්නේ, තව අපේ Time එක අඩු වෙන එක.
මොකද ඒකට හේතුව, මේකේ Reply කරන්නම අපිට හෙන වෙලාවක් වැය වෙනවා. ඉතිම් අපි ඔය කරන Projectsවලට අපිට දැන් කාලය ඔනී..
මොකද ඒවගෙන් තමයි අපි ඇත්තටම මෙච්චර කාලයක් ගේමක් ගහගෙන ආවේ... එතකොට ඉතිම් ඒ ටික කරන ගමන්, මගේ දැන් වගකීම තියෙන්නෙ Programming Course එකේ ළමයි 180යි, PEH Course එකේ ළමයි 160 යි,
ඔක්කෝම 340 ක් වගේ නේ...
ඔය ළමයි ටික මට ලස්සනට හදාගෙන එතකොට මට ලස්සන ගමනක් යන්න පුලුවන්.
එහෙම නැතුව අපි සමාජ සේවයට ගොඩක් කැපවෙන්න ගියොත්, තේරුනා වැඩේ අමාරු වෙනවා වැඩී කියලා...🤭
එහෙනම් ඉතිම් තව ටික දවසකින් Numbers එහෙම මාරු වෙලා, අපේ Studentsලට විතරක් අපි Reply එහෙම කරන විදිහට අපිට මේක Setup කරන්නම වෙනවා.
කරන්න දෙයක් නෑ ඒක කරන්න වෙනවා..😢
ඊට පස්සේ ඉතිම් මාස 06කින්,09කින් ඔච්චර කල් අපි ET SCHOOL කලේ ලාභ නොලබන ආයතනයක් විදිහට නේ.
හැබැයි ඒක අපි ලාභ ලබන ආයතනයක් විදිහට Convert කරලා මාස 06කින් අපි හමුවෙමු.
එතකොට ඉතිම් අපි ඔය අවුරුද්දක් වගේ කරන Courses, මාස 06කින් වගේ අපි ඉවර කරයි.
මෙච්චර කල් රු.3000 ට රු.6000 ට කරපු Course,
රු.30 000යි, රු.40 000යි විදිහට ඔයාලට බලාගන්න හම්බෙයි...
🙂 ඒකයි ඉතින් කට කැඩෙනකන් ඔච්චර කල් අපි කිව්වේ, මේ අපි කරන වෙලාවේ ප්‍රයෝජනය ගනින් කියලා...
මොකද දැන් ආය අපි වගකීම ගන්නේ පාඨමාලා දෙකක විතරයි.
ඒ දෙක අපි ගාණට Setup කරගන්නවා, මාස 06න් 09න් උන් ටික අපි ගොඩ දානවා.
ඊට පස්සේ ඉතිම් සියලුම දේවල් අපේ මුදල් මත තීරණය වේවී...
එහෙනම් ඉතිම්, ඔච්චර කල් අපිත් එක්ක නොමිලේ ගමනක් යන්න ආපු ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා...
අපි ඒ නොමිලේ කියලා දුන්න දේවල්වලින්, පුලුවන් විදිහට ගේමක් ගහගන්න කියලත් අපි ආදරයෙන් මතක් කරනවා...
එහෙනම් ඉතිම් ජය වේවා...❤️🔥
♥️ET SCHOOL♥️
❤️
1