Sasnaka Sansada Foundation
Sasnaka Sansada Foundation
May 22, 2025 at 03:03 AM
සස්නක ස‍ංසද "Pathfinder" වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන | 2025 💙💫 සස්නක ස‍ංසද ගරු සභාපති හසිත විජේසුන්දර මැතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ, නායකත්ව සහ වෘත්තීය මාර්ගෝපදේශන බලකණුව මඟින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ "Pathfinder" පාසල් සිසුන් සඳහා වූ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන, පසුගිය මැයි මස 16 වන දින රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ දී සාර්ථක අයුරින් පැවැත්විණි. 🤗 විශ්වවිද්‍යාල වරම් අහිමි වූ සහ පාසල් අධ්‍යාපනය අඩාල වූ හෝ අවසන් කරන ලද සිසුන්ගේ, ඉදිරි අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම වැඩමුළුව තුළින්, විවිධ වෘත්තීය මාර්ග ගවේෂණය, කර්මාන්ත ප්‍රවණතා තේරුම් කරලීම සහ අත්‍යවශ්‍ය වෘත්තීය කුසලතා වර්ධනය කිරීම ආදී වූ කරුණු පිළිබඳව සිසුන්ගේ අවධානය යොමු කරවන ලදි. සස්නක සංසද අප කෙරෙහි විශ්වාසය තබමින්, මෙම වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන සමඟින් එක්වූ සියලුම සිසු දරුවන් හට පැහැබර අනාගතයකට සුබ පැතුම් එක් කරන අතර, එදින වැඩමුළුවෙහි සූවිශේෂී අවස්ථාවන් මෙසේ ඔබ වෙත සමීප කරමු. 📸 මෙම වැඩසටහනෙහි සාර්ථක නිමාවක් උදෙසා සහාය වූ විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලය, ව්‍යාපෘති සම්බන්ධීකාරකවරුන්, සම්පත් දායකයින් ඇතුළු නන් අයුරින් සහය දුන් සියලු දෙනා හට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමු. ♥️🤝 සස්නක සංසද තරු දහසක් පරදා සඳ සැමදා ඉදිරියෙන්... ✨
Image from Sasnaka Sansada Foundation : සස්නක ස‍ංසද "Pathfinder" වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන | 2025 💙💫  සස්න...
❤️ 14

Comments