Sasnaka Sansada Foundation
May 26, 2025 at 02:30 PM
*සස්නක සංසද "නියත ජය සඳහා මඟ" ව්‍යාපෘතිය | 2025* ♥️🎓
වසර 13 ක පාසල් අධ්‍යාපනයේ අවසාන මෙන්ම තීරණාත්මක කඩයිම් විභාගය වන, අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන් වෙනුවෙන් සස්නක සංසද අප විසින් දියත් කරන *"නියත ජය සඳහා මඟ"* ව්‍යාපෘතියෙහි තවත් එක් අදියරක් ගාල්ල බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ සහ ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ සිසු දරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. 🤗💫
■ *දිනය : මැයි මස 28 වන දින*
■ *වේලාව : උදෑසන 08:00 සිට*
■ *ස්ථානය : ගාල්ල බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලය*
සස්නක සංසද සහෘදයන් විසින් දියත් කරන මෙම වැඩමුළුව තුළින් අභිප්‍රේරණ වැඩසටහනක්, ආතති කළමනාකරණ ක්‍රම, කාල කළමනාකරණ ක්‍රම මෙන්ම ප්‍රශ්නෝත්තර සැසියක් සහ විශේෂ උපදේශන වැඩසටහනක් සමඟින් ද එක් වීමට ඔබට හැකියාව ඇත. 👩🏫
විශිෂ්ඨයන්ගේ මගපෙන්වීම තුළින් සාර්ථක ප්‍රතිඵලයක් ළගා කරගන්නට ඔබත් සූදානම් වන්න.💙🤝
සස්නක සංසද
තරු දහසක් පරදා සඳ සැමදා ඉදිරියෙන්... ✨
❤️
❤
14