Sasnaka Sansada Foundation
Sasnaka Sansada Foundation
June 8, 2025 at 12:27 PM
*සස්නක සංසද "නියත ජය සඳහා මඟ" ව්‍යාපෘතිය | 2025* ♥️🎓 වසර 13 ක පාසල් අධ්‍යාපනයේ අවසාන මෙන්ම තීරණාත්මක කඩයිම් විභාගය වන, අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන් වෙනුවෙන් සස්නක සංසද අප විසින් දියත් කරන *"නියත ජය සඳහා මඟ"* ව්‍යාපෘතියෙහි තවත් එක් අදියරක් මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. 🤗💫 ■ *දිනය : ජූනි මස 9 වන දින* ■ *වේලාව : උදෑසන 08:00 සිට* ■ *ස්ථානය : මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය* සස්නක සංසද සහෘදයන් විසින් දියත් කරන මෙම වැඩමුළුව තුළින් අභිප්‍රේරණ වැඩසටහනක්, ආතති කළමනාකරණ ක්‍රම, කාල කළමනාකරණ ක්‍රම මෙන්ම ප්‍රශ්නෝත්තර සැසියක් සහ විශේෂ උපදේශන වැඩසටහනක් සමඟින් ද එක් වීමට ඔබට හැකියාව ඇත. 👩‍🏫 විශිෂ්ඨයන්ගේ මගපෙන්වීම තුළින් සාර්ථක ප්‍රතිඵලයක් ළගා කරගන්නට ඔබත් සූදානම් වන්න.💙🤝 සස්නක ස‍ංසද තරු දහසක් පරදා සඳ සැමදා ඉදිරියෙන්... ✨
Image from Sasnaka Sansada Foundation : *සස්නක සංසද "නියත ජය සඳහා මඟ" ව්‍යාපෘතිය | 2025* ♥️🎓  වසර 13 ක පාසල් ...
❤️ 6

Comments