අනුශාන් මලින්ත - Anushan M Hettiarchchi
                                
                            
                            
                    
                                
                                
                                May 16, 2025 at 05:30 AM
                               
                            
                        
                            සිසිවන උවන මිටි කොට ගත් හැඩැති                    ඉඟේ
සරි වූ ලෙසින් රණ තිසරුන් දෙවන                         රඟේ
නිසි පුළුලුකුල කරමින් ඒ කලට                               දඟේ
එකලට ළඳුන් අද නැත ඒ ඇයිද                             හැඟේ
මනහර කෙරූ සඳ නැති කළ දිලෙන                         තරු
සමහර තරූ මහ වැසි ඇද හැලෙන                          තුරු
නාඹර යුරු පෙනි බඳ උඩ රණ                                තිසරු
කේසර හුරු දුටු කල  පිරි සිහ                               කෙසරු
රිය සකයුරුව හැඩ වූ ඒ                                    පුළුලුකුල
රන් වන් තිසරු වූ කල ලිය වෙයි                               උදුල
හිස සිට ලලිත වූ තුරු පා යටි                                  පතුල
ලියකගේ සිනිඳු බව තෙපලයි රත්                     දෙතොල
සිත් කලු සුනිල් වන් දික් වරලස ද                          ගොතා
නෙත් කලු දැකුම් මවමින් ඒ රුවම                            පතා
දත් මදහසින් කරම්න් සුමිහිරිව                                 කතා
මත් අමතකය කවියේ ඈ ගැනම                                සිතා
සන්සුන් විලාසෙන හැඩ රූ සපු                                  දුලින
ඒ හැටි සොඳුරු රූ අදටත් නැත                                මිලින
යන මග තොටෙහි දුටු සිරියා කත                         ලෙසින
පෙර මග ගොසින් හැරි හැරි ආපසු                         බැලින
හැඩ වූ රුවක් ලියකට විය මිණි                            වැන්න
පෙර සිටි ලියන් සම නෑ කවුරුත්                             දන්න
හිමිදිරි මලට හැඩැතිව වැටුනත්                            පින්න
රිවි මුදුනකදි පිණි නැති බව                             දැනගන්න
අනුශාන් මලින්ත - Anushan M Hettiarachchi
                        
                    
                    
                    
                        
                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            💖
                                        
                                    
                                        
                                            🤍
                                        
                                    
                                        
                                            🥰
                                        
                                    
                                        
                                            🩷
                                        
                                    
                                    
                                        12