අනුශාන් මලින්ත - Anushan M Hettiarchchi
                                
                            
                            
                    
                                
                                
                                May 17, 2025 at 06:48 PM
                               
                            
                        
                            *නිවනය සුඛ අම වැනිය* 🤍☸😇
අතු අග ලෙළෙන පත් අග පිණි මල් පිපුණා
ඒ පිපි පිණි මලුත් බර වී බිම වැටුණා
බිම වැටුනේද පිපි බැවුමය වග සිතුනා
වැටි පිණි බිඳුව විසිරී යළි දිය සැදුනා
මේ බව තදින් සිහි වී සිතටම වැදුනා
පෙර කල බලා මා ගැන මට දුක හිතුනා
මේ බව අදට කළියෙන් මා හට දැනුනා
එනමුදු එබව නොසිතා යළි යළි බැඳුනා
බැඳුනා ලෙසින් යළි යළි සිත නිති බිඳුනා
නොම කළ යුතුවමුත් යළි යළි එහි රැඳුනා
මේ හැම දැනම මා බැව් මා හට රිදුනා
යළි මේ සැමට විසඳුම සොයනෙමි හිතුනා
අතු අග පිණි මලද සම විය මම වැනිය
ඒ පිණි බිඳුව බිමැදෙනු දුකමය හිමිය
ඒ ලෙස මටද දුක ජාතිය පිණි මෙනිය
ජාතිය මුදනු නිවනය සුඛ අම වැනිය 
වැටි පිණි බිඳුව විසිරී යළි දිය සැදුනි
මා වුව මළ කලෙක යළි ඉපදෙනු පෙනුනි
ජාතිය නිම කෙරුව මගෙ හිමි සක්‍ය මුණි
මඟ ගිය සැවොම නිවනින් දුකකින් මිදුනි
> අනුශාන් මලින්ත  🤍
                        
                    
                    
                    
                        
                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            🙏
                                        
                                    
                                        
                                            🤍
                                        
                                    
                                        
                                            🥰
                                        
                                    
                                        
                                            🩷
                                        
                                    
                                    
                                        15