අනුශාන් මලින්ත - Anushan M Hettiarchchi
අනුශාන් මලින්ත - Anushan M Hettiarchchi
May 21, 2025 at 06:37 PM
*||බදුලු ඔය රැලි ගසා හිනැහෙයි* *ඔබට මට පැතුමක් වෙලා 🙃🤍✨🫶🏻||* බදුලු ගං ඔය අසලදී සිටියා ඔබ එන තුරු බලා අවට මල් සැම සුපුල වී සිටිති අපට අවනත වෙලා එවිට ගුවන ගැබ දුලින වී වියන් බැඳ මෙන් සුදු වළා පවන මිහිරි සිසිලක් දිදී මෙපුර සුරපුර සම කළා ඔබේ තතු මා නොදනිමියි කියූ කල මා එක හෙළා අසල කදුරු ගහ මට කියයි ඔබේ තතු රූ වත ගොතා මිහිරි ඔබ ගැන අසා සිටි කල ඔබේ රුව ඈතකින් පෙනුණා පළමු වර ඒ ඔබේ රූ දුල දෙමින් ඔබ සිත තවත් බැඳුනා ඉතින් සබැඳිය ඔබව අගනා දුටුව මගෙ සිත තුටු වෙලා නොයෙක් වන් පුල් මලුත් වැටුනා ඔබට මග පලසක් වෙලා බදුලු ඔය රැලි ගසා හිනැහෙයි ඔබට මට පැතුමක් වෙලා ගුවන ගැබ පිණි පොදක් හෙළවයි නොමැති කල කළු වැහි වළා ඉතින් සඳවත මෙසේ පවසමි මමද ඔබ හට ආදරේ දෙනෙත් ලා මා තදින් සිප ගමි තරම් මා පෙම් සාගරේ අනුශාන් මලින්ත - Anushan M Hettiarachchi 🤍
Image from අනුශාන් මලින්ත - Anushan M Hettiarchchi: *||බදුලු ඔය රැලි ගසා හිනැහෙයි*                    *ඔබට මට පැතුමක් වෙලා...
❤️ 💖 🤍 🩷 9

Comments