
අනුශාන් මලින්ත - Anushan M Hettiarchchi
June 4, 2025 at 06:08 PM
*_ආ_* ලවන්තව අමතමින් මදහසින් මුවඟම හැඩ වෙලා
*_ද_* සුන් දැක දැක හිඳිමි මේ ලෙස ඍජුව නොකියා ඉමි බලා
*_ර_* සට ගොතමින් මෙලෙස කවි පද දුරින් හිඳිමින් හිනැහිලා
*_ය_* සට කියනෙමි කිව යුතුම දේ කවි පදෙන් වුව සැනසිලා
*_ප_* හස නැති මුත් ඔබෙන් මා හට දුරක මුත් එය විඳ ගමි
*_ව_* චන පෙරළා මගේ පෙම ගැන ඔබට මේ කව ලියනෙමි
*_ස_* ඳක් වන් නුබෙ මුවඟ දැක මා අවැසි විටකදි සැනසෙමි
*_මි_* හි ලියක වන් නුබ මගේ පෙම්බරිය ලෙස මා පිළිගමි
*_ඔ_* බට පවසමි අඟවමින් මෙය ප්‍රේමි සිත සොරකම් කෙරු
*_බ_* හට බහ දී පුදමි පෙම මා නුබට මගෙ දිවි ඇති තුරු
*_හ_* ඳට සමකර නුබව තබනෙමි දෙවැනි කොට නොයෙකුත් තරු
*_ට_* කරමක් වන් ඔබෙ බැනුම් මට දෙන්න මා දිවි ඇති තුරු
*_මෙ_* කී ලෙස පෙම පුදා හැම විට සිටිමි නුබ හා හිනැහිලා
*_ලෙ_* සින් ලෙංගතු නුබ සිටිනු මැන මා සමඟ දිවි තුරු බලා
*_සි_* නිඳු මල නුබ මගේ දිවියට සුවඳ දී නිති සරු කළා
*_න_* මට බැර කර පුදමි ඔබ හට මගේ පෙම මා එක හෙළා
(සැළකිය යුතුයි - ඇගෙ බැනුම් ටකරම්ක් නොවෙයි හිතෝතුනි දාන්න වචනයක් මතක් වුනේ නැති නිසා දැම්මෙ 😩)
*Anushan M Hettiarachchi - අනුශාන් මලින්ත හෙට්ටිආරච්චි*

❤️
🩷
🖤
🤍
9