
𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍- ➣𝙎𝙃𝙊𝙍𝙏 𝙉𝙊𝙏𝙀𝙎 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇🧠💥••
May 14, 2025 at 03:17 AM
*⭕ප්‍රකාශ විද්‍යාව - Short notes*
*11 ශ්‍රේණිය - භෞතික විද්‍යාව*
* සුමට පෘෂ්ඨ මත පතනය වන ආලෝක කිරණ ආපසු හැරී එම මාධ්‍යයටම ගමන් කිරීම පරාවර්තනය නම් වේ.
* තල දර්පණ හා වක්‍ර දර්පණ මඟින් ආලෝකය පරාවර්තනය කරයි.
> *🛑පරාවර්තන නියම*
*1️⃣පතන කිරණයත්, පරාවර්තන කිරණයත්, පතන ලක්ෂ්‍යයේ දී ඇඳි අභිලම්භයත් එකම තලයක පිහිටයි.*
*2️⃣පතන කෝණයත්, පරාවර්තන කෝණයන් එකිනෙකට සමාන වේ. (i = r)*
* උත්තල හා අවතල දර්පණ වක්‍ර දර්පණ වේ. ( සා.පෙළ වැඩ්ඩො)
* ආලෝක කිරණ එක් මාධ්‍යක සිට තවත් මාධ්‍යයකට ඇතුළු වීමේ දී නැවී ගමන් කිරීම ආලෝක වර්තනය නම් වේ.
* විරල මාධ්‍යයක සිට ගහනතර මාධ්‍යකට ඇතුළු වීමේ දී ආලෝකය අභිලම්භය දෙසට වර්තනය වේ.
* ගහනතර මාධ්‍යයක සිට විරල මාධ්‍යකට ඇතුළු වීමේ දී ආලෝකය අභිලම්භයෙන් ඉවතට වර්තනය වේ.
*🛑වර්තන නියම*
*1️⃣පතන කිරණය, වර්තන කිරණය හා පතන ලක්ෂ්‍යයේ දී පෘෂ්ඨයට ඇඳි අභිලම්භය එකම තලයක පිහිටීම.*
*2️⃣වර්තනාංකය =*
*පතන කෝණයේ සයිනය /*
*වර්තන කෝණයේ සයිනය*
* මෙය ස්නෙල්ගේ නියමය ලෙස හඳුන්වයි...
* විරල මාධ්‍යයක සිට ගහනතර මාධ්‍යකට ගමන් කිරීමේ දී වර්තන කෝණයේ අගය 90° ක් වන විට එම කෝණය අවධි කෝණය ලෙස හඳුන්වයි.
*🪄පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය*
* ගහනතර මාධ්‍යයක සිට විරල මාධ්‍යයට ආලෝකය ගමන් කිරීමේ දී පතන කෝණයේ අගය අවධි කෝණයට වඩා වැඩි වූ විට ආලෝක කිරණය ගහනතර මාධ්‍ය තුළටම වර්තනය වීම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය නම් වේ.
* ප්‍රකාශ තන්තු තුළින් ආලෝකය ගමන් කරන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට භාජනය වෙමිනි.
❤️
👍
4