𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍- ➣𝙎𝙃𝙊𝙍𝙏 𝙉𝙊𝙏𝙀𝙎 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇🧠💥••
𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍- ➣𝙎𝙃𝙊𝙍𝙏 𝙉𝙊𝙏𝙀𝙎 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇🧠💥••
May 14, 2025 at 04:14 PM
*O/L වලදි වැදගත් වන ප්‍රමේයයන්* 😶‍🌫✨ 📌 සරල රේඛා 2ක් චේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුක කෝණ සමාන වේ. 📌 එක් සරල රේඛාවක් තවත් සරල රේඛාවක් හමුවීමෙන් සෑදෙන බද්ධ කෝණ පරිපූරක වේ. 📌 සමාන්තර රේඛා 2ක් තීර්යක් රේඛාවකින් චේදනය වූ විට සෑදෙන, 1. ඒකාන්තර කෝණ සමාන වේ. 2. අනුරූප කෝණ සමාන වේ. 3. මිත්‍ර කෝණවල ඓක්‍යය 180°කි. 📌 සරල රේඛා 2ක් චේදනය වූ විට සෑදෙන, 1. ඒකාන්තර කෝණ යුගල සමාන වේ නම් හෝ, 2. අනුරූප කෝණ යුගල සමාන වේ නම් හෝ, 3. මිත්‍ර කෝණවල ඓක්‍යය 180°ක් වේ නම් හෝ 'එම සරල රේඛා දෙක සමාන්තර වේ.' 📌 ත්‍රිකෝණ අංගසම වන අවස්ථා, 1. පාද:පාද:පාද අවස්ථාව 2.කෝණ:කෝණ:පාද අවස්ථාව 3. පාද:කෝණ:පාද අවස්ථාව 4. කර්ණ පාද අවස්ථාව 📌 ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට සමාන වේ. 📌 ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ ඓක්‍යය 180°කි. 📌 පාද n නමැති බහුඅස්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍යය = 180° × (n-2) ඕනෑම බහුඅස්‍රයක බාහිර කෝණවල ඓක්‍යය 360°කි. 📌 ත්‍රිකෝණයක පාද 2ක් සමාන වේ නම් එම පාද දෙකට සම්මුඛ කෝණ සමාන වේ. 📌 ත්‍රිකෝණයක කෝණ 2ක් සමාන වේ නම් එම කෝණ 2ට සම්මුඛ පාද දිගින් සමාන වේ. 📌 සමාන්තරාස්‍රයක, 1. සම්මුඛ පාද සමාන වේ. 2. සම්මුඛ කෝණ සමාන වේ. 3. එක් එක් විකර්ණ මගින් සමාන්තරාස්‍රයේ වර්ගඵලය සමච්චේදනය කරයි. 📌 සමාන්තරාස්‍රයක විකර්ණ එකිනෙක සමච්චේදනය වේ. 📌 සම්මුඛ පාද යුගල් සමාන වූ චතුරස්‍රයක සම්මුඛ පාද සමාන්තරද වේ. 📌 චතුරස්‍රයක සම්මුඛ පාද යුගල සමාන නම්,එය සමාන්තරාස්‍රයකි. 📌 චතුරස්‍රයක සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර වේ නම් එම චතුරස්‍රය සමාන්තරාස්‍රයක. 📌 චතුරස්‍රයක සම්මුඛ කෝණ යුගල සමාන නම්,එය සමාන්තරාස්‍රයකි. 📌 ඕනෑම ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය යා කරන රේඛාව ඉතිරි පාදයට සමාන්තර වන අතර එය දිගින් ඉතිරි පාදයෙන් හරි අඩකි. 📌 ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂ්‍ය හරහා තවත් පාදයකට අදින රේඛාවෙන් තුන්වෙනි පාදය සමච්චේදනය වේ. 📌 එකම අධාරකය මත හා එකම සමාන්තර රේඛා අතර පිහිටි ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන වේ. 📌 එකම අධාරකය මත හා එකම සමාන්තර රේඛා අතර පිහිටි සමාන්තරාස්‍ර වර්ගඵලයෙන් සමාන වේ. 📌ත්‍රිකෝණයක් හා සමාන්තරාස්‍රයක් එකම අධාරකය හා එකම සමාන්තර රේඛා අතර පිහිටා ඇත්නම් ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන්තරාස්‍රයේ වර්ගඵලයෙන් හරි අඩකි. 📌 සෘජු කෝණික ත්‍රිකෝණයක කර්ණය මත පිහිටි සමචතුරස්‍රයේ වර්ගඵලය ත්‍රිකෝණයේ ඉතිරි පාද දෙක මත පිහිටි සමචතුරස්‍රවල වර්ගඵලයේ එකතුවට සමාන වේ. (පෛතගරස් ප්‍රමේයය ) 📌 ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව අදින ලද සරල රේඛාවෙන් එහි ඉතිරි පාද 2 සමානුපාතිකව බෙදයි. 📌 සරල රේඛාවක් මගින් ත්‍රිකෝණයක පාද 2ක් සමානුපාතිකව බෙදයි නම් එම සරල රේඛාව ත්‍රිකෝණයේ ඉතිරි පාදයට සමාන්තර වේ. 📌 ත්‍රිකෝණ 2ක් සමකෝණී වේ නම් එම ත්‍රිකෝණ දෙකේ අනුරූප පාද සමානුපාතික වේ. 📌 ත්‍රිකෝණ 2ක පාද සමානුපාතික නම් එම ත්‍රිකෝණ සමකෝණී වේ. 📌 වෘත්තටක ජ්‍යායක මධ්‍ය ලක්ෂයේ සිට එම වෘත්තයේ කේන්ද්‍රයට අදින ලද සරල රේඛාව එම ජ්‍යායට ලම්බ වේ. 📌 වෘත්තයක කේන්ද්‍රයේ සිට ජ්‍යායකට අදින ලද ලම්බකයෙන් ජ්‍යාය සමච්චේදනය වේ. 📌 වෘත්ත චාපයකින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය, එම චාපය මගින් වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයකි. 📌 වෘත්තයක විෂ්කම්භයක් මගින් පරිධියේ ආපාතිත කෝණය සෘජු කෝණයකි. 📌 වෘත්තයේ එකම ඛණඩයේ කෝණ සමාන වේ. 📌 වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. 📌 චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ නම් එම චතුරස්‍රයේ ශීර්ෂ වෘත්‍තයක් මත පිහිටයි. 📌 වෘත්තයක් මත වූ ලක්ෂයක් ඔස්සේ අරයට ලම්භව ඇදි සරල රේඛාව වෘත්තයට ස්පර්ශකයක් වේ. 📌 වෘත්තයක ස්පර්ශකයකට, ස්පර්ශ ලක්ෂයේදි ඇදි අරය හා එකිනෙක ලම්භ වේ. 📌 බාහිර ලක්ෂයක සිට වෘත්තයට ස්පර්ශක 2ක් අදිනු ලැබේ නම් එම, 1. ස්පර්ශක 2 දිගින් සමාන වේ. 2. ස්පර්ශක වලින් වෘත්තයේ කේන්ද්‍රයේ සමාන කෝණ අපාතනය කරයි. 3. බාහිර ලක්ෂ්‍ය හා කේන්ද්‍රය යා කරන සරල රේඛාව ,ස්පර්ශක අතර කෝණය සමච්චේදනය කරයි. 📌 වෘත්තයකට ඇදි ස්පර්ශකයත්,ස්පර්ශක ලක්ෂයේදි ඇදි ජ්‍යායත් අතර කෝණය ඒකාන්තර වෘත්ත ඛණඩයේ කෝණයට සමාන වේ.. 🙃🙃🙃🙃
❤️ 👍 😂 12

Comments