
විශ්ව පාරාදීසය | thє dαílч fαctѕ ✨🇱🇰
June 6, 2025 at 01:51 PM
*හැම ඇතාගෙම ගජමුතු තියෙනවද?*
*නෑ. විශේෂයෙන්ම කියන්න ඕනෙ ලංකාවෙ දැනට ඉන්න කිසිම ඇතෙකුගෙ ගජමුතු තියෙනව ඇති කියල හිතන්න අමාරුයි. මොකද ගජමුතු හැදෙන්න ඇතාගෙ වයස අවුරුදු 55 වත් පහුකරල තියෙන්න ඕනෙ. මේ පුණ්ය භූමියෙ අවුරුදු 50 පනිනකං ඇතෙක් කැළෑවක ඉතුරුවෙන්නෙත් බොහොම කලාතුරකින්නෙ. වෛද්ය නන්දන අතපත්තු මහතාට අනුව ගජමුතු සහිත ඇතෙක් ලංකාවෙ අන්තිමට කැළේක ඉන්නව වාර්ථා වෙලා තියෙන්නෙ 2000 වර්ෂයටත් කලිං. ඒ නිසා බොරුවට අහිංසක සත්තු මරල වැඩක් නෑ.*
*ගජමුතු වල ප්රමාණය?*
*නියම ගජමුතු බෝංචි ඇටයක ප්රමාණයට වඩා ලොකු වෙන්නෙ නෑ. ඒ වගේම නියම ගෝලාකාර හැඩයකුත් නෑ. ලංකාවෙ සමහර වැටලීම් වලින් තොග පිටින් හමුවෙන ගජමුතු 99%ක්ම ව්යාජ ගජමුතු.*
> ඒ නිසා බොරුවට නීතී විරෝධී වගේම වැඩක් නැති ගනුදෙනුවකට සන්තකේම වියදම් කරන්න එපා.

❤️
😢
😮
👍
❤
🙏
😂
🫡
🐘
🥺
301