Astronomy Lanka 🇱🇰
May 13, 2025 at 03:24 AM
Voyager 1 සහ 2 යන අභ්‍යවකාශ යානා අද වන විට තිබෙන්නේ පෘථිවියේ සිට කෙතරම් දුරකින් දැයි දන්නවාද?
1977දී NASA ආයතනය දියත් කෙරූ Voyager 1 යානය තවමත් අභ්‍යවකාශය නිරීක්ෂණය කරමින් අපට තොරතුර ලබා දෙනවා. බ්‍රහස්පතිගේ ප්‍රථම සවිස්තරාත්මක ඡායාරූපය, සෙනසුරුගේ වළලු වල සහ චන්ද්‍රයන්ගේ විස්තර සහිත ඡායාරූප ආදී විශාල සොයා ගැනීම් ප්‍රමාණයක් මෙමගින් සිදු කර ගැනීමට හැකි වූවා.
Voyager 1 මේ වන විට පවතින්නේ පෘථිවියේ සිට කිලෝමීටර් බිලියන 25ක් පමණ ඈතින්. මේ නිසා එය මිනිසා විසින් නිපදවූ, දැනට පෘථිවියෙන් ඈතින්ම පිටිහි වස්තුව වනවා. එමගින් ලබා දෙන දත්ත සහිත සංඥා පෘථිවිය වෙත ලඟා වීමට පැය 23ක් පමණ ගත වෙනවා.
Voyager 2 අභ්‍යවකාශ යානයද 1977දී NASA ආයතනය මගින් දියත් කලේ Voyager ව්‍යාපෘතියේ දෙවන අදියර වශයෙන් Voyager 1 දියත් කර සති කිහිපයකට පසුව. මෙය interstellar space එකට ඇතුල් වූ දෙවන යානාවයි. මෙමගින් බලාපොරොත්තු වූයේ යුරේනස් සහ නෙප්චූන් ග්‍රහලෝක ද්විත්වය සහ ඒවායේ චන්ද්‍රයන් ගැන නිරීක්ෂණය කිරීමයි. Voyager 2 යානය මේ වන විට පෘථිවියේ සිට කිලෝමීටර් බිලියන 21ක් පමණ දුරින් පවතිනවා. එමගින් ලබා දෙන සංඥා පෘථිවිය කරා ලඟා වීමට පැය 19ක් පමණ ගත වනවා.
මිනිසා විසින් ඉතා කෙටි කලක් තුළ අභ්‍යවකාශ තරණයේ ලබා ගත් ජයග්‍රහණ අසීමිතයි. හිතලා බලන්න, කාලයක් ගල් ගුහා වලට වෙලා විලෝපිකයන්ගෙන් ආරක්ෂා වෙමින් ජීවත් උන මිනිසා අද වෙද්දි අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඈතට යානා යවලත් ඉවරයි. කොයි තරම් දුරක් අපි ඇවිල්ලද. කොයි තරම් දේවල් achieve කරලද.
තව අවුරුදු 1000ක් විතර මිනිස් ශිෂ්ඨාචාරය පැවතුනොත් අපි මොන තරම් දේවල් සොයා ගනියිද 😮
*Admin ash*
> Astronomy Lanka 🇱🇰

❤️
😮
👍
😳
😂
😅
😍
🧐
35