Astronomy Lanka 🇱🇰
May 14, 2025 at 05:20 AM
තාරකා විද්‍යාඥයින් පසුගිය වසර 20 තුළ බ්‍රහස්පති මත ඇති බලවත්ම ඝට්ඨනය දුටුවේ 2021 ඔක්තෝම්බර් මාසයේදී මීටර් 15 සිට 31 දක්වා විෂ්කම්භයක් සහිත වස්තුවක් බ්‍රහස්පති මතට වැටීමෙන් ඇතිවූ පිපිරුම සමගය. මෙම සිදුවීම තත්පර පහහමාරක් පැවති අතර, මුදා හරින ලද ශක්තිය TNT සමාන මෙගාටොන් දෙකකට සමාන වූ බව සඳහන්. කියෝතෝ විශ්ව විද්‍යාලයේ කෝ අරිමාට්සුගේ නායකත්වයෙන් යුත් තාරකා විද්‍යාඥයින් කණ්ඩායමක් බ්‍රහස්පති මත මෙම නව පිපිරුම නිරීක්ෂණය කල බව වාර්තා කර තිබුණා. 2021 ඔක්තෝබර් 15 වන දින පස්වරුවේ මෙම සිදුවීම, භූමි පාදක (ground base) සෙන්ටිමීටර 27 ක දුරේක්ෂයක් වන PONCOTS භාවිතයෙන් පටිගත කරන ලද අතර එය දෘශ්‍ය හා ආසන්න අධෝරක්ත පරාසයන්හි නිරීක්ෂණ සිදු කර තිබුණා. *Admin Ash* > Astronomy Lanka 🇱🇰
Image from Astronomy Lanka 🇱🇰: තාරකා විද්‍යාඥයින් පසුගිය වසර 20 තුළ බ්‍රහස්පති මත ඇති බලවත්ම ඝට්ඨනය ද...
😮 ❤️ 🚬 ⛈️ 🇺🇸 👍 🧠 20

Comments