Astronomy Lanka 🇱🇰
June 6, 2025 at 01:01 PM
සෙල්සියස් අංශක හාරසිය ගාණක උෂ්ණත්වයකදීත් ජලය අයිස් ලෙස පවතින ග්‍රහලොවක් !!!
Gliese 436b කියල කියන්නේ පෘථිවියට ආලෝක වර්ශ 30 විතර ඈතින් තියෙන, පෘථිවිය වගේ 22 ගුණයක විතර ස්කන්ධයක් තියෙන,නෙප්චූන් ග්‍රහයා තරම් විතර විශාල වායුමය ග්‍රහලෝකයක්.
තමාගේ තාරකාවට ඉතා ආසන්නයෙන් පිහිටා තිබීම නිසා මේ ග්‍රහලෝකයේ උෂ්ණත්වය ආසන්න වශයෙන් කෙල්වින් 712, ඒ කියන්නේ සෙල්සියස් අංශක 439 විතර වෙනවා.
අපි දන්නවනේ ඉතින් ජලය සෙල්සියස් අංශක 0 ට වෙනකම් සීතල කලාම අයිස් බවට පත්වෙනවා කියලා.
ඒත්…
වතුර නටලා, වාශ්ප වෙන උෂ්ණත්වය වෙන සෙල්සියස් අංශක 100 ටත් වඩා හතර ගුණයක විතර උෂ්ණත්වයක් තියෙන මේ ග්‍රහලෝකයෙත්, අයිස් තියෙනවා.
මේ ග්‍රහලෝකයේ පවතින අධික ගුරුත්වජ පීඩනය නිසා තමා මේ විදිහට සෙල්සියස් අංශක හාරසිය ගාණක උෂ්ණත්වයේ උණත් ජලය අයිස් ලෙස පවතින්නේ.
තව මේ ග්‍රහලෝකය කක්ශගත වෙන තාරකාවෙන් ලැබෙන අධික පාරිජම්බුල විකිරණ ප්‍රමාණය නිසා මේ ග්‍රහලෝකයේ වායුගෝලයෙනුත් අංශු පිටතට ගමන් කරනවා. මේ පිටතට ගමන් කරන අංශු විසින් මේ ග්‍රාලෝකයට වල්ගා තරුවක වගේ ලස්සන වලිගයක් නිර්මාණය කරනවා.
Credits ÷ AstronerdZ
*Admin Ash*
> Astronomy Lanka 🇱🇰
❤️
👍
❓
😮
12