Astronomy Lanka 🇱🇰
June 10, 2025 at 03:03 AM
බොම්බයි මොටයි ග්‍රාහයා 🍥🥟🍭 WASP -- 193b යනු අපගේ සෞරග්‍රහ මන්ඩලයට ආලෝක වර්ෂ 1,232 ක් දුරින් (හයිඩ්‍රා තාරකා රාශිය පසුබිමේ ) පිහිටා තිබෙන අසාමාන්‍ය ලක්ෂණ සහිත යෝධ පිටසක්වළ ග්‍රාහලෝකයක්. මෑතකදී හඳුනාගත් මෙම WASP -- 193b ග්‍රාහලෝකය අපගේ සෞරග්‍රහ මන්ඩලයේ විශාලම ග්‍රාහයා වන බ්‍රහස්පතීටත් වඩා විශාල නමුත් එහි ස්කන්ධය බ්‍රහස්පතීගේ ස්කන්ධයෙන් දහයෙන් පංගුවක් වැනි ඉතාම අඩු ස්කන්ධයකින් යුක්ත වීමයි මෙහි තිබෙන සුවිශේෂී ලක්ෂණය. මෙම අසාමාන්‍ය ලක්ෂණය නිසා මෙයට COTTON Planet නැත්නම් Marshmallow planet යන අන්වර්ථ නම්වලින්ද හඳුන්වනවා. *Admin Ash* > Astronomy Lanka 🇱🇰
Image from Astronomy Lanka 🇱🇰: බොම්බයි මොටයි ග්‍රාහයා 🍥🥟🍭  WASP -- 193b යනු අපගේ සෞරග්‍රහ මන්ඩලයට ...
❤️ 😮 🍽 👍 🤤 🇰🇷 🍴 🍽️ 👀 35

Comments