
MIHIN LIYANARACHCHI | ආර්ථික නොවන සදාතනික සෙනෙහස
May 15, 2025 at 12:24 PM
Forbes සගරාව විසින් පළකළ ආසියාවේ අවුරුදු 30න් පහළ විශිෂ්ඨයන් 30 දෙනාගේ ලැයිස්තුවට (Forbes 30 under 30 Asia) ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු නම් කර තිබීම ආඩම්බරයට කරුණකි! 🇱🇰
1. චරිත් එන් සිල්වා (Wild Cookbook) නිර්මාණශීලී ආහාර පිසුම් දක්ෂයෙකු වන අතර කොවිඩ් වසංගතය අතරතුර එළිමහන් ආහාර පිසීම internet sensation එකක් බවට පත් කළේය. අද වන විට, යූ ටියුබ් ග්‍රාහකයින් මිලියන 10 කට අධික සංඛ්‍යාවක් සහ ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයින් මිලියන 2.3 ක් සිටින ඔහු නිර්මාණකරුවෙකු පමණක් නොව, කොළඹ ඔහුගේ WILDISH අවන්හල දියත් කිරීමත් සමඟ ව්‍යාපාරිකයෙකු බවටද පත්ව ඇත.
2. යානිකා අමරසේකර-සියගුණ, ශ්‍රී ලංකාවේ පළමු මාර්ගගත විවාහ ලේඛනාගාරය (online wedding registry) වන Silver Isle හි නිර්මාතෘ ඇයයි. විවාහ තෑගිවල සිට golf lessons සහ නිවාඩු සැමරුම් දක්වා, ජීවිතයේ සන්ධිස්ථාන අපි සමරන ආකාරය ඇය විසින් නව තලයකට ගෙන ගොස් ඇත. අද, ඇය ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය සමාගම්වලින් එකක් වන එල්බී ෆිනෑන්ස් හි ස්වාධීන අධ්‍යක්ෂවරියක් ලෙසද සේවය කරයි.
මව්බිමේ ගෞරවය හිණිපෙත්තටම ගෙනයාමට සුභ පැතුම්!! ✨
#forbes30under30asia #forbes #srilanka #wildcookbook #silverisle #drterash

❤️
👍
🙏
67