
MIHIN LIYANARACHCHI | ආර්ථික නොවන සදාතනික සෙනෙහස
May 24, 2025 at 05:57 PM
ලංකාවේ වාහන මිල ඉහළ යනවා ඔබටම අඩුවට වාහනයක් Import කරගන්නේ කොහොමද බලමු 🚗
ලංකාවේ වාහන මිල ඉහල ගිහින් 😡 අවිධිමත් ලෙස වාහන සේල්කරන පුද්ගලයින්ගේ රත්තරං ගණන් නිසා ඔබේ බජට් එකට වාහනයක් ගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා. ඒත් බය වෙන්න එපා! ජපන් වාහන ඇතුළුව ඔබටම අඩු මිලට වාහනයක් Import කරගන්නේ කොහොමද කියලා කියලා දෙන්නම් 😉
1️⃣ ජපන් වාහන ලංකාවේ ජනප්‍රියයි මොකද ඒවා හොඳ තත්ත්වයේ, ඉන්ධන කාර්යක්ෂමයි, ඒ වගේම ලංකාවට ගැලපෙනවා. Toyota, Honda, Nissan, Suzuki වගේ Brand එකේ ලාභම Used Cars ගන්න ජපානයේ Auction Sites වෙලින් පුලුවන්.
2️⃣ කොහොමද Import කරන්නේ?
* විශ්වාසදායක Exporter කෙනෙක් හොයන්න: AA Japan, SBT Japan, RamaDBK වගේ සමාගම් 20+ වසරක පළපුරුද්ද තියෙනවා. ඔවුන්ගේ වෙබ් අඩවි හරහා වාහනයක් අපිට තෝරගන්න පුලුවන්.
* Auction System එක භාවිතා කරන්න: ජපානයේ Auction Houses 150,000+ වාහන සතියකට ලබා දෙනවා. ඔබේ බජට් එකට ගැලපෙන එකක් තෝරගන්න. Auction Sheet එක බලලා තත්ත්වය චෙක් කරගන්න පුලුවන්
* JAAI Certificate එක අවශ්‍යයි: ලංකාවට ගේන ඕනෑම ජපන් වාහනයකට Japan Auto Appraisal Institute (JAAI) සහතිකය ඕන. මේක නැති වාහන ගන්න එපා!
* Shipping එක ගැන හිතන්න: Colombo හෝ Hambantota වරායට Container Shipping තෝරගන්න. RoRo Shipping ලාභයි උනත් වාහනයට හානි වෙන්න පුළුවන් නිසා Recommend කරන්නේ නම් නැහැ
3️⃣ ලංකාවේ රේගු බදු ගැන දැනුවත් වෙන්න
* වාහන නිෂ්පාදිත කාලය මත: Cars (3 years), Vans (5 years), Trucks (4 years).
* බදු: Excise Duty (200-300%), VAT (18%), Ports and Airport Levy (5%). ඒ නිසා බජට් එක හදාගන්න Calculator එකක් භාවිතා කරලා පුළුවන්. CalLK පහත Link එකෙන් පුලිවන් එය නිවැරදිව කරගන්න https://cal.lk/vehicle-cost-calculator/
* Customs Clearance: Licensed Customs House Agent කෙනෙක් අවශ්‍යයි.
4️⃣ Scams වලින් බේරෙන්න
ලංකාවේ සේල් කාරයෝ ගහන ගණන් ගැන හිතනකොට Import කරන එක ලාභයි තමා නමුත් ජපානයෙන් ගන්නකොටත් Scams ගැන අපි සැලකිලිමත් විය යුතුයි
* JUMVEA (Japan Used Motor Vehicle Exporters Association) Member Exporter කෙනෙක් තෝරන්න.
* Auction Sheet, Export Certificate බලන්න. Odometer Fraud (Mileage වෙනස් කිරීම) ගැන බලාගන්න.
* Full Payment එක එකවර දෙන්න එපා. Escrow Service එකක් හෝ Letter of Credit (L/C) භාවිතා කරන්න. LC තමා Recommend කරන්න පුලුවන් ඒ ගැන ඉදිරියට කියන්නම්
5️⃣ අඩුමිලට ගන්න පුලුවන් තව ක්‍රම
* Zero-Mileage Cars: ලංකාවේ සේල් කාරයෝ ගහන ගණන් වලට Brand New එකක් ගන්නත් පුළුවන්!
* Group Imports: යාළුවෝ එක්ක එකතු වෙලා Container එකකට ගේන්න. Shipping Cost බෙදාගන්න.
* Tax Incentives: Hybrid/Electric වාහන වලට බදු සහන තියෙනවා.
මුතුඇටේ ලඩිවලට ගහන රත්තරං මිල ගණන් ගැන බලන් ඉන්න ඕන නෑ... ඔබටම Direct වාහනයක් Import කරලා මුදලක් ඉතුරුකර ගන්න පුළුවන්. Auction Sites, Exporters, Shipping, Customs ගැන හරියට තව හොයලා බලන්න. ලංකාවේ සේල් කාරයෝ බලන් ඉන්නේ අපිව රවට්ටලා උන්ගේ ගාන ලක්ෂ 15-20 තියාගෙන ගන්න. ඒත් අපි හරියට කලොත් මේ මාෆියාව නවත්වන්න පුලුවන් 😎
Import කරපු අය ඉන්නවානම් තව අදහස් සහ අත්දැකිම් Comment එකකින් දාන්න. අපි එකතු වෙලා ලංකාවේ වාහන මිල ගැන ඇත්ත එළියට ගේමු
- Manusha Ravishan -
#vehicleimport #japancars #savemoney #exposescams
❤️
🙏
11