𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐎𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 : 🇱🇰
May 17, 2025 at 03:14 AM
සතර කන් මන්ත්‍රණය, විචාර ප්‍රශ්න හා පිළිතුරු...👀🌼💗 *"උම්මග්ග ජාතක කතාවෙහි සාර්ථකත්වයට එක් හේතුවක් වී ඇත්තේ එහි යොදා ගනු ලැබූ භාෂා රීතියයි." නියමිත කොටස ඇසුරෙන් සාකච්ජා කරන්න.* ජාතක කතා පොත කුරුණෑගල සාහිත්‍ය යුගයේ දී රචිත මාහැඟි ග්‍රන්ථයකි. ජාතක පොත රචනා වීමෙන් පසු වෙන් වෙන් ව ලියූ කෘති අතරට උම්මග්ග ජාතකය ද එක් වේ. මහෞෂධ පඬිතුමාගේ බුද්ධි මහිමය අපූරු අපූර්වත්වයෙන් විවරණය කිරීමට කතුවරයා මෙහි දී සමත් වේ. සක්විති සැපතට සරිලන යස ඉසුරු ලද් ද ඒ සියල්ල නුවණට පරදින බව මෙම කතා පුවතින් තහවුරු කෙරේ. මෙහිදී කතුවරයා සුභාවිතයට ගත් භාෂා රීතිය නිසා කතාවේ රසය වැඩි වී ඇති බව කිව යුතු ය. ඒ පිළිබද ව විචාරක්ෂියෙන් විමසා බැලිය යුතු ය. ඒ අනුව පාලි සංස්කෘත මිශ භාෂා රටාවක් භාවිතයට ගැනීමට කතුවරයා උත්සහ කර ඇති බව කිව යුතු ය. "ගන්ධදාම පුෂ්පාදාමාවලම්බිත නා නා වර්ණ විචිත්‍ර විතානෝපලක්ෂිත අලංකෘත ශ්‍රී යහන් ගර්භය බලන්නාහූ"... මේ ආකාරයට පාලි සංස්කෘත මිශ්‍ර භාෂා රටාවක් භාවිතයට ගැනීම නිසා කතා රසය ත්‍රිව්‍ර වේ. එකී අවස්ථාව පිළිබඳ ව පාඨක අවධානය මැනවින් දිනා ගැනීමේ ඉඩහසර ලැබේ. එක ම භාෂා රටාවක් භාවිතයට නොගෙන විවිධ භාෂා ශෛලීන් භාවිතයට ගැනීම නිසා ඒකාකාරි බවෙන් තොර ව රසය විඳ ගැනීමේ අවකාශ පාඨකයාට ලැබේ. ඒ අනුව මෙම කතා පුවත තුළ දී කතුවරයා කෙටි වැකි භාවිතයට ගනී. *"ඌ තුමූ නුවණැත්තාහ., වියත්තාහ."* කේවට බමුණාගේ ස්වභාවය ප්‍රකාශ කිරීම ආදහා කතුවරයා කෙටි වදන් භාවිතයට ගෙන ඇති බව පෙනේ. එය කතා රසය මතු කිරීමට මනා පිටිවහලක් සපයයි. තව ද දිගු වැකි භාවිතය කෙරේ ද කතුවරයා තම අවධානය යොමු කර ඇත. *"බෝධී සත්ත්වයන් වහන්සේ විසින් ඒ ඒ රජ්ජුරුවන් සමීපයෙහි සිටුවන ලද පුරුෂයෝ ද බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් විසින් අද වකට මොතෙක් නුවර ගන්නා ලද, පණ්ඩිතයන් වහන්ස නොපමා වන සේක්වා" යි කියා නිරන්තරයෙන් හසුන් එවන්නාහ."* මේ අයුරින් දිගු වැකි භාවිතයට ගැනිම සුවිශේෂි භාෂා උපක්‍රමයක් වන බව කිව යුතු ය. මනා ඒකාබද්ධතාවක් සහිත ව එම වැකි පෙළගස්වා ඇති බව පෙනේ. ඒ තුළින් තවදුරටත් කතා රසය මතු කෙරෙයි. මෙම කතා පුවත තුළ කතුවරයා භාෂාද තුළින් පෑ පෙළහැර අපරමිත ය. උචිත උපමා භාවිතයට කතුවරයා සුරුකම් දක්වා ඇති බව පෙනේ. *"සාල්ලෙක ලා ලා පාතට බාන කෙනකුන් මෙන් කේවට්ට බමුණා හිසැ වර්චස් පිඬක් හෙළා."* චූලනී බ්‍රහ්මදත්ත රජු හා කේවට්ට බමුණා සිදු කළ සතර කන් මන්ත්‍රණය අසා සිටි ගිරා පෝතකයා ක්‍රියා කළ ආකාරය උචිත උපමාවක් තුළින් ඉදිරිපත් කර ඇති බව පෙනේ. මෙර් උපමාව තුළ නවතාවක් ද දක්නට ලැබේ. එනිසා කතා රසය මතු කිරීමට භාෂා රටාව මැනවින් ඉවහල් වී ඇති බව කිව යුතු ය. භයින් තැති ගත් වේදේහ රජු අස්වාලීම මාහෞෂධ පඬිතුමා සිදු කරයි. එය කතුවරයා උචිත උපමාවක් තුළින් දක්වන්නේ මෙලෙසිනි. *"රෝගයෙන් පෙළෙන එකක් හට අවස්ථා පිළියමක් දන්නා වෙදකු පිළිසරණ වන්නා සේ."* මෙවැනි උපමා රැසක් මෙම කතා පුවත තුළ දක්නට ලැබේ... 🤍 සඳ මඬලහි අඳනා කෙනෙකුන් මෙන් 🤍 මඟුල් උයන නඳුන් උයනක් සේ සරසා 🤍 සංහනාද ඇසූ මුව පොල්ලන් පරිද්දෙන් 🤍 ශක්‍ර පුරයට වන් අසුර භටයන් පරිද්දෙන් 🤍 ඉස තල්පැන් පලක් මඩිනා සේ 🤍 සංහයකු විසින් රකිනා ලද රන් ගල් ගුහාවක් පරිද්දෙන්. 🤍 ගැල් පුරා ගෙනවතු කොමඩු බාන සේ මේ අයුරින් උචිත උපමා භාවිතයට ගැනීමට කතුවරයා සමත් වූ බව නොරහසකි. _ _ _ _ _ _ _ _ _ _ _ _ "Copied" *Admin Resandi*💜🪻
❤️ 👍 6

Comments