දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 10, 2025 at 04:33 AM
*Bound by pain, United by love....* `The Bitter Sweet Harmony ❤️‍🔥` > March 5, 2025 by Pari🖤 08th Episode....❤️‍🔥 ඇඟට දැනෙන වේදනාවත් එක්ක ආරු පාර දිගේ දිව්වේ මොකක් හරි පිළි සරණක් හොයාගෙන. පටු මඟක් දිගේ කකුල් දෙකට සෙරෙප්පු දෙකක්වත් නැතුව ආරු දුවගෙන ගියා. අන්තිමට ආරුව ඇවිල්ලා වැටුනේ මහපාරකට. රෑ වෙලා තිබ්බ හින්දා පාරේ වාහන ගොඩක් තිබ්බ. හතරටෙන්  ඇහෙන් වාහනවල ශබ්ද නලා ශබ්දවලි ආරුගේ කන් පිරුනා. ආලෝකයක් නැතුව හිටිය ඇස්වලට එකපාර හැමපැත්තෙන් එළියට වැටෙද්දී ආරුට කිසිම දෙයක් පේන්නැතුව ගියා. හරි හමන් කෑමක් බීමක් නැතුව දවස් දෙකක් වින්ඳ වද හින්දා ආරුගේ ආත්මයටත් ශරීරය එපා වෙලා තිබ්බේ. ඇස්වලට වැදුන ආලෝකයත් එක්ක ඇස් නිලංකාර වෙලා මෙච්චර වෙලා කොහොමහරි පණ ගැටගහන් හිටිය ආරු පාර මැදම වැටුනේ ඉස්සරහින් එයාගේ පැත්තට කාගෙන ජීප් එකක් එද්දි..... ආයුග් තිබ්බ වැඩ ටික ඉවර කරලා ආරුව දාලා තිබ්බ කාමරේට එද්දි දැක්කේ කාමරේ දොර ඇරලා කියලා. කලබලෙන් ගිහින් බලද්දි ආරු හිටියේ නෑ... බාතෲම් එකෙයි හැමතැනම බැලුවත් ආරු හිටියේ නෑ... " අරකිව හොයපල්ලා ඒකි පැනලා ගිහින්...." වන්ෂොට්ගේ ගෝලබාලයෝ හැමතැනම ආරුව හෙව්වා. ඒ අතරේ තමා එක්කෙනෙක් දැක්කේ පාරේ වෙලා තියන ඇක්සිඩන්ට් එක... " පව් අනේ ඒ ළමයා මැරිලා... බලන්නකෝ එච්චර වයසකුත් නෑ..." " ඒක නේන්නන්.... ගන්න දෙයක් නෑ.. අර වාහනේ ආපු වේගෙට එතනමයි..." ගෝලයා ටිකක් එබිලා බලද්දි තමා දැක්කේ සුදුපාට ගවුම. එදා ආයුග් ආරුව අරන් එද්දි ඒ ගෝලයත් හිටිය හින්දා සුදු ඇදුමෙන් ආරුව අඳුනගත්තා. " බොස්... කෙල්ල මැරිලා..." ආයුග්ට කෝල් එකක් අරන් කිව්වා. " මොකක්... ඒක වෙන්න බෑ... ඒකි කොහොමද එහෙම මැරෙන්නේ...." ආයුග් කේන්තියෙන් ගෙදර තිබ්බ හැම බඩුවක්ම පොළවේ ගැහුවා. කිසිම කෙනෙක්ට ආයුග්ට ළං වුනේ නැත්තේ කේන්ති ගිය ආයුග් ළඟට යනවා කියන්නේ මාරයා ළඟට යනවා වගේ වැඩක් හින්දා. මේ අතරේ එදාම උදේ තවත් දෙයක් වුනා. එදා ආරුව වන්ෂොට් ඇවිල්ලා බේරගෙන ගියත් ආරු දැන් බ්ලේඩ් කවුද කියලා දන්න හින්දා ආරුව නිකන් අතහරින්න බෑ කියලා කවීන් දැනන් හිටියා. මොකද බැරිවෙලාවත් ආරුගේ කටින් බ්ලේඩ් කියන්නේ කවීන් කියන පිට වුනොත් කවීන් අවුරුදු ගාණක් හදාගෙන ආව එයාගේ රාජ්ජේ කැඩිලා යනවා. කවීන් පහුවදා කැම්පස් ගිහින් ආරු එයි කියලා බලන් හිටියත් ආරු ආවේ නෑ. ඊටපස්සේ බෝඩිමට ගොලයෝ යවලා බැලුවත් ආරු බෝඩිමට ඇවිල්ලාත් නෑ. ඒ අතරේ තමා ආයුශ් ආවේ කවීන්ව හොයාගෙන. " කවීන්... කෝ ආරු..." කවීන්ට එකපාර බය හිතුනේ ආයුශ් ඇත්ත දැනගෙනවත්ද කියලා. ඒත් ඒ බවක් අඟවන්නේ නැතුව කවීන් කතා කරා. " මාත් ආරු කෝ කියලා තමා බැලුවේ ආයුශ් අයියේ... ඊයේ කැම්පස් එකට ආව හින්දා අදත් එයි කියලා මඟ බලන් හිටියේ.. මං කෝල් ගත්තට ආන්ස්වර් කරන්නෙත් නෑනේ..." " එතකොට උඹ කියන්නේ ආරු ඉන්න තැනක් උබ දන්නෙ නෑ කියලද..." " මොකක්ද ඒ කතාවේ තේරුම ආයුශ් අයියේ... මං ආරුගේ පස්සෙන් යනවා තමා ඒත් මං එයා යන හැමතැනම යන්නේ නෑ... ඔයා ඔච්චර කලබලෙන් මොකද ආරුව හොයන්නේ..." " ආරු නෑ යකෝ... ඊයේ කැම්පස් එකෙන් ගියපු කෙල්ල තාමත් හොයාගන්න නෑ... දැන් පැය විසිහතරකටත් වඩා වැඩියි..." " මොකක්.. ඒක වෙන්නේ කොහොමද...." කවීන්ට පුදුම හිතුනේ ආයුශ් ඒ කිව්ව කතාවෙන්. මොකද වන්ෂොට් කලිමුත් ආරුව බේරගෙන තියන හින්දා මේ වෙනකොට ආරු කොහෙහරි ඉන්න ඕනනේ. " අඩෙහ් නංගිවත් අර කෙල්ලො පැහැර ගන්න උන් පැහැරගෙනද දන්නෙ නෑ බන්...." දුලාන්. " නෑ ආරුව..." කවීන් වෙන කල්පනාවක හිටිය හින්දා තව ටිකෙන් ආරුව එයා පැහැර ගත්තේ නෑ කියලා කියනවා. " මොකක්ද..." ආයුශ්. " නෑ ආරුව එයාලා පැහැර ගෙන නැතුව ඇති... අයියේ මොනා හරි කරලා ආරුව හොයාගන්න ඕනේ.. ආරු නැතුව...." කවීන් දුක හිතෙන මූණක් මවාගෙන කිව්වා. ඊටපස්සේ කවීනුත් ආයුශ්ලා එක්ක එකතු වෙලාම ආරුව හොයන්න ගත්තේ මුකුත් නොදන්න ගාණට. ඒ අස්සේ බ්ලේඩ්ගේ අයත් හිටියා. මොකද කවින්ට ඕන වුනේ කොහොමහරි ආරුව හොයාගන්නනේ.. එදා දවසාත් හෙව්ව තැන ආරුව හම්බුනේ නෑ.. මුළු කොළඹම පීරුවා. කවීන්ට හිතුනේ ආරු හැංගිලා ඇති කියලා. " අරකිගේ පවුලේ උන් කවුද ඉන්නේ..." කවීන් ගෝලබාලයොන්ගෙන් ඇහුවා. " බොස් ඒකිට නංගිලා දෙන්නෙක් ඉන්නවා... මොකද කියන්නේ උස්සන්නද..." " අහන්නත් එකත්ද බන් උස්සපන්.. සහෝදර සෙනහසටවත් එතකොට ඒකි එයිනේ...." බ්ලේඩ්ගේ ගෝලයෝ ගිහින් නිශූයි සෙතුයි යන ස්කෝල දෙකම මුර කරේ දෙන්නා එළියට එනකන්. ඒත් මේ වෙනකොට සෙතූ හිටියේ නුවරඑළියේ හින්දා සෙතූගේ ස්කෝලේ ළඟ මුර කරපු අයට නම් වැඩක් වුනේ නෑ.. ඒත් ඉතින් නිශූගේ ස්කෝලෙ ළඟ හිටිය අය නිශූගේ පස්සෙන් ගිහින් නිශූව පැහැරගෙන බ්ලේඩ් ළඟට ගෙනාවා. " ඉතින් තමුන් එතකොට සාක්ෂිගේ නංගි නේද..." පුටුවක බැඳලා දාලා හිටිය නිශූගේ මූණට පිහිය තියන ගමන් කවීන්ගේ ගෝලයෙක් ඇහුවා. බයෙන් හිටිය නිශූගේ මූණට ඒක ඇහුවම ආවේ කුරිරු හිනාවක්. " ම්හ්... ඒ ඉස්සර... දැන් ඒකි මගේ කවුරුත් නෙවෙයි... මොකටද ඒකිව හොයන්නේ..." අඳුරු තැනකට වෙලා මේ දිහා බලන් හිටිය කවීන්ට පුදුම හිතුනේ මේ නිශූගේ හැසිරීමට. කවීන්ගේ ඉඟියකට අනුව ගෝලයා ආයේ ප්‍රශ්න ඇහුවා. " තමුන් අපෙන් ප්‍රශ්න අහනවද.. කෝ සාක්ෂි.. කියපන් ඒකි ඉන්න තැන..." " මම කොහොමද දන්නේ ඒකි ඉන්න තැන.. අපි ඒකිවයි අනිත් දෙන්නවයි ගෙදරින් එළවලත් සති දෙකක් විතර වෙනවා... හහ්... කවුද දන්නේ ඒකිට යන එනමන් නැතුව ඔය කොහෙහරි මුඩුක්කුවකවත් ඉන්නවද දන්නෑ... " කවීන්ට තේරුනා නිශූ ඉන්නේ ආරු එක්ක තරහින් කියලා. ඒ වගේම නිශූගේ වෛරයත් එයාගේ ඉත්තෙක් කරගන්න පුලුවන් කියලා. ඒ අතරේ තමා එක කොල්ලෙක් දුවගෙන ආවේ. " බොස් අරකි මැරිලා.. ඒකිව ඇක්සිඩන්ට් වෙලා එතනම මැරිලා...." " මොකක්... මැරිලා... ඒත් ඒක වෙන්නේ කොහොමද..." කවීන්ට එකපාර ඒ වුනදේ හිතාගන්න බැරිවුනා. ඒත් තමන්ගේ රහස ආරක්ෂිතයි කියලා තේරුන හින්දා සතුටක් දැනුනා... වසර තුනකට පසු..... " ආරු... ඔන්න මං ඔයා කිව්ව විදිහටම කරා..." ආයුශ් තමන්ගේ ඉදිරිපිට තිබ්බ සොහොන්කොතට අතේ තිබ්බ මල් පොකුර තියන ගමන් මිමිණුවා. " වරෙන් බන් ඉක්මනට... වෙඩින් එකට පරක්කු වෙනවා..." ආයුශ්ගේ  නෑදෑ සහෝදරයෙක් ඈත ඉඳන් කෑගැහුවා. " Thank you ඔයාට..." කියලා ආයෙමත් සොහොන් කොත දිහා බලලා මිමිණුව ආයුශ් කනත්තෙන් එළියට ගියා. " මොන මඟුලකට ද දිව්‍යාට එන්න කිව්වේ..." සරලා තරහෙන් කෑගැහුවා. " නැන්දේ දිව්‍යා පුංචිත් එන්න ඕන.. එයා තමා ඉස්සර අපේ හැමදේකටම හිටියේ..." ඒත් ආයුශ්ගේ නෑනා කෙනෙක්.. මයුමි.... " ඒත් ඒකි දැන් පවුලේ කෙනෙක් නෙවෙයිනේ... මොන මඟුලකට කතා කරේ... නයනා අක්කේ ඔයාගේ දුවට මෙතන ඉන්න හැම එකාට මඟුලට කතා කරන්න ඉඩ දුන්නද...." මයුමිගේ අම්මටත් බනිමින් සරලා කිව්වා. " නැන්දේ දිව්‍යා පුංචිට එන්න කිව්ව එක මගේ තීරණයක්.. ඒ හින්දා අම්මට බනින්න එපා... අනික දිව්‍යා පුංචි හැම්දාමත් මට මගේ පුංචි කෙනෙක්... මට ඉස්සර වෙලා ආව කනට වඩා පස්සෙ ආව කන ලොකු නෑ... " මයුමි පැත්තක හිටිය නාලි දිහා බලලා රවලා කිව්වා. " අක්කේ උන්ට කන්නවත් නැතුව කොහෙ වෙඩින්වලට එන්නද... " නිශූත් එතනට එනගමන් කිව්වා " නංගි ඒ ඔයාගේ අම්මා නේද... ඇයි ඔයත් ඔහොම කතා කරන්නේ... කවුරු විරුද්ධ වුනත් වැඩක් නෑ දැන් මම ඒ තුන්දෙනාට එන්න කියලා ඉවරයි..." " ඕ... කවුද තුන්දෙනා මොකද දිව්‍යා ආයේ බැඳලාද..." නිශූ කිසිම ගරු සරුවක් නැතුව කිව්වා. " මොනාද නංගි දොඩවන්නේ.. ඔයා හිතුවද පුංචිත් බාප්පා වගේ කියලා.. මං එන්න කිව්වේ පුංචිටයි ආරුටයි සෙතූටයි..." " ඔහ් ආරු... ඒකි මැරිලාත් දැන් අවුරුදු තුනක්... ඒකිගේ හොලමනට තමා එන්න වෙන්නේ..." නිශූ.. " මොකක්ද ඒ කතාවේ තේරුම.. ආරු මැරිලා... අපි නොදන්නේ කොහොමද ඒ ගැන... දිව්‍යා පුංචි අපිට කිව්වෙවත් නෑනේ..." මයුමි පුදුමෙන් කිව්වා. " ම්හ්... ඒ ගැනි කොහෙ කියන්නද.. දැන් මළගෙවල් මෙතනට ඕන නැනේ... දැන් නැකතත් ළඟයි නේද... සරලා නංගි කෝ මනමාලයා ලෑස්තිද..." " අප්පා මේ දිව්‍යා හින්දා මට කොල්ලා ගැන බලන්න බැරිවුනා.. මං බලන්නම්...." කිව්ව සරලා ගියා. වෙලාව ගත වෙලා ගිහින් අන්තිමට චාරිත්‍රත් පටන් ගත්තා. පෝරුවේ චාරිත්‍ර කරන අතරේ මයුමි දැක්කේ දිව්‍යායි සිතූයි දෙන්නා එනවා. දිව්‍යාව දැක්කම මයුමිට හිතුනේ පෝරුවෙන් බැහැලා දිව්‍යා ළඟට දුවන්න. මොකද ඒ තරන් මයුමි දිව්‍යාට ආදරෙයි. දිව්‍යා තමා පොඩි කාලේ මයුමිව බලාගත්තේ කොටින්ම කිව්වොත් දිව්‍යා මයුමිට තමන්ගෙම කිරි පොවලා බලාගෙන තියනවා. මයුමි ආරුට වඩා මාස තුනයි වැඩිමල්. බොහොම අමාරුවෙන් චාරිතර ඔක්කොම ඉවර වෙනකන් මයුමි ඉවසගෙන හිටියා. රෙජිස්ටරේෂන් එකත් ඉවර වෙලා මනමාලිටයි මනමාලයටයි ඉඳගන්න කිව්වට පස්සෙ විනාඩි දෙකක්වත් එතන ඉන්නෙ නැතුව මයුමි දුවගෙන ආවේ දිව්‍යා ළඟට. මනමාලි මනමාලයාව දාලා දුවලා යන දිහා වෙඩින් එකට ඇවිල්ලා හිටිය අය පුදුමෙන් බලන් හිටියා. " පුංචි...." මයුමි දිව්‍යාව බදාගත්තා. " මයු... මොකද මනමාලි ඔහොමත් එනවද... මං එනවනේ මැණිකේ ඔයා ළඟට.. මං කට්ටිය ටිකක් එහෙට මෙහෙට වෙනකන්නේ හිටියේ..." " අනේ පුංචි... මම මනමාලි නෙවෙයි බඩ දරු අම්මෙක් වුනත් පුංචි ළඟට දුවන් එනවා.. පුංචී... ඔයා ලස්සන වෙලා අප්පා... දැන් දහ අටේ කෑල්ල වගේ..." " අම්මෝ ඇති ඇති බටර් ගෑවා.. ඔයත් ඉන්නේ මේ ලස්සනට... ඇස්වහක් කටවහක් නම් වදින්න හොඳ ඈ දෝණි ඔයා අද ගොඩාක් ලස්සනයි..." " ඒකනේ අම්මේ මයූ අක්කා අද නිකන්... මේ අක්කේ අපරාදේ මොඩ්ල් කෙනෙක් වෙන්න තිබ්බේ ඈ...." " අම්මටසිරි සිතු... දැන් ඔයා ගොඩාක් ලොකු වෙලානෙ... ඇත්තට අවුරුදු කීයකින් ද දැක්කේ... ඒකනෙවෙයි මොකද දැන් කරන්නේ A/L කරාද...." " නෑ අක්කී... A/L කරන්න හම්බුනේ නෑ... අපි..." සෙතූ කිය කිය ඉන්න කොට මැද්දට පැන්නේ නිශූ. මයුමි දුවන් යනවා දැක්ක නිශූ සරලා නාලි කට්ටියම දුවගෙන ආවා. " කොහේ ඒවා කරන්නද... ඉන්න හිටින්නවත් තැනක් තියනවද කියලා කවුද දන්නේ..." නිශූ දිව්‍යා දිහා සමච්චලේට බලමින් කිව්වා. " නිශූ... කටවහගන්න... මෙතනින් යන්නකෝ අප්පා මට නිදහසේ පුංචි එක්ක කතා කරන්නවත් දීලා..." මයුමි. " මයු.. ඔයා දැන් මෙතනද ඉන්න ඕන... අතන මනමාලයා තනියම...මේ කොහෙවත් යන උන් එක්ක කතා කර කර ඉන්නද තියෙන්නේ..." නයෝමි... සුදේශ්ගේ මල්ලිගේ වයිෆ් කිව්වා. නයෝමි තමා දිව්‍යා එක්ක මේ පවුලේ ගොඩක්ම තරහෙන් ඉන්න කෙනා. එයා හින්දා තමා දිව්‍යාව පවුලේ අය ඈත් කරලාම දැම්මේ. " නයෝමි පුංචි.. මේක මගේ වෙඩින් එකනේ මට ඕන අයත් එක්ක මම කතා කරනවා... සෙතූ ඉතින් කියන්නකෝ ඇයි එක්සෑම් කරේ නැත්තේ ඕ ලෙවල් කරානෙ..." මයුමි අර කට්ටියව ගණන් ගන්නෙ නැතුව සෙතූගෙන් ඇහුවා. " ඕ ලෙවල් කරා අක්කී.. ඕ ලෙවල්වලට නම් A 9ක් තිබ්බා... ඊට පස්සේ රට යන්න වුනානේ ඒ හින්දා ඒ ලෙවල් කරේ නෑ..." " සල්ලි නැති හින්දා හිඟා කන්න බැරිකමට රට ගිහින් ටොයිලට් හෝදන්න ඇති..." නිශූ ආයෙමත් මැදින් පැන්නා. " මේ චූටි අක්කේ... ආ... සොරි... ඔයා දැන් මගේ අක්කා කෙනෙක් නෙවෙයිනේ.. රුක්ෂි..  ඔයා හිතන් ඉන්නෙ අර ගෙදරින් අපිව එලෙව්වා කියලා අපිට ඉන්න හිටින්න තැන් නැතිවෙයි කියලද... ඒ ගෙදරින් ගියාට පස්සෙ අපි හිටියට වඩා හොඳ ජීවිතයක් ගෙව්වා... අපිට ඒ ගේ නැති වුනාට දැන් අපිට එකට ගෙවල්..." " සෙතූ... ඇති... සමහරුත් එක්ක කතා කරලා වැඩක් නෑ දැන් ඕක නවත්තන්න... මයූ... දෝනි... ඔයා ගිහින් ඉඳගන්න පස්සෙ වෙලාවක මම එන්නම් ඔයා එක්ක ගොඩක් වෙලා කතා කරන්න.. දැන් ඉස්සර වගේ මට වැඩ ගොඩක් නෑ..." " මොකද දිව්‍යා කතා කරන්නද බයද... " නයෝමි. " නයෝමි මෝඩයෝ එක්ක කතා කරලා වැඩක් නෑනේ ඒකයි මම සෙතූට නිකන් ඉන්න කිව්වේ.... දැන් මෙතන වෙඩින් එකක් වෙන්නේ ඒ නිසා කරුණාකරලා පැත්තකට වෙලා ඉන්න මගේ කට අවුස්සගන්නෙ නැතුව..." දිව්‍යා තරවටු ස්වභාවයෙන් කිව්වා. " ආ... අම්මෝ ඇති යන්තන් මම ඔයා එන්නෙ නැතිවෙයි කියලා හිතුවේ අයියේ...." මයුමි එකපාර හෝල් එකේ දොර පැත්ත දිහා බලලා කිව්වේ හැමෝගෙම අවදානේ ඒ පැත්තට යොමු වෙද්දි " මයුමි.... ඔයා මොනාද මේ කරන වැඩ මෙතනට මිනීමරුවොන්ටයි... අනාතයොන්ටයි පාරේ යන උන්ටයි හැමඑකාටම එන්න කිව්වද..." සරලා ඒ එනකෙනා දිහා බලලා තරහෙන් කිව්වා. " මම එන්නේ නැතුව කොහොමද මයූ කෙල්ලේ...." කියාගෙන ආවේ ආයුග්... ආයුග් මයුමිට එහෙම කිව්වත් ආයුග්ගේ ඇස් තිබ්බේ දිව්‍යා ගාව. " මේ ආයුග් ද එතකොට..." දිව්‍යා පුදුමෙන් කිව්වේ අවුරුදු විසිගාණකට පස්සේ දැක්ක හින්දා. මොකද එදා හොස්පිටල් එකෙන් දකිද්දී දිව්‍යා හිතුවේ ඒ ආයුශ් කියලානේ. " ඔව් මිස් දිව්‍යා මං තමයි... සෑහෙන කාලෙකින්නේ..." ආයුග් එහෙම කියද්දි දිව්‍යා හිතට අමුතු බයකුත් ආවා. " මයුමි ඔයා මොකද මේකට එන්න කිව්වේ..." සරලා. " නැන්දේ... මං කලිනුත් කිව්වානේ මේ මගේ වෙඩින් එක..මට ඕන අයට මං එන්න කියනවා... අනික ඔයා ඒකා මේකා කියන්නේ යුග් අයියාත් ආයු අයියා වගේම ඔයාගේ පුතා නේද..." " මට මේ වගේ මිනීමරු පුතෙක් නෑ... " ඒ වෙලාවෙම කෝල් එකක් ඇවිල්ලා පැත්තකට ගිහින් ආව සෙතූ එතනට ආවා. " අම්මේ බැකේජ් ටික ඇවිල්ලාලු තියෙන්නේ... විහස් අයියට කියන්නද ගෙදරට ගිහින් දාන්න කියලා..." " විහස් නෑ මං හිතන්නේ ඩ්‍රයිවර්ට කියන්න..." " එතකොට අපි යන්නේ..." " ආ ඒක ප්‍රශ්නයක් නෙවෙයි ඔයා ඩ්‍රයිවර්ට කියන්නකෝ..." " හා ම්ං කියන්නම්.... අම්මටසිරි ආයු අයියා දැක්ක කල් අප්පා..." කියන ගමන් සෙතූ ගියේ ආයුග් ළඟට ආයුශ් කියලා රැවටිලා. ඒත් සෙතූ ආයුග් ළඟට යනවත් එක්කම කොහෙදෝ ඉඳලා ආයුශ් ආවා. " හෑ... මොකද මේ... අම්මේ..." කියලා සෙතූ ආයේ ඉක්මනට දිව්‍යා ළඟට ආවා. " අපරාදේ මං දැන් විනාඩි පහක් නෑ ටවුන් එකේ ඉඳලා ඇවිල්ලා... දන්නවා නම් ඔයා එනකන් ඉන්නවා.. හා එන්නකෝ එහෙනම්..." කිව්ව ආයුශ් දිව්‍යා ළඟට ඇවිල්ලා කෝල් එක කට් කරා. " මොකද මෙතන පවුලේ සමුළුවක්ද... මනමාලි මොකද මෙතන කරන්නේ..." ආයුශ් සෙතූගේ ඔලුවටත් තට්ටුවක් දාන ගමන් කිව්වා. ඒත් සෙතූ ඉක්මනට පත්තකට වුනේ කෙල්ලට කවුද ආයුශ් කියලා අඳුනගන්න බැරිවුන හින්දා. " මොකෝ බන්... සෙතූ වෙනදට මං තට්ටුවක් දාපුහම තමුසේ මාව අතාරින්නේ නෑනේ...මොකද ලොස් ඇන්ජලීස්වල අපේ සෙතූව දාලා ආවද..." ආයුශ් සෙතූ දිහා පුදුමෙන් බලමින් කිව්වා. සෙතූ ඊටපස්සේ ඇස් දෙකෙන් පෙන්නුවේ ආයුග්ව. " ආ... මෙයානේ..." " පුංචි නංගි රට ගියා කිව්වේ ලොස් ඇන්ජලීස්වලද හිටියේ..." මයුමි. " ඔව්.. එයා එහෙ මියුසික් ඇකඩමියකට දැම්මා..." " මරුනේ අප්පා... ඒක නෙවෙයි පුංචි... කෝ ආරු... නිශූ කිව්වා ආරු.." " දුවේ... ආරු...." දිව්‍යා. ________________________________________ බඳින්න යන්නේ ආයුශ් කියලා රැවටුනු අයත හිටියද බලන්න.... මලගෙදර ගන්න බැරි වුනාට සොරි ළමයිනේ... Reaction දාන්න comment කරන්න... ආදරෙයි හැමෝටම 🖤
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: *Bound by pain, United by love....*  `The Bitter Sweet Harmony ❤️‍🔥` ...
❤️ 👍 🥺 🩵 💖 💚 😢 🤍 🧡 218

Comments