දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰 WhatsApp Channel

දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰

16.2K subscribers

About දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰

*ආදරණීයයන්ගේ පන්හිඳෙන් හැඩවුණු🌼* *ඩේසි මල් වලින් පිරුණු සොඳුරු නවාතැම්පළට🌼* *ඔයත් කැමතිනම් එන්න ළමයෝ🌼* *මෙතනින් එන්න : https://whatsapp.com/channel/0029VacaftZKmCPMAznVS62Z* *🌼හැඩකාර අකුරු අතර කිමිදිලා ලස්සන ලෝකයකට ඉක්මනට ගිහින් එමු..!!!* *🌼මේ කියන්නෙ අකුරු වලින් පිරුණු | පො | ත් | ජීවිතයට එකතු කරගත්ත ඔයාටමයි ලස්සන ළමයෝ..!!!* *15 000 + Daisy Readers📚🌼°°* *• OWNER - A&N♥️🕊️ • 📚🌼* *Channel Owner Contact : https://wa.me/94754238741* *Channel Story Admin Contact : +94 77 388 9131*

Similar Channels

Swipe to see more

Posts

දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
6/12/2025, 12:34:19 PM

*👆මෙන්න ලින්ක් එක"යාළුවන්ටත් ශෙයාර් කරන්න හොදේ"🪻💜*

❤️ 8
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
6/12/2025, 12:34:05 PM

*ආදරණීයයන්ගේ පන්හිඳෙන් හැඩවුණු🌼* *ඩේසි මල් වලින් පිරුණු සොඳුරු නවාතැම්පළට🌼* *ඔයත් කැමතිනම් එන්න ළමයෝ🌼* > *මෙතනින් එන්න : https://whatsapp.com/channel/0029VacaftZKmCPMAznVS62Z* *🌼හැඩකාර අකුරු අතර කිමිදිලා ලස්සන ලෝකයකට ඉක්මනට ගිහින් එමු..!!!* *🌼මේ කියන්නෙ අකුරු වලින් පිරුණු | පො | ත් | ජීවිතයට එකතු කරගත්ත ඔයාටමයි ලස්සන ළමයෝ..!!!*

Post image
❤️ 6
Image
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
6/12/2025, 2:34:16 PM

*Episode 09* https://whatsapp.com/channel/0029VacaftZKmCPMAznVS62Z/18200 කියවලා එන්න Written in Our Stars 🖤✨ ඔයා, ඔව්, ඔයා තමයි👀 දන්නවද මේ කතාව,ආදරණීයම පිරිමි ආත්ම දෙකක අයිතිකාරියක් වූ අහිංසක දඟකාරියකගේ කතාවක්‌ 🥹❤‍🩹✨🖤 *Episode 10* ඩාන්ස් එකේ ප්‍රැක්ටිස් ඉවර කරද්දී 4.30 යි.දැන් නම් අම්මටසිරි වෙන්න වහිනවා. ඊයා මන් නම් ආස නෑ මේ වැස්සේ චරස් චරස් ගගා ගගා ඇවිදින්න. "යෙශකයා කාර් එක ගාවට දුවන්න තමා තියෙන්නේ, කුඩයක් නෑනේ?" "තියෙනවා" "එහෙනම් ඉක්මනට එනවා,මන් දුවන් යනවා" යකෝ දැන් මන් සිංහලෙන් කිවුවා. කුඩයක් තියෙනවා කියලා, ඒ කියද්දී මේ මෝඩයා වැස්සේ දුවන්න හදනවා. දුවන්න යද්දීම මන් ඉස්සිලා මෙයාගේ කොලර් එකෙන් ඇඳලා ගත්තා. "මොකද ඕයි" "මාත් එක්ක කුඩේ යටින් යන්, තෙමෙන්න ඕනේ නෑ නේ" "කමක් නැද්ද " "කමක් තියෙනවා, ඒත් එන්නකෝ" මේ හාමුට එන්න කිවුවට මට ගහන්න ඕනේ. මෙයා මේ රිටක් වගේ උසයි. මන් ඉස්සිගෙන කුඩේ අරන් යනවා. මෙයා බෑග් එක බබා වගේ බදා ගෙන යනවා. "ආ මට අමතක වුණා නේ තමුසේ කොටයි කියලා,කෝ දෙනවා කුඩේ මන් ගන්න" "කොට නෑ හරිද, මට පුළුවන්" "ආ පුලුවන් නම් අරන් එනවා" කහ ගැරඩියෙක් වෙලා චීනෙකුටම අහුවෙයන්, මට මේ කරන දුෂ්ටකම් වලට "ආ අද පුංචි බේබිත් යනවද" "නෑ සංකල්ප අන්කල්.." "මේ ඇණේ ගෙදර අරන් ගිහින් අපි කනක් ඇහිලා ඉන්න ද?ගෙදරින් දාලා යන් අන්කල්" මට උත්තර දෙන්න දුන්නෙත් නෑ, මැද්දෙන් පැන ගෙන කච කච ගානවා.දෙන්න හිතෙනවා මේ වගේ වෙලාවට "මහන්ස්යි නේ සුදු" "නෑ කලු, මට නම් සුට්ටවත් මහන්සි නෑ" මන් මුණ බලන්නෙත් නැතුව ජනේලෙන් එලිය බලන් ම උත්තර දුන්නා. "අහස ලස්සනයි නේ යෙශු" "නෑ කැතයි" "ඔයා මට ආදරේ නෑ නේද " "නෑ ආද...." "ඕ කියන්න ගියපු එක කියන්නේ බලන්න " "මන් කිවුවේ, නෑ, මන් ආදරේ නෑ කියලා" කපටියා, මන් අහු වෙයි ඕවාට (අනේ ඇති බන් රණ්ඩු වුණා. අපිට කන් කරච්චලේ වගේ අහන් ඉදලා😒 නේද?? 🤌) "පුතේ ආවද?මන් හිතුවේ තව පරක්කු වෙයි කියලා" හරි හොදයි. දැන් අම්මට මේ මාව පෙන්නේ නැති තරමට,අර දත් සෙට් එකම එලියට දාන් ඉන්න හැකරැල්ලේග්ගේ බොරු හිනාවක් ලොකු වෙලා.මරු, අයියේ, ගානට අපේ අම්මටත් බොලේ බස්සලා "අනේ එදාට හරි ලස්සනට ඉදි නේද පුතේ, මටත් බලන්න තිබ්බා නම්" අප්පෝ හොද වෙලාවට අවුරුදු උත්සවේ බලන්න අම්මලට එන්න බැරි "ඔව් aunty, අපි දෙන්නට ම එකම කලර් එකෙන් කොස්ටියුම් මහන්නත් දීලා තියෙන්නේ" අපි දෙන්නට ම අවුරුදු ඇදුමක්(චීත්තෙයි, හැට්ටෙයි සහ සරමයි, ෂර්ට් එකයි)තමා අඳින්න තියෙන්නේ.දැන් නම් ලැජ්ජයිත් වගේ මතක් වෙද්දී. පාසලක් ඉදිරියේ ඩිපියුටි හෙඩා එක්ක මන් තනියම නටන්න ඕනේ. සංසාරේම පතන් ආවා මගේ ආදරේ මදි වුනාද? සින්දුවේ මේ කොටස මගේ කන් දෙකේ දෝංකාර දෙනවා. අයියාට තියෙන්නේ මන් ගාවට ඇවිත් ඇස් දෙක දිහා බලලා ඔහොම අහන්න (ඒ කෑල්ල ලස්සනට තියෙයි හැබැයි 😂) *Author Yethu✨🖤* එපිය කොටයි, සමාවෙන්න හෙට අවුරුදු උත්සවෙන් හමුවෙන තුරු පරිස්සමට ඉන්න🥲👀 ආදරෙයි රියැක්ට් දාන අයට විතරක්‌😒💗 Comment දාන අයට ගොඩක් ආදරෙයි😽❤️‍🔥

Post image
❤️ 🩷 💗 💜 😂 106
Image
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
6/12/2025, 2:32:57 PM

" දහයෙ පැ⁣යේ ඩේසි පන්හිඳ " විසින් ඔයාලට අරන් එන ඩේසි කතා පොකුරයි මේ..!!"🌼📚 *ඔන්න ඉතින් කතා ටික අරන් ඩේසි කෙල්ල ආවා හොදේ"😍* - *මේ හිත නිවෙන වෙලාව"❤️‍🩹* - *උණුම උණු කෝපි එකක්"☕* - *ලෑස්ති නේද"🙂* - *යමු අපේ පුංචි පුස්තකාලයට"📚* - *මේ මත් කරවන පොත් කියවන වෙලාවයි"🫰* > *දහයෙ පැයේ ඩේසි පන්හිඳ┃ᴰᴵᴳᴵᵀᴬᴸ Bₒₒₖ CₗᵤB"🌼🌈️*

Post image
❤️ 💞 🥹 12
Image
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
6/12/2025, 12:33:33 PM

*🩷ආදරියේ🩷* ~දඩබ්බර හිත් දෙකක් මැද අතරමං වූ ආදරියයි ඇය~ 💋💋💋💋💋💋💋💋💋💋💋💋💋 1️⃣5️⃣ කැලණිය පංසලට ආවට දුශේන්ට දැනුනේ උදේ ඉදන් තිබ්බ කේන්තිය තරහව නිවිලා යන බවක්,අම්මා වෙනුවෙන් සූදානම් කර ගත්තු බෝධි පූජාව ඉවර කරලා,පිං පමුනුවලා,කොල්ලා බෝමලුව පැත්තට ගියේ හිත ටිකක් සංසුන් කරගන්න. එදා ඉරිදාවක් නිසා කැලණිය පුද බිමේ සෙනග,දුශේන් සුදු වැල්ලේ බෝපත් පෑගෙන්නේ නැති වෙන්න අඩිය තියලා ආවේ බෝසමිඳුන් අභියසට,එයා ඇස් පියන් බෝදියත් වන්දනා මාන කරේ කවදාවත්ම නැති සංසුන් කමකින්. ටිකකින් එයා ඇස් ඇරියේ හුතට ලොකු සැනසීමක් දැනෙද්දි,ඒත් ඊලග තප්පරේ එයා යන්න හැරෙද්දිම දැක්ක දේත් එක්ක අර සංසුන් හිත තප්පරයක් නොයවා කැඩිලා ගියා. හාස්කමකට වගේ ඒ ඇස් වැහිලා ඇරෙද්දි එයා ගාව හිටියේ වෙන කවුරුත් නෙමෙයි නේහා. සුදු බිමටම දිග ගවුම බෝමලුවේ වැල්ල සිඹිනවා,අත් දෙකේ පැන් කලයකුත් තියන් ඇස් පියන් මොනවාදෝ ප්‍රාර්ථනා කරන නේහා දිහා දුශේන් බලන් හිටියේ හුස්මක්වත් නිගෙන,වෙනදට කඩලා තියෙන කොන්ඩේ අද ගෙඩියක් වෙන්න බෙල්ල මුලින් ගැටගහලා කටුවක් ගහලා.ලාවට ගාපු තොල් ආලේපනය නොපෙන තරම්. තප්පර විනාඩි විදිහට ගෙවිලා ගියා දුශේන්ට ගානක් නෑ, "යන යන තැන මට ඔයාවම මැවිලා පේනවද මං දන්නේ නෑ,ඒත් අහම්බෙකින් හරි අපි හම්බෙන්නේ මගේ හිත නිවෙන්නම ඕනේ තැන් වලදි," දුශේන් හිතලා ඉවර වෙනවත් එක්කම නේහාගේ ඇස් ඇරුනා,ඇරුන ඇස් වලට ඒ කොළපාට ඇස් මුන ගැහෙද්දි කෙල්ල කලබල උන පාර තව පොඩ්ඩෙන් පැන් කළෙත් බිම,ඒත් දුශේන් ඒක අල්ලගත්තේ මුනේ හිනාවකුත් ඇඳන්. "ඇස් පේන්නේ නෑ,කන් ඇහෙන්නේ නෑ,අතත් පන නෑ වගේ "නේහා ගල් වෙලා වගේ බලන් ඉද්දි දුශේන් ආයේ පැන් කලේ එයාගේ අතට දුන්නා. ඒත් නේහාගේ කට නෙමෙයි ඇරුනේ,මේ අනපේක්ෂිතව හමුවීමෙන් නේහා අවුල් වෙලා හිටියේ. "මොකද අද ඔය කට ඇරෙන්නේ නෑ" "මේ මේ ඔයා"නේහට කියන්න වචන එන්නෙත් නෑ. "යන යන තැන මොකද මට මේ ඔයාවම හම්බෙන්නේ,මගේ පස්සෙන් එනවා නේද තමුන්"ඔන්න දුශේන් එහෙම කියනවත් එක්කම නේහාගේ සුපුරුදු යකා ඇවිස්සෙනවා "මොකක්ද කිව්වේ,මං ඔයාගේ පස්සෙන් එනවා," "ඇයි එහෙම නෙමෙයිද"දුශේන් සාක්කු දෙකේ දෑත් රුවාගෙන කියන්නේ. "විකාරද,අනික තමුන් පස්සේ මට එන්න වෙන වැඩ නෑ කියලා හිතුවද"නේහාටම එයාගේ කට කන්ට්‍රෝල් නෑ ඔහොම ව්ව්ලාවට. "මොනවද මං මේ කියන්නේ,කමක් නෑ මේ කැම්පස් එක නෙමෙයි,මොකද මෙයා මෙතන මාව උල තියන්න ඈ"අයේ කෙල්ල හිතෙන් හිතුවා. "අහ් එහෙම නැද්ද,ඒත් දෙයක් නම් කියන්න ඕනේ ගෑනූ දැරිවියෝ මෙහෙම තැනකට ආවම ඔහොම කේන්තියෙන් හැසිරෙන එක නම් එච්චර හරි නෑ" "ඒක මං බලාගන්නම්"එහෙම කියපු නේහා ගස්සගෙන ගියේ ඉන්නේ පංසලේ කියලත් අමතක වෙලා. "ඒ මේ"ආයේ දුශේන් කියපු නිසා අඩි දෙකක් ගියපු කෙල්ල හැරිලා බැලුවා. ඒත් එක්ක ආව දුශේන් කෙල්ලගේ කොන්ඩේ ගහලා තිබ්බ කට්ට ගලවලා දැම්මේ එයාගෙ කොන්ඩේ ලෙහිලා යද්දි. "හව් නයිස්" එහෙම කියපු දුශේන් කොණ්ඩ කට්ට සාක්කුවේ දාගෙන යන්න ගියේ හරිම ආකර්ශනීය හිනාවකින් සංග්‍රහ කරලා වුන දෙයින් කෙල්ල හොල්මන්.,එයාගේ දිග කොන්ඩේ ලෙහුනත් කෙල්ල හිටියේ ගල් ගැහිලා. "සුදූ"කන ලගින්ම ඇහුන සද්දෙට නේහා ගැස්සුනා. "මොකද ළමයෝ මේ හොල්මනක් දැක්කා වගේ"සුලෝචනා ඇහුවේ බය වෙලා වගේ නේහා බලන් ඉද්දි. "මො කුත් නෑ නැන්දා" "මේ කොන්ඩෙත් කඩන්,මං හිතුවේ ඔයා පැන් කලේ දාලාත් ඇති කියලා" "අහ් මේ නෑ මේ,මගේ කොණ්ඩ කට්ට කැඩුනා නේ"නේහාට ගොත ගැහෙනවා. "ම්ම් හරි හරි ගිහින් ඕක දාලා එන්න,රෑ වෙනවා අපිට යන්න"එහෙම කියද්දි කෙල්ල ඉක්ක්මනට පැන් කලේ වත් කරන්න් අ ගියේ ගැහෙන පපුව එක අතකින් අල්ලන්. මේ දුශේන්ගේ අමුතු හැසිරීම එයාට හිතාගන්න බෑ,මුලින්ම මොකක් හරි කියලා තමන්ව තරහ ගස්සලා රංඩු කරවලා,අන්තිමේට මෙහෙම හිතුවක්කාර වැඩක් කරලා යනවා,ඒත් එක්ක ඒ ඇස් බැල්ම . "එයා කොහොමද එහෙම හිතෙන හිතෙන ඒවා කරන්නේ,ව්ව්ව් මොකට මට කොහේ ගියත් මේ වසවර්තියා හම්බෙනවද මංදා" කෙල්ල හිත හිතම පංසලෙන් එලියට ආවා. ========================== දුශේන් නිදාගන්න කියල ඇදට වැටුනේ පාන්දර,ෆිල්ම් එකක් බල බල ඉදලා ඉවර වුනේ දැන්. ඇදේ පෙරලිලා එයාගේ කාමරේ වහලේ එල්ලෙන විදුලි ලාම්පු ව දිහා බලන් හිටිය දුශේන් ආයේ නැගිට්ටේ දෙයක් මතක් වෙලා. ටක් ගාලා කන්නාඩිමේසේ උඩ තිබ්බ නේහාගේ කොණ්ඩ කට්ට අතට ගත්ත දුශේන් ඇද වියලට හේත්තු වුන. ටිකක් වෙලා ඒ කොණ්ඩ කට්ට දිහා බලන් හිටිය කොල්ලට,ඉස්සෙලාම නේහව හම්බුන විදිහ එයා එක්ක රංඩුවට ආව විදිහ,එදා යොමාල් එක්ක යන්න ගිය වලිය නතර වුන විදිහ,ලයිබ්‍රි එකේදි වුන සිදු වීම,අවුරුදු උත්සවේදි ඒ හැම දේම ආයෙත් මතක් වුනා.... කෙල්ල දුශේන්ව දැක්ක ගමන් ගල් ගැහෙන විදිහ,මතක් වෙලා දුශේන්ගේ කට කොනේ ඇඳුනේ හිනාවක්. "නොපන්නුවට මං දැක්කම,මං ලගට ආවම ඔයාව හිරි වැටිලා යනවා,ලොකුකමට හංගං හිටියට ඔය හිතුවක්කාර ඇස් මට ඒක හැනවෙලේම පෙන්නවා" "ඇත්තමයි බේබ් ඔයා නම් පිස්සුවක්"දුශේන් ඇස් දෙකත් වහන් ටිකක් වෙලා කල්පනා කරා. "මට මෙච්චර පිස්සු හදවන්න පුලුවන් වුන ඔයාව යොමාල්ට දීලා පාඩුවේ ඉන්නේ නම් නෑ මං කීයටවත්" "මේ දුශේන්ට එහෙම කිසිම දේකට ලේසියෙන් හිත යන්නේ,ඒත් ගියොත් ඒ දිහා ආයේ කාටවත් බලන්නවත් මං දෙන්නේ නෑ" කොණ්ඩ කට්ට කරක කරක ඒකට හෙමින් මුමුනපු දුශේන්ගේ මූනේ තිබ්බ හැගීම හරියට කාටවත් කියවන්න පුලුවන් එකක් නම් නෙමෙයි . 🌺🌺🌺 හෙට කොටසට විරාමයක්. Novel by✍🏻 Sewmini Kaweesha ✨

Post image
❤️ 🩷 💖 🩵 💗 💜 🤍 🥺 393
Image
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
6/12/2025, 2:33:54 PM

*පළමු ඩේසි කතා පොකුර"🪻💜* - *Writting in our stars"💍* > *Episod 09"🌼 : https://whatsapp.com/channel/0029VacaftZKmCPMAznVS62Z/18200 - *ප්‍රේමණීය හදවත්"💍* > *Episode 53"🌼 :https://whatsapp.com/channel/0029VacaftZKmCPMAznVS62Z/18201 - *හීනයකි ආදරේ"💍* > *Episode 37"🌼 :https://whatsapp.com/channel/0029VacaftZKmCPMAznVS62Z/18202 - *නපුරු බොස් Season 02"💍* > *Episode 23"🌼 :https://whatsapp.com/channel/0029VacaftZKmCPMAznVS62Z/18203 - *සංසාරිණී ඔබයි"💍* > *Episod 08"🌼:https://whatsapp.com/channel/0029VacaftZKmCPMAznVS62Z/18204 අදට නියමිත කතාංගය ඔන්න දැන් කියවන්න"👇

Post image
❤️ 🤭 6
Image
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
6/12/2025, 2:36:47 PM

* *ප්‍රේමණීය හදවත්🥀❤‍🩹* > *ₕᵢₘₐₐ...♡* _ආදරය කියන්නෙ ආත්මීය පරිවර්තනයක්..._ *54. කොටස (පලමු කොටස)* රමිඳුයි, සුවීනුයි බිස්නස් වැඩ වගේකට ගිහින් එන ගමන්.......... "අරූ ගැන කිසිම ආරංචියක් නෑනෙ බන් අයියේ...මට නම් ඔලුවත් විකාරයි.." "ඉස්සෙල්ලා තැනට යමන් බන්...එහෙන අනිවා අපිට එහෙන් මොකක් හරි තොරතුරක් ගන්න පුලුවන් වෙයි.." "අනේ මන්දා බන්...ඒයි ඒයි ඒයි...ඔන්න බලාගෙන...මොන හු#..." අදිත්ගැන තොරතුරක් හොයාගන්න දෙන්නා යන ගමන් ඉද්දි අසිහිහෙන් වගේ ආපූ කළුපාට කැබ් එකක් සුවීන්ලගෙ වාහනේ හැපෙන්න ඔන්න මෙන්න තියලා නතර වෙනවත් එක්කම ඒගොල්ලගෙ වාහනේ නතර කරපු රමිඳුයි සුවීනුයිත් වාහනෙන් බැස්සෙ එහා වාහනේ හිටපු එකාත් බැහැලා රමිඳුලගෙ වාහනෙ පැත්තට අඩිය තියද්දි.. "මොන හු#තක් වෙච්ච උන්ද මන්දා..ලබ්බ සිහියෙන් වාහනේ එළවන්න බැරිනම් වාහන ඩ්‍රයිව් නොකර ඉදහම්කො බේසික පුතාලා.." රමිඳු සුවීන් එක්ක අර වාහනේ මිනිහට බැන බැනම ඉස්සරහට ගියේ දෙකක් කියන්න උනත් මේ පැත්තට එන කෙනා දැකලා දෙන්නම එක තැනට හිට්ටා... ඔළුව පහත් කරන් සඟා දෙක ගලවලා ශර්ට් එකේ රඳව ගන්න ගමන් ඉස්සරහට ආපූ කැබ් අයිති කාරයා සඟා දෙක රදවලා ඉවර වෙලා , "සොරි..මිස්ටර්..ඇත්තටම මන් පොඩ්ඩක් අවුලෙන් හිටියෙ..ඔයාලට ප්‍රශ්නයක් නෑනේ ද...?" අහන ගමන් ඒ මනුස්සයා ඔළුව උස්සනවත් එක්කම ඉස්සරහා හිටපු රමිඳු දැකලා ලප් තැනම ලොප් උනේ එක පාරටම බලාපොරොත්තු නොවුන කෙනෙක් ඉස්සරහා හිටපු නිසා.. "රමියා.." කැබ් අයිතිකාරයගෙ කටින් ඒ වචනෙ පිටවෙද්දි ගංවතුරකට ගහන් ගියා වගේ හිතේ තිබ්බ තරහා සේරම සේදිලා ගියා වගේ රමිඳුට බනින්නත් අමතකයි.. "ආදී...මගෙ බල්ලෝ.." රමිඳුගෙ කටින් පිට උනේ එච්චරයි... පැනපු ගමන් අදිත්ව බදාගත්ත රමිඳු අදිත්ගෙ පිට මැදට බොහ් බොහ් ගාලා ගහගෙන ගියේ ඒ වෙලේ දැනුන සතුටට....අනිත් පැත්තට අදිත්ගෙ ප්‍රතික්‍රියාවත් ඒකම වෙද්දි රමිඳු අදිත්ව එයාගෙන් ඈත් කරලා, "තෝ බල්ලා...කොහෙද පකෝ ගියේ....උබ හොඳින් නේද..කියපන්...තෝ තිරිසනා ආයි මාව දාලා යනවද කියපන්...පකයා.." රමිඳු කියාගෙන යද්දි අදිත් රමිඳුව ආයි බදාගත්තෙ හදපතුලෙන්ම ආපු සහෝදර ප්‍රේමයට " මන් හොඳින් බල්ලො....මට ඒ වෙලේ කරන්න වෙන දෙයක් තිබ්බෙ නෑ ඕයී....ඒ හැමදේම ඉවරයි...මට සමාවෙයන්...." අදිත් එහෙම කියද්දි , " අනේ තොගෙ සමාව...අහකට පලයන් පකයා...මන් තෝත් එක්ක තරහයි...මාත් එක්ක කතා කරන්න එපා..මන් තොගෙ කවුරුත් නෙවෙයිනෙ...ඒකනෙ තෝ මට මෙහෙම කරේ.." රමිඳු කිව්වා... "උබත් ඉතින් මාව දාලා ගියානෙ හු#තෝ...හා නැද්ද...තෝ ආයි මාත් එක්ක කතා කරන්න එපා පකයා කිය කිය උබත් මට බැන්නනෙ...තිරිසනා.." අදිත් කියද්දි, "අනේ පලයන් පිස්සු හු#තා...තෝ අර පොඩි එකීට අච්චර කතා කියලා කොහෙවත් ඉන්න ගෑනියෙක් එක්ක රවුම් ගහද්දි මත් තොගෙ පස්සෙන් ඉන්න ඕනිද." රමිඳු කිව්වා...හැබැයි ආයූ ගැන මතක් කරද්දි අදිත්ගෙ මූන තිබ්බෙ හිනාව මැකිලා ගියා.. "හරි හරි බන්..මන් කිව්වනෙ මට ඒවෙලේ කරන්න වෙන දෙයක් තිබ්බෙ නෑ ඕයී..." "හා හා...දැන් ඇති..අඩෝ මල්ලි අපි හිතුවෙ සිරාවටම උබ අපිට නැති උනා කියලා..මහ පගයා වගේ තනියෙන් වැඩ කරන්න යනවා....දැන් යමන් අපේ ගෙදර..තවුසෙ එක්ක විසඳගන්න ගොඩක් පස්න තියෙනවා...හා හා වාහනේ අරන් යන්න වරෙන්.." සුවීන් අදිත්ට හග් එකක් දීලා කියද්දි රමිඳුත් හිනා වෙලා ඒ දිහා බලන් හිටියා "අඩෝ සොරි බන් අයියේ....." අදිත් කිව්වා..... ......................................................................................♡...... මතු සම්බන්ධයි!💗 ______________________________ හිච්චි අකර තැබ්බක් උනානෙ යාලුවනේ......ටයිප් කරපු එපිය නැති බංගස්තාන වෙලා...... *මේ එපියේ ඉතුරු කෑල්ල හෙට දෙන්නම් හොඳේ...මෙච්චරයි ටයිප් කරන්න පුලුවන් උනේ.....ඔයාලා පවු නිසා මේක දෙන්නෙ..නැත්තන් කෑලි දෙකම අල්ලලා හෙට දිග එක දෙනවා...කමන්නෑ හෙට මේකෙ ඉතුරු ටික තරහ නැතුව කියවන්න හොම්දේ🦦💗* ලව් යූ....🐸 himaa...♡✍️

Post image
❤️ 💚 🩷 👍 💜 🖤 🙏 🩵 169
Image
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
6/12/2025, 2:36:31 PM

*මගේ හිතේ මැවුණ යුවී & යෙශු💛🙈*

Post image
❤️ 💛 💗 💚 💜 🖤 😂 39
Image
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
6/12/2025, 12:33:46 PM

*ඔන්න ඉතින් අද Special Novel Event එක ඔයාලට දීල ඉවරයි"😍* දැන් තියෙන්නෙ ඔයාලගෙ අතේ තමයි වැඩේ..ගොඩාක් ආසාවෙන් අකුරු කරල ඔයාලට අපේ පන්හිඳෙන් කතා අරන් එන අපේ කතුවරුන්ට ඔයාලගෙ යුතුකම ඉෂ්ට කරන්න අමතක කරන්න එපා හොදේ"🫶 - *Comment Group 01"📚🌼* > https://chat.whatsapp.com/GNvW9NnQLSk7sKouzgslkr - *Comment Group 02"📚🌼* > https://chat.whatsapp.com/IxY7Lbeg3ib2eB1qznbBsu *👆මෙන්න මේ ලින්ක් වලින් අපේ ගෘප් වලට ඇවිත් චැට් කරන්නෙ නැතුව ලින්ක් ශෙයාර් කරන්නෙ නැතුව අනවශ්‍ය වැඩ නැතුව අපේ රයිටස්ලට කමෙන්ට්ස් විතරක් දෙන්න"💗*

❤️ 4
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
6/12/2025, 12:33:20 PM

*Spring is far away* 🖤 (වසන්තය තව දුර ඇති) ```Episode 112``` | Why did you do this to me 🚫 Do not copy or share without author's permission "හෙටත් මම එනවා. මගෙ යාළුවෙක් එනවා මං එක්ක. එයාටත් දුවව බලන්න ඕනි කිව්වා." "ඔයා ඒක යාළුවන්ටත් කිව්වද නිර්වාන් ?" "එයා විතරයි දන්නෙ කැලී. එයා තමා මේ ගැන දන්න අන්තිම කෙනා. ඒ වගේම මින්දිව බලන්න එන අවසාන අමුත්තා." "එහෙනම් කමක් නෑ." නිර්වාන්ගෙ වචනය විශ්වාස කරපු කැලිෆෝනියා ඒකට අවසර දුන්නා. ඉතින් දැන් මේ හැමදේකම ඇත්ත දන්නේ නිර්වානුයි එයාගෙ යාළුවායි, මේ ගෙදර වැඩ කරන ගෑනු ළමයයි විතරයි. "පරිස්සමින් යන්න නිර්වාන්. හෙට යාළුවා එක්ක එන්න. මම බ්‍රෙක්ෆස්ට් එකත් රෙඩි කරලා තියන්නම් අපි තුන්දෙනාට." "අපි තුන්දෙනාට ?" නිර්වාන් පුදුමෙන් වගේ එහෙම අහද්දි කැලිෆෝනියා හිනා වුණා.. "ඔව්.. හෙට වැඩ කරන කෙනා එයාගෙ ගෙදර ගිහින් එන්න යනවා. හවස් වෙලා තමයි ආයෙ එනවා කිව්වේ." කැලිෆෝනියා එහෙම කියද්දි නිර්වාන් ලොකු කල්පනාවකට වැටිලා ඇඳේ ඉන්න දරුවා දිහා බැලුවා. කැලිෆෝනියාට නිර්වාන්ගෙ මේ හැසිරීම ගැන වෙනසක් තේරුණා. හරියට නිකන්, නිර්වාන් දරුවා ගැන වද වෙනවා වගේ.. "මොකද උනේ ?" "නෑ කැලී.. ඔයා කොහොමද හෙට උදේයි හවසයි තනියම ඉන්නේ. මට යාළුවා එක්ක වැඩි වෙලා ඉන්න බෑනේ. අර්ජන්ට් වැඩ ගොඩාක් තියෙනවා කරන්න." "කමක් නෑ. මම ගෙදර දොර වහන් නේ ඉන්නේ. ප්‍රශ්නයක් වෙන්නෙ නෑ." කැලිෆෝනියා කිව්ව නිසා නිර්වාන් ආයෙමත් කොළඹ ගියා. වැඩ කරන ගෑනු ළමයා එයාගෙ බෑග් එකත් හදාගෙන ලෑස්ති උනා පහුවෙනිදා උදේම රෑටත් එක්ක උයලා තියලා ගමට යන්න. මොකද එයාගෙ තාත්තාගෙ අසනීප හොඳටම වැඩි වෙලා තිබුණේ.. රෑ වෙලා දුවට කිරිත් දීලා නිදා ගන්න යන්න කලින් කැලිෆෝනියා එයාගෙ පොතේ ඉතුරු ටික ලියන්න ගත්තා. ඒ අද සිද්ධ වුණ දේවල් වගේම හෙට සිද්ධ වෙන්න නියමිත දේවල්.. 〝 නිර්වාන් හෙට මින්දිව බලන්න එයාගෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක එනවා කිව්වා. වැඩ කරන ගෑනු ළමයත් යනවා හවස් වෙලා එන්න. මොනවා උනත් නිර්වාන් මින්දිගෙ ආරක්ෂාවට වැඩ කරයිනේ. ඒ එන යාළුවාගෙන් අපේ සීක්‍රට් එක කැඩෙන එකක් නෑ. මම බලාගෙන ඉන්නවා හෙට ආයෙමත් එයා මාවයි මින්දිවයි බලන්න එනකම් 〞 °•°•°•° (වර්තමානයට) පොත එතනින් ලියලා ඉවර කරලා තියෙනවා දැක්කම මම පියවි සිහියට ආවා. ඇයි අම්මා එතනින් පොත නතර කලේ. එයා ඉතුරු ටික ලිව්වෙ නැත්තෙ මෙතනින් එහාට එයාලගෙ සීක්‍රට් එක කැඩුන නිසාද. නැත්තම් අම්මා...... නෑ නෑ එහෙම වෙන්න බෑ. ඒක මෙච්චර ඉක්මනින් වෙන්න බෑ. මම ආසම නැති, අම්මයි මායි වෙන් වුණ ඒ දවස එදා කියලා නම් කියන්න එපා. හොඳින් හරි නරකින් හරි සිද්ධ වෙලා තිබුණත් මට ඒක දරාගන්න බෑ. මම මෙච්චර වෙලා, විනාඩි ගාණකට හරි අම්මා එක්ක ජීවත් උනා. මට බෑ ඒ හීන ලෝකෙන් එළියට එන්න. දෙවියනේ මාව ඒ හීන ලෝකෙන් එළියට ගන්න එපා.. කල්පනා කරලා කරලා මම පොත වහලා ඒක බොක්ස් එක ඇතුලට දැම්මා. බොක්ස් එකේ පරණ දිග ගවුම් වගයකුත් තිබුණා. සමහර විට ඒවා අම්මගෙ වෙන්න ඕනි. තව ලස්සන ජුවලරි වගයකුත්. Photo Album වල ඉන්නෙ අම්මයි තාත්තයි. මම ඉපදුන දවසෙ තාත්තා අම්මා එක්ක ගත්තු සෙල්ෆි එකකුත් ෆොටෝ එකකට අරන් තියෙනවා. ඒවා බලලා මම බොක්ස් එක වහලා දැම්මේ කවුරු හරි එන්න කලින් රූම් එකෙන් එළියට යන්න ඕනි නිසා. ආයෙමත් යන්න හදද්දි ලැප් එක තියෙන ටේබල් එකේ කකුලක් ගාව පෙන් එකක් වැටිලා තියෙනවා. ඒ පෙන් එක අයියගෙ බිස්නස් වැඩ ගැන ඩීටෙල්ස් තියෙන එකක් වෙන්න ඇතිනේ. ඉතින් මම අහුලලා තිබ්බා. ඒත් ඒ පෙන් එකේ ගහලා තියෙනවා ඩේට් එකක්. ඒක මගෙ බර්ත්ඩේ ඩේට් එක. එහෙනම් මේ පෙන් එකෙත් මොනවා හරි විශේෂ දේවල් ටිකක් තියෙනවා මං ගැන හරි මගෙ අම්මා ගැන හරි. කවුරු හරි එන්න කලින් මේකත් බලන්නම ඕනි මම. සමහර විට අර පොතේ ඉවර වුණ තැන ඉඳන් ඉතුරු ටික මේකෙ තියෙනවද දන්නෑනේ. අයියගෙ ලැප් එක ඔන් කරලා මම පෙන් එකත් ගහලා පුටුවෙන් ඉඳගත්තා. ෆයිල්ස් වලට ගිහින් පෙන් ඩ්‍රයිව් එකත් ඕපන් කරලා බැලුවා. ෆයිල්ස් සීයක් විතර එක ගොඩේ එකේක නම් වලින්. හැම එකේම තියෙන්නේ අපේ කම්පැනි එකේ ඒවද කොහෙද. නෑ හැම එකේම නෙවෙයි. එකක් තියෙනවා ඒක තියෙන්නේ ෆයිල්ස් ගොඩක් මැද. ඒ ෆයිල් එකේ නම DCM0103 කියලා. DCM කියන්නේ Dear California Martinez නම් 0103 කියන්නේ බොක්ස් එක ඇරුණු ඩේට් එක නම් ඒ ඩේට් එකයි අම්මගෙයි අතර තියෙන සම්බන්ධය මොකක්ද ? December 31 මගෙ බර්ත්ඩේ එක. අම්මා July 08 නම් මේ January 03 තියෙන විශේෂත්වය මොකක්ද. මම කරන්න ගත්තු වැඩෙත් පැත්තක දාලා ඒ ගැන කල්පනා කරා. ටික වෙලාවක් යද්දි මට මතක් උනා අම්මා ලියලා තිබ්බ ඒ නෝට් බුක් එකේ අවසාන දවස. එදා තමයි January 02, ඒ කියන්නේ මම ඉපදිලා දෙවනි දවස. ඒ දවසින් තමයි අම්මා ලියන එකත් නතර කරලා තිබ්බේ. එහෙනම් මේ පෙන් එකේ ඒ පොතේ ලිව්ව ඉතුරු ටික තියෙනවද දන්නෑ.. "Sh!t." DCM0103 ෆයිල් එක ඕපන් කරාම පාස්වර්ඩ් එකක් ඉල්ලනවනේ. ඒ පාස්වර්ඩ් එක 01/03 ත් නෙවෙයි. අපි කාගෙවත් බර්ත්ඩේස් නෙවෙයි. කල්පනා කරන්න පුළුවන් තරම් කල්පනා කරලා මම ඔෆිස් එකෙ තියෙන අයියගෙ ලැප් එකේ පාස්වර්ඩ් එක ගැහුවා. හිතාගන්න බැරි විදිහට ෆයිල් එක ඕපන් උනා. මම හිතුවට වඩා අයියා දක්ෂයි. කවුරුත් හිතන්නෙ නෑනෙ ඔෆිස් එකේ ලැප් එකක තියෙන පාස්වර්ඩ් එකක් මේකට දායි කියලා. අනික ඒ පාස්වර්ඩ් එක දන්නෙ අයියයි මායි විතරයි. වැඩි වෙලා ඉන්නෙ නැතුව මම ෆයිල් එකේ තියෙන ඩොකියුමන්ට් බැලුවා. එකක CCTV රෙකෝඩින් එකක් තියෙනවා. අනිකෙ ඕපන් වෙන්නෙ නැති හිස් ෆයිල් එකක්. ඉතින් මම CCTV එකේ ෆයිල් එක ඕපන් කරලා බැලුවා. ඒකෙ හිටියෙ අම්මා. එයාගෙ රූම් එකේ මාව තොටිල්ලෙන් තියලා එයා මාව නළවනවා නින්ද යන්න. රෙකෝඩින් එකේ තියෙන ඩේට් එක 01/03. එහෙනම් මේක තමයි තාත්තා අම්මා බලන්න එයාගෙ යාළුවා එක්ක ආපු දවස... °•°•°•° (අතීතයට) කැලිෆෝනියා දරුවව තොටිල්ලෙන් තියලා කාමරේ ජනේලෙ ලඟට වෙලා බලන් හිටියේ කාර් එකෙන් බහින නිර්වානුයි එයාගෙ යාළුවයි දිහා. උදේ පටන් ගත්තු වැස්ස පැයකටවත් නැවතුණේ නෑ. මුළු පරිසරයම අඳුරු වෙලා තියෙද්දි කැලිෆෝනියාගෙ හිතට බයකුත් දැනුණා. නිර්වාන් එයාගෙ යාළුවා එක්කගෙන ගේ ඇතුලට එද්දි කැලිෆෝනියා දරුවා ඉන්න තොටිල්ල ලඟට වෙලා හිටියා. ටික වෙලාවක් යද්දි ඒ දෙන්නා කාමරේට ආවා දරුවා බලන්න. "ඔයාලා එන්න ලේට් උනා නේද ?" "ඔව්.. මේක කරනවද නැද්ද කියලා කල්පනා කරලා කරලා අන්තිමට තීරණයක් අරන් මම ආවෙ කැලිෆෝනියා." නිර්වාන් කියන්නෙ මොකක් ගැනද කියලා කැලිෆෝනියාට සැකයි. ඊයෙ නිර්වාන්ගෙ හැසිරීම අමුතුයි වගේම දැන් එයා ඇවිත් කතා කරන්නෙත් වෙනස්ම විදිහකට. "මොකක්ද ඔයා ගත්ත තීරණේ නිර්වාන්.." "තීරණේද ?" "හ්ම්ම් ?" කැලිෆෝනියා එහෙම අහද්දි නිර්වාන් කැලිෆෝනියා ඉස්සරහට ආවා. නිර්වාන්ගෙ ඇස් දිහා බලන් හිටපු කැලිෆෝනියාට දැනුනෙ නෑ එයාගෙ බඩ පසාරු කරන් පිහි තලයක් ගියා කියලා.. "අහ්.." නිර්වාන් පිහිය ආයෙමත් පස්සට අදිද්දි කැලිෆෝනියා නිර්වාන්ගෙ අතින් අල්ලගත්තා. තමන්ගෙ ගවුම ලේ වලින් තෙත් වෙනවා දැකපු කැලිෆෝනියාට දැනුනේ බයක්. "නි..ර්..වා..න්.. ඇයි.. මේහ්.." "Im so sorry කැලිෆෝනියා. ඔයා තවත් ජීවත් වෙන්න ඕනි කෙනෙක් නෙවෙයි." දෙවනි වතාවටත් නිර්වාන් කැලිෆෝනියාගෙ බඩට පිහියෙන් අනිද්දි වේදනාවට කැලිෆෝනියාගෙ කකුල් හිරි වැටිලා ගියා. ඒ විතරක් නෙවෙයි. ඒ ඇස් වලින් ආපු කඳුළු කම්මුල් දිගේ පහලටත් බැස්සා. ඒත් හිත රවට්ට ගන්නද කොහෙදෝ කැලිෆෝනියා හිතුවා මේක එයා දකින නරක හීනයක් වෙන්න ඇති කියලා. "ඔයා.. ඇ.. ඇයි.. මට.. මෙහෙම.. දෙයක්.. කලේ.. ඔයා.. මට.. පොඩ්ඩක්.. වත්.. ආදරේ.. ක.. කලේ නැද්ද.. නිර්වාන්.." "තවදුරටත් නෑ කැලිෆෝනියා." "අහ්.." තුන් වෙනි වතාවටත් පිහියෙන් ඇනපු නිර්වාන් කැලිෆෝනියාගෙ බෙල්ලෙන් අල්ලගෙන එයාව මූණට ලං කරගත්තා.. "මං තමුසෙට ආදරේ නෑ කැලිෆෝනියා. තමුසෙ මගෙ ජීවිතේ කෑවා මේ ළමයා එක්ක ඇවිල්ලා. තමුසෙ එදා මාව ගෙට දාගත්තා වගේ කී දෙනෙක් ගෙට දාගන්න ඇද්ද." නොකරපු වරදකට නිර්වාන් එච්චර චෝදනාවක් එල්ල කරද්දි, පිහියෙන් ඇන්නට වඩා වේදනාවක් කැලිෆෝනියාගෙ හිතට දැනුණා.. "ඔයා.. මං.. ගැන.. එච්චර.. පහත්.. විදිහට.. හි.. හිතන්නෙ.. ඇයි.. නිර්වාන්.. මින්දියි.. මායි.. ඔයාගෙ.. ජීවිතේ.. කෑවෙ.. කවද්ද.. කියන්න.. මට.. ඔයාමයි.. මට.. ආදරේ.. කලේ.. ඔයා.. මින්දි.. ඉපදුනාම.. මටත්.. වඩා.. සතුටු.. උනා.." "ඒ සතුට බොරු සතුටක් කියලා තමුසෙ දන්නවද කැලිෆෝනියා. ඒක මම කරපු රඟපෑමක්. තමුසෙට මම එදාම කිව්වා මින්දිව ඇබෝෂන් කරමු කියලා. තමුසෙ ඒක ඇහුවෙ නෑනේ. ඉතින් මේක තමයි අන්තිමට මට කරන්න ඉතුරු වෙලා තිබ්බේ.." "ඔයාට.. මෙහෙම.. කරන්න.. බෑ.. නිර්වාන්.. මට.. කියන්න.. ඔයා.. මේ.. කරන්නෙ.. ජෝක් එකක්.. කියලා.." "මේක ජෝක් එකක් නෙවෙයි කැලිෆෝනියා." හතර වෙනි වතාවටත් නිර්වාන්ගෙ අතේ තිබ්බ පිහි තලය බඩට යද්දි කැලිෆෝනියාගෙ ඇඟේ තිබ්බ සම්පූර්ණ ශක්තියම නැති වෙලා ගියා.. "පේනවද.. මේක ජෝක් එකක් නෙවෙයි කැලිෆෝනියා." එහෙම කියපු නිර්වාන්, පිටිපස්සට වෙලා ට්‍රව්සර් එකේ පොකට් දෙකට අත් දාන් හිටන් හිටපු ඇන්ඩෲස් දිහා බැලුවා. "You did it well Nirvan." (ඔයා ඒක හොඳටම කලා නිර්වාන්) කට කොනින් හිනාවක් දාලා ඇන්ඩෲස් ඇවිත් කැලිෆෝනියාගෙ අතින් ඇදලා අල්ලගත්තේ නිර්වාන් එයාව අතාරිද්දි. "දැන් ගිහින් ළමයව ගන්න." "එ..පා.." නිර්වාන් ලේ කැලිෆෝනියාගෙ තැවරුණු අත් දෙකෙන් තොටිල්ලෙ හිටපු දරුවව අලන්න යද්දි කැලිෆෝනියා කෑ ගැහුවා.. "මින්දිට.. මුකුත්.. කරන්න.. එපා.." "බයවෙන්න එපා ළමයෝ. අපි එයාට මුකුත් කරන්නෙ නෑ. එයා අද ඉඳන් ඔයා නැතුව ඈත ලස්සන කන්දක් උඩ තියෙන ඕපනේජ් එකක හැදෙයි." ඇන්ඩෲස් එහෙම කියද්දි නිර්වාන් මින්දිව අතට ගන්න හැදුවා. ඒත් ඒ පාරත් කැලිෆෝනියා දරුවා දිහා බලාගෙන කෑ ගැහුවේ අඬන ගමන්.. "එයාව.. ඔහොම.. අල්ලන්න.. එපා.. නිර්වාන්.. එයාගෙ.. ඇඟේ.. ඔයාගෙ.. අතින්.. මගෙ.. ලේ.. ගාලා.. ඔයා.. එයාට.. පෙන්නන්න.. එපා.. මට.. ස්ටැබ්.. කරේ.. මම.. අවුරුදු.. ගාණක්.. ආදරේ.. කරපු.. ඔයාමයි.. කියලා.." "මට.. එක.. දවසක්.. හරි.. ආදරේ.. කරා.. නම්.. ඒක.. කරන්න.. එපා.. නිර්වාන්.. ප්ලීස්.. මගෙ.. දුවගෙ.. ඇඟේ.. .මගෙ.. ලේ.. තියා..එයාගෙ.. ලේ.. වත්.. ගෑවෙන්න.. ඉඩ.. තියන්න.. එපා.." "මං.. නැති.. දවසක.. එයා.. ඕෆනේජ්.. එකක.. හැදුනත්.. කමක්.. නෑ.. ඒත්.. ඔයා.. එයාට.. ආදරේ.. නැත්තම්.. එයාව.. ආදරේ.. තියෙන.. තැනකට.. බාර.. දෙන්න.." "මම.. තරහා.. නෑ.. ඔයා.. එක්ක.. මං.. ඔයාලා.. දෙන්නටම.. ආදරෙයි.." "Enough." එහෙම කියපු ඇන්ඩෲස් කැලිෆෝනියාගෙ උගුර තුවාල කරලා බිමට දැම්මා. ඒ වතාවෙ තමාව රවට්ටපු නිර්වාන්වයි, තමන් පණටත් වඩා ආදරේ කරපු මින්දිවයි දාලා කැලිෆෝනියා මේ ලෝකෙන් යන්නම ගිහින් තිබුණා. "මේ කෙල්ල කිව්ව එක හරි නිර්වාන්.. ඔයා ගිහින් අත් දෙක වොශ් කරගන්න. මම ළමයව අරන් පහලට එන්නම්." "හරි." නිර්වාන් පහලට යද්දි ඇන්ඩෲස් මින්දිගෙ කටට සූප්පුවක් ගහලා අතට ගත්තා. නිර්වාන් කියලා තියෙන විදිහට දරුවා මේ දැන් ඉපදුණා වගේයි ඇන්ඩෲස්ට පේන්නේ. දරුවා අතට ගත්තම, තමන්ටත් මේ වගේම දුවෙක් ඉන්නවා කියලා ඇන්ඩෲස්ට මතක් උනත් නිර්වාන් එක්ක ගහපු ප්ලෑන් එකේදි එයාට අනුකම්පාව ගාවගන්න බැරි උනා. නිර්වාන් උනත් මේ දේ කලේ හිත ඇතුලේ ලොකු වේදනාවක් හංගගෙන.. කැලිෆෝනියා බිම වැටිලා ඉන්න විදිහ බලලා ඇන්ඩෲස් පහලට ගිහින් දරුවව සෝෆා එකක් උඩින් තිබ්බා. උදේ ඉඳන් පටන් ගත්තු වැස්ස තාම ඉවරයක් වුණේ නැති නිසා දෙන්නට මේක කරන්න ගොඩක් ලේසි උනා. "මම කිව්වා මගෙ ගාඩ්ස්ලට වත්ත පහලට වෙන්න වලක් කපන්න කියලා." "මේක අහුවෙයිද ඇන්ඩෲස් ?" "වැස්ස නිසා කිසිම සාක්ෂියක් ඉතුරු වෙන්නෙ නෑ නිර්වාන්. කවුරු හරි ඇහුවොත් කියන්න ඔයා එයායි දරුවයි රටකට යැව්වා කියලා." "හ්ම්ම්.. එතකොට එයාගෙ අම්මයි තාත්තයි ?" "ඒ දෙන්නා ගැන මම බලා ගන්නම්. ඒ දෙන්නා නම් අනිවාර්යයෙන්ම මේකට ප්‍රශ්නයක් වෙනවා නිර්වාන්." "හ්ම්ම්.." කාමරේට ගිහින් නිර්වාන් ඇන්ඩෲස්ගෙ ගාඩ්ලා එක්ක වැටිලා ඉන්න කැලිෆෝනියා ලඟට ගියා. කැලිෆෝනියාගෙ කම්මුල් වල තාමත් තෙතට තියෙන කඳුළු දැක්කම නිර්වාන්ට දැනුනේ එයාගෙ මුළු ඇඟම පිච්චිලා යනවා වගේ. මොනවා උනත් එයා මේ ප්‍රශ්න එන්න කලින් කැලිෆෝනියාට ආදරේ කරා කාටත් වඩා. "මගෙයි වැරැද්ද. මම එදා එහෙම නොකරා නම් එයාට අද මෙහෙම වෙන්නෙ නෑ." "මේවට ෆීලින්ග්ස් ගාවගෙන බෑ නිර්වාන්. මේක සම්පූර්ණයෙන්ම ඔයාගෙ වරද. මෙච්චර දෙයක් කරන්න ඔයාට කන්ෆිඩන්ස් තිබ්බ එකේ ඉතුරු ටිකත් කරමු මිනිස්සු දැනගන්න කලින්." ඇන්ඩෲස් එහෙම කියද්දි ගාඩ්ස්ලා කැලිෆෝනියාගෙ බොඩි එක කවර් එකක් ඇතුලට දාන්නයි ගියේ. ඒත් නිර්වාන්ට මතක් උනා කැලිෆෝනියාගෙ කරේ තිබ්බ නිල් දියමන්තිය. "ඉන්න." "ඇයි ?" "එයාගෙ නෙක්ලස් එකේ බ්ලූ ඩයමන්ඩ් එකක් තියෙන්නේ." "What ?" ඇන්ඩෲස්ට එහෙම කියවුණා. මොකද ඒ වෙද්දි ලංකාවෙ නිල් දියමන්ති එකක් වත් තිබුණෙ නෑ. හැමෝම නිල් දියමන්තිය දිහා පෙරේතකමින් බලන් ඉද්දි නිර්වාන් ඒක කැලිෆෝනියාගෙ කරෙන් ගලවලා අරගෙන, එයාගෙ අතේ තිබ්බ පබළු වළල්ලත් ගලව ගත්තා. කැලිෆෝනියාගෙ බොඩි එක හැමෝම එකතු වෙලා වත්තෙ පහල ගැඹුරු වලක් කපලා වැලළුවා. වැස්ස නිසා පිටත පරිසරයේ කිසිම සාක්ෂියක් ඉතුරු උනේ නෑ. අනිත් හැම සාක්ෂියක්ම නිර්වාන් එයාගෙ ලඟට ගත්තා. කාමරේ පවා කිසිම සාක්ෂියක් ඉතුරු වෙන්නෙ නැති වෙන්න ක්ලීන් කරලා එයාලා මින්දිවත් අරගෙන ඉදල්ගස්හින්න ඕෆනේජ් එකට ගියා. මින්දිව අලුත් බ්ලැන්කට් එකක ඔතලා, කැලිෆෝනියාගෙ කරේ තිබ්බ බ්ලූ ඩයමන්ඩ් එකත් පැත්තකින් තියලා නෝට් එකකුත් තියලා වැස්ස පෑව්වට පස්සේ ඕෆනේජ් එකේ ගේට් එක අයිනෙන් තියලා ගියා. °•°•°•° (වර්තමානයට) වීඩියෝ එක බලලා ඉවර වෙද්දි මගෙ ඇඟට පණ නෑ වගේ. වටේම කැරකෙනවා වගේ පෙනකොට පුටුවෙන් නැගිටපු මම අනිත් පැත්තට හැරෙද්දි අයියයි අක්කයි දෙන්නම ඇවිත් අල්ල ගත්‍තා. ඒත් එතනින් එහාට මට කිසිම දෙයක් පෙනුනේ නෑ. ඇස් දෙක නිලංකාර වෙලා ගිහින් මාව වැටුණා.. පැය ගාණක් ගියා.. "නංගි.. නංගී.." මහීක මින්දිව ඇඳෙන් තියලා වතුරත් ඉහලා බැලුවට එයා නැගිට්ටෙ නෑ. තමන්ගෙ අතින් වුණ පොඩි මිස්ටේක් එකක් නිසා මින්දි හැමදෙයක්ම අකුරක් නෑර දැනගත්තා කියලා දැනෙනකොට එයාට දැනෙන්නේ වරදකාරී හැඟීමක්.. "ඔයාට රූම් එකේ දොර ලොක් කරලා එන්නයි තිබුණෙ අයියේ. නංගි මේ දේවල් ගැන සැකෙන් ඉන්න හින්දා කොහොමත් පොඩි දේ ඉඳන් චෙක් කරනවා කියලා ඔයා දන්නවනේ." "මම දැනන් හිටියා එයාට මේක දරාගන්න බැරිවෙයි කියලා." මහීක එහෙම කියද්දි හේෂාන් මින්දි ලඟින් ඉඳගෙන කෙල්ලගෙ ඔළුව අතගෑවා. මහීක බැරිම තැන හේෂාන්වත් ගෙන්න ගත්තා, ප්ලෑන් එකේ විදිහට දේවල් උනේ නැති නිසා. "ඒ උනාට අයියේ මින්දි ඒක දැනගත්තා. මට ඒකට සතුටුයි. දරාගන්න බැරි උනත් එයා ඒක කරා. තවත් අපි මේක එයාගෙන් හංග හංග මහන්සි වෙන්න ඕනි නෑ නේද." හේෂාන් එහෙම කියද්දි මහීක ඔළුව වැනුවේ ඒක 'හරි' කියන්න. ඒත් මහීෂා බයෙන් ඉන්නේ මින්දි අදින් පස්සෙ මේක ගැනම කල්පනා කර කර ඉඳීද කියලා. ඒක එහෙම වෙනවා කියලත් එයා දන්නවා. "ඒ උනාට එයා අදින් පස්සෙ ඇන්ඩෲස්ට මොනවා කරයිද දන්නෑ." ඇන්ඩෲස්ට මුකුත් කරනවට වඩා ඇන්ඩෲස් ඉස්සරහට ගිහින් 'ඇයි මෙහෙම කරේ' කියලා මින්දි අඬනවා කියලා නම් හේෂාන් දන්නවා. ඒත් මෙදා පාර මින්දි මේකට මොන වගේ හැසිරීමක් දෙයිද කියන එක නම් කුතුහලයක්. "ඒත්.. කොහොමද තමන් ඇත්තටම ආදරේ කරන කෙනෙක්ට මෙහෙම කරන්නේ. මම මේ ගැන දැන ගත්ත දවසෙ ඉඳන් කල්පනා කලේ ඒක." නිර්වාන් වගේ නෙවෙයි හේෂාන්. දරුවා ඉපදිලා දවස් ගාණක් ගෙවෙන්නත් කලින් තමන් ආදරේ කරපු කෙනාව සාහසික විදිහට නිර්වාන් මරලා දැම්මට හේෂාන් කැමති නෑ මින්දිගෙ අතක් වත් සීරෙනවට වත්.. "මගෙ තාත්තටත් අපිට වගේ හිතක් පපුවක් තිබ්බා නම් අද මෙච්චර දෙයක් වෙන්නෙ නෑ හේෂාන්. එයා නංගිගෙ අම්මට කිව්ව විදිහට මගෙ අම්මව ඩිවෝස් කරලා අපිව අරන් එයා ලඟට ගියා නම් අද හැමෝම සතුටින්." ........ මට ඇස් දෙක හිමිහිට අරින්න පුළුවන් උනා. බලද්දි රූම් එකේ අයියයි අක්කයි ඉන්නවා. ඇඳේ මට එහා පැත්තෙන් හේෂානුත් ඉඳගෙන ඉන්නවා. තවත් තත්පරයක් වත් බලාගෙන ඉන්නෙ නැතුව මම හේෂාන්ගෙ පපුවට තුරුලු උනේ ඇස් වල පිරිලා තිබ්බ කඳුළු පිට කරන්න.. "එයාලා මගෙ අම්මවත් මැරුවා හේෂාන්. ඔයාගෙ රාදිතාගෙ තාත්තා මගෙ අම්මව මැරෙව්වා හේතුවක් නැතුව." "Don't cry.. දැන් අපිට ඒ අතීතය වෙනස් කරන්න බෑ." "ඒ උනාට ඒ මගෙ අම්මා. එයාට ජීවත් වෙන්න අයිතිය තිබුණා. එයා කාටවත් වරදක් කරපු කෙනෙක් නෙවෙයි. මේ හැමදේකම වරද තාත්තගේ. එයාමයි මුලදි කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා අන්තිමට අම්මට එහෙම කලේ. " එයාගෙ පපුවෙ මූණ හංගගෙන මං අඬද්දි එයා කලේ සයිලන්ට් වෙලා මගෙ ඔළුව අතගාපු එක විතරයි. මේක එයා දන්නවා නම් ඒ නිහඬතාවය  හරි. ඇන්ඩෲස් මගෙ ෆැමිලි එක නැති කරන්න ගත්තේ මම ඉපදිලා දවස් තුනෙන්මයි. එක මගෙ අම්මා. මට තිබ්බ වටිනම දේ එයා මට නැති කරලා මාව අනාතයෙක් කරා. කලින් හොඳට හිටපු මගෙ තාත්තව අවසානේ අමනුස්සයෙක් ගානට පත් කරා. ඒ හැමදෙයක්ම කරලා එයා බලාපොරොත්තු උනේ එයාගෙයි මිහිරිගෙයි එෆෙයා එක කරගෙන ගිහින් රූපසිංහ ෆැමිලි එකම නැති කරලා දාන්න. අඬන්න බෑ මට තවත්. හේතුවක් දන්නෙ නෑ, එත් මගෙ ඇස් වලින් තවදුරටත් කඳුළු එන්නෙ නෑ. තමන්ගෙ ලේ කියලා හරි කැක්කුමක් තිබුණා නම් තාත්තා එහෙම කරන්නෙ නෑ. එයාට ඕනි උනේ ටික කාලෙකට අම්මගෙ ජීවිතේ එක්ක සෙල්ලම් කරන්න. එයා කරේ අම්මා වගේ දකින දකින හැම කෙනා එක්කම සෙල්ලම් කරපු එක. ඒ හැමෝම අතරින් එයාගෙ අතින්ම මැරිලා යන්න උනෙත් මගෙම අම්මට. තාත්තා දෙවනි පාරටත් හිතුවා නම් එදා අම්මා ඒ වගේ වේදනාවක් විඳින්නෙ නෑ. සමහරවිට එයා අදටත් මං එක්ක ඉන්නවා මගෙ හැමදේටම. "ඔයාට පුළුවන්ද මට එහෙම කරන්න ?" මම නැගිටලා හේෂාන්ගෙන් එහෙම අහද්දි එයා මගෙ මූණ දිහා බලාගෙන හිටියා. මම නොදැනුවත් උනාට එයාත් මේ වීඩියෝ එක කලින් දැකලා තියෙනවා. ඒ උනාට මට එක වචනෙකින් වත් ඇඟෙව්වෙ නෑ.. "මට ආදරේ කරලා, මාව රවට්ටලා, එච්චර වේදනාවක් දීලා මාව මරලා දාන්න පුළුවන්ද ?" .......................................................... 🖤 ... *පුළුවන්ද හිතකින් එහෙම කරන්න ?* *අපිට අද වැඩියෙන්ම ආදරේ කරන මිනිස්සු පසු කාලෙක අපේ විනාශයට හේතුවක් වෙන්න පුළුවන් 💔* *දැන් ඔයා දන්නවනේ කැලිෆෝනියාගෙ මරණයට ඇන්ඩෲස් සම්බන්ධ උනේ කොහොමද කියලා ❓* *රියැක්ට් කමෙන්ට් එකක් දාන් යන්න❗* > Sachy Collins

Post image
❤️ 😢 🥺 😭 🥹 ❤‍🩹 💙 😔 429
Image
Link copied to clipboard!