දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 10, 2025 at 08:52 AM
ආදරණීය දවස්.. 📆 // මුන ගැහෙන හැම ප්‍රේමෙම හිමිවීමෙන් අවසන් වෙන්නෙ නෑලු // කවුදො මන්දා එහෙම කියනවා ඇහුනා. මට නම් ඉතින් මුන ගැහුනා ඒත් හිමිවෙයිද කියන්න දන්නෙ නෑ. සතරවෙනි ආදරණීය දවස. මගෙ අම්මා මිනෝරා කුලසිංහ . එතකොට අම්මගෙ තාත්තා ඒ කියන්නෙ මගෙ සීයා විශ්‍රාමික පොලිස් නිළධාරියෙක් මට මතක විදිහට නම් සීයා ASP කෙනෙක් විදිහට කාලයක් වැඩ කළා. හැබැයි සීයා ඉක්මනින්ම ඒ තනතුරු ඔක්කොම අතහැරලා ජොබ් එකෙන් අයින් වුනා ඒ ඇයිද කියන්න මං දන්නෙ නෑ. අම්මා පොඩි කාලෙ ඉදන්ම දැක්කෙ සීයගෙ වීරක්‍රියා තමයි. සීයා ඒ දවස්වල ගොඩක් ජනප්‍රිය නීතියට වැඩ කරන පොලිස් නිළධාරියෙක් . ඉතින් පුංචි කාලෙ ඉදන්ම අම්මගෙ හීනෙ වෙලා තියෙන්නෙ කවදා හරි පොලිසියට බැදෙන එක. ඒත් සීයා ඒක දැනගත්ත දවසෙ ඉදන් අම්මට විරුද්ධ වෙලා. මගේ අම්මා ටිකක් විතර මුරණ්ඩු කෙල්ලෙක්ලු ඒ දවස්වල . ඉතින් ගෙදරටත් හොරා පොලීසිය ඇප්ලිකේශන් එකක් දාලා ඔක්කොම ලෑස්ති කරන් ට්‍රේනින්ග් එකට යන්න ලංවෙලා තමා සීයටයි ආච්චිඅම්මටයි කියලා තියෙන්නෙ. අම්මගෙ මේ තීරණය දැනගත්ත දවසෙත් සීයා අම්මට කිව්වලු ඔය ගමන නොයා ගෙදර නවතින්න කියලා. ඒත් අම්මා පුංචි කාලෙ ඉදන් දැකපු හීනෙට පනදෙන්නයි විතරමයි ඉතින් එයාට ඕනි වෙලා තියෙන්නෙ. එදා සීයා කිව්වලු ඔය ජොබ් එකට ගියොත් පවුලෙනුත් අයින් කරලා එයාට හිටපු ලොකු දුව මැරුනා කියලා හිතාගන්නවා කියලා.ඒත් අපෙ අම්මා ඒ කිසිම දෙයක් නාහා එයාගෙ තනිමතයට වැඩ කරලා. ආච්චි අම්මා අම්මා ගෙදරින් එන දවසෙ හොදටම ඇඩුවලු ඒත් අම්මව නවත්තගන්න ඒ කිසිම දේකට බැරිවෙලා. අම්මා කියනවා සීයා එදා එයාව පවුලෙන් අයින් කරනවා කිව්වට ට්‍රේනින්ග් එකෙන් පස්සෙ අම්මා ආයෙත් ගෙදර ගිය දවසෙ සීයා ඇඩුවත් එක්කලු ඊට පස්සෙ එයාව හරි සතුටෙන් පිළිගත්තලු ඉතින් අම්මා කියනවා.. ❝ දෙමාපියන්ට කවදාවත් දරුවෝ එක්ක තරහ වෙන්න බෑ කියලා ❞ කොහොම හරි මෙහෙම ටික කාලයක් යනකොට අම්මට තාත්තව මුනගැහිලා තියෙනවා. දෙන්නා ඒ දවස්වල හරිම ආදරෙන් හිටියලු. තාත්තා සාමාන්‍ය පවුලක කෙනෙක්ලු එයාට අම්මවත් තාත්තාවත් හිටියෙ නැතිලු. හරියට ජොබ් එකකුත් තිබුනෙ නෑ කියලා තමයි අම්මා කියලා තියෙන්නෙ. ඉතින් ටික කාලයක් මෙයාලා ආදරේ කරලා අම්මා සීයට මේ සම්බන්ධය ගැන කියලා.ඒත් සීයා තාත්තාගේ විස්තර ඇහුවගමන් අකමැති වෙලා. අම්මගෙ මුරන්ඩු ගති ආයෙත් ඉස්මතුවෙලා හැමෝගෙම අකමැත්ත මැද අම්මා තාත්තාව බැදලා වෙනම ගෙදරක පදිංචි වෙලා සීයලගෙන් ඈත් වුනාලු. ඒත් තාත්තා මුල ඉදන්ම අම්මගෙ මේ හිතුවක්කාර තීරණයට කැමති වුනේ නැල්ලු. අම්මායි තාත්තයි දෙන්නා බැදලා අවුරුද්දකින් තමා මාව ලැබිලා තියෙන්නෙ.තාත්තා එදා හුගාක් සතුටු වුනාලු . තවත් අවුරුද්දක් කිසිම කරදරයක් නැතුව සතුටෙන් ගත කරන්න පුලුවන් උනත් ඒ අවුරුද්දෙන් පස්සෙ අවුරුද්දෙ එහෙ මිනීමැරුමක් වෙලා තියෙනවා. ඒ ගැන වැඩි විස්තර අම්මා මට කියලා නෑ. කොහොම හරි ඒ මිනීමැරුම කලේ කවුද කියලා ඔප්පු කරන්න අම්මාගාව හොද සාක්ෂියක් තිබ්බලු. උසාවියේ නඩුව අහන දවස එන්න ඉස්සෙල්ලා අම්මා ඒක කාටවත් දිලා නැහැ. ඔය දවස්වල තමයි මගෙ අවුරුද්දෙ උපන් දිනෙත් තිබිලා තියෙන්නෙ එදා අපි තුන්දෙනා පික්නික් එකක් ගියා කියලා තමා අම්මා කියන්නෙ ඒත් ඒ ගිය ගමන ආයෙ අපි තුන්දෙනාම ගෙදර ආවෙ නැල්ලු . එදා ඇක්සිඩන්ට් එකක් වෙලා තාත්තා නැති වුනාලු . ඒ ඇක්සිඩන්ට් එක අම්මට සැක වුනත් අම්මා ඒ ගැන හොයන්න ගිහින් නැ. පුලුවන් ඉක්මනට ට්‍රාන්සර් එකක් හදාගෙන කාටවත් නොකියා වෙනත් පළාතකට මාවත් අරන් ගිහින් ජීවත් වුනාලු.. ❝ සුදූ.. මං දැන් යන්නම් එහෙනම්. ඔයා පරිස්සමෙන් ඉන්න ❞ ❝ ඔයත් ❞ මේ හැමදේම මං වෙනුවෙන් කියලා මං දන්නවා අම්මේ ඔයාට මාව කොච්චර මග හැරුනත් මං ආදරෙයි . තනිකම ඉතින් මට නුහුරු දෙයක් නෙවෙයි. නාල කාල ස්කූල් එකේ දීපු හෝම් වර්ක් එකත් කරලා අද ඉගෙන්නුව ඒවා ටිකක් උඩින් පල්ලෙන් බැලුවා.මේ ටයිම් එක නම් මුකුත් වැඩක් කරන්න පුලුවන් ටයිම් එකක් නෙවෙයි. ඉතින් මං ඇදට ගිහින් හොද නින්දක් දැම්මා. පැයක්..දෙකක්... ගියා ding dong.. 🎶🎶 එකදිගට මගෙ ෆෝන් එකට එන මැසේජ් සද්දෙත් එක්ක මං ඇහැරුනා.වෙලාව රෑ 7.30 පැය දෙකක් නිදාගෙන මම . අපේ හවුස් එකේ ලමයි ගෲප් එකක් හදලා මාවත් ඇඩ් කරලා. msg : 569ක් තියෙනවා මොනා කතා කරලද අනේ ඔච්චර ඒත් ඉතින් මං ඔය ස්පෝට් සීන් එකේ නැති නිසා සුලාගෙ චැට් එකත් ඕපන් කරන් මැසේජ් එකක් දන්න යනකොටම මෙන්නෙ මෙයා මට මැසේජ් එකක් එව්වා. 📱🎶 group ekata awith balapan.. ara keri samaje apita karanna hadana dee. 😣 📱🎶 ai mokk seen eka 📱🎶 blpn group ek ආපු කුතුහලේ එක්ක මාත් අර ගෲප් චැට් එක ඕපන් කරලා බැලුවා . මාවත් මේන්ශන් කරලා තියෙනවා මොනාට හරි . ම්ම්ම්..මේ තියෙන්නෙ 📱 nisathmi yuwangi , sulochana sankethmi , osadi chethana ,.............. menna mee kattiya thamay api sangraha karannay prathamadhaara walatay dal thiyenn. heta idn wed thiynw katti paninna be. het udem me set eka redi wela inna. okay. හීන් දාඩිය දැම්මා මට ඒ මැසේජ් එක දැකලා.දෙයියනේ කවදා කාපු ටකරන්ද මේ. සංග්‍රහ කරන්නයි ප්‍රථමාධාර කරන්නයි 😥 මං එහෙම්ම ගත්තෙ සුලාට කෝල් එකක්. ❝ ඒ මොකක්ද බං අර කියන්නෙ අපි සංග්‍රහ කරන්න දාලනෙ ❞ ❝ අඩේ ඔව් බන්. ඕකා අපිට රිටන් එක දෙන්නම තමා ඔහොම කරලා තියෙන්නෙ බේසිකයා. ❞ ❝ ඕකා කියන්නෙ කවුද කියපන්කෝ..❞ ❝ ඇයි බං උබ බැලුවෙ නැද්ද කවුද මැසේජ් එක දාල තියෙන්නෙ කියලා.. අර උගුඩු හෙඩා බං . ඕකට ඕනි අපෙන් පලිගන්න ❞ ❝ පලිගන්න...ඇයි උබලා මොනාද හෙඩාට ඔච්චරටම කරේ.. ❞ ❝ හෙට වරෙන්කෝ...මං කියන්නම්. එහෙනම් දැන් කාල පාඩම් කරලා නිදාගනින්. ගුන බුස ❞ මං උත්තර දෙන්නත් කලින් සුලා කෝල් එක කට් කරා. මට ඇහුන දේ ඇත්තද බලන්න අර මැසේජ් එක දාල තියෙන නම්බර් එකට ලොග් වෙලා ඩීපි බැලුවා... ම්ම්ම්ම්ම්... මාර හැන්ඩසම් ලුක් එකක් තියෙන ෆොටෝ එකක් දාල තියෙන්නෙ. කොහෙ හරි කන්දක් ගාව ඉදන් ඈත් බලන් ඉන්න එකක්. අත්දිග ශර්ට් එකක් ඇදන් අත්දෙක බැදගෙන ඉන්නෙ ඒකෙ.. මගෙත් ක්‍රශ් එක මටම කෙලවනවනේ ඉතින්.. ෆෝන් එකත් පැත්තකින් තියලා අම්මා දවල් හදපු කෑම රත් කරලා මං කෑවා. අම්ම තාම ගෙදර ආවෙ නැ. රෑ දහයට විතර එයා එයි . ඉතින් මං පොතකුත් අරන් මේසෙට ගිහින් චුට්ටක් පාඩම් කරා.ඒ අතරේ ලොකූ නිදිමතක් ආපු නිසා ඔක්කොම නවත්තලා ඇදට ගිහින් ආයෙ නිදාගත්තා 😴 උදේ වුනා...ඊළඟ දවසත් උදා වුනා... කනගාවින් ඇහෙන එලාම් එකත් ඕෆ් කරලා ෆෝන් එකෙන් වෙලාව බැලුවා හරියටම 6.28 ම්ම්ම්..තව වෙලා තියෙනවා විනාඩි දෙකක් 😴 ❝ බබා බබා...ඉස්කෝලේ යන්නෙ නැද්ද අද දැන් හතටත් ළගයිනේ ❞ ❝ම්ම්ම්..🫩 එහෙමද.. මොකක් අයියෝ හත වෙලාද අනේ දෙවියනේ 😧 ❞ 𝓵𝓪𝓴𝓼𝓱𝓾 ✍️ ♡ 🙂 හෙට ඉතින් ෆනිශ්මන්ට් තමා යුවංගිට. 🥲 කමෙන්ට් එකක් දාන්න මගෙ කතාව කියවන ලස්සන ළමයෝ.. 🫶
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: ආදරණීය දවස්.. 📆    // මුන ගැහෙන හැම ප්‍රේමෙම හිමිවීමෙන් අවසන් වෙන්නෙ ...
❤️ 💙 😂 77

Comments