දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 10, 2025 at 11:38 AM
*Spring is far away* 🖤 (වසන්තය තව දුර ඇති) ```Episode 110``` | Why did you do this to me 🚫 Do not copy or share without author's permission දැක්ක ගමන් මට හිතුණා මේක හේෂාන් එවපු එකක් කියලා. ඔව් ඒක හරි. බොක්ස් එක උඩම තිබුණේ එයාගෙන් මැසේජ් එකක්. ඊට යටින් තව පැක් දෙකකුයි පොඩි බොක්ස් එකකුයි තිබුණා.. ❝ දවසක් දෙකක් ඉඳලත් මට අමතක උනානේ එහෙ ඉඳන් ගෙනාපු ටික ඔයාට දෙන්න. පාන්දර මතක් උන නිසා උදේම මල්ලිගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට කියලා බොක්ස් එකක් ඩෙකරේට් කරලා ඔයාට එව්වා ❞ ❝ මේ සැරේ මල් නම් නෑ. හැබැයි ඔයා ආසවෙයි කියලා හිතුණ ටිකක් එව්වා. බලලා මට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි තියන්න ❞ මැසේජ් එක පැත්තකින් තියලා මම තිබ්බ ලොකුම පැක් එක අතට ගත්තා. ඒකෙ වැපින් එක ගැලෙව්වම තිබුණේ තද රෝසපාටයි තද දම්පාටයි බොඩිකොන් ඩ්‍රෙස් දෙකක්. රැලි අත් පටි දෙකක් තියෙන දණහිසෙන් පහල කොටස රැලි කරලා තියෙන තැනින් තැන ග්ලිටර් තියෙන කන්ෆටබල් ඩ්‍රෙසස් ඒවා. ඒ දෙකත් පැත්තකින් තියලා මම පොඩි බොක්ස් එක ඕපන් කරා. ඒකෙ තිබුණේ Transparent Straps තියෙන ග්ලාස් හීල්ස් දෙකක්. මම ෆැෂන් ගැන Interest කියලා එයා එදා ඉඳන්ම දන්නවා. ඒකනේ මේවාම එවලා තියෙන්නේ. ඉතින් ඉවසිල්ලක් නැතුව මම අනිත් පැක් එකත් කඩලා බැලුවා. ඒකේ තිබුණේ සිල්වර් පාට නෙක්ලස් එකකුයි, ඉයරින්ග්ස් දෙකකුයි Ferrero Rocher චොකලට් බොක්ස් එකකුයි. හරි නම් එයා මේවා ගේන්න ඕනි රාදිතාට. ඒත් ගේන්නෙ මේ මට. කොහොමත් රාදිතාට හේෂාන්ගෙ හිතේ මං ගැන තියෙන තැන වගේ තැනක් හදාගන්න එක ලේසි පහසු වෙන්නෙ නෑ. එක්කො එයාට සිද්ධ වෙනවා ඩැඩී කියන විදිහට වැඩ කරන එක නවත්තන්න, නැත්තම් හේෂාන්ව මොකක් හරි කරලා සිඩියුස් කරගන්න. 📲 ට්‍රිං ට්‍රිං ට්‍රිං අයියගෙන් කෝල් එකක්. සමහරවිට අද මට එහෙ එන්න කියයිද දන්නෑ. මොකද අක්කත් අද එහෙ යනවා කියලා මට ඊයෙ මැසේජ් එකක් දාලා තිබ්බා. "කියන්න අයියේ.." "නංගි.. අද මම ගෙදර ඉන්නෙ. අක්කත් ඉන්නවා. ස්පෙෂල් දෙයක් නැත්තම් මෙහෙ එන්න." "හරි මං එන්නම්. කොහොමත් අද මම ඔෆිස් යන්නෙ නෑ කියලා හිතන් හිටියේ." "හ්ම්ම්.. මට ඔයා එක්ක කතා කරන්නත් තියෙනවා ඔයාගෙ අම්මගෙ ගෙදර ගැන." "අම්මගෙ ගෙදර ගැන ?" "ඔව්.." "ඒ මොකක්ද ?" "අපි ඒක අස්පස් කරලා දාමු නේද. ළඟදිම ඩේට් එකක් බලලා ඔයා කියන්න." "ඔව් ඒක හොඳ අයිඩියා එකක්. නැත්තම් ගෙදර හැමදාටම එහෙම පාළු වෙලා තියේවි. ඒක අපරාධයක්." "හ්ම්ම්.. එහෙනම් ඩ්‍රයිවර් එක්ක එන්නකො පරිස්සමින්." "හරි." කෝල් එක කට් කරලා මම කිචන් එකට ගිහින් හොඳ වතුර වීදුරුවක් බිව්වා. අම්මා කලින් හිටපු ගෙදර කියලා කියද්දිම මට අමුතු බයක් දැනෙනවා. මම හරි බයයි ඒ ගෙදරට යන්න. විශේෂයෙන්ම අම්මා හිටපු රූම් එකට. හේතුවක් කියන්න තේරෙන්නෙ නෑ. ගියපු මුල් දවසේ දැකපු විදිහට, ගෙදර වත්තෙම පිරිලා තිබ්බ ඒ මලානික පෙනුම මතක් වෙද්දි කොහොමත් බය නොහිතෙන්නෙ කොහොමද.. "හහ්.." පිටිපස්ස හැරෙද්දිම හොල්මනක් වගේ හිටන් හිටපු ඈශ්ලි දැකලා මට කෑ ගැස්සුනා. උදේ ඉඳන් මගෙන් වෙන්න ඕනි මොනවද කියලා අහලා ඔෆිස් ටයිම් එක ශෙඩුල් කරලා එයා යන්නයි හදන්නේ. "මෑම් මාව දැකලා බය උනේ, මෑම් මොනාට හරි වොරි වෙලා නේද ඉන්නේ ?" "N..No.. I don't worried about anything." "Then.. I will go to the office. Have a nice day mam." "You too." ඈශ්ලි යනකම් බලන් ඉඳලා මම වරෙන්ඩා එකට ගියා. අවාරා වෙනදා වගේම වැඩ. එයා මාසෙකට පස්සෙද කොහෙද මෙහෙ ආවෙ ආයෙ. එයාගෙ අම්මට අසනීප වෙලා ගමේ ගියපු ගමන්.. "අවාරා.." "නොනා.." "මං අයියලගෙ ගෙදර යනවා. රෑ වෙද්දි එනවා. ඩිනර් එකට ටූනා එක හදන්න තෙලට දාලා. ආයෙ අමු තක්කලි පොඩි කෑලි වලට කපලා සැලඩ් එකක් හදන්න." "හරි නෝනා. පරිස්සමින් යන්න එහෙනම්." "හ්ම්." මං රූම් එකට ගියා. ගිහින් කල්පනා කරා මොකක්ද අඳින්නෙ කියලා. අලුතෙන් ඩ්‍රෙසස් ටිකක් ගන්නත් අමතක උනා මට. වෙනදට අක්කා හරි ඒවා බලලා කරනවනේ. මේ ටිකේ එයාට රන්වේ වලට තියා ප්‍රෝග්‍රෑම් වලටවත් යන්න හම්බුණේ නෑ හෙඩේක් එක නිසා. හේෂාන් එවලා තිබුණ ගවුම් දෙක අතට අරගෙන මම කල්පනා කරා කෝකද අද අඳින්න හොඳ කියලා. අක්කා කැමතියි මාත් ඩාක් කලර්ස් අඳිනවා නම්. ඒ නිසා දම් පාට එක අඳිනවා. එතකොට එයා බලයි මේක මම කොහෙන්ද ගත්තේ කියලා. අනික Vovina බ්‍රෑන්ඩ් එකේ ගවුමක් ගන්න එක ටිකක් අමාරු වැඩක් නේ.. ........ මහීෂා දැන් පැය ගාණක ඉඳන් ගාඩ්න් එකේ ඉන්නවා මින්දි එනකම්. එළියට එන්න ඕනි මහීකත් දැන් පැය ගාණක ඉඳන් රූම් එකට වෙලා මොනාදෝ කරනවා. වෙලාවකට මහීෂාට සැකයි. එයා ඇන්ඩෲස් ගැන හොය හොය තව තවත් එයා ගැන වෛරය ගොඩ ගහගන්නවද කියලා. මොකද මහීක කරන්න ආසම දේ තමයි පරණ අමිහිරි මතක අවුලෝලා හිතේ ගින්න වැඩි කරගන්න එක. වෙලාව උදේ 11:00 යි. මහීක නැති නිසා මහීෂා එයාව හොයන්න රූම් එකට ගියා. ඒත් මහීක රූම් එකේ දොර ලොක් කරගෙන. මහීෂා කීප වතාවක්ම බැලුවා ලොක් එක අරින්න. ඒත් ඒක කරන්න බැරි උනා.. "ඔයා.. ඇ.. ඇයි.. මට.. මෙහෙම.. දෙයක්.. කලේ.. ඔයා.. මට.. පොඩ්ඩක්.. වත්.. ආදරේ.. ක.. කලේ නැද්ද.." ලැප් එකේ ප්ලේ වෙන CCTV Record එක දිහා බලාගෙන මහීක කල්පනා කරේ කවදා හරි මින්දිට ඇත්ත කියන්නෙ කොහොමද කියලා. මොකද මින්දිට මේ දේවල් දරාගන්න බැරි වෙනවා කියලා එයා දන්නවා. "අයියේ !!" මහීෂා කෑ ගහගෙන දුවගෙන ඇවිත් ලැප් එක ඕෆ් කරලා දැම්මා. එයා ආසවත් නෑ එයාගෙ අයියා මේ වීඩියෝ එක ප්ලේ කර කර ඔළුව අවුල් කරගන්න එක. "මොකක්ද ඔයාට වෙලා තියෙන්නෙ. ඕක බැලුවයි කියලා මේ ප්‍රශ්න විසඳෙන්නෙ නෑනේ." මහීෂා එහෙම කියාගෙන එද්දි මහීක නැගිටලා ඇවිත් ඇඳ උඩ තිබ්බ බොක්ස් එක ඇතුලට තමාගෙ අතේ තිබ්බ පොත දාලා වැහුවා. "මේක නංගිට පෙන්නන්නෙ කවද්ද කියලා මම හැමදාම කල්පනා කරනවා." "නංගි මේක දැක්කොත්, එයා මොන විදිහට හැසිරෙයිද කියන එකයි මට බය." මහීෂා එහෙම කියද්දි මහීක ලැප් එකෙන් පෙන් එක ගලවලා ටේබල් එක අයිනෙන් තිබ්බා. මින්දිට මේක දරා ගන්න බැරි වෙයි කියලා මහීෂා දන්න නිසා තමයි කවදාවත් මේ ගැන කියන්න කියලා කටක් වත් හෙල්ලුවෙ නැත්තේ. Peek.. එකපාරටම වාහනයක් හෝන් කරන සද්දෙ ඇහුණම දෙන්නම ජනේලෙ පැත්තට හැරුණා. ඒ ඇවිත් තියෙන්නෙ මින්දිගෙ කාර් එක. ඉතින් මහීෂායි මහීකයි දෙන්නාම රූම් එකෙන් එළියට ආවා. ඒත්.. මහීකට දැනුනෙ නෑ එයාගෙ අතින් ටේබල් එක අයිනේ තිබ්බ පෙන් එක බිමට වැටිලා ටේබල් එකේ කකුලක් ලඟට විසි වුණා කියලා.. ........ මං කාර් එකෙන් බැහැලා ගේ ඇතුලට යද්දි අක්කයි අයියයි දෙන්නම සෝෆා එකේ ඉඳගෙන ඉන්නවා. මගෙ ගවුම දැක්ක පාර අක්කා නම් කෙලින් වෙලා බලාගෙන හිටියා. "වාව්.." අක්කා එහෙම කියද්දි මං ගිහින් තනි සෝෆා එකෙන් ඉඳ ගත්තා. නොකිව්වට දෙන්නගෙම මූණවල් වලින් පේනවා ප්‍රශ්න ගොඩක ඉන්න බවක්. කොහොමත් එයාලා කැමති නෑ එයාලගෙ පෞද්ගලික ප්‍රශ්න පවා මට කියලා මගෙ හිතත් අවුල් කරන්න. ඒත් මම කරන්නෙම මගෙ ප්‍රශ්න වලින් එයාලගෙ හිත් අවුල් කරන එක. "මම හදපු කප් කේක් වගයක්." උදේම නැගිටලා ගෙදරදි හදපු කප් කේක් ටික මම ටේබල් එක උඩින් තිබ්බා.. "අක්කට ශොට් කරන්න ට්‍රයි කරපු කෙනාව අල්ල ගත්තද ?" "ඔව්.. ඒ මිනිහා හොයාගෙන ඇරෙස්ට් කරා." "හ්ම්ම්." ඉඳගෙන ඉද්දි ඩ්‍රෙස් එකේ කොනක් ඇතුලෙන් ඇකිලිලා වගේ දැනෙනවා. උඩට ගිහින් මේක ෆික්ස් කරගෙන එන්න ඕනි. නැත්තම් මාව කසන්න ගනී. හිත හිතා ඉන්නකොට ගාඩ් කෙනෙක් ඇවිත් අයියට කතා කරා. "සර්.. ටිකක් වයස මනුස්සයෙක් සර්ව මීට් වෙන්න ඇවිත් තියෙනවා." "මීට කලින් ඇවිත් තියෙන කෙනෙක්ද ?" "නෑ.. එයාගෙ දුව සර්ගෙ කම්පැනි එකේ වැඩ කරන්නෙ කියලා, මොනවද දැන ගන්න ඕනිලු." "හ්ම්ම්.. එන්න දෙන්න." අයියා එහෙම කියලා නැගිටලා ගියා. ඒ එක්කම අක්කත් සෝෆා එකෙන් නැගිට්ටා. "මං ඔයාට බොන්න මොනා හරි හදන් එන්නම්. කොෆී වගේ හොඳද ?" "අවුලක් නෑ. අද ටිකක් සීතලයිනේ." අක්කා කිචන් එකට ගියා. එයා කොෆී තෝරපු එක හරි. මොකද උදේ ඉඳන් අහස කළු කරලා වගේම සැරෙන් සැරේට වැහිපොද වැටෙනවා. මම ආස නෑ අහස එහෙම තියෙනවට. මොකද අහස එහෙම කළු වෙලා තිබ්බ හැම දවසකම, මගේ ජීවිතේට එක නපුරු මතකයක් හරි එකතු උනා.. කට්ටිය කවුරුත් ලිවින් රූම් එකේ නැති නිසා මම Stairs නැඟලා උඩ රූම් එකකට ගියා. ගිහින් ඩ්‍රෙස් එක ෆික්ස් කරගෙන රූම් එකෙන් එළියට ඇවිත් පහලට එන්නයි හැදුවෙ. ඒත් අයියගෙ රූම් එක පාස් කරද්දි මම දැක්කා එයාගෙ ඇඳ උඩ කළු පාට ලොකු බොක්ස් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අයියගෙ රූම් එකට යන්න කාටත් අවසර නෑ. ඒ තරම්ම රහස් ගුහාවක් ඒක. එයාලා එක්ක ආපු දවසෙ ඉඳන් අද වෙනකම් මමත් ඒ රූම් එකට ගිහින් නෑ. රූම් එකේ දොරත් බාගෙට වහලා මම ඒ බොක්ස් එක ලඟට යන්නයි හැදුවේ. ඒත් ටේබල් එක ගාව වැටිලා තියෙන කළු පාට පෙන් එකක් දැකලා, මම ඒක අහුලලා ටේබල් එක උඩින් තිබ්බා. එයාගෙ පර්සනල් දේවල් ඇද්දා කියලා මට බනීවිද දන්නෑ. හැබැයි පුදුමයි එයා මෙහෙම රූම් එක ලොක් කරන්නෙවත් නැතුව බඩු එහෙ මෙහෙ දාලා තියෙන විදිහට. වෙනදට නම් එයා එහෙම නෑ. ඒත් මොකක් හරි නිසා එයා අවුල් වෙලා ඉන්නෙ මේ ටිකේම.. කළුපාට බොක්ස් එකේ ලොක් එකක් තියෙනවා. ඒක නම්බර්ස් වලින් ඕපන් වෙන එකක්. මේක ඕපන් කරන එක නම් මට ටිකක් අමාරු වෙයි වගේ. අයියගෙ බර්ත්ඩේ එක ගහලා බැලුවා ඕපන් වෙයිද බලන්න. ඒක හරි ගියේ නැති නිසා අක්කගෙ බර්ත්ඩේ එක ගැහුවා. බැරිම තැන මගෙ එකත් ගහලා අපි හැමෝගෙම ඉයර්ස් පවා ගහලා බැලුවා. ඒත් නෑ. අයියගෙ කාර් එකේ නම්බර් එකත් නෙවෙයි නම්, මේක අයියගේ Ex ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ බර්ත්ඩේ එකෙන් ඕපන් වෙන්න පුළුවන්. ඒත් මම ඒක දන්නෙ නෑනේ. එහෙනම් මම ලූසර් තමා.. එයාගෙ තාත්තටයි අම්මටයි අයියා කැමති නැති නිසා ඒ බර්ත්ඩේස් වෙන්නත් බෑ. එහෙනම් ඉතුරු වෙලා ඉන්නෙ මගෙ අම්මා. අන්තිමට එයාගෙ බර්ත්ඩේ ඩේට් එක ගහලා බැලුවා මං. ආයෙමත් මම පරාදයි. මේක නම් අද ඕපන් කරන්න පුළුවන් බොක්ස් එකක් නෙවෙයි. අයියගෙ මොළේ ගැන මොකද මම නොදන්නේ. එයා මේකට වෙනම එකක් හදලා ඇති. කලින් තිබ්බ විදිහටම ආයෙමත් නම්බර්ස් කරකවලා මම එතනින් නැගිට්ටා. ඒත් නැගිටිද්දිම මගෙ අත වැදිලා 01/01 ට තිබ්බ නම්බර් එක 01/03 ට කැරකිලා ගියා. එතකොටම බොක්ස් එකේ ලොක් එක ටක් ගාල පැනලා ඕපන් උනා. එක මිස්ටේක් එකකින් මම විනර් උනා. ඇත්තටම ඒ ඩේට් එකේ විශේෂත්වය මට අදාල උනේ නෑ. ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනි නිසා මම බොක්ස් එකේ පියන ඇරලා ඇතුළෙ තියෙන ඒවා දිහා බැලුවා. ඒක ඇතුළෙ තිබුණෙ මගෙ අම්මගෙ ෆොටෝ ඇල්බම් වගයක්. තව පරණ ජුවලරි වගයකුයි, පැක් කරපු කවර් එකක නිල් පාට බීඩ්ස් වලින් හදපු ලොකු බ්‍රේස්ලට් එකයි පොඩි බ්‍රේස්ලට් එකයි තිබුණා. එකක් මම වගේ කෙනෙක්ගේ අතට හරියන සයිස් එකෙන් තිබුණා. අනික දවස් ගාණක බබෙක්ට දාන්න පුළුවන් සයිස් එකට තිබුණා. සමහරවිට මේක අම්මා මටයි එයාටයි හදපු එකක් වෙන්න බැරි නෑ. ඒත් ඇයි අයියා මේක මට නොදුන්නේ ? "My.. dear.. love.." බොක්ස් එකේ යටම තිබිලා හම්බුණ පොතක මුල පිටුව සරසලා තිබ්බ විදිහ බලලා, ඒකෙ ලියලා තිබුණ දේ මම කියෙව්වා. ඊලඟ පිටුව පෙරලද්දි තිබුණේ අම්මගෙයි තාත්තගෙයි ෆොටෝ එකක්. ඊටත් පස්සෙ English වලින් පිටු පිරෙන්න ඩේට් දදා ලියලා තිබුණා. සමහරවිට මේක අම්මා එයාගෙ ජීවිතේ විශේෂ දවස් ගැන ලියපු එකක් වෙන්න පුළුවන්. ඉතින් මම හිතින් ට්‍රාන්ස්ලේට් කර කර ඒක කියවන්න ගත්තා.. මගක් දුර කියවන් යද්දි තමයි මට තේරුණේ මේකෙ ලියලා තියෙන්නේ අම්මට තාත්තා හම්බුණ දවසෙ ඉඳන් වුණ ස්පෙෂල් දේවල් කියලා.. °•°•°•° වසර ගණනාවක් අතීතයට.. එතකොට කැලිෆෝනියා මාර්ටිනස්ට අවුරුදු 22 යි. එයා නිව්යෝර්ක් වල ඉඳන් ලංකාවට ඇවිත් අවුරුද්දක් වගේ. අම්මයි තාත්තයි දුන්න බංගලාවේ එයා තනියම ජීවත් උනේ Instrument ප්ලේ කරන්න ඉගෙන ගන්න ගමන්. මහනුවර තිබ්බ ඒ බංගලාවේ වත්තේ පහල එයා එළවළු පළතුරු වගේම ඉස්සරහා මල් වර්ගත් හිටවලා තිබ්බා. එකපාරටම බංගලාව දැකපු කෙනෙක්ට පේන්නෙ ඒක දිව්‍යලෝකයක් හා සමානවයි.. කැලිෆෝනියාට පිරිමි යාළුවො ඉඳලා නෑ. ඒ විතරක් නෙවෙයි, එයාට ගැහැණු යාළුවො ඉඳලත් නෑ. එදා ඉඳන්ම යුරෝපයේ තියෙන ප්‍රශ්නයක් තමයි තද පාට හමක් තියෙන මිනිස්සුන්ට සුදු ජාතිකයින් අකමැති උන එක. කැලිෆෝනියාට ලා දුඹුරු පාට හමක් තිබුණ නිසා එහෙ ඉන්න බහුතරයක් අය එයාව යාළුවෙක් හැටියට හඳුන්වන්න කැමති උනේ නෑ. ඒත් එතනින් කිහිප දෙනෙක් හිටියා වර්ණ බේද නැතිව හිතවත් වුණ අය.. අම්මා තාත්තා මුදල්, අවශ්‍ය දේවල් තමාට එවන නිසා එයාට ගෙදරට වෙලා ඉන්නයි තිබුණේ. ඉතින් එදා සාමාන්‍ය දවසක්. ඒත් උදේ ඉඳන්ම තිබ්බ වැස්ස නිසා පාරවල් පවා ලිස්සන සුළු වෙලා වාහන වලට එහෙ මෙහෙ යන එකත් අපහසු උනා.. "සරත්චන්ද්‍ර.. තාම ඕක හදාගන්න බැරි උනාද ?" විනාඩි විස්සක් විතර බලන් ඉඳලා නිර්වාන් කාර් එකෙන් බැහැලා තෙමි තෙමිම ඉස්සරහා ඩ්‍රයිවර් ලඟට ගියා. පැයක ඉඳන් සරත්චන්ද්‍ර කාර් එක හදන්න උත්සහ කරනවා වැස්සෙම. ඒත් පාළු පාරක නැවතුණ කාර් එක හදා ගන්න පුළුවන් කමක් ලැබුණෙ නෑ වගේම උදව් ගන්න කෙනෙක් හිටියෙත් නෑ. "සර් තෙමෙන්නෙ නැතුව ඇතුලට යන්න. වැස්ස වැඩි වෙනවා එන්න එන්න. සර් ලෙඩවෙයි තව තෙමුනොත්." "එතකොට හෙට උදේ වෙනකම් අපිට මෙතනද ඉන්න වෙන්නේ ?" "ළඟ පාත ගෙයක් තියෙනවා නම් යන්න පුළුවන්නේ. ඒත් කුඩයක් වත් අපි ළඟ නෑනෙ සර්." "කමක් නෑ.. මේ ලඟම ගෙයක් තියෙන්න ඕනි. මේ එළවළු කොටු කරන මිනිස්සු ඈත ඉන්න විදිහක් නෑනේ. "එහෙනං සර් අපි ඉස්සරහට ගිහින් බලමුකො. සර් කෝට් එකවත් ගලවලා ඔළුවට දාගන්න. මං කාර් එක ලොක් කරලා යතුර අරන් එන්නම්." එහෙම කියපු සරත්චන්ද්‍ර කාර් එක ලොක් කරලා යතුර අරගෙන ආවා. ඉතින් නිර්වාන් වැස්සෙම සරත්චන්ද්‍ර එක්ක පාර දිගේ ඇවිදගෙන ගියා. කම්පැනි එකේ වැඩකට එයාලා නුවරට ආවා. යද්දි ගොඩක් රෑ වුණ නිසා තමයි කාර් එක වත් හදාගන්න කෙනෙක් හොයන්න නැති උනේ. "අර බන්ග්ලෝ එකක් නේද ?" "ඒ වගේ සර්." ඈත වත්තක් මැද තියෙන බංගලාවක් දැකලා ඒ දෙන්නා ඒ පැත්තට ගියේ මේ රෑ කාගෙන් හරි උදව්වක් ඉල්ල ගන්න හිතාගෙනයි. ඇරලා තිබ්බ ගේට්ටුවෙන් ඇතුලට ගියපු එයාලා බංගලාවෙ වහලා තිබ්බ දොර ඉස්සරහින් හිට ගත්තා. "ගේ ඇතුලත් සීතල වෙනවා නෝනා.. ගිහින් නිදා ගන්න රෑ වෙනකම් ඇහැරන් ඉන්න එපා." හාප් එකක අලුත්වැඩියාවක් කරන ගමන් හිටපු කැලිෆෝනියාට එහෙම කිව්වේ ගෙදර වැඩට හිටපු ගෑනු ළමයා. පෝරණුව පත්තු කරලා තියෙන නිසා පිටත සීතල ඇතුලට දැනුනෙ නෑ. 🎶 Ding Dong කවුරු හරි කෙනෙක් රෑ 11 පහුවෙලා බංගලාවෙ බෙල් එක ගහනකොට කැලිෆෝනියායි ගෙදර වැඩ කරන කෙනායි මූණට මූණ බැලුවා. සාමාන්‍යයෙන් මේ ළඟ පාත මීටර් සීයක් යනකම් වත් ගෙයක් නෑ කැලිෆෝනියා දන්න, හිතවත් අය ඉන්න. "හොරුද දන්නෑ නෝනා.. දොර අරින්න එපා." "I don't think so." වැඩ කරන ගෑනු ළමයා එපා කියද්දි කැලිෆෝනියා ගිහින් දොර ඇරියා. ඇඳුම් ඇඟටම ඇලෙන්න තෙමුණු පිරිමි ළමයෙකුයි වයස මනුස්සයෙකුයි ඉන්නවා දොර ලඟම. "ඔව් ?" "Sorry ඔයාට කරදර කලා නම්. අපේ කාර් එක මේ ලඟදි කැඩුනා. ෆික්ස් කරගන්න කෙනෙක් හම්බුණෙත් නෑ. පොඩි හෙල්ප් එකක් ඉල්ල ගන්න තමයි අපි ආවෙ.. "එන්න ඇතුලට." කිසිම ප්‍රශ්නයක් නොඅහා කැලිෆෝනියා හිනා වෙලාම ඇතුලට එන්න කියද්දි නිර්වාන් සරත්චන්ද්‍ර දිහා බැලුවා.. "අපි ගොඩක් තෙමිලා ඉන්නේ." "කමක් නෑ. එළිය සීතලයි දැන්. තෙමිලා ඉද්දි ඉන්න අමාරුයි. අනික ඇතුළෙ පෝරණයක් තියෙනවා." කැලිෆෝනියා කිව්ව නිසා නිර්වාන්, සරත්චන්ද්‍ර දෙන්නා ඇතුලට ආවා. ඇතුළෙ තියෙන Music instrument දැක්කම ඒ දෙන්නට පුදුම හිතුණා. මොකද ලංකාවෙ ප්‍රචලිත නැති Instrument පවා එතන තිබුණ නිසා. "ඔයාලගෙ කාර් එක හදන්න කෙනෙක් මෙවෙලෙ හොයන්න අමාරුයි. අනික මේ වැස්ස අද දවසට නවතින පාටක් නෑ වගේ." "ඔව්.." "එහෙම උනොත් ඔයාලා අද මෙහෙ ඉඳලා හෙට උදේ වැස්ස පෑව්වාම යන්න." "කමක් නැද්ද එහෙම ?" "මට ප්‍රශ්නයක් නෑ." ගෙදර වැඩ කරන ගෑනු ළමයා ඒකට අදිමදි කළාට කැලිෆෝනියාට ඕනි උනේ කරදරයක වැටුණු මනුස්සයෙකුට උදව් කරන්න. "ඔයාලට ඔහොම ඉන්න බෑ නේද. මම රූම් එකක් දෙන්නම්. මගෙ ඩෑඩ්ගෙ ඇඳුම් වගයක් තියෙනවා. තෙත ඇඳුම් ඒවාට චේන්ජ් කරගන්න." එහෙම කියලා කැලිෆෝනියා උඩට ගියා. ගෙදර වැඩ කරන ගෑනු ළමයා බැලුවේ කැලිෆෝනියාගෙ ආරක්ෂාව ගැන. මේ දෙන්නා බොරු කාරයො දෙන්නෙක් කියලා මුලදි හිතුවට, පස්සෙඑයාට හිතුනා එහෙම කිසිම බලපෑමක් එයාලගෙන් නෑ කියලා. "මහත්තයලාට සීතල ඇතිනේ. මම තේ එකක් හදන් එන්නම්." නිර්වාන් හිතුවෙත් නෑ මේ වගේ වෙලාවක එයාලට උදව් කරන්න කෙනෙක් ඉදිරිපත් වෙයි කියලා. ඒත් අහම්බෙන් හම්බුණ සුරංගනාවියක් එයාලට බයක් සැකක් නැතුව උදව් කරා.. "උඩට ගිහාම ලඟම රූම් එකක් තියෙනවා. ඒකට ගිහින් මේ ටික චේන්ජ් කරගන්න." "Thank you so much." නිර්වාන් සරත්චන්ද්‍ර එක්ක උඩට යන හැටි බලාගෙන හිටපු කැලිෆෝනියා සෝෆා එකකින් ඉඳගෙන ආයෙ හාප් එක හදන්න ගත්තා. එදා ඉඳන්ම කැලිෆෝනියා ආසයි ජාති, ආගම්, තත්ව, බලන්නෙ නැතුව මිනිස්සුන්ට උදව් කරන්න. හරියට එයාගෙ දුව වගේ. ඒත් ඒකෙන් සමහර අවස්තාවල එයාවම අපහසුතාවයට පත් උනේ නැතුවම නෙවෙයි.. "ඔයාලා බිස්නස් වැඩකට ආපු ගමන්ද ?" සෝෆා එකට වෙලා තේ එකක් බොන ගමන් හතර දෙනාම කතා කරා.. "ඔව්.. එද්දි ටිකක් රෑ උනා. ප්‍රශ්නෙ උනේ නොහිතපු වෙලාවක මගෙ කාර් එක කැඩුන එකනේ." "ආ.. ඒක තමයි." "ඔයා Instrument ප්ලේ කරන කෙනෙක්ද ?" "ඔව්.. මම නිව්යෝර්ක් වල Shows කරනවා." "Really.. මම හිතුවෙ නෑ. එතකොට ඔයා මෙහෙ කෙනෙක් නෙවෙයිද ?" "මගෙ අම්මා සිංහල, තාත්තා ඇමරිකන්." "එහෙමද." එදා කැලිෆෝනියා නිර්වාන්ව දැකපු පළවෙනි වතාව වගේම නිර්වාන් කැලිෆෝනියා දැකපු පළවෙනි වතාව. කැලිෆෝනියාගෙ නිහතමානී ගතිගුණ වලට වගේම පෙනුමටත් නිර්වාන්ගෙ හිතේ දැඩි කැමැත්තක් ඇති උනා. ඒත් ඒ වෙද්දි නිර්වාන් ධනවත් පවුලක මිහිරි කියලා ගෑනු ළමයෙක් මැරි කරලා දරුවො දෙන්නෙකුත් හිටියා. "මම කැලිෆෝනියා මාර්ටිනස්.. එතකොට ඔයා ?" "මම නිර්වාන්.. නිර්වාන් රූපසිංහ.." පිරිමි හිත් වලට එකේක රූප වලට හිත යනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ඒ රූප ළඟ නවතින එක එයාලා එයාලාගේ හිතට එකඟව ගන්න තීරණයක්. තමා වෙන කෙනෙකුට අයිති වෙලා හිටියත්, නිර්වාන්ට ඕනි උනා කැලිෆෝනියාටත් අයිතියක් දෙන්න.. "එහෙනම්.. Thank you so much අපිට හෙල්ප් කරාට මිස් මාර්ටිනස්. මේක කවදාවත් අමතක වෙන්නෙ නෑ මට. ඔයා ඇර වෙන කෙනෙක් හිටියා නම් අපිට මෙහෙම හෙල්ප් කරන්නෙ නෑ ඇත්තටම." "මම හිතන්නෙ මටත් මේක අමතක වෙන එකක් නෑ මිස්ටර් රූපසිංහ. මම ඕනිම කෙනෙක්ට ඕනිම ටයිම් එකක හෙල්ප් කරන්න කැමති කෙනෙක්. අනික අපි හැමදාම ජීවත් වෙන මිනිස්සු නෙවෙයි. ඉන්න ටික කාලෙට අපෙන් හෙල්ප් එකක් ඕනි මිනිස්සුන්ට අපි හෙල්ප් කරන්නම ඕනි." "Yeah.. You are right." එදා නිර්වාන් කැලිෆෝනියාට සමු දුන්නේ ගතින් විතරයි. කාලයක් යනකම්ම නිර්වාන්ගෙ හිතේ තිබුණා කැලිෆෝනියා බලන්න යන්න. ඒත් එකපාරටම යන්න අවුල් නිසා ටික කාලයක් ගෙවෙනකම් එයා බලන් හිටියා. මේ සිද්ධිය වෙලා හරියටම මාස 6 කට පස්සෙ නිර්වාන්ට කම්පැනි එකෙ කැන්ඩි බ්‍රාන්ච් එකේ වැඩකට ආයෙ යන්න සිද්ධ උනා. එදා යන ගමන් උදේම කැලිෆෝනියා බලලා යන්න හිතුණා. ඉතින් එයා ෆ්‍රෙශ් ෆ්ලවර්ස් පවා අරගෙන කැලිෆෝනියාගෙ ගෙදරට ගියා. "හායි.. ඔයා.." කැලිෆෝනියාගෙ මූණෙ තමාගෙ පැමිණීම ගැන සතුටක් තියෙනවා දැක්කම නිර්වාන්ට හිතුණා, කැලිෆෝනියාගෙ හිතෙත් තමා ගැන කැමැත්තක් ඇති කියලා. "එදා ඔයාට මුකුත් දෙන්නත් බැරි උනානේ මට දුන්න හෙල්ප් එකට." "අනේ.. මම.. මේ දේවල් බලාගෙන උදව් කරේ නෑ." "ඒ උනාට ඔයාව බලලා හරි යන්න හිතුණා මට." "අහ්.. එහෙමද, එන්න ඇතුලට." කැලිෆෝනියා ස්වාභාවික මල් වලට ආස කෙනෙක් මින්දි වගේම. ඉතින් නිර්වාන් දුන්න ගිෆ්ට් එක එයාට ගොඩාක් වටින එකක් උනා. එදා ඒ දෙන්නා නිදහසේ කතා කරලා දෙන්නා දෙන්නවම තවත් අඳුන ගත්තා. නිර්වාන්ට අවුරුදු 30 ක් උනත් පෙනුමෙන් ලස්සනයි වගේම හැන්ඩ්සම්. ඉතින් කැලිෆෝනියාට එයාට හිත ගියොත් ඒක පුදුමයක් නෙවෙයි. මොකද කැලිෆෝනියා දන්නෙ නෑනෙ එයා මැරි කරලා දරුවො දෙන්නෙක්ගෙ තාත්තා කෙනෙක් කියලා. "මං යන්නම්." "පරිස්සමින් යන්න. ආයෙ දවසක කම්පැනි එකට ආවොත් මෙහෙත් එන්න. කෑම ටිකක් කාලා යන්න." "අනිවාර්යයෙන්." නිර්වාන් ආයෙමත් තමාව බලන්න ආපු නිසා කැලිෆෝනියාගෙ හිතේ නිර්වාන් ගැන තිබුණේ පැහැදීමක්. ඉතින් ආයෙමත් දවසක නිර්වාන් තමාව බලන්න ඒවි කියලා කැලිෆෝනියා තමාගෙ හිතේ බලාපොරොත්තුවක් තියා ගත්තා. හිතුවා වගේම ඊට මාස හතරකට පස්සෙ ඒ දෙන්නා ආයෙ මීට් උනා. ඒ වෙලාවෙදිත් එයාලා තවත් හිතවත් උනා.. අන්තිමට නිර්වාන් හේතු හදාගෙනම කැලිෆෝනියා බලන්න ආවා මාසයකට දෙකකට සැරයක්. නිර්වාන්ගෙ වයිෆ් උන මිහිරිට ඒ දවස් වල වෙන කෙනෙක් එක්ක එෆෙයා එකක් තිබුණ නිසා නිර්වාන් යන්නෙ කොහෙද, කාව මීට් වෙන්නද කියලා හොයන්න ගාණක් වත් උනේ නෑ. සමහරවිට මිහිරියි නිර්වානුයි අතර හොඳ මැරේජ් ලයිෆ් එකක් නොතිබුණ නිසා නිර්වාන් කැලිෆෝනියා ලඟට යන්න ඇති. .................................................................. 🖤 ... *මේ එපියෙ ඉඳන් ඉදිරියට ඔයා ඉන්නෙ කැලිෆෝනියාගෙ අතීත කතාව ඇතුළෙ ⏳* *ඊලඟ එපියත් ඉක්මනින්ම දෙන්නම්. එතකන් මේ එපියට React පුරවන්නලා 😌* > Sachy Collins
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: *Spring is far away* 🖤 (වසන්තය තව දුර ඇති)  ```Episode 110```  |  Why...
❤️ 🩷 🩵 👍 💐 💙 💗 💜 428

Comments