දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 10, 2025 at 11:39 AM
*🩷ආදරියේ🩷*
~දඩබ්බර හිත් දෙකක් මැද අතරමං වූ ආදරියයි ඇය~
💋💋💋💋💋💋💋💋💋💋💋💋💋
1️⃣3️⃣.
මේ හැම දේ දිහාම බලන් හිටිය තව ඇස් දෙකක් තිබ්බා,ඔව් යන්නම් කියලා තරහට ගියත් නේහා කියන්නේ එයාගේ හුස්ම ටික,කෙල්ලගේ ලස්ස්න හිනාව දිහා ඈතට වෙලා බලන් හිටියේ වෙන කවුරුත් නෙමෙයි යොමාල්,ඒත් එයාව ගැහෙන්න ගත්තේ දුශේන් අතින් නේහට ඔටුන්න පලන්දද්දි,
යොමාල් හිටියේ ඈත නිසා හරියටම වුනේ මොකක්ද කියලා දැක්කේ නැති වුනත්,දුශේන්ගේ ඇස් නේහාගේ ඇස් එක්කම ගැටිලා කියලා එයා දැක්කා.
නේහා කියන්නේ එයාගේ ආදරේ,එයාගේ පෙම්වතිය ඉතින් යොමාල් දත් මිටිත් කාගෙන බලන් හිටියා,එයා යතා තත්වෙට ආවේ ලගට ආව කොල්ලො ටික නිසා.
"අඩෝ අඩෝ අන්න උබේ කෙල්ල අවුරුදු කුමාරි ඈ,අපිට පාටි දීපන්"යාළුවෝ එහෙම කියද්දි නොරිස්සුම මැදින් යොමාල්ට දැනුනේ ආඩම්බරයක්,මොකද එයා එයාගේනේ.
"හරි හරි බං ඒ උනාට මට තරහ මං එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් වෙලා මට නොකියා ගිය එකට"
"ඕවා අමතක කරපං බං,කෙල්ලට විශ් කරපන් යමන්"එහෙම කියලා යාළුවෝ කට්ටිය යොමාල්ව ඇඳන් බලෙන් වගේ ගියේ ස්ටේජ් එක පැත්තට.ඒ වෙද්දි නේහා ස්ටේජ් එකෙන් බිමට බැහැලා.
කොහෙදෝ ඉදන් දුශේන් ගාවට දුවන් ආවේ පසිඳු,දුශේන් හිටියේ පැත්තකට වෙලා නේහා දිහාම බලාගෙන,අද දවසටම එයා ඇස් තිබ්බෙම කෙල්ල ගාව.
ඒ මචං ශේන්"
පසිදුගේ හඩට කොල්ලා ඇයි ඇහුවේ අභිනයෙන්,ඒත් ඇස් තිබ්බේ නේහා ගාව පසිඳු ඒක දැක්කා.
"ඕක අත ඇරපං"පසිඳු කිව්වේ
"මොකක්ද"
"නේහාව හිතෙන් අත ඇරපං"ඒක ඇහෙනවත් එක්කම දුශේන් යාලුවාගේ පැත්තට හැරුණා.
"ඇයි ඒ මොකටද"දුශේන්ට යකා නැග්ගා"
"කියන දේ අහපන්,ඒකි ගැන හිතන්න එපා"
"පසියා උබ දන්නවා මේ දුශේන් ට දේකට හිත ගියොත් ලෙවෙත් අත අරින්නේ නෑ කියලා"
"දන්නවා ඒ හිනදා තමයි දුරදිග යන්න කලින් අත ඇරපං කියන්නේ"
"ඇයි ඒ මොකටද ඒ මොකක්ද හේතුව"ඒත් පසිඳු ඒක කිව්වේම නෑ.
දුශේන් තවත් මූන රකුසු කරන් බලන් ඉන්නවා.
"හේතුවක් තියෙන නිසා කියන්නේ"
"මොකක්ද ,ඇයි නේහාගේ ප්‍රශ්නේ මොකක්ද"දුශේන් කොහොමත් ලේසියෙන් කිසි දෙයක් අත අරින්නේ නෑ.
"ප්‍රශ්නෙද ප්‍රශ්නේ ඒකී යොමාල්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නිසා"
බැරිම තැන පසිදුගේ කටින් පිට වුනේ ඒක,මොහොතකට දුශේන්ගේ පපුව හිර වෙලා ගියා වගේ.
"නේහා යොමාල්ගේ කෙල්ල"දුශේන් ඒකම ප්‍රතිරාව ය කරේ අදහාගන්න බැරුව.
ඒත් එක්කම පසිඳු දුශේන්ට අභිනයෙන් පෙන්නුවේ ස්ටේජ් එක පහල.දැක්ක දෙයින් දුශේන්ට එක පාරම ශොක් වුනා.
නේහා හිටියේ යාළුවෝ එක්ක සතුට සමර සමර,නොකිව්වාත් එයා හිත යටින් යොමාල්ව හොය හොය හිටියේ,ඒත් එක්කම නේහාට ඇහුනේ ඒ හඩ.
"නේහා"නේහා හැරිලා බැලුවා,බලද්දි හිනාවකින් දෙතොල් සරසාගෙන හිටියත් ඇස් වල පසුතැවීමක් දරාගෙන හිටියේ යොමාල්.
"මයි කන්ග්‍රෙජුලේශන් නේහා"යොමාල් එහෙම කියලා එයා දිහා බලන් හිටියේ හරි ආදරෙන්.නේහා ගේ ඇස්වලට කදුලු ආවේ නිරායාසයෙන් ,කොච්චර තරහ වෙන්න හැදුවත් එයාට ඒක කරන්න බෑ,නේහා යොමාල් ඈත් කරපු අත් අතරින් රිංගලා ගිහින් එයාව වැලදගත්තා.
"මාත් එක්ක තරහට මෙච්චර හිතුවක්කාර වැඩක් කරේ ඇයි"යොමාල් කෙල්ලව බදාගෙන ඇහුවේ ඒ හිස පිරිමදිමින්.
"ඔයා තමයි මගේ හිත රිද්දුවේ"එහෙම කියද්දි යොමාල්ට හිනාවක් ගියේ පොඩි එකියක් වගේ නේහා කිව්ව තාලෙ.
"අයිම් සොරි"යොමාල් සියුම්ව ඇගේ හිස සිපගත්තේ එහෙම කියන්.
දුශේන්ගේ ඇස් වලට පෙනුනේ ඒ දසුන,එයා අතත් මිටි කරන් බලන් හිටියේ තරහින්ද වේදනාවෙන්ද කියලා පසිදුට තේරුනේ නෑ.
"ඕක අත ඇරලා දාපන්"පසිඳු එහෙම කිව්වේ දුශේන්ගේ උරට පහරක් ගහලා.කිසිම හැගීමක් නොපෙනුන මුහුනේ ටික ටික ඇඳුනේ හිනාවක්,පසිදුට ඒ හිනාවේ අරුත තේරුන් ගන්න බැරි වුනා.
ඒක දුශේන්ටම ආවේණික වුන දඩබ්බර හිනාවක් කියලා පසිඳු දන්නවා.දුශේන් අත් දෙකත් බැදන් ඒ දසුන දිහා බලන් හිටියේ මුවේ අර හිනාව තවත් පුලුල් වෙද්දි.
"ශේන්"ඒක එච්චර හොද නෑ කියලා පසිදුට තේරුන නිසාම එයා කතා කරා.
"මං මේක ලොවෙත් අත අරින්නේ නෑ"දුශේන් කිව්වේ හරිම ස්ථිර හඩින්
==========================
එදා රෑ රෝශි නේහාලාගේ ගෙදර නතර වුනේ,රෑ වෙලා නිසා වගේම නේහාව බේරගන්න එයාගේ ආච්චිගෙන්,රෝශි ආච්චිගේ හැටි දන්න නිසාම ආච්චි මම්මව උස්සලා මුරුංගා අත්තේ මුදුනෙම තියන් කතාව.
"ආච්චි මම්මාට කියන්න,ඔයා වගේමයි අපේ නේහාත් ආයේ කවුරුත්ම නෑ එයාව පරාද කරන්න,දැක්කනේ අද අවුරුදු කුමාරි"
"අපේ වලව්වේ ලමාතැනීලා එහෙම තමයි ,ඉස්සර ඔන්න අපේ අප්පච්චි ඕවාට මට යන්න දුන්නේ නෑ නෙව,කෙල්ල කාලේ මුලු ගමම ආවා මගේ පස්සෙන්"
ආච්චිමම්මා කියන්නේ හරි උජාරුවෙන් .
"ආයේ ඒ කාලේ මොකො,ආච්චි මම්මා තවත් ඔය හැඩට ඉන්නේ කෙල්ල වගේ,වසක් නම් කියන්න බෑ"
"විහිළු නොකර ඉන්නවා ලමයා"ආච්චි හිනා වෙනවා,නේහා මේ කතාව අහන් ඉන්නේ දත් ඇදි දෙක පූට්ටු කරන් නැත්ත්නම් එයාට හිනා යනවා,රෝශි තියන් ආච්චිව අන්දන ඇන්දිල්ලට.
නේහාගේ අම්මා කට්ටියට තේ අරං ආවේ ඒ වෙලේ,නේහාගේ අම්මා ත් හරි ලස්සනයි,අවුරුදු විසි එකක දුවක් එයාට ඉන්නවා කියලා හිතන්නවත් බෑ,එයාට තිබ්බේ පිටරටක කෙනෙක්ගේ පෙනුමක්,ඒත් එයත් තවත් වලව්වක ළමාතැනී කෙනෙක් නිසා ඒ උශ්නේ එයාටත් තිබ්බා.
නැන්දම්මායි ලේලි හොදට ගැළපුණේ ඒ නිසා.
"දැන් අපේ සුදු මැනිකෙට මොනවද හම්බුනේ ඔය තරගෙන්,ඔටුන්නට අමතරව"
"ම්ම් පනස්දාහක වව්චර් එකක් දුන්නා නේද"රෝශි නිකම් දන්නැති ගාණට ඇහුවේ.
"ඔව් ඔව්"
"අහ් එහෙනම් කමක් නෑ,මං ඉතුවේ ඔය බේසම් ,පිඟන් කෝප්ප සෙට් කියලා
!"අප්පෝ ඒවා දුන්නේ ආච්චිලාගේ කාලේ නේ ,දැන් එහෙම නෑ,අනික අපේ ප්‍රසිඩන්ට් අයියා මාර ස්මාර්ට් ඩයල් එකක්"රෝශිගේ සංවර භාශාව ඔන්න එයාටත් නොදැනීම කැඩුනා.නේහා කැස්සේ ඒක එයාට මතක් කරන්න.
"අර මොකක් කිව්වා කවුද"ආච්චිට කතාව මීටර් වෙලා.
"අහ් මේ නෑ අච්චි මම්මා,අපේ සංගමේ සභාපති ලෝබ නෑ කිව්වේ,රෝශි යන්ද නිදාගන්න මට මාර නිදිමතයු"
නේහා ක්ශනිකව කැපුණේ,තේ එකත් අරන් රෝශිවත් ඇදගෙන.
කොල්ලෙක් ගැන කියනවාවත් ඇහුනොත් ඉතින් ආයේ වසලා හමාරයි,
කාමරේට ඇවිල්ලා දොර පියන් දෙකත් වහලා දාපු නේහා.
"තව පොඩ්ඩෙන් උබේ අර ස්මාර්ට් සභාපති යා ගැන උප්පැන්නෙම දෙන්න වෙනවා"
"හරි ඉතින් මං බොරුද කිව්වේ,අඩෝ දුශේන් අයියා මාර හැන්ඩ්සම් බං,කෙල්ලො ඔය වැලලුනාට මං අද තමයි මිනිහාගේ ලස්සන හරියට දැක්කේ"
.
"සමයං මේකිටත්"නේහා ඇද උඩින් ඉදගත්තේ එහෙම කියන්.රෝශිත් එයා ගාවම ඉදගත්තා.මූණත් අමුතු කරන්.
"ඒ ඇස් දෙක දවසම ඇහේ පොට යනකම් තිබ්බේ උබ ගාව ,දන්නේ නෑ කියන්න එපා මං බලන් ඔක්කොම.
මෙන්න මෙහෙම සාටකේ දාලා,මෙහෙම ඔටුන්නත් දාලා,කොන්ඩේ කෑල්ලත් කන පිටිපස්සට කරලා,මොනවද ඒ කිව්වේ ම්"දුශේන් කරපු ටික රෝශිත් ඒ විදිහටම කර කර අහද්දි නේහාගේ කට ඇරුනා.
"කිව්වේද"
"හ්ම් හ්ම්"
"අනේ මේ මගෙන් මොකුත් නාහා නිදාගනින්"නේහා ඇදේ මුණින් පෙරලුනේ,එහෙම කියන්.
"ඔහොම යන්කෝ නංගි,දවසක ඔතන හිර වුනාම කියපන්කෝ"රෝශි තව මොන මොනවද කිව්වත් නේහා කොට්ටේ මූන උඩට දාන් ඇස් වහගත්තා.
එයාගේ පපුව හෝ ගාලා ගැහෙනවා, ඒක මතක් කරද්දිම කෙල්ලට ඒ බැල්ම කතාව මැවිලා පේනවා වගේ,දුශේන්ගේ සැර සෙන්ට් සුවද එක්ක,ඒ කඩවසම් රුව,දඩබ්බර හිනාව,ඒ ඇස් වලින් කියපු දේවල්,එකින් එක නේහාගේ මනස පටලවනවා,නේහා එයාගේ පපුවට අතක් තියාගත්තේ ඒ හදගැස්ම නතරකරගන්න වගේ....
🌻🌻🌻
හෙට කොටසට විරාමයක්........
Novel by✍🏻
Sewmini Kaweesha ✨
❤️
❤
💗
🩷
👍
💙
❤🩹
💜
🩵
🌝
340