දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
                                
                            
                            
                    
                                
                                
                                June 10, 2025 at 02:07 PM
                               
                            
                        
                            Episode 36 🤍💐
අම්මගෙ තුන් මාසෙ දානෙත් ඉවර වෙලා දැනට මාසයක් වෙනවා තාත්තා තාමත් හිතේ වේදනාවෙන් ඉන්න නිසා තාත්තව දාලා යන්න බැරි නිසා මායි සහස්වර එහෙ ඉන්න තීරණය කලා 
'සුදු අයියා කෝ අනේ ඔයා'
ඊළගට මේ කුණ්ඩවාලේ දානෙන් පස්සෙ ගියෙ නෑ මෙහෙ නතර වෙලා සහස්වරගෙ ඔෆිස් යනවා කොයි වෙලෙත් සුදු අයියෙ සුදු අයියේ යැයි යැයි තමා
'කියන්න චූටි සුදූ මන් මෙහෙ'
තේ හදාගෙන මාත් ගියෙ සාලෙට ඒ යනකොට දෙන්නා ලොකු වැඩක සහස්වරටත් ගානක් නෑ මන් කියලා කෙනෙක් ඉන්නවත් ද කියලා තේ ටිකත් ටිපෝ එකෙන් තියලා මන් මගේ තේ එක අරන් ආවේ එළියේ තිබ්බ ඔංචිල්ලාවට හිත ටිකක් නිදහස් කරගන්න කියලා මේ මාසෙම වගේ සහස්වර මාව කෙයාර් කලේම නෑ දුකයි එයා එහෙම වෙනකොට 
අයුමි එක්ක ඉන්නකොට මට ඊරිසියයි සහස්වර අයුමි ගැන නංගි විදිහට හිතුවත් අයුමි සහස්වර ගැන එහෙම හිතන් නැති බව මට තේරෙනවා 
අම්මටයි දුවටයි දෙන්නටම ඕනෙ සහස්වර ඇගේ එල්ලෙන්න 
 
කල්පනා කර කර හිටපු මට කෝල් එකක් ආවේ චේතිගෙන් 
'හෙලෝ අමා'
'ඕ කියන්න චේති'
'උඹලට ඉතින් අපිම ගන්න ඕනි නැත්තන් අපිට ගන් නෑ'
'අනේ චේති එහෙම නෑ මට මේ දවස් ටිකේ හිතට හරි නෑ ඒකයි'
'ඒ ඇයි අමා'
'තේරෙන් නෑ බන් දුකක් වගේම හිතට බයකුත් දැනෙනවා මට සහස්වර නැති වෙයි වගේ කියලා'
'ඒයි මැට්ටි උඹ ඔය ඔහොම හිතන්නේ අයුමි නිසාද'
'හ්ම් හ්ම්'
'අනේ බන් සහස්වර අයුමි ගැන හිතන්නෙ සහෝදරී විදිහට නේ බන් අයුමිගෙ හිතේ මොන දේ තිබ්බත් වැඩක්ද සහස්වර උඹේ හස්බන්ඩ් නේ විකාර හිතන් නැතුව ඉදපන් ප්‍රශ්න නැතිවටද ප්‍රශ්න හදාගන්නෙ උඹ'
'ඒත් බයයි'
'අනේ ඇත්තමයි මෙච්චර මේ අවුරුදු ගානක් තිස්සෙ උඹ පස්සෙ ඇවිත් උඹේ ජීවිතේට ඇවිත් උඹව අත අරී කියලා හිතනවද උඹ පිස්සුද අමා'
'..........'
මන් දන් නෑ ඒත් මට බයයි මට එයාව නැති කරගන්න බෑ එයා නැතිව ඉන්නත් බෑ මන් එයාට කොච්චර ඇබ්බැහි වෙලාද කියන්න මට තේරෙන්නෙත් නෑ 
'දැන් මොකද උඹ කරන්නෙ'
'තේ බොනවා'
'මොකද යකෝ මේ මිනිහා මැරිච්ච ගෑනි වගේ'
ඒක එක දේවල් කියව කියව පැයක් විතට ඉන්න ඇති හොදට බැනුත් අහලා තමා කෝල් එක මන් කට් කලේ කෝප්පෙත් අරන් ආයෙමත්  ගේ ඇතුළට එනකොට දැක්ක දේත් එක්ක මගේ ඇස් වලට කදුළු පිරුනා 
සහස්වර අයුමිගෙ උකුලේ ඔලුව තියාගෙන අයුමි ඔලුව අත ගානවා මන් දොර ගාව හිටන් ඉන්නවා දැකපු අයුමි මට අමුතු බැල්මක් දීලා පාත් උනේ සහස්වරගේ නළලට ඒ වෙන්න යන දේ බලන් ඉන්න බැරි නිසා මන් එතනින් යන්න ගියේ කම්මුල් දිගේ බේරෙන කදුළුත් පිට අල්ලෙන් පිහිදගෙන 
දොරත් හයියෙන් වහගෙන ම මන් ආවේ කාමරේට 
'අ..යු.මි එ..ක්ක..එ.හෙ.ම...හැසි..රෙන්නෙ...කොහොමද ස..සහස්වර ඔයාහ්'
කොට්ටෙත් බදාගෙන මන් ඉකි ගැහුවා මාව එපා වෙලාද සහස්වර ඔයාට මාව ඕනි නැද්ද එයාගේ උකුලෙන් ඔලුව තිබ්බෙ ඇයි මන් මන් කවුද එතකොට ඔයාගෙ අයුමි ඔයාව කිස් කරන්නත් ඇති 
'අමා'
අඩ අඩ හිටපු මට නින්ද ගියෙ කීයට ද කියන්න දන් නෑ ඇහුරුනේ සහස්වර දොරට ගහනකොට වේලාව බලනකොට රෑ අටටත් ලගයි
දොරත් ඇරලා එයා දිහා නොබලම මන් ටවල් එකයි ඇදුනුයි අරන් ගියෙ බාත් රූම් එකට
වොශ් එකකුත් දාගෙන ගවුමත් ඇදන් මන් කාමරෙන් එළියට ආවේ සහස්වර ඉන්නවද නැද්ද කියලවත් බලන් නැතුව 
'සුදු නෝනා කෝ සුදූ'
තාත්තා කෑම මේසෙන් වාඩි වෙන ගමන් එහෙම අහද්දි මන් උඩ තට්ටුවට අත දික් කරලා පෙන්නලාම ගියෙ කුස්සියට මන් යනකොට නැන්දා කෑම භාජන වලට දානවා
'බබා නැගිට්ටද සනීප නැද්ද බබා ඔයාට මූණත් එක්ක ඉදිමිලා වගේ'
නැන්දා මගේ මූණත් අත ගාලා එහෙම කියනකොට මන් කිව්වේ
'ඔලුව ටිකක් රිදුනා නැන්දේ ඒක හින්දා වෙන්නැති'
මන් එහෙම කියලා නැනදා හොදි දාලා තිබ්බ භාජනත් අරන් ගිහින් තිබ්බෙ කෑම මේසෙන් ඒක තියල හැරෙනකොටයි දැක්කෙ සහස්වරව තනියම නෙමේ අයුමිගෙ කරට අතත් දාගෙන පඩිපෙළ බහිනවා ඒ දිහා බලන් ඉන්න බැරිකමටම මන් ආපහු ගියෙ කුස්සියට ඉතුරු හොදි භාජන දෙකත්  අරන් නැන්දා ගියාම පැන්ට්රියට් හේත්තු වෙලා හිරකරන් හිටපු කදුළු ටිකට ඔහේ යන්න ඉඩ දුන්නා 
'හහ් හහ්'
පිටිපස්සෙන් ඇහුන හිනා වෙන සද්දෙට මන් ඉක්මනට කදුළු ටිකත් පිහිදගෙන හැරුනා 
'අනේ අනේ අපේ සුදු නෝනා අඩන්වනේ'
අත් දෙකත් බැදගෙන අයුමි සමච්චලේට එහෙම කියනකොට මන් ඇහුන් නෑ වගේ ජෝග්ගුවට වතුර පිරෙන්න තිබ්බෙ මට තරහ ගියොත් ඕකිගෙ දත් ටික අම්මපා බඩට යනවා කියලා හිතුන නිසා 
මන් සද්දයක් නැතුව හිටපු නිසා අයුමිත් සද්ද නැතුව හිටියා ඒත් මන් ආපහු වතුර එකත් අරන් යනන් හදනකොටම ඒ කාණු කට ඇරුනා
'බලන් ඉන්නවා අමන්දි සුදු අයියව මන් ලබා ගන්න හැටි'
ආපු කේන්තියෙ හැටියට මන් ආයෙමත් හැරිලා අඩිය තිබ්බේ ඒකි ගාවට යන්න ඒත්
'අනේ බබා වතුර එක ගිහින් තියන්න පුතේ මට අමතක උනා නේ'
නීටා නැන්දා ආපු නිසා මන් ආයෙමත් හැරිලා ආවේ කෑම මේසෙට වතුර එකත් තියලා මන් ඉදගත්තේ නැන්දට එහා පැත්තෙ පුටුවෙන් සහස්වර මන් දිහා බලන් හිටියා මන් දැක්කා මට ඔන් නෑ එයා ගාවින් වාඩි වෙන්න ඉන්නෙ මහලොකු චූටි සුදූ 
බත් කටවල් දෙක තුනකුත් කාලා කාටත් කලින් මේසෙන් නැගිට්ටෙ මන් 
'බබා පැන්ඩෝල් දෙකක් බොන්න පුතේ'
කාමරේට යනා හදනකොටම නැන්දා මට එහෙම කිව්වා හා කියන්න ඔලුවත් වනලා මන් ආවේ කාමරේට 
මූණ පොඩ්ඩක් හෝදගෙන නයිට් ඩ්‍රෙස් එකත් ඇදන් මන් හාන්සි උනේ ඇදෙන් ජනේලෙන් පේන අහස දිහා බලාගෙනම හිටපු මගේ ඇස් ටික ටික පියවෙන්න ගත්තේ මාව නින්දටම ඇදලා දාලා 
ඒත් ටිකකින් දැනුන ඒ ගොරෝසු අත් මගේ ඔලුව හිමින් පිරිමදිනකොට මන් ඇස් ඇරියා 
එයා දිහා බලලා රවලා මන් ඒ අත් අයින් කලා 
'අමා මොකද මේ'
මන් නැගිටලා හේත්තු උනේ ඇද වියලට එයත් නැගිටලා එක කකුලක දණිස්සකට වැලමිටත් තියගෙන මන් දිහා බලන් ඉන්නවා
'ඇයි මොකද'
'යකෝ මේකිගෙ සැර බත් වෙනුවට කන්නෙ කොච්චි ද'
මන් ගස්සගෙන අහක බලා ගත්තා මන් සැර නිසා වෙන්නැති අරකි එක්ක හුරතල් වෙන්නෙ මාව වැඩක් නැතුව ඇති නේ 
පපුවට අත් දෙකත් බැදගෙන හිටපු මාව එයා ඇදලා ගත්තෙ එයා ලගට
'මොකද දැන් මේ මගේ මැණිකෙට කේන්ති ගිහින්'
මූණට වැටිලා තිබ්බ කෙස් රොදයකුත් කන පිටිපස්සෙ රදවන ගමන් එයා අහනවා උනත් මන් සද්ද නැතුව හිටියා කවදාවත් නැතුව මැණිකලු හහ් මන් අහුවෙයි  ඕවට
විනාඩි පහක් විතර ගියත් මන්වත් එයාවත් කතා කලේ නෑ 
'අමා මොකද මේ ආ හේතුවක් තියේනම් කියනවා ඕයි හිත් කියවන්න මට බෑ'
එකපාරටම එයා කෑගහද්දි මන් ගැස්සිලා ගියා මාව එහාට තල්ලු කරලා එයත් එහාට උනා මගේ ඇස් වලින් ආයෙමත් කදුළු එන්න් පටන් ගත්තෙ එයා මට විතරයි එයාගෙ යකා පෙන්නන්නෙ 
'අ.අ.අ ඒ ගමන ටැප් එක ඇරගත්තා මොකද ඕයි මේ'
'ඔව් ඔව් ඇරගත්තා තමා ටැප් එක මොකද ඔයාට වැඩක් නෑ නේ මන් ඇයි තරහ ගන්නෙ කියන එක ඔයා ඔයාගෙ චූටි සුදූ ගැන හොයන්න මොකටද මන් ගැන හොයන්නෙ ඒකිගෙ උකුලෙම නිදාගන්න කිස් කරනකනුත් බලන් හිටියෙ මොකද දැන් මගෙ තරහ ගැන හොයන්නෙ යනවා එකී ගාවටම රෙද්ද මට විතරයි පේනේ පුප්පන්නෙ අනිත් එවුන් දර මිටි බැන්දත් සද්ද නෑ '
හිතේ තිබ්බ දුක කේන්තියකට හරවගෙනම මන් කෑගැහුවා ඔක්කොම අහන් ඉදලා එයා කලේ හිනා වෙච්ච එක 
'මොකද දැන් හිනා වෙන්නෙ මාව විහිලුවක්ද ආ'
මන් තවත් කෑගහන්න කෑගහන්න එයා කලේ හිනා වෙච්ච එක 
'මොකද්ද තමුසෙ අර අන්තිමට කිව්වෙ මාව කිස් කලා කියලා හම්මෝ හම්මෝ මරු'
ආයෙමත් එහෙම කියලා හිනා වෙනවා ඇස් වල කදුළු පුරෝගෙනම මන් රවලා අහක බලා ගත්තා 
'හරි හරි මේ නංගි මාව කිස් කලේ නෑ ඕයි කිස් කරන්න හැදුවා තාමා ඒත් මන් ඒකිට කෑගැහුවා'
එතකොට මන් මේ බොරුවටද නැට්ට පාගන් දැගලුවේ ඒ උනාට අනිත් ඒවා උනා නේ 
'අනික මන් චූටි සුදූ එක්ක නිදාගත්තද  ඕයි තමුසෙ මේ බොරුවට කෑගහන්නෙ මට'
ඒක කියලා ඉවර වෙනවා එක්කම දොරට ගහනවා ඇහුනා මන් නයිට් ඩ්‍රෙස් එකත් හදාගෙනම කකුල් දෙක ඇදෙන් පහළට දාගත්තා
'දොර ලොක් කරලා නෑ එන්න'
සහස්වර එහෙම කියනවා එක්කම ඇතුළට ආවේ අයුමි 
'අනේ සුදු අයියේ මන් ඔයා ගාවින් නිදාගන්න ද මට අද ටිකක් බයයි'
ආ හරි නේ ඔන්න දැන් එහෙනම් ඒකත් හරි නිදාගනිම්කො දැන් එහෙනම් තරහටයි දුකටයි එක්කම මන් මුකුත් නොකියාම ආවේ කාමරෙන් එලියට අයුමි මන් දිහා බලන් හිටපු විදිහට මට එන කේන්ති 
පහළ තිබ්බ රූම් එකකට මන් ආවේ අයුමි එක්ක එයා ඇත්තටම ඉදී ද නංගි උනත් එහෙම 
නින්ද යන්නෙ නැති නිසා මන් ඇද වියලට හේත්තු වෙලා ඇස් දෙක පියාගෙන 
'ම්හ්'
එකපාරට ඒ වෙච්ච දේත් එක්ක මන් ගැස්සුනා ඇස් පියාගෙන හිටපු මගේ දෙතොල් වලින් අල්ලගත්තේ එයා උමතුවෙන් වගේ මගේ දෙතොල් එයා සිපගත්තේ එන්න එන්නම රළු වෙන සිපගැනීමක් උනා මිසක් නැවතීමක් තිබ්බෙ නෑ  
මගේ නයිට් ඩ්‍රෙස් එක නැවතිලා තිබුණේ මගේ ඉන ගාවින් එයාගේ ඒ අත් මගේ ලැම පුරාම ගමන් කලේ මගේ හීන් කෙදිරිල්ලත් එක්ක  බෙඩ් ශීට් එක අතින් පොඩි කරගත්තේ මට ඒ පහස නුහුරු උන නිසා 
ටික වෙලාවකට පස්සෙ සහස්වර මාව ඒ පපුවට ඇදලා ගත්තේ මාත් එයාට ඉබේම ඇදිලා යනකොට මගේ නළලට දෙතොල් තද කරපු එයා හිමීට ඒ ඇගිලි වලින් මගේ දෙතොල් පිරිමදිනවා
'සොරි තමුසේ මගේ යකා අවුස්සනවනේ ඒ ඉන්නෙ මගෙ නැන්දගෙ දුව මගෙ නංගි මිසක් මගෙ වයිෆ් නෙමේ අමා මට අයිතියක් කියන්නත් මාත් එක්ක නිදාගන්න නෙමේ වෙන ඕන මගුලක් කරන්න පුලුවන් තමුසෙට විතරයි ඒ අයිතිය මන් දෙන්නෙත් තමුසෙට විතරයි හැමදේටම හිත රිද්දගෙන නටන්න එපා ඕයි මගේ හිතේ ඉඩ තියෙන්නෙ තමුසෙට විතරයි තේරුම් ගන්නවා'
ඒ පපුවෙන් මාව එහාට කරපු එයා තොලත් හපාගෙන මන් දිහා බලන් ඉන්නවා 
'මොකද ඔහොම බලන්නෙ'
'ඔන්න ඕක ඇදගනිම් බන් නැත්තන් මට අදම හැමදේම කරන්න වෙයි'
එයා ඒක කියලා ඉවර වෙනවා එක්කම මන් අත් දෙකෙන් වහ ගත්තෙ මගෙ ලැම 
'මන් දැක්කෝ'
එහෙම කියපු එයා ඇදේ හාන්සි වෙලා මන් ඇස් පියා ගත්තා මගේ කම්මුල් වලට ලේ පිරෙන්න වැඩි වෙලාවක් යන්නැතුව ඇති 
නයිට් ඩ්‍රෙස් එකත් ඇදන් මාත් එහා පැත්තෙන් හාන්සි උනේ එයාගේ එක අතක් මන්ම මගේ බද වටා දාගගෙන 
ඒ දෙතොල් මගේ බෙල්ලෙ විඩෙන් විඩේට තිය තිය හිටියා මන් නින්දට වැටුනේ හිතේ සතුටකුත් එක්ක 
නැවත හමුවෙමු…🤍💐 
අයාන් කියලා කෙනෙක් කතාවේ ඉන්නවා හොදේ නිකන් මතක් කලේ 😌🙏
Writer :- Mandi
                        
                    
                    
                    
                        
                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            😂
                                        
                                    
                                        
                                            ❤
                                        
                                    
                                        
                                            👍
                                        
                                    
                                        
                                            🌝
                                        
                                    
                                        
                                            💙
                                        
                                    
                                        
                                            💜
                                        
                                    
                                        
                                            🖤
                                        
                                    
                                        
                                            💐
                                        
                                    
                                        
                                            💗
                                        
                                    
                                    
                                        206