
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 10, 2025 at 02:08 PM
🌼🌼 චුට්ටි 🌼🌼
දඟකාර කෙලිපැටියෙකුගේ කතාව❤️
0️⃣8️⃣
චුට්ටි වතුර පුරවනකොට පිටිපස්සෙන් කෙනෙක් ඇවිත් චුට්ටිව බදාගත්තෙ චුට්ටිට හිතන්න වත් වෙලාවක් නැතිවෙද්දි
චුට්ටි කෑගහන්න හදනකොට චුට්ටිගෙ කට තද කරලා වැහුවෙ හුස්ම ගන්නත් බැරිවෙන තරමට
චුට්ටිව තාප්පෙට හේත්තු කරගෙන චුට්ටිගෙ මූන ඉබින්න හැදුවා විතරයි. ආකාෂ් පැනපු ගමන් අල්ලගත්තෙ ඒ මිනිහගෙ කොලර් එකෙන්
ආකාෂ් ඒ මිනිහට ගහගෙන ගහගෙන ගියේ පුදුමාකාර කේන්තියකින්..ඒ මිනිහත් නිකන් හිටියෙ නෑ ආකාෂ්ට ගැහුවා
චුට්ටි හොදටම අඩනවා. අර මිනිහා ගහපු පාරකට ආකාෂ් ගිහින් වැදුනෙ පහන් වැටක.පහන් වැටේ පත්තු කරලා තිබුනු පහන්වල වැදිලා ෂර්ට් එකේ අත ගිනි ගන්නවා
ආකාෂ් පහන් වැටත් පෙරලගෙන වැටුනෙ.චුට්ටි මහ හයියෙන් කෑගැහුවෙ බයටමයි.කෙල්ල හොදටම අඩනවා
කෙල්ල දුවගෙන ආකාෂ් ලගට යන්න හදනකොට අර මිනිහා ආයෙත් චුට්ටිගෙ අතින් අල්ලගත්තා
ආකාෂ් නැගිටලා ඇවිත් චුට්ටි පුරවලා තිබුනු පැන් කලේ වතුර අතට දාගෙන කලෙන් දමලා ගැහුවෙ අර මිනිහගෙ ඔලුවට
චුට්ටි කෑගහපු සද්දෙට ඕලු නවම් වගේම කට්ටිය ආවෙ මොකද වෙන්නෙ බලන්න
චුට්ටි අඩාගෙන ගිහින් තුරුලු උනේ නවම්ට. ආකාෂ් අර මිනිහට ගහලා ඒ මිනිහව ඇදලා පඩිපෙලෙන් පහලට දැම්මා
ආකාෂ් චුට්ටි කෝ කියල බලනකොට චුට්ටි හිටියෙ නවම්ට තුරුලු වෙලා අඩනගමන්..ආකාෂ් කටෙන් එන ලේ ටිකත් අතින් පිහිනගමන් නවම් දිහත් බලලා රවාගෙන ගියේ ඒ පස්සෙන් එතනට ආපු හෂානුත් දුවනකොට
පන්සලේ ලොකු හාමුදුරුවන්ටත් සිද්දිය ආරංචි වෙලා දුවගෙන ආවෙ බෝ මලුව පැත්තට
' මේ වගේ උන්ට දඩුවම් දෙන්න ඕනෙ අපෙ හාමුදුරුවනේ "
ගමේ මිනිස්සු ඔය වගේ ගොඩක් දේවල් කිය කිය අර මිනිහට ගහන්න ලෑස්ති වෙනවා..හාමුදුරුවෝ ඒ ප්රශ්නෙ සමතයකට පත් කරාට පස්සෙ කට්ටිය ගෙදර ආවා
" හොද වැඩේ පරට්ටිගෙ දාන්ගලේ වැඩී කොහොමත් "
වෑන් එකේ එනගමන් රාජපක්ෂ මැනිකේ බැන බැන ආවෙ චුට්ටිට
ආකාෂ් හෂාන් එක්ක කලින්ම ඇවිත් ඇදට වැටිලා නිදාගත්තෙ කන්නෙ වත් නැතුව
කොල්ලගෙ කටේ ලේ පාර එහෙම්මයි..අතත් පිච්චිලා.ඒවා ගානක් වත් නෑ ඒ දිහා බැලුවෙ වත් නෑ කොල්ලා නිදි
" අනෙ දෙයියනේ හොද වෙලාවට පුංචි මහත්තයා එතන හිටියෙ "
ගෙදර ආපු වෙලේ ඉදන් පුෂ්පා කියවන්නෙ ඕක තමයි
කෙල්ල කන්නෙත් නැතුව ඇදට ආවෙ හිතට දුක නිසා.කෙල්ල හිතුවෙ නෑ ආකාෂ් එවෙලෙම එතනින් යයි කියල
කෙල්ලට ආකාෂ්ට ස්තුති කරන්න වත් උනේ නැති නිසා හිතට දුකයි.කෙල්ල ඇදට වෙලා කල්පනා කලේ ආකාෂ් ගැන
කෙල්ල හිතුවා හෙට උදේම ගිහින් ආකාෂ්ට ස්තුති කරන්න ඕනෙ කියල.
චුට්ටි උදේම නැගිටලා වෙනදටත් කලින් කිරි ටික අරගෙන බංගලාවට ගියා.
" ආහ්..චුට්ටි අද කලින්ම ආවද කිරි අරගෙන "
" ඔව් ශිවා අයියෙ..හැමදාම පරක්කු වෙනවනෙ අද ඉතින් කලින්ම ආවා"
චුට්ටි එහෙම කියල ඉස්සරහට ගියේ කොල්ලා නැගිටලද බලන්න.කවුරුවත් පේන්න හිටියෙ නෑ
පඩිපෙල ලගට වෙලා නියපොතු ටිකත් කොනිතිගගහා කෙල්ල කල්පනා කරනවා උඩට යනවද කියල
තාම 7යි වෙලාව..චුට්ටි හිතුවා පුංචි මහත්තයලා නිදි ඇති කියල
චුට්ටි ආයෙ හැරිල ගියේ කුස්සියට.කුස්සියේ පුටුවකට වෙලා ඉඳගෙන හිටියෙ පුංචි මහත්තයා නැගිට්ටම පහලට එන නිසා
ශිවා එක්ක කයියක් දාගෙන ඉන්නකොට හෂාන් කුස්සියට ආවා.කෙල්ල තව එබි එබි බැලුවෙ ආකාෂ් එනවද කියල
කොල්ලා නෑ.හෂාන් වතුර එකක් බීලා කිරි දෙකත් අරගෙන යනකොට කෙල්ල පස්සෙන් ගියා
පඩිපෙල නගින්න හදනකොට චුට්ටි හෂාන්ට කතා කලා
"මහත්තයා"
" කියන්න නංගී "
" පුංචි මහත්තයා කෝ"
කෙල්ල ලාවට බිම බලාගෙන නියපොතු කොනිතිගගහා අහනවා
' ආකාෂ් ඉන්නවා උඩ"
" එයාට කොහොමද මහත්තයා.මට ඊයේ ස්තුති කරන්න වත් උනේ නෑනෙ ☹️"
" ආහ්..ඒකද මේ..අත පිච්චිලා නංගී..අංකල් බෙහෙත් එකක් දුන්නා මන් හිතන්නෙ ඒක ගෑවෙ නෑ "
" එහෙමද මහත්තයා ☹️ පුංචි මහත්තයා පහලට එන්නෙ නැද්ද"
" දන්නෑ නංගී..ඔයාට කතා කරන්න ඕනෙ නම් යන්න උඩට"
" අනෙ බෑ මහත්තයා මැනිකේ දැක්කොත් මම මහත්තයලා එක්ක කතා කරනවා මම ඉවරයි "
" ආහ් බය වෙන්න එපා..ආච්චි පාන්දර ගියා අංකල් එක්ක..අද ලේ චෙක් කරන දවසලු එයාගෙ"
එහෙම කිව්වට පස්සෙ නම් කෙල්ලට හිතුනෙ උඩට යන්න.ගිහින් ආකාෂ්ට ස්තුති කරලා එන්න
' මන් එහෙනම් යන්නද මහත්තයා "
" එන්න යමු"
චුට්ටි හෂාන් එක්කම උඩට ගියේ ආකාෂ් බලන්න.හෂාන් කෙල්ලගෙ අතටම කිරි එක දීලා කාමරේ පෙන්නුවේ යන්න කියල
කෙල්ල යනකොට ආකාෂ් නිදි.ඊයේ ඇදන් ගියපු ඇදුම් පිටින්ම
" මහත්තයා "
කෙල්ල දොර ලග ඉදන් කතා කලා..දෙතුන්පාරක් කතා කරද්දී කොල්ලා නැගිට්ටා.නැගිටලා බලනකොට කෙල්ල ඉන්නවා දොරලග
" කිරි එක තියලා යන්න "
ආකාෂ් චුට්ටි දිහා බලන්නෙ වත් නැතුව එහෙම කියල අනිත් පැත්ත හැරුනෙ නිදාගන්න
කෙල්ල කිරි එක ගෙනල්ලා දඩස් ගාලා මේසෙ උඩින් තිබ්බා.අනිත් පැත්ත හැරිල ඉන්න කොල්ලට ඒක ඇහුනා
" යද්දි දොර වහගෙන යන්න "
කොල්ලා එහෙම කිව්වේ කෙල්ලව යවාගන්න.එහෙම කියල කොල්ලා ඇස්වහගෙන ඉන්නවා.විනාඩි ගානක් ගියත් කොල්ලට දොර වහන සද්දයක් නම් ඇහුනෙ නෑ
කොල්ලා නැගිටලා බලනකොට කෙල්ල ඉන්නවා ඇද ලග හිටගෙන
" මන් මොකක්ද කිව්වේ තමුසෙට..කිරි එක තියලා යන්න කිව්වේ යනවා ඉතින් "
ආකාෂ් තරහින් කියද්දි කෙල්ල බලන් හිටියෙ ආකාෂ් දිහා.
" ගියේ නැත්නම් 🤨"
කෙල්ල එහෙම ඇහුවම ආකාෂ් කෙල්ලගෙ මූණ දිහාම බලාගෙන හිටියා මිසක් මුකුත් කිව්වේ නෑ
නපුරු මූනක් මවාගෙන හිටියත් ආකාෂ්ට එහෙම ඉන්න බෑ.හැබැයි ආකාෂ් හිතාගත්තා ආයෙ චුට්ටි දිහා බලන්නෙ වත් නෑ කියල
ආකාෂ් හිතාගෙන ඉන්නෙ ඊයේ චුට්ටි තුරුලු උනේ එයාගෙ කොල්ලට කියල.ආකාෂ් නවම්ව දන්නෙ නෑ
ඉතින් ඊයේ ඉදන් ආකාෂ් ඉන්නෙ දුකින්.ඇදට පැනලා නිදාගත්තෙත් බාගෙට ඇඩිලා තියෙද්දී
කෙල්ල ඇදේ කොනකින් ඉදගෙන කොල්ලගෙ අත උකුලට ගත්තා.ආකාෂ් පුදුම වෙලා වගේ බලන් ඉන්නවා
ආකාෂ්ට එපා කියන්න හිතකුත් නෑ.මොකද ආකාෂ් කැමති චුට්ටි එයාගෙ ලගින් ඉන්නවා නම්
ඊයේ රෑ රාජපක්ෂ මහත්තයා ආකාෂ්ගෙ අතේ ගාන්න දීපු බෙහෙත් එක තියෙනව මේසෙ උඩ
කෙල්ල ඒක අරගෙන හෙමින් හෙමින් ආකාෂ්ගෙ අතේ ගෑවා
ආකාෂ් චුට්ටිගෙ මූන දිහාම බලාගෙන හිටියෙ මුකුත් නොකියා.කෙල්ල අතේ බෙහෙත් ටික ගාලා මහත්තයා දීලා තිබුනු බැන්ඩේජ් පටියකින් අත ඔතනවා
" මොකටද මන් ගැන බලන්නෙ..ගිහින් බලාගන්නවා තමුන්ගෙ කොල්ලා ගැන"
ආකාෂ් එහෙම කිව්වත් චුට්ටි මුකුත් කිව්වේ නෑ.බැන්ඩේජ් එක ඔතලා ඉවර වෙලා කෙල්ල බැලුවෙ කොල්ලගෙ මූන දිහා
චුට්ටි ආකාෂ්ගෙ කම්මුලට අත තිව්වා.ආකාෂ් බලාගෙන ඉන්නෙ චුට්ටිගෙ ඇස් දිහා
තොල පැලිලා ලේ ගලපු පාරවල් තාම එහෙම්මයි.
මේසෙ උඩ තිබුනු බීලා ඉතුරු කරලා තිබුනු වතුර වීදුරුව අරගෙන ඒකෙන් පුලුං කෑල්ලක් තෙමලා අරගෙන ආකාෂ්ගෙ තොල පිහිදුවෙ ආකාෂ් වශි වෙලා වගේ බලාගන්න ඉන්නකොට
" මහත්තයට ගොඩක් පින් ඊයේ මට කරදරයක් වෙන්න නොදී මාව බේරගත්තට"
චුට්ටි එහෙම කිව්වේ තොල් පිහිදලා ඉවර වෙලා.
" හ්ම්ම් මීට පස්සෙ යන තැනක කොල්ලත් එක්ක යන්න තනියෙන් යන්න එපා "
ආකාෂ් එහෙම කිව්වේ චුට්ටි බෙහෙත් දාපු අත දිහා බලාගෙන
චුට්ටිට ඉතින් හිනා..නවම් කියන්නෙ චුට්ටිගෙ මස්සිනානෙ ඉතින්
" මහත්තයා හිතාගෙන ඉන්නවා වැරදි.එයා මට මගේම අයියා වගේ..චූටි කාලෙ ඉදලා මගෙත් එක්ක හිටපු මාව බලාගත්තු මගෙ මස්සිනා තමයි ඒ "
" ඒක නිසා වෙන්න ඇති ඊයේ තුරුලු කරගෙන හිටියෙ "
ආකාෂ් එහෙම කිව්වේ අහක බලන ගමන්
" එහෙම තමයි එයා මගෙ අයියනෙ"
චුට්ටි එහෙම කියල යන්න ගියේ එලියට.යන්න උනේ නෑ ආකාෂ් කෙල්ලව ඇදලා ගත්තෙ උකුලට.
කෙල්ලගෙ කම්මුලක් කිස් කරනගමන් කනට කරලා තැන්කිව් කිව්වේ කෙල්ලට හිනාවක් යද්දි..
චුට්ටි ඒ අත්වලින් මිදිලා දුවගෙන ගියේ ලැජ්ජාවට.
කෙල්ල යන දිහා බලාගෙන ඉදලා කොල්ලා කිරි එක ගත්තෙ බොන්න
" චුට්ටි හොද වෙලාවට නේද පුංචි මහත්තයා ආවෙ"
' ඒක නම් ඇත්ත ඕලු"
" මේ ඒක නෙවෙයි..පුංචි මහත්තයා උබ ගැන උනන්දුයි වගේ 😏"
" අනෙ පලයං යන්න එහෙම දෙයක් නෑ "
" බලමුකෝ බලමුකෝ "
කෙල්ලො දෙන්නා දොළ මැදට වෙන්න තියෙන ලොකු ගල උඩට වෙලා කතා කර කර හිටියෙ.
එහෙම ඉන්නකොට චුට්ටි හයියෙන්ම කෑගැහුවෙ පිටිපස්සෙන් කෙනෙක් ඇවිත් චුට්ටිව වතුරට තල්ලු කරන්න හදපු නිසා
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
අදට ඉවරයි
කමෙන්ට් කෝ යකුනේ 🤨
I"m Nimasha 🌼

❤️
❤
💗
💙
♥
👍
🤍
💖
💛
🤭
198