දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 10, 2025 at 02:11 PM
🌼🌼 ```Chef``` *කෙල්ල* 🌼🌼 *අහංකාරයෙකුගෙ හිතගත් හුරතලිය..* 💕💕 *Episode - 27* 🍒 ..ඒ ගැනත් හිත හිතම නිර්වාන් නින්දට වැටුනා..☺️🩷💫 ~~~~~~~~~~~~~~~~~~~~~~~~ *_අලුත් දවසක්.._* 🍃🌻🌞 "ආ...මගෙ ඔලුව..මොකද මෙච්චර රිදෙන්නෙ..අ..ශිට්"🥴 ඔන්න ළමයි අපේ නපුරු කුමාර් අවදි වෙලා..ඊයේ ඒවගේ පව(ර්)ස් තමා ඔය තාම ඇස් ඇරගන්නවත් බැරුව ඔලුව අල්ලන් තනියම කියවන්නෙ..🤭 ඒ එක්කම හිමින් සැරේ ඇස් ඇරලා වට පිට බැලුවම තමා ඉතින් මින්දීර්ට දවල් තරු පෙනුනේ..මොකද මේ ඉන්නෙ කොහෙද කියලවත් දන්නෙ නෑ නේ..🙄 "අ..කොහෙද මේ මං ඉන්නෙ..එතකොට මං ඊයෙ ගෙදර ගියේ නැද්ද..අයියෝ මට මුකුත්ම ඔලුවට එන්නෙ නෑනෙ...ශිට්..අ.."🫠 මින්දීර් ඇද උඩට වෙලා ඉදගෙන කල්පනා කර කර ඉදලා එහෙමම නැගිටලා වොශ් රූම් එක අස්සට රිංග ගත්තේ වොශ් එකක් දාගන්න.. වොශ් එකක් දාගෙන එතන පේන්න තිබුණු ටවල් එකත් ඇදෙගෙන..එලියට ආවේ කොහේද ඉන්නෙ කියලවත් හිතාගන්න බැරුව..ඒ එක්කම රූම් එකට දොර ඇරගෙන ආපු කෙනා දැක්කම නම්..මින්දීර් උඩ විසික් උනා..🤐 "ගුඩ් මෝනිම් සර්..සර් නැගිට්ටද මෙච්චර උදෙන්ම" ඔව් රූම් එකට ආවේ නම් නිර්වාන් තමා ළමයි..ඒත් නිර්වාන්‍ට තියෙන ප්‍රශ්නේ පාන්දර 5.30 නැගිටගෙන මින්දීර් මොකද කරන්නෙ කියලා.. "ගුඩ් මෝනින්ග් නිර්වාන්" මින්දීර්ට මේ වෙලාවේ තමයි යාන්තමට වගේ මතක් උනේ ඊයේ නිර්වාන් තමන් එක්කන් ඇවිත් කතා කරපු බව..ඒ නිසාම මින්දීර්ට හිතුනා මේ ඉන්නවා ඇත්තෙ නිර්වාන්ගෙ ගෙදර කියලා..🥲🥲 "අ..සර් වොශ් එකකුත් දැම්මද..සර්ට ඇදුම්.." නිර්වාන් එහෙම කියලා නිර්වාන්ගෙ ඇදුම් තියෙන කබඩ් එක ඇරලා බැලුවා..ඒත් නිර්වාන්ට තෝරලා දෙන්න තරම් ඇදුම් එතන තිබුනේ නෑ.. "ම්ම්..සර්..මෙතන ඇදුම් තියෙනවා සර් කැමති එකක් බලලා ගන්නකො..මං යන්නම් සර්..බොන්න මොනා හරි එවන්නම්කො.." "නිර්වාන්.." නිර්වාන් එහෙම කියලා යන්න හදද්දිම මින්දීර් ආයෙත් කතා කරේ නිර්වාන් ආයෙ මින්දීර්ගෙ පැත්තට හැරෙද්දි.. "ඇයි සර්." "මේ..නිර්වාන් ඊයේ මොකද උනේ.." මින්දීර් ඔලුවත් කහලා බිම බලාගත්තේ කියාගන්නත් බැරි නිසා වගේ.. ඒ එක්කම නිර්වාන්ට මතක් උනේ ඊයේසිහියත්,අසිහියත් අතර මින්දීර් දෙඩෙව්ව රොබරෝසියාව..ඒ නිසාම නිර්වාන්ට මූණට ආවේ ලස්සන හිනාවක්..☺️☺️ "ඒක ගැන හිතන්න එපා සර්..සර් පාරේ හිටියේ හොදටම වැස්සත් එක්කන්..මාත් හොස්පිට්ල් ගිහින් එන ගමන් හිටියේ නංගිව බලලා..සර්ව අහම්බෙන් දැකලා මං එහෙමම මගෙ බයික් එකත් එතන දාලා සර්ගෙ කාර් එකේම එක්කන් ආවා මෙහෙට.." නිර්වාන් එහෙම කියද්දි මින්දීර්ට ලැජ්ජාවක් ආවත් නිර්වාන් හරිම සැහැල්ලුවෙන් ඒ ටික කියලා දාපු නිසා මින්දීරුත් හිනාවකින් ශේප් උනා.. "සර්..මං යන්නම්,ආ..සර් තව දෙයක් සර්ගෙ අයියට මං කිව්වා සර් මෙහේ කියලා පොඩ්ඩක් ගෙදර අයට කෝල් එකක් අරන් බලන්න සර් බයවෙලා ඇත්තේ" නිර්වාන් ඒ කිව්ව එකට නම් මින්දීර්ගෙ මූණ අවුල් ගියා කියලා නිර්වාන්ට තේරුනා 🙄 මොකද අයාන්ට දෙයක් කිව්වා කියන්නෙ මේ වෙනකොට තීනුත් සේරම දන්නවා එතකොට මින්දීර්ගෙ අර ලොකුලයින් සේරම ඉවරයි නේ..සායම යවනවා ඉතිම්..ඔව්වො ඊළගට..එතකොට නේ වලක් කපන් මින්දීර්ට වැලලෙන්න හිතෙන්නෙ.🤐😌 "අවුලක් නෑ සර්..මං කිව්වෙ හොටෙල් එකේ වැඩකට ගිහින් රෑ වුනු නිසා අපේ ගෙදර නතර උනා කියලා.." ආව්ස්..ඒ කිව්ව එකට නම් මින්දීර්ගෙ මූනේ මල්හතයි..මොනා උනත් නිර්වාන් අපේ මින්දීර් කොම්ලගෙ ජන්මේ බේරගත්තා නෙ...😁😁 💫🩷💫🩷💫🩷💫🩷💫🩷💫🩷💫 "හ්ම්ම්...🥱🥱අම්මෝ..එලි වෙලාද ම්ම්ම්..?වෙලාව කීයද..ආ 6.00 නේද..අද මොකද අප්පා මට කලින් ඇහැරුනේ..කමක් නෑ දැන් ඉතිම් ඇහැරුනු එකේ වොශ් එකකුත් දාගෙනම මගේ සුදුනෝනා හොයන් යනෝ.."😌🥲 ඔන්න අපේ පාරමි කෙම්ල අවදි වෙලා ළමයි..ඇගමැලි කඩකඩ ඉන්නවා.. පාරමි වොශ් එකකුත් දාගෙන ඇවිත් ඔන්න දැන් බරපතල වැඩකට බහින්න යන්නෙ..🤣 (ඔය ගෑනු ළමයි හැමෝටම තියෙන ප්‍රශ්නේ තමා ඉතිං රෙදි තෝරන ප්‍රශ්නේ..🥴🥴) මේකිත් මේ රෙදි අල්මාරියම පෙරල පෙරල අදින්න එකක් හොයනවා..කෝමත් මේකිට හොයනවා කියලා හොයන්න තියෙන්නෙත් ගවුම් විතරයි..ඒවත් වැඩි වෙලා...🤣🤣 "හයියෝ..මං මොකක්ද අදින්නෙ..මේ ගවුම කොටයි,මේකේ අත අවුල්...,මේක දිගයි නේ..අයියෝ..දැන් මේ ටවල් එකත් බිමට වැටෙනෝ රෙද්ද..🥴🫣...,ආව්ස්..මේ තියෙම්නේ..nice"😌 යාන්තම් රෙදි අල්මාරිය පෙරලලා පෙරලලා අහස් නිල්පාට ගවුමේ පුංචි පුංචි සුදු පාට ඩේසි මල් වැටුනු දණහිස ළගට තියෙන අත්පටි ගැටගහන ගවුමක් හොයාගත්තා..🌼🩵 කොන්ඩෙත් නිකම් මේකිගෙ රපුන්සෙල්ගෙ වගේ නේ ඒ නිසා කොන්ඩෙත් ගුලියක් ගහගෙන පුංචි හෙයාර් ක්ලිප් එකකුත් ගහගෙන අම්මා හොයාගෙන ගියා..☺️💫 "ආ..මගෙ සුදු අම්මියා ගුම් මෝනිම් සප්තලනේ...😘" පාරමි ගිහින් දිල්හානිගෙ කම්මුලකට තඩි කිස් එකක් දුන්නෙ බෙල්ලත් බදාගෙන.. "ආ..මොකද අද මගෙ කෙල්ල උදේම නැගිටලා..ඉන්න මං තේ එකක් හදන්න.." දිල්හානි අම්මත් උයන එක පැත්තකින් තියලා..තේ හදන්න පටන් ගත්තා..🥲 ඒ අතරේ පාරමි බෙල්ල දික්කර කරකර කෙනෙක් හොයනවා.. ඔව් ඔව් ළමයි නිර්වාන්ව තමයි මේකි මේ හොයන්නෙ.. "ආන්ටි මං යනවා හොස්පිට්ල් එකට ගිහින් එන්න..පරිස්සමට ඉන්න ආන්ටි.." පාරමි කෙල්ල හොයපු කෙනා තමා ඔය ආවේ..නිර්වාන් හොස්පිට්ල් යන්නයි ලෑස්තිය.. නිර්වාන් පාරමිව දැක්කත් දැක්කෙ නෑ වගේ හිටියේ..මේකි කෝමත් දැන් හිතන් ඉන්නෙ නිර්වාන් ඊයෙ කෙල්ලෙක් උස්සන් ඇවිත් කියලා නේ🤣🤣 නිර්වාන් ඒ හින්දම දිල්හානි අම්මා දුන්නු කෑම එකත් අරන් එලියට ගියා අද කෝමත් මූට යන්න වෙන්නෙ බස් එකේ බයික් එකත් මග නේ.. එලියේ ඉදන් නිර්වාන් ආයෙ දිල්හානි අම්මට කතා කලා..දිල්හානි අම්මත් තේ හදන එක පැත්තකින් තියලා "ඇයි සුදු පුතා " කියාගෙන එලියට ගියා.. පාරමි නම් උදේම පුපුරනවා..නිර්වාන් කතා කරෙත් නෑ නේ ඉතිම්.. "උගෙ ආච්චිට යකෝ ඊයෙ නේද අර මහලොකු එකී උස්සන් ආවේ..දැන්මම අපිව පේන්නෙ නැතුව ගිහින් හ්හ්😏බලමුකො..ඔහොම යන්කෝ මහත්තයා.." පාරමි හිතින් බනින අතරේ දිල්හානි අම්මා ආයෙ ඇවිත් පාරමිගෙ තේ එක හදලා පැත්තකින් තියලා ආයෙ තේ එකක් හදන්න ගත්තෙ..පාරමි එක්කන් කතා නොකරමයි.. පාරමි කට ඇරගෙන බලන් ඉන්නෙ කවදාවත් නැතුව අම්මා කිරි තේ හදන නිසයි.. "අම්මා.." "මොකද ළමයො.." "මේ..කාටද ඔය තේ එක" පාරමි බැරිම තැන දිල්හානිගෙන් ඇහුවේ..දිල්හානි අම්මත් තේ එක හදලා ඉවර වෙලා පාරමි අතට දුන්නෙත් එකම වෙලාව්.. "අනේ..දුව ඔයාගෙ තේ එක ඔහොම තියලා..මෙන්න මේ තේ එක අර දරුවට ගිහින් දීලා එන්න.."☺️ දිල්හානි අම්මා ඒ කිව්ව දේට නම්..පාරමිට කටට ගත්ත තේ උගුරත් ඉහමොල්ලෙ යැව්වා..🤣🤣 "ක්හැ ක්හැ..🤧කා..කා ටද..?" "ඔය ළමයෝ හිමින් ඕක බොනවකෝ..කාටද කියලා අහන්නෙ අර සුදු පුතාගෙ යාලුවට ගිහින් දෙන්න..ඒ දරුවා නැගිටලා දැන් සෑහෙන වෙලා..පව්" "පව්..හ්හ්😏 ඇයි එයා එංගලන්තේ මහ රැජිනද..තේ එක බොන්න කුස්සියට එන්න බැරි.." පාරමිගේ මොලේ බලන්න ළමයි..මේකි තාම ඉතින් දන්නෙ නෑනේ..ඒ උත්තමයා කවුද කියලා🤣🤣 "අනේ..මේ මෙන්න මේක අරන් ගිහින් ඒ ළමයාට දීලා මෙන්න මෙහෙට එන්න..අද හොදට කෑමටිකක් හදන්නත් ඕනි.." පාරමිට නම් දැන් යකා ළමයි..මේකි පුපුරනවා පිපිරිල්ලක්...🤭🤭අම්මා හින්දා මුකුත් කියන්නත් බෑ..කරන්න දෙයක් නෑ දැන් තේ එක අරන් යන්න වෙන්නෙ ඕකිටම තමා..🤣🤣 පාරමි තේ එකත් අරන් ගස්සගෙන ගියේ..අම්මටත් ඒ ගැස්සිල්ල දැකලා හිනා ඉතිම්.. "අනේ..ඇත්තට මේ ආපු එකී කවුද දන්නෙ නෑ..අපෙ අම්මටත් මොක ආවත් ඊට වඩා එකෙක් නෑ..මට නිකන් තේ එකක්..මේ කොහෙවත් යන එකෙක්ට කිරි තේ..😏ඊව්..මට එන කේන්තියක්..ගස් ගෙම්බිගෙ ඔලුවේ ගහනවා මං මේ තේක අරන් ගිහින්..හිටපන් එනවා මං උබට පොවන්නම් කිරි තේ..🤬😏මේ සේරටම වග කියන්න ඕනි හිකනලා උබ ගැන පස්සෙ බලාගන්නම් කල්ප..එක එකාට තේ අදින්න..දෙන්නම් දවල්ටත් හොද කෑමක්..ඉදපන්කෝ"😡😡 පාරමි දෙස්දෙවොල් තිය තිය යනවා තේ එකත් අරන්..අර කල්පයටත් බනිනෝ හත්තිගෙ පව් අහිම්සකයා..😅 "මේක අස්සෙම මැරිලද දොරවලුත් වහෙගෙන.."🤨 පාරමි කාමරේ දොර ළගට ඇවිත් තනියම කියවනවා.. "මේ..හලෝ මං ඇතුලට එන්නද" අකැමැත්තෙන් උනත් ළමයි කඩාගෙන බිදගෙන ඇතුලට යන එක හරි වැඩක් නෙවේ නේ..ඒකෙන් මේකි කතා කරා..ඉතිම්..දොර ළගට ගිහින්.. "එන්න..දොර ඇරලා තියෙන්නෙ.." ඒ සද්දෙට නම් පාරමිගෙ ඇස් අතේ..මොකද කතා කරේ පිරිමිකටහඩක් මේකිගෙ මොලේ දන්නෙ කෙම්ලෙක් කියලා නේ..🤣🤣 "ඈ..😮මේකා අමුතු ජීවියෙක්ද..මට ඇහෙන්නෙ පිරිමි කටහඩක් නේ.." "මොකෙක් උනාම මොකෝ..මගේ ගෙදර නේ ඉන්නෙ..හුම්" පාරමි එහෙම හිතාගෙන දොර ඇරෙගෙන ගියේ කාමරෙ ඇතුලට ඒ යද්දි..මින්දීර් තද නිල් ටී ශර්ට් එකකට,කොට ශෝර්ට් එකක් ඇදගෙන කණ්නාඩි මේසේ ඉස්සරහට වෙලා.. නිර්වාන්ගෙ බොඩි ස්ප්‍රේස්,පර්ෆියුම්ස් වල බ්‍රෑන්ඩ්ස් බල බල හිටියේ..ඒ නිසාම මින්දීර් දැක්කෙ නෑ පාරමි එනවා... පාරමිත් හොදවයින් බැන බැන ගියත් ඇතුලේ ඉන්නෙ කොල්ලෙක් කියලා දැක්ක නිසා..අන්තිමට ඒකිගෙ ඇස් අතේ..පාරමිට පිටුපාලා නිසා මූණ නොපෙනුනත්..පාරමි ගල් පිලිමේ තිබ්බා වගේ කල්පනා කරේ මොකද මේ වෙන්නෙ කියලා..මොකද ඒකි හිතන් හිටියේ මේ නිර්වාන්ගෙ කෙම්ල කියලා නේ..🤣🤣 ආපු කෙනා දොර ඇරගෙන ඇතුලට එනවා ඇහුනත් සද්දයක් නැති නිසා මින්දීර් කණ්නාඩියෙන් බැලුවේ කවුද ගොලුවා කියලා...😶👀 මින්දීර් ඒ දැක්ක දේත් එක්කන් මින්දීර්ට හිතුනෙම හීනයක් කියලා..ඒ නිසාම එහෙමම හැරිලා බලපු මින්දීර් දැක්කෙ..තමන් දිහා ගල් ගැහිලා බලන් ඉන්න..ඔහුට විතරක්ම අයිති ඔහුගෙ රොබරෝසියාව...🌸🩵 💫 *අද නම් මං ප්‍රශ්න අහන්නෙ නෑ..* 🩷☺️ *(මින්දීර් පාරමි දිහාට හැරිලා බලමු* *බැල්ම එහෙම කාට හරි* *බලන්න ඕනිද..)* 😌💙 🖤 _*Dini🖤 (Evil queen)*_ ✍ 072 153 7880
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: 🌼🌼 ```Chef``` *කෙල්ල* 🌼🌼   *අහංකාරයෙකුගෙ හිතගත් හුරතලිය..* 💕💕   ...
❤️ 👍 💙 🤍 🩵 🩷 ❤‍🔥 💐 199

Comments