දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 11, 2025 at 09:15 AM
මායාවක් නුඹ...🌀💙 හමුවීම අහඹුවක් වූ ඔවුන්ට හිමීවීමත් සිහිනයක් වේද??. පළමුවන කොටස ✨️ආශාවරී කාව්‍යා සපුගස්කන්ද අවුරුදු විසි හයක් වයසැති රූමත් තරුණියක්..පෞද්ගලික පාසලක ගුරුවරියක් ලෙස සේවය කරන මැය පවුලේ එකම දරුවයි..දැඩි දෙමාපියන් යටතේ හැදී වැඩුනු,සරල දගකාර කෙලිලොල් දිවි පැවැත්මක් තිබූ ඇයගේ ජීවිතය වෙනස් වන්නේ නිමේෂයකින්.. ✨️ගෞරව් නිශාක්‍ය විදානපතිරණ අවුරුදු විසි අටක් වයසැති කඩවසම් තරුණයෙක්...විදානපතිරණ කන්ස්ට්‍රක්ශන් හී ව‍ර්තමාන අයිතිකරු වන මොහු කුඩා කලකින් ව්‍යාපාර ලෝකයේ රන් නාමයක් ලබාගත්තේය..තම රූපය හා බලයෙන් තරුණියන්ව සෙල්ලම් බඩු මෙන් ආශ්‍රය කරන මොහුගේද ජීවිතය වෙනස් වන්නේ නිමේෂයකින්... ✨මන්දිව් තිශාක්‍ය විදානපතිරණ අවුරුදු විසි හතක් වයසැති මොහු ගෞරව්ගේ එකම බාල සහෝදරයයි...සහෝදරයාට ප්‍රතිවිරුද්ධ ගතිගුණ ඇති මොහු කරුණාවන්ත නිහඩ පුද්ගලයෙක්...වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන අතර කඩවසම් තැන්පත් තරුණයෙකි... ඉතුරු චරිත කතාවෙන්.... """"""හරිම ලස්සනයි නංගි ඔයා""""".... ඇත් දළ පාට ඔසරියට මාල හත දාලා ඉන්න මට මේකප් එක දාපු ශමිලා අක්කා කියුවේ කණ්නාඩියෙන් පේන මගේම රූපේ දිහා හැගීමකින් තොරව මන් බලන් ඉද්දි....ඔව් අද මගේ වෙඩින් එක..ගෑනු ළමයෙක්ගේ ජීවිතේ වැදගත්ම දවස එයාගේ වෙඩින් එක...ඒත් මගේ ජීවිතේ අකමැතිම දවස අද....හිර ගෙදරකට යනවා වගේ හැගීමක් දැනෙද්දි මට මන් ගැනම ඇතිවුනේ කියාගන්න බැරි අසරණකමක්.... මම ආශාවරී කාව්‍යා සපුගස්කන්ද....රටම දන්න සපුගස්කන්ද කන්ස්ට්‍රක්ශන් එකේ අයිතිකාරයාගේ එකම දුව..පිටින් පේන අයට සල්ලි ගගක් තියෙන නිසා සතුටින් ඇති කියලා හිතුවත් පොඩි කාලේ ඉදන් මගේ ජීවිතේ අමු අපායක්....සල්ලි මත්තේ අප්පච්චි අම්මයි නැහෙද්දි පුංචි කාලේ ඉදන් මන් හැදුනේ කාගෙවත් ආදරයක් නැතුව...මට ඕනී නිදහස...සැහැල්ලුවෙන් ජීවත් වෙන්න..කොච්චර සල්ලි තිබුනත් මන් හිටියේ සරල විදිහට...මගේ ජීවිතේ එකම සතුට මගේ රස්සාව...මන් ගුරුවරියක්..ජීවිතේ ආසම තැන එතන....අද මන් මැරි කරන්නේ ලංකාවම දන්න කෝටිපති බිස්නස්මන් කෙනෙක් වෙන ගෞරව් නිශාක්‍ය විදානපතිරණ...බිස්නස් වලින් මොනතරම් ඉස්සරහින් හිටියත් ජීවිතේ පැත්තෙන් තිරිසනෙක්....එදා තමයි මගේ ජීවිතේ වෙනම පැත්තකට හැරුනේ.... අතීතයට.... """"""කොහෙද ඉන්නේ ආහී?"""".... මගේ හොදම යාලුවා අහිද්‍යා...එයත් වැඩ කරන්නේ මන් උගන්නන ඉස්කෝලේමයි...මන් හැමදේම කියන මගේ ජීවිතේට ලගම කෙනා එයා...අද එයාගේ අම්මගේ උපන්දිනේ.. ඒ පාර්ටි එක තියෙන හොටෙල් එකට ආපු මන් ඇහුවේ ආහීගෙන්... """"""උඩට එන්න ආශී..මන් ඉන්නවා උඩ""""".... """"""හරි මන් එන්නම්""".... ආහීට කියපු මන් ලිෆ්ට් එක ලගට ඇවිදන් ආවේ උඩට යන්න... """""දෙයියනේ"""""... ලිෆ්ට් එක ලගට ආපු මන් දැක්කේ කොල්ලෙක් එතන බිත්තියට හේත්තු කරගෙන කෙල්ලෙක් එක්ක දෙතොල් සිපගන්නවා...ජීවිතේ පළමු වතාවට ඒ දැක්ක දර්ශනයත් එක්ක මගේ මුවින් පිටවුනේ සද්දෙන්...මගේ හඩත් එක්ක ඒ කොල්ලා බැලුවේ මන් දිහා...සුදු හමත් එක්ක ගානට කපපු ඒ රැවුල ඒ කොල්ලට ගෙනාවේ කඩවසම් බවක්...ආඩම්බර අහංකාර බවක් ඒ රුවෙන් දිස්වෙද්දි ඒ ඇස් මගේ වත පුරා ගියේ නොසන්සුන්ව.... """"""අයෑම් සොරි""""".... එහෙම කියපු මන් කලබලෙන් නැග්ගේ ලිෆ්ට් එකට....ඊයා..කොහොමද එහෙම දේවල් කරන්නේ මේ හැමෝම ඉස්සරහා..අප්පිරියාවක් එක්ක මිනිස්සු ගැන කලකීරීමක් දැනෙද්දි මන් ආවේ ආහී ලගට ... """""මොකද බන් මේ හොල්මනක් දැකලා වගේ බයවෙලා"""""... මාව දැකපු ආහී ඇහුවේ මගේ මූන දිහා බලලා... """"""අහ් මුකුත් නැ මේ නිකං"""""... මන් කියද්දි ආහී ඇස් හීනී කරේ ලාවට හිනාවුන මන් එතනින් ආවේ පාර්ටි එකට යන්න... ***************** """""කොහෙද ගියේ?"""""... පාර්ටි එක ඉවර වෙලා ගෙදරට ආපු මගෙන් ඇහුවේ සාලේ සෝෆා එකේ ඉදන් හිටපු අප්පච්චි.... """"""පාර්ටි එකකට"""""... """"""කාගේද?""""... """""යාලුවෙක්ගේ""""".... """"""කවුද යාලුවා"""""... """"""යාලුවගේ නම කියුවට ඔයා මගේ යාලුවෝ ගැන දන්නේ නෑනේ අප්පච්චි""""".... """"""එතකොට දැන් මට කියලද ගියේ?"""""... """"""මන් මෙච්චර කල් කොහේ හරි ගියේ ඔයාලාගෙන් අහලා නෙවෙයිනේ අප්පච්චි...ඔයාලා මන් මොනවා කරත් හොයලා බැලුවේ නෑනේ ඇයි මේ හදිස්සියෙන්ම"""""" .... """""""මාත් එක්ක එකට එක කියවන් එන්න එපා මන් තමුන්ගේ අප්පච්චි මට අයිතියක් තියෙනවා තමුන් යන එන තැන් ආශ්‍රය කරන්නෙ කවුද කියලා හොයලා බලන්න"""""".... අප්පච්චි කියද්දි කටකොනකින් හිනාවුන මන් ආවේ උඩ තියෙන මගේ කාමරේට...කාමරේට ඇවිත් වොශ් එකක් දාලා බැල්කනි එකට ඇවිත් සීතලේම ඉදගත්තේ බිම..මේක තමයි මගේ ජීවිතේ.... පිටට පේන්න සතුටින් හිටියට ඇතුලතින් මන් විදවනවා හුගක් විදවනවා...යාලුවෝ ඉස්සරහා පිට අය ඉස්සරහා සතුටින් ඉන්න නිදහසේ ඉන්න කෙල්ලෙක් වුනාට මේ බිත්ති හතර ඇතුලේ මන් හිරකාරියක්....තරු දිලිසෙන අහස දිහා බලන් මන් හිතුවේ මගේ ජීවිතේ ගැන.... *************** """"""සුදූ බේබී නැගිටින්න"""""".... """"""ම්ම්ම්""""".... """"""නැගිටින්න සුදු බේබී"""""... තද නින්දක හිටපු මට ඇහුන සීතාඅම්මාගේ හඩත් එක්ක කොට්ටෙන් ඔලුව වහගත්තේ නිදිමත වැඩිකමට... """"""සුදූ බේබී...සුදු බේබී....නැගිටින්නකෝ""""... """""""අනේ සීතාඅම්මා නිදාගන්න දෙන්නකෝ...ඔයත් ගිහින් නිදාගන්න""""... """"""දැන් කොහේ නිදාගන්නද නැගිටින්න සුදූ බේබී...මේ තේක බොන්න""""".... """"""අයියෝ...."""" මගේ බෙඩ් ශීට් එක අයින් කරලා සීතාඅම්මා කියද්දි මන් නැගිට්ටේ මූනත් බෙරි කරගෙන.. """"""මගේ හොද කෙල්ලනේ...තේක බීලා මූන හෝදගෙන පහළට එන්න""""... මගේ කම්මුල මිරිකලා කියපු සීතාඅම්මා ගියේ මන් මූන ඇදකරන් ඒ දිහා බලන් ඉද්දි...සීතාඅම්මා තමයි පුංචි කාලේ ඉදන් මාව බලාගත්තේ..අම්මලා වැඩ එක්ක කාර්යබහුල වෙද්දි මගේ ලග හිටියේ මගේ අම්මා වුනේ එයා...අදටත් මගේ ජීවිතේ ලගින්ම ඉන්නේ එයා... සීතාඅම්මා හදපු තේකත් බීලා වොශ් එකක් දාගෙන කොට කලිසමකට ටී ශර්ට් එකක් ඇදන් ගියේ පහලට... සාලේ ඉදගෙන අප්පච්චි අම්මයි කතාවක ඉද්දි මාව දැකපු එයාලා මන් දිහා බලද්දි ගනන් නොගෙන මන් ආවේ කුස්සියට... """"""සීතාඅම්මා""""".... මන් කියුවේ කුස්සියේ මට පිටුපාලා හිටපු සීතාඅම්මාව තුරුලු කරන්.. '"""""නැගිට්ටද සුදු බේබී..මන් හැදුවා ඔයා ආසම පිට්ටු අද"""" .. """"""මන් දන්නවනේ ඉතින් ඔයා මන් ආස දේවල් හදනවා කියලා""""... මන් කියුවේ පැන්ට්‍රිය උඩින් ඉදගෙන.... """"""අනේ සුදූ බේබි මන් කියලා තියෙනවා නේද ගෑනු ළමයෙක් වගේ ඉදගන්න"""""... """"""ඇයි අනේ මෙතන ඉදගත්තම පිරිමි ළමයෙක් වෙනවද?"""""…… """"""බහින්න බේබි නෝනා දැක්කොත් බනී"""""... සීතාඅම්මා කියද්දි මන් බැස්සේ කටත් ඇදකරගෙන... """"""ගිහින් කන්න..අද නෝනලා එක්කම කන්න"""""... """""" ඔයා දන්නවනේ මන් එයාලා එක්ක කන්න කැමති නැ ඔයා කද්දි මන් කන්නම්"""""... """"""අපි මේ ගෙදර වැඩ කරන මිනිස්සු..අපි එක්ක කොහොමද බේබී කන්නේ""""".... """"""අනේ සීතාඅම්මා එහෙම දෙයක්''"""".... """"""මගේ හොද මැණිකනේ ගිහින් නෝනලා එක්ක කන්න"""""... සීතාඅම්මාගේ කීම නිසා මන් ගියේ කෑම මේසෙට අම්මා මට හිනාවෙද්දි ලාවට හිනාවුන මන් ඉදගත්තේ පුටුවකින්... """""අද කොහේ හරි යනවද දෝණි"""""... කෑම කද්දි අම්මා ඇහුවේ මගේ ඇස් පුදුමෙන් ලොකු වෙද්දි...අම්මා කවද්ද මගෙන් මෙහෙම දෙයක් ඇහුවේ?.. """"""තාම නම් හිතලා නැ අම්මී"""".... """"""හෙට නිවාඩු දාන්න දෝණි"""""... """""ඒ ඇයි?""""".... """""""හෙට ඔයාව බලන්න කෙනෙක් එනවා""""... මතුවට හායී හැමෝටම..ඉතින් මේ පාර ගෙනාවේ දගකාරියක් වෙන ආශාවරී වගේම දඩබ්බරයෙක් වෙන ගෞරව්ගේ කතාව...... රිඇක්ට් කරන්න Writer omaya
❤️ 👍 💙 73

Comments