
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 11, 2025 at 12:33 PM
*Spring is far away* 🖤
(වසන්තය තව දුර ඇති)
```Episode 111``` | Why did you do this to me
🚫 Do not copy or share without author's permission
නිර්වාන් ආයෙමත් තමාව බලන්න ආපු නිසා කැලිෆෝනියාගෙ හිතේ නිර්වාන් ගැන තිබුණේ පැහැදීමක්. ඉතින් ආයෙමත් දවසක නිර්වාන් තමාව බලන්න ඒවි කියලා කැලිෆෝනියා තමාගෙ හිතේ බලාපොරොත්තුවක් තියා ගත්තා. හිතුවා වගේම ඊට මාස හතරකට පස්සෙ ඒ දෙන්නා ආයෙ මීට් උනා. ඒ වෙලාවෙදිත් එයාලා තවත් හිතවත් උනා..
අන්තිමට නිර්වාන් හේතු හදාගෙනම කැලිෆෝනියා බලන්න ආවා මාසයකට දෙකකට සැරයක්. නිර්වාන්ගෙ වයිෆ් උන මිහිරිට ඒ දවස් වල වෙන කෙනෙක් එක්ක එෆෙයා එකක් තිබුණ නිසා නිර්වාන් යන්නෙ කොහෙද, කාව මීට් වෙන්නද කියලා හොයන්න ගාණක් වත් උනේ නෑ. සමහරවිට මිහිරියි නිර්වානුයි අතර හොඳ මැරේජ් ලයිෆ් එකක් නොතිබුණ නිසා නිර්වාන් කැලිෆෝනියා ලඟට යන්න ඇති.
ඔව් ඒක හරි. කැලිෆෝනියාගෙ ගතිගුණ, සැලකිලි තමාට නොඅඩුව ලැබෙනවා කියලා දැනෙනකොට නිර්වාන් මිහිරිට වඩා කැලිෆෝනියාට ලං වෙන්න ගත්තා. කොටින්ම කියනවා නම් තමන්ට තිබ්බ ප්‍රශ්න වලට පවා නිර්වාන් පිළිතුරු හෙව්වෙ මිහිරි එක්ක නෙවෙයි කැලිෆෝනියා එක්ක. විශේෂ දෙයක් ගෙනවිත් දුන්නා නම් දුන්නේ කැලිෆෝනියාට.
අන්තිමට නිර්වාන්ට මිහිරි වචනයක් කිව්වත් ඒක කරදරයක් උනා. ඒ වගේම දරුවො දෙන්නත්. එයාගෙ ලෝකෙ උනේ කැලිෆෝනියා විතරයි. ඒත් කැලිෆෝනියා කවදාවත් දැනගත්තෙ නෑ නිර්වාන් මැරීඩ් කෙනෙක් කියලා. නිර්වාන් වග බලා ගත්තා ඒක කැලිෆෝනියාට නොදන්වන්න.
"I love you California.."
පළවෙනි පාරට කෙනෙක් තමන්ට ආදරෙයි කියලා ඔප්පු කරලා ඒක වචනෙනුත් ප්‍රකාශ කරන කොට කැලිෆෝනියාට හිතුනෙ නෑ ඒ යෝජනාව අහක දාන්න. කැලිෆෝනියා ටිකක් නිහඬ කෙනෙක්. නිර්වාන් ඒ නිහඬතාවයටත් ආදරේ කරපු කෙනෙක්.
"ඇත්තටම.. ඔයා.. මට ආදරෙයිද ?"
"Yeah.. මට ප්‍රශ්න එද්දි හැම වෙලේම ඔයා මගෙ ළඟ හිටියා. හැම දෙයක්ම මං එක්ක බෙදා ගත්තා. මං ගැන හොයලා බැලුවා කාටත් වඩා. මං දන්න තරමින් ඔයා තරම් මං ගැන දන්න වෙන කිසිම කෙනෙක් මේ ලෝකෙ නෑ. ඒක ඇත්ත නෙවෙයිද ?"
නිර්වාන් කිව්ව හැම දෙයක්ම ඇත්ත. නිව්යෝර්ක් වල පොඩි කාලෙ ඉඳන් ජීවත් උන කැලිෆෝනියාත් මේ වෙනකම් කිසිම කෙනෙක්ට මෙහෙම ලං වෙලා තිබුණෙ නෑ.
"Thank you මගෙ ජීවිතේට ආවට."
කැලිෆෝනියාට කියන්න තිබුණෙ එච්චරයි. එයා සතුටින් නිර්වාන්ව එයාගෙ ජීවිතේට ලං කරගත්තා. ඒත් එයා දැනගෙන හිටියේ නෑ නිර්වාන් මෙච්චර ආදරේ කරලත් තමාව රවට්ටනවා කියලා.
මෙහෙම කාලය ගෙවුණා..
කැලිෆෝනියා බලන්න සතියකට දෙතුන් වතාවක් එන්න නිර්වාන් පුරුදු වෙලා. ඒ ආපු හැම වෙලාවකම කැලිෆෝනියා එයාව සතුටින් පිළි ගත්තා. කැලිෆෝනියා හිතුවා එයාගෙ හිස් ජීවිතේට දැන් ඉඳන් වත් සතුටක් ඒවි කියලා. අඩුම එයාගෙ දෙමව්පියන් වත් දැනගෙන හිටියෙ නෑ එයා මෙහෙම එෆෙයා එකක පැටලුනා කියලා. නිර්වාන් මොන වගේ ෆැමිලි එකක කෙනෙක්ද, එයා මැරි කරලද කියන එක කැලිෆෝනියා හෙව්වෙ නැත්තේ තනිවෙලා ඉන්න වෙලාවක හිතට දැනෙන ආදරයක් නිර්වාන්ගෙන් ලැබුණ නිසා.
බාධාවක් වෙන්න කවුරුත් නැති නිසා මේ එෆෙයා එක ලිමිට් එකෙන් එහාට යන බව එයාලට තේරුණේ නෑ. අවුරුදු දෙකක් විතර ගියාට පස්සෙ තමයි එයාලට තේරුණේ ඇත්තටම මේ එෆෙයා එක දැන් ලිමිට් එක පැනලා ඉවරයි කියලා..
"Nirvan.. I wanna tell you something."
"Say it."
"අපි ළඟදිම මැරි කළොත් නරකද ?"
කැලිෆෝනියා එහෙම අහද්දි නිර්වාන්ට හිතුණා මෙතන මොකක් හරි විශේෂත්වයක් තියෙනවා කියලා. වෙනදට කැලිෆෝනියා මේ වගේ දේවල් කියන්නෙ නෑ.
"ඇයි එහෙම කියන්නේ ?"
"ඇයි ඔයා මාව මැරි කරන්න හිතාගෙන නෙවෙයිද මං එක්ක එෆෙයා එකක් පටන් ගත්තේ ?"
"නෑ.. එහෙම එකක් නෙවෙයි. ඔයා එකපාරටම මෙහෙම අහන්නෙ ඇයි කියලා මම බැලුවේ."
කියම්දෝ නොකියම්දෝ කියලා කැලිෆෝනියා කල්පනා කරා. ඒත් නොකියා හිටියොත් ඒකත් ප්‍රශ්නයක් වෙන්න ඉඩ තිබ්බා..
"නිර්වාන්.. මං ප්‍රෙග්නන්ට්.."
තමාගේ මූණ අල්ලන් කැලිෆෝනියා එහෙම කියද්දි නිර්වාන් ඉඳන් ඉන්න තැනින් නැගිට්ටුනා. ඒ දේ දැන ගත්තම කැලිෆෝනියාගෙ හිතේ තිබ්බ සතුට නිර්වාන්ගෙ හිතේ අංශු මාත්‍රයකින් වත් තිබුනෙ නෑ.
"What.. Are you kidding me California ?"
"Why ?"
"අපි දෙන්නා මැරි කරලා නෑ. ඒවා එහෙම හදිස්සියේ කරන්න පුළුවන් ඒවත් නෙවෙයි."
"ඔව් ඒක එහෙම තමයි. ඒත් දැන් අපිට ගන්න වෙන ඔප්ශන් එකක් නෑ. අනික ඔයා අකමැති නෑනෙ මාව මැරි කරන්න."
"අකමැති නෑ තමයි. ඒත් මේ දේවල් මේ විදිහට වෙනවට මම ආස නෑ කැලිෆෝනියා."
"එහෙනම්.. අපි මොනවද කරන්නෙ මේකට ?"
"බබෙක් අපිට ඕනි නෑ කැලිෆෝනියා. එයාව ඇබෝෂන් කරමු."
"No.. මට ඒක කරන්න බෑ නිර්වාන්. මම කැමති නෑ ඒ වැඩේට. කවුරු කිව්වත් මං ඒක කරන්නෙ නෑ."
"ඒක එහෙම කරන්න ඕනි කැලිෆෝනියා. නැත්තම්......"
"නැත්නම් මොකද ?"
කැලිෆෝනියා ඇස් වල කඳුළු පුරවන් එහෙම අහද්දි නිර්වාන් සයිලන්ට් උනා. කැලිෆෝනියාට ඕනි උනේ නෑ එයාගෙ බඩේ ඉන්න දරුවව නැති කරන්න. එයාට ඕනි උනේ දරුවා කවදා හරි ඒ දෙන්නාගේ නමින් බිහි වෙනවා දකින්න.
"මම කල්පනා කරලා බලන්නම්.."
"කල්පනා කරන්න වෙලා නෑ. ඔයා ඉක්මනින්ම ඩිසිෂන් එකක් ගන්න ඕනි අපි දෙන්නා ගැන. නැත්තම් මම මේ ලෝකෙ තනිවෙයි ඔයා නැතුව."
"Don't cry my baby."
කැලිෆෝනියා අඬද්දි නිර්වාන් එයාව තුරුලු කරන් සැනසුවා. නීත්‍යානුකූලව නිර්වාන්ගෙ නමින් දරුවො දෙන්නෙක් තව තැනක උස් මහත් වෙද්දි, කාටත් හොරෙන් රූපසිංහ ලේ තියෙන තව දරුවෙක්, රැවටුණ අහිංසක ගෑනු ළමයෙකුගෙ බඩේ ඉන්නවා කියලා කවුරුත් දැනන් හිටියෙ නෑ. නිර්වාන් ඒ ගැන තව කෙනෙක්ට දැනුවත් වෙන්න ඉඩ දුන්නෙත් නෑ.
"එහෙම උනොත් එයා ලැබුණට පස්සෙ අපි මැරි කරමු."
තව දවසක මීට් වෙන්න ආවම නිර්වාන් කල්පනා කරලා කරලා කැලිෆෝනියාට කිව්වෙ ඒක. ඒ තීරණයට ඇත්ත නොදන්න කැලිෆෝනියාත් එකඟ උනා. ඒත් යටින් දුවන ප්ලෑන් එක දැනන් හිටියේ නිර්වාන් විතරයි.
කාලෙ ගෙවුණා. මාසෙන් මාසෙට කැලිෆෝනියාගෙ බඩ ඉදිරියට නෙරා එන්නෙ ඇතුළෙ ඉන්න දරුවා ලොකු වෙන නිසා. ටෙස්ට් කරද්දි දැන ගත්තා ඒ ලැබෙන්න ඉන්නෙත් දුවෙක් කියලා.
"ඔයාට ලැබෙන්න ඉන්නෙ දුවෙක්නේ. දැන් නමක් එහෙම රෙඩි කරගත්තද ?"
ඩොක්ටර් එහෙම අහද්දි කැලිෆෝනියාගෙ හිතට ආවේ 'මින්දි' කියන නම. Unique නේම් එකක් උන ඒ නම මුල ඉඳන්ම කැලිෆෝනියාගෙ හිතේ තිබුණ, ආසම නමක්.
"නිර්වාන්.. අපි එයාට මින්දි කියලා දාමු."
"ආහ් ඔව්.. ඒක ලස්සනයි වගේම යුනික් නේ."
දැන් ඉන්නෙ එෆෙයා එකේ මුල් කාලෙ හිටපු නිර්වාන් නෙවෙයි කියලා කැලිෆෝනියාට තේරුණා එයා ටිකෙන් ටික වෙනස් වෙද්දි. වෙනදා තරම් කතා කරන්නෙ නෑ, හැම වෙලේම මොනවා හරි දෙයක් ගැන ගැඹුරු කල්පනාවක්. හැබැයි තමන්ගෙ දරුවා බඩේ ඉන්න නිසාද කොහෙදෝ එයා දවසක් හැර දවසක් වගේ කැලිෆෝනියා බලන්න එන්න ගත්තා.
"ඔයා බය වෙලාද ඉන්නෙ නිර්වාන් ?"
"නෑහ්.. මම මොකට බය වෙන්නද කැලිෆෝනියා ?"
"එහෙනම් ඇයි වැඩිය කතා නැත්තේ ?"
"නිකන්.. ඔෆිස් එකේ ප්‍රශ්න මට. ඒවා ඔයාට කියලා ඔයාගෙ හිතත් අවුල් කරන්න මට ඕනි නෑ."
කැලිෆෝනියාගෙ ප්‍රශ්නෙට උත්තර නොදී ඉන්න බැරි නිසා නිර්වාන් කිව්වේ ක්ෂණිකව මතක් වුණ බොරුවක්. මේ දරුවා ඉපදුනායින් පස්සේ තමන් වැරදිකාරයෙක් වෙන බව එයා දැනන් හිටියා. ඒත් කැලිෆෝනියාගෙ අකමැත්තෙන් දරුවා නැති කරලා දාන්නත් බෑනේ.
ප්‍රෙග්නන්ට් වෙලා මාස හතක් වගේ වෙද්දි කැලිෆෝනියා නිර්වාන් එක්ක එයාලගෙ අලුත ඉපදෙන්න ඉන්න දුවට අලුත්ම රූම් එකක් හැදුවා. ලැබෙන්න ඉන්න දුව නිසා ඇඟට වේදනාවක් දැනුනත් කැලිෆෝනියාගෙ හිතේ තිබ්බෙ ලොකු සතුටක්. මොකද එයා පළවෙනි පාරටයි අම්මා කෙනෙක් වෙන්න යන්නේ..
හැබයි කැලිෆෝනියාගෙ හිතේ තිබ්බ ඒ සතුට, දුව ලැබෙන්න මාස දෙකක් තියෙද්දි සුන් වෙලා ගියේ නිර්වාන්ගෙ ඇත්ත දැන ගත්තම. නිර්වාන් කෝල් එකකින් යාළුවෙකුට කතා කරන එක අහන් හිටපු ගෙදර වැඩ කරන ගෑනු ළමයා කැලිෆෝනියාට ඇත්ත කිව්වා. මේ කතාව මුලදි එයා විශ්වාස කරේ නෑ. ඒ නිසා නිර්වාන්ගේ ඒරියා එකේ ඉන්න තමාගේ යාළුවෙක්ට කියලා එයා නිර්වාන් ගැන හොයන්න ගත්තා. අන්තිමට කැලිෆෝනියා දැන ගත්තා, එයා අවුරුදු 2 ක්ම නිර්වාන්ට රැවටිලා කියලා.
"ඔයා මොන හිතකින්ද මාව රැවැට්ටුවෙ නිර්වාන්. මේ දේවල් වෙන්න කලින් ඔයාට තිබුණා මට මේක කියන්න. දැන් ඔයා හදන්නේ මාවයි දරුවවයි අසරණ කරලා පැනලා යන්නද ?"
"කැලී.. මම එහෙම කරන්නෙ නෑ. ඔයා දන්නෙ නෑ මගෙ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක ගැන. ඔයා දන්නෙ මම මැරීඩ්, මට දරුවො දෙන්නෙක් ඉන්නවා කියලා විතරයි නේ."
"ඉතින්......"
"මගෙ වයිෆ් වෙන කෙනෙක්ට ලව් කරනවා. අපි අතර උනේ Arranged Marriage එකක්. අපේ දෙමව්පියො කිව්ව නිසයි අපි මෙච්චර දුරක් ආවෙ. නැත්තම් මම මිහිරිට කැමති නෑ පොඩ්ඩක් වත්. ඒකයි මම හිතුවෙ ඔයා ළඟ නවතින්න. ඒත් මෙහෙම වරදක් වෙයි කියලා මම හිතුවෙ නෑ. ඒකයි මම කිව්වෙ ඔයාට එයාව ඇබෝෂන් කරමු කියලා. ඒත් ඔයාට ඕනි උනානේ එයාව හදා ගන්න."
නිර්වාන් එහෙම කියද්දි කැලිෆෝනියාට හිතුණා ඇත්තටම නිර්වාන් මෙතන සුළු වශයෙන් හරි සාධාරණයි කියලා. මොකද ආදරයක් සෙනෙහසක් නැති තැන බැඳිලා ඉන්න සතෙක් වුණත් ආස නෑ. ඒ උනාට කැලිෆෝනියාගෙ හිතේ දුක තිබුණේ නිර්වාන්ගේ දරුවො දෙන්නා ගැන. ඒ දෙන්නට හරි නිර්වාන්ට හොඳ තාත්තා කෙනෙක් වෙන්න තිබුණා..
"කැලිෆෝනියා.. Listen to me.. මින්දි මේ ලෝකෙට එනවට මම අකමැති නෑ. ඒත් ඔයයි මින්දියි මේ ගෙදරටම වෙලා ඉන්න එක හොඳයි. මොකද මගෙ ෆැමිලි එක මේ ගැන දැන ගත්තොත් එයාලා ඔයාලා දෙන්නට කරදරයක් කරයි."
"එතකොට ඔයාගෙ වයිෆ්ට, දරුවො දෙන්නට මොකද වෙන්නේ. ඔයාට ඒ වගකීම අතාරින්න බෑ නිර්වාන්. මොනවා උනත් ඒ ඔයාගෙ ෆැමිලි එක."
"ඔව්.. මිහිරිව මම ඩිවෝස් කරනවා කැලිෆෝනියා."
"What ?"
"Yeah.. ඒ කෙල්ල එයාට ඕනි දේවල් කරනවා නම් එයා දරුවො ගැන හොයන්නෙත් නැත්තම් ඇත්තටම මට ඒ වගේ කෙනෙක් තවත් එපා."
"එතකොට.."
"මම එයාව ඩිවෝස් කරලා ඔයයි මින්දියි ලඟට එනවා."
නිර්වාන් කියන දේවල් ගැන කැලිෆෝනියා ගොඩාක් කල්පනා කරා. මේ ප්‍රශ්න නිසා සමහර දවස් වලට කැලිෆෝනියා නිදා ගත්තෙත් නෑ. ඒත් මොන දේ කරත් තමාගෙ හිතේ නිර්වාන් ගැන තියෙන ආදරේ නිසා එයාව අතෑරගන්න බෑ කෙල්ලට.
"එහෙනම් ඔයා ඔයාගෙ දරුවො දෙන්නත් අරන් මං ලඟට එන්න නිර්වාන්. මට පුළුවන් ඒ දෙන්නත් මගෙම දෙන්නෙක් වගේ බලාගන්න. ඇත්තම අම්මෙකුට බෑ තමන්ගෙ දරුවෙක් හරි වෙන කෙනෙකුගෙ දරුවෙක් හරි අසරණ වෙනවට."
"මම දන්නවා.. ඔයා තමා මේ ලෝකෙ ඉන්න හොඳම ගෑනු ළමයා. ඔයා වගේ හිතන කෙනෙක් මට ආයෙ කවදාවත් කොහෙන්වත් හම්බ වෙන්නෙ නෑ කැලිෆෝනියා."
කැලිෆෝනියාගෙ තිබ්බ ඒ අනුකම්පාව, කරුණාව පාවිච්චි කරලා නිර්වාන් හැමදාම එයාව රැවැට්ටුවා. නිර්වාන් කියන දේවල් අහලා විශ්වාස කරපු කැලිෆෝනියා එයාගෙ අනාගතය ගැන හීන මවාගත්තා.
"ආහ්.. අනේහ්.."
කිචන් එකේ උය උයා හිටපු වැඩකාර ගෑනු ළමයාට එකපාරටම ඇහුණේ, කැලිෆෝනියා රූම් එකේ ඉඳන් කෑ ගහන සද්දේ. ගිහින් බලද්දි කැලිෆෝනියා හිටියේ හොඳටම අමාරු වෙලා. ඩිලිවරි ඩේට් එක හෙටට තියෙන නිසාත් අමාරුවක් තිබුණෙ නැති නිසාත් නිර්වාන් ටිකක් පරක්කු වෙලා තමයි කැන්ඩි එන්න හිටියේ..
"අනේ මහත්තයා.. ඉක්මනින් එන්නකෝ. නෝනට හොඳටම අමාරුයි. දැන්ම හොස්පිටල් එක්කගෙන ගියෙ නැත්තම් දෙන්නටම කරදරයක් වෙයි."
වැඩකාරි මග එන නිර්වාන්ට එහෙම කිව්වම, නිර්වාන් පුළුවන් තරම් ඉක්මනින් බංගලාවට ආවා. නිර්වාන්ගෙ කීමට එයාලා වෙන කිසිම කෙනෙක්ට මේ ගැන දැන ගන්න ඉඩ තිබ්බෙ නෑ වගේම, කාගෙන් වත් උදව් ගත්තෙත් නෑ.
"නිර්වාන්.."
"තව පොඩ්ඩක් ඉවසන් ඉන්න කැලී.. අපි දැන්ම හොස්පිටල් එකට යනවා හරිද ?"
ඒ වෙද්දි වෝටර් බෑග් එකත් කැඩිලා ඉවරයි. ඒත් නිර්වාන් පුළුවන් තරම් ඉක්මනින් හොස්පිටල් එකට කැලිෆෝනියාව අරගෙන ගියා. ගිහින් වැඩි වෙලාවක් යන්නත් කලින් ඒ දෙන්නගෙ දරුවා ඉපදුනා.
"මිස්ටර් රූපසිංහ.. ඔයාගෙ දුවව බලන්න යන්න. එයාලා දෙන්නම හොඳින් ඉන්නවා."
ඩොක්ටර් එහෙම කියද්දි නිර්වාන් රූම් එක ඇතුලට ගියා. ඇඳේ හිටපු කැලිෆෝනියාගෙ අතේ ගුලි වෙලා ඉන්න දුඹුරු පාටට හුරු ලස්සන කෙල්ල දැක්කම නිර්වාන්ගෙ හිතට ආවෙ අමුතුම සතුටක්. ඒ වගේම ඒ හිතේ ගින්දරකුත් හට ගත්තා..
"එයා ඔයා වගේම වෙයි කියලා මට හිතෙනවා කැලිෆෝනියා. ඇත්තටම එයා ලස්සනයි."
අතට වත් ගන්න බය උනත් නිර්වාන් එයාගෙ අලුත උපන් දුවව ලඟට අරගෙන ඒ සිනිදු නළල ඉඩ සිප ගැන්මක් තිබ්බා. දරුවා අතට අරගෙන සතුටින් ඉන්න නිර්වාන් දැකපු කැලිෆෝනියා එයාලා තුන් දෙනාගෙම අනාගතේ ගැන හීන මැව්වා..
ලැබුණු දවසෙ හවසම කැලිෆෝනියාව හොස්පිටල් එකෙන් ඩිස්චාජ් කරා. එදා රෑ වෙනකම් ඉඳපු නිර්වාන් ආයෙමත් එයාගෙ ගෙදර ගියේ පහුවෙනිදා උදේමත් ආයෙ එනවා කියලා. ඉතින් කැලිෆෝනියා ගෙදර වැඩ කරන ගෑනු ළමයා එක්ක දරුවා බලාගෙන හිටියා. ඉපදිලා පැය ගාණක් නිසා දරුවා හරියට අඬනවා, නිදියනවට වඩා..
"මැණික.. ඇයි ඔයා ඔහොම අඬන්නෙ අනේ.. අම්මිත් අඬනවා හරිද දැන්.."
හොස්පිටල් එකේදි නර්ස්ලා වගේම, ගෙදර වැඩ කරන ගෑනු ළමයත් කැලිෆෝනියාට කියලා දුන්නා දරුවට කිරි දෙන හැටි. වෙනදා වගේ කැලිෆෝනියා එයාගෙ අම්මටයි තාත්තටයි කතා කරෙත් නෑ දරුවා අඬන සද්දෙ ඇහෙන නිසා. ඒ තරමටම කැලිෆෝනියා හැමෝගෙන්ම හැංගුවා එයාට දුවෙක් ඉපදුණා කියලා.
"ඔයත් ලොකු වෙලා මං වගේ වෙනවා නේද මැණික. මං ඔයාට කියලා දෙන්නම් Instrument ප්ලේ කරන හැටි."
මහ රෑ දුව නැගිටලා අඬනකොට කැලිෆෝනියා එයාට කිරි දෙන ගමන් නිහඬ වුණ කාමරේ තමන් එක්කම කතා කරා. හඳේ එළිය සුදු ජනෙල් රෙදි අතරින් ඇඳට වැටිලා, පරිසරයත් නිහඬ වෙලා වෙනදටත් වඩා..
"ඔයා ලොකු උනාම මම ඔයාට ලස්සන ගවුම් අන්දලා හැඩ බලනවා. ඔයා දන්නවද ඔයා තව ටිකක් ලොකු වෙනකොට මම මේක ඔයාගෙ අතට දානවා."
කැලිෆෝනියා එයාගෙ අතේ තිබුණු පබළු වලල්ල වගේම පොඩි පබළු වළල්ලක් ඇඟිල්ලකින් උස්සලා එහෙම කිව්වා. හඳේ එළියට කැලිෆෝනියාගෙ පපුවෙ තිබ්බ නෙක්ලස් එකේ නිල් දියමන්තිය වගේම අතේ තිබ්බ දුවගෙ පබළු වලල්ලත් දිළිසුනා..
"මගෙ කරේ තියෙනවා වගේ බ්ලූ ඩයමන්ඩ් එකක් ඔයාගෙ කරෙත් තියෙද්දි අපි දෙන්නම එක වගේ පෙනෙයි.. මින්දි.."
කැලිෆෝනියා, දරුවා ලැබෙන්න ඉද්දි එයාගෙ කරේ තිබුණ නිල් දියමන්තිය කොටස් දෙකකට කඩලා එයාටයි දුවටයි දෙන්නටම Gold පාටිනුයි Rose Gold පාටිනුයි නෙක්ලස් දෙකක් හැදුවා. රතුපාට ජුවලරි බොක්ස් එකක දුවගෙ නෙක්ලස් එක එයා අරන් තිබ්බා පරිස්සමට.
"මින්දි.. අද ඉඳන් ඔයාගෙ නම මින්දි."
"ඒත් මින්දි ෆ්රස්ට් නේම් එකට දාලා, සෙකන්ඩ් නේම් එකට මොකක්ද දාන්නේ ?"
කැලිෆෝනියා කිරි දීලා ඉවර වෙලා කල්පනා කරා දුවට දාන දෙවනි නම මොකක්ද කියලා. ඉස්සර එයාගෙ අම්මයි තාත්තයි එයාට කියලා තියෙනවා එයා ඉපදෙන්න කලින් තියන්න හිටපු නම අමේලියා කියලා. ඒත් එයාගෙ අම්මා කැලිෆෝනියා වලට ඇවිත් ඉද්දි හදිස්සියේම එයාව ඉපදුන නිසා තමයි එයාට කැලිෆෝනියා කියලා නම තියලා තියෙන්නේ. ඉතින් අම්මා කිව්ව මේ සිද්ධිය මතක් වුණ කැලිෆෝනියා හිතුවා මින්දිගෙ දෙවනි නමට අමේලියා කියලා දාන්න.
"මින්දි.. අමේලියා.. රූපසිංහ.."
පොඩි කොළ කෑල්ලක ලිව්ව ඒ නම කැලිෆෝනියා හිමිහිට මිමිණුවා. වාසගමත් එකතු වුණාම නමේ තියෙන්නේ පුදුමාකාර ගැලපුමක් කියලා එයාට තේරුණා. ඉතින් කාමරේ කොනක තියෙන මේසෙ උඩ තිබ්බ දුඹුරු පාට පිටු තියෙන පොත අරගෙන එයා අවසානයට ලියලා තිබ්බ පිටුවේ මැදින් ඇලෙව්වා. ඒ පොතේ කැලිෆෝනියා ලියලා තිබ්බේ නිර්වාන් හම්බුණ දවසෙ ඉඳන් එයාගෙ ජීවිතේ වෙනස් උන විදිහයි. එයාට ඕනිකම තිබ්බා කවදා හරි මේක නිර්වාන්ගෙ අතට දීලා, ඒ හිත සතුටු කරන්න..
"තව දවස් දෙක තුනක් ගියාට පස්සෙ මම ඔයාට පොඩි පොඩි ගවුම් මහනවා සීතලට අඳින්න. තව මේසුත් ගොතන්නම්. එතකොට ඔයාට පුළුවන් රස්නෙට ඉන්න.. මගෙ සුරංගනාවි.."
ලා රෝස පාට සිනිදු ඇතිරිල්ලක නිදාගෙන ඉන්න දරුවා දිහා බලලා කැලිෆෝනියා ඇඳේ අයිනක නිදා ගත්තා. මහන්සියටත් එක්ක එයාට නින්ද ගියා. පහුවෙනිදා උදේම නැගිටලා බලද්දි නිර්වාන් ඇවිත්. ඉතින් කැලිෆෝනියාට ටිකක් නිදහසේ ඉන්න දීලා නිර්වාන් දරුවව බලාගත්තා.
"කැලී තාම එයාව ලැබිලා දවසයි නේද. ඔයා ඔහොම එයාට මෙහාට දුවන්න එපා. එක තැනකට වෙලා ඉඳන් රෙස්ට් කරන්න."
නිර්වාන්ගෙ අතේ දරුවා ඉන්නකන් කියලා කැලිෆෝනියා දරුවට ඕනි දේවල් හදද්දි නිර්වාන්ම එහෙම කිව්වේ කැලිෆෝනියාට රෙස්ට් එකක් ඕනි නිසා. ඒත් දරුවා ලැබුණ සතුටටද කොහෙද ඇඟ අමාරුකම් තිබුණත් කැලිෆෝනියා දරුවා වෙනුවෙන්ම වැඩ කරනවා.
"නිර්වාන්.."
"ම්ම් ?"
"මින්දි ලොකු උනාම ඔයා මට ෆ්‍රෙෂ් මල් ගෙනවිත් දෙනවා වගේ එයාටත් ගෙනවිත් දෙනවා නේද ?"
"ඔව් මං ගෙනවිත් දෙනවා. ඔයා ආස ඒවට නිසා එයාත් ඒවට ආසවෙයි ගොඩක්."
"හ්ම්ම්.."
නිර්වාන්ගෙ උරහිස උඩින් ඔළුව තියාගත්තු කැලිෆෝනියා සැනසීමෙන් ඇස් පියා ගත්තා. නිර්වාන් තව දරුවො දෙන්නෙකුට නීත්‍යානුකූලව තාත්තෙක් උනත් තමා ගාව ඉද්දි කැලිෆෝනියාට දැනුනේ එයා තමාගෙම හස්බන්ඩ් කියලා.
"හෙටත් මම එනවා. මගෙ යාළුවෙක් එනවා මං එක්ක. එයාටත් දුවව බලන්න ඕනි කිව්වා."
"ඔයා ඒක යාළුවන්ටත් කිව්වද නිර්වාන් ?"
"එයා විතරයි දන්නෙ කැලී. එයා තමා මේ ගැන දන්න අන්තිම කෙනා. ඒ වගේම මින්දිව බලන්න එන අවසාන අමුත්තා."
"එහෙනම් කමක් නෑ."
නිර්වාන්ගෙ වචනය විශ්වාස කරපු කැලිෆෝනියා ඒකට අවසර දුන්නා. ඉතින් දැන් මේ හැමදේකම ඇත්ත දන්නේ නිර්වානුයි එයාගෙ යාළුවායි, මේ ගෙදර වැඩ කරන ගෑනු ළමයයි විතරයි.
"පරිස්සමින් යන්න නිර්වාන්. හෙට යාළුවා එක්ක එන්න. මම බ්‍රෙක්ෆස්ට් එකත් රෙඩි කරලා තියන්නම් අපි තුන්දෙනාට."
"අපි තුන්දෙනාට ?"
නිර්වාන් පුදුමෙන් වගේ එහෙම අහද්දි කැලිෆෝනියා හිනා වුණා..
"ඔව්.. හෙට වැඩ කරන කෙනා එයාගෙ ගෙදර ගිහින් එන්න යනවා. හවස් වෙලා තමයි ආයෙ එනවා කිව්වේ."
කැලිෆෝනියා එහෙම කියද්දි නිර්වාන් ලොකු කල්පනාවකට වැටිලා ඇඳේ ඉන්න දරුවා දිහා බැලුවා. කැලිෆෝනියාට නිර්වාන්ගෙ මේ හැසිරීම ගැන වෙනසක් තේරුණා. හරියට නිකන්, නිර්වාන් දරුවා ගැන වද වෙනවා වගේ..
"මොකද උනේ ?"
.......................................................... 🖤 ...
*කව්ද මේ මින්දිව බලන්න එන අවසාන අමුත්තා ?*
*ඊලඟ එකෙන් කැලිෆෝනියාගෙ කතාව ඉවරයි. ඒත් ලොකු රහසක් එළිවෙයි.*
*කතාවෙ අවසානයට ඔයාලා නොදැනිම ලං වෙයි 💕*
> Sachy Collins

❤️
❤
♥
👍
🤍
💜
😢
♥️
💙
💚
300