දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 11, 2025 at 12:34 PM
*🩷ආදරියේ🩷* ~දඩබ්බර හිත් දෙකක් මැද අතරමං වූ ආදරියයි ඇය~ 💋💋💋💋💋💋💋💋💋💋💋💋💋 1️⃣4️⃣. අවුරුදු උත්සවෙන් පස්සේ කැම්පස් එකේ නිවාඩු හම්බුනා .ඉතින් එයාලා නිදහසේ පාඩුවේ ගෙදරට වෙලා අවුරුදු සැමරුවා කියලද හිතන්නේ,නෑ බරටම එසයිමන්ට් වල පැටලිලයි හිටියේ,නිතර නිතර රෝශි,ආකේශ් නේහා එයාලගේ ගෙවල් වල මාරුවෙන් මාරුවට එකතු වෙලා වැඩ කරා,මේ කාලේ ඇතුලේ යොමාල් හිටියෙ වෙනම වැඩක,එයා මුල් දවස් ටිකේ එයාලගේ ගමේ කළුතර ගිහින් හිටියේ,එයාගේ අම්මාව බලන්න ඒ ගෙදර දැන් ඉන්නේ අහිංසක අම්මා විතරයි,ඉතින් යොමාල්ට දැන් ඉතුරුත් එයා. ඒත් යොමාල් ආයේ දවස් තුනක් යද්දි කොලබ ආවේ නේහාටවත් නොකියා.ඉතින් නේහා හිතන් හිටියේ යොමාල් තාම කළුතර වෙන්න ඇති කියලා,ඒත් යොමාල් හිටියේ වෙනමම සැලසුමක නිරත වෙලා. නේහාගේ නැන්දා නානායක්කාර වලව්වේ පොඩි මැනිකේ ,සුලෝචනා ආගම දහමට හරියට බරයි,එයා විවාහ වෙලා සැමියාගේ ආරවුලක් නිසාවෙන් දික්කසාද වෙලා ආයේ වලව්වට ආවේ මුලු ජීවිතේම එපා වෙලා,ඒත් තමන්ගේ දීගේ කඩාගෙන පවුලට අවනම්බුවක් උනා කියන මැසිවිල්ල ආච්චි මම්මා දවසකට දෙතුන් පාරක් අදටත් කියනවා,කවදත් අහිංසක සුලෝචනා දෙමව්පියන් ගෙනා වලව්කාර පවුලක යෝජනාවට කැමති වෙලා විවාහ කරන් තිබ්බේ සල්ලාලයෙක් එක්ක,ඒක දැනගත්ත ගමන් ස්ටැන්ලි කරේ නංගිව ඒ නරකාදියෙන් ගලවන් ගෙදර ගෙනාව එක. පිරිමි දරුවන් දෙනෙක් හා එකම ගෑනු දරුවෙක් උන්නු මේ නනායක්කාර වලව්ව ස්ටැන්ලි ගේ නමට ලිව්වේ එයාගෙ අප්පච්චි ,එයා ජීවතුන් අතර ඉද්දි,ඒ නිසාම දෙවෙනි පුතා වුන ඩග්ලස් ඔහුට ලැබුන දේපල විකුණා විදේශ ගත වුනේ දෙමව්පියන් ගේ විරුද්ධත්වය යටතේ විදේශීය කාන්තාවක් හා විවාහ වී,වලව් පැලැන්තියේම කෙනෙක් වුන නේහාගේ අම්මා එක්ක විවාහ වුන ස්ටැන්ලි ට හිටිය එකම දරුවා නේහා,ඒ කාලේ මේ වලව්වත් ඉතාම ධනවත් බලවත් පව්ලක් වුනේ ස්ටැන්ලි එවකට ඉහල පොලිස් නිලධාරියෙක් වුන නිසයි,නමුත් සියල්ල උඩු යටිකුරු වුනේ මීට අවුරුදු පහකට කලින්,එදා පටන් දිනෙන් දින කඩා වැටුන පවුලත් වලව්වත් මේ වෙද්දි බංගස්තාන වී අවසන්,ගැහැනු හතරදෙනෙක් ඉතුරු වුන වලව්ව ත් වටේ තියෙන පොල් වත්තත් ඇරුනකොට ඔවුන්ට කිසිවක්ම නැති වුනා ආදායම් මාර්ගයක්,පවුලේ හයිය වුන ස්ටැන්ලි ත් සිරගත් වුනාට පසු ඔවුන් දිනෙන් දින අගාදයටම වැටුනා. සුලෝචනා පාසල් ගුරුවරුයක්,ඒ වැටුපත් ගෙදර ටම ඇය විය්දම් කරේ බොහෝ විට නේහා වෙනුවෙනුයි.ඇය නේහාට බොහෝ සෙයින් ආදරේ කලා. නේහා හිටියේ මිදුලේ අබ ගහ යට බංකුවට වෙලා පොතක් කියව කියව,සුලෝචනා කවදත් ගෙදරට ඇන්දේ නේහාගේ අම්මා වගේම හෑන්ඩ්ලූම් ලුංගියත් බලවුස් එකත්,කොච්චර ආර්තිකේ අතින් පහලට වැටුණත් ආච්චි මම්මාගෙ නීතියෙන් පිට යන්න කාටත් බෑ,එයා උනත් ගෙදරට පවා හිටියේ,ඔසරිය ඇදලා අගස්ති මාලයක් එහෙම දාලා හරි උජාරුවට . වලව්වට පරම්පරා ගානක් කබුරපු පවුලක් වුන පියසේන වගේම එයාගේ බිරිද යසෝමා,වැටුපක් වත් බලාපොරොත්තු නොවී ගෙදර දොරේ වැඩක් පලක් වත්ත පිටියේ වැඩක් කරන් වුන්නේ,වලව්ව ඇරුනාම ඔවුන්ට වෙන යන්න තැනක් නෑ වගේම,අවුරුදු ගානක් නනායක්කාර වලව්වට තියෙන ලෙංගතු කමට. සුලෝචනා හෙමින් ඇවිත් ගල් බංකුවේ වාඩි වුනා. "මොකක්ද කියවන්නේ,,දුරම දුරයි ඔබ ලගම ළඟයි,චන්දි කොඩිකාරගේ නේද"නේහා ඔලුව උස්සලා බැලුවේ එහෙම ඇහුන සුලෝචනාගේ හඩට. "ඔයා මේකත් කියවලා තියෙනවා ඒ කියන්නේ" "දෙපාරක්ම" "ඉතින් මොකද වෙන්නේ" "වෙන දේ මං කලින් කිව්වොත් ඔයාට කිසි රසයක් නෑ නේ ලමයෝ" "හ්ම් ඒකත් ඇත්ත නේද" "මේ එක නෙමෙයි සුදු මැණික,අපි හවසට ගමනක් යන්"නේහා කොහෙද කියලා ඇහුවේ අභිනයෙන්. "පෑහෙන් නැතුව යන්ද කියපන්කෝ," "ඔයත් එක්ක ඉතින් මං අපායට වුනත් එනවානේ පොඩී"නේහා සුලෝචනාව බදාගෙන කිව්වේ එයාගේ කම්මුලකුත් හපලා. "අහ්ව් කෙල්ලේ"සුලෝචනා හෙමින් පාරක් ගැහුවත් කිව්වේ හිනාවෙවි දරුවෝ නැති එයාට නේහා එයාගෙම දුව, =========================== දුශේන් හිටියේ උදේ ඉදන් අඩිය පොළේ ගගහා,ගෙදර දොරවල් ජනෙල් දඩාන් බඩාන් ගගා වහ වහ,බඩුත් පොළේ ගගහා එයා හිටියේ හරි කේන්තියෙන්,කැම්පස් එකේ නිවාඩුත් එක්ක කොල්ලාට ගෙදර ඉන්න එක එපා වෙලා තිබ්බේ.ඊටත් අද දවස ගැන ඒ ගෙදර කාටවත් ගානක් නැති එකයි ලොකුම හේතුව වුනේ. උදේ ඉදන් එයා බලන් හිටියේ දැන් කාට හරි මතක් වෙයි කියලා,ඒත් නෑ. දුශේනි වගේම මහසෙනුත් ගෙදර ආවේ හවස මේ දවස් වල දුශේනිගේ ජන්ද ව්‍යාපාර නිසා එයාලා බරටම වැඩ ඒ එද්දිම,එයාලට ඇහුනේ උදේ වගේම බඩු පොළේ ගහන සද්දයක් . ඒත් එක්ක සුදු ශර්ට් එකකුත් අරන් වේගෙන් පඩි පෙල බැහැන් ආව දුශේන්,අක්කාවයි අප්පච්චිවයි නොදැක්ක ගාණට ගියේ කුස්සිය පැත්තට. කෝලිත අංකල්,කෝලිත අංකල්,කොයි අර ටික හරිද" "මේ ගේනවා චූටි බේබි"කෝලිත කීවේ හති දදා,. "ඔක්කොම හරි නේ අංකල්,ඔය ටික වාහනේට දාන්න,මං යනින් ගමන් අටපිරිකරක් ගන්නම්,කෝලිත් අංකලුත් යන් යනවානම්" "අනේ එන්න තියෙනවා නම් හොදයි,ඒත් ලොකු බේබිලා නැති වෙලේ එහෙම යන එක හරිද" "හ් එයාලා හිටියත් නෑ වගේ මිනිස්සුනේ,අංකල් එනවානම් යන්,ඇදුමක් දාන් එන්න"දුශේන් එහෙම කියන් සාලෙට ආවේ ඒ පස්සෙන් කෝලිතත් බඩු වගයක් අරං එද්දි. "මල්ලි කොහෙද යන්නේ" දුශේනි අහද්දිම දුශේන් අපහාසෙට හිනා වුනා, "ඇයි අහන්නේ," "අහන්නේ එයා ඔයාගේ අක්කා නිසා ,මං දැන් බලාගෙන උදේ ඉදන් ගෙදර බඩු පොළේ ගගහා ඇයි ඔය"මහසෙන් කීවේ මැදින් පැන. "අහ් ඒවා ඇහුනද,ාඅමතක වුන දෙයක් මතක් කරන්නයි එහෙම කරේ කාටවත් මතක නෑ නේ,කොහේ මතක තියෙන්නද නේ මේ ගෙදර අයට එහෙම ඒවා,ඒ තරමට වැඩ නේ" දුශේන් එහෙම කියලා යන්න ගියේ,කෝලිත ගල් ගැහිලා වගේ බලන් හිටියේ. "කෝලිත් අංකල් ඔයා ඔය ටික දාලා එනවද නැද්ද්๬ කියන්න,කවුරු නැත්ත මං යන්න ඕනේ මගේ අම්මා වෙනුවෙන්" "මොනවද කෝලිත් ඔය"දුශේනි ඇහුවේ බෑග්ටික දැකලා. "මොකටද අහන්නේ,ඔයාලාගේ ඒවා නෙම්මෙයි මේ මගේ සල්ලි"දුශේන් කතා කරේම තරහින්. තාත්තයි දුවයි හිටියේ හිතාගන්න බැරුව,කෝලිත් ගිහින් ඒ ටික වාහනේට දාදි යන්න ගිය දුශේන් ආයේ හැරිලා අක්කයි අප්පච්චි ගාවට ආවේ. දෙන්නා පුදුම වෙලා බලන් ඉන්න එපා මූණු දිහා,අක්කේ අද තමුගේ අම්මා නැති වෙලා අවුරුදු හතරයි,අප්පච්චිගේ නෝනත් නැති වෙලා අවුරුදු හතරයි"කිව්ව දුශේන් සන්ග්ලාසස් දෙකත් දාගෙන එතනින් ගියේ හරිම කලකිරීමෙන් ඒ දෙන්නා දිහා බලලා. දුශේන් ගේ ඩිෆෙන්ඩර් එක පිටව ගියාට පස්සේ කෝලිත් සාලෙට එනකනුත් මහසෙන් වගේම දුශේනිත් හිටියේ ගල් ගැහිලා,එයාලට ඒක අමතක වෙලයි තිබ්බේ,දුශේන් ඒ දේ මතක් කරලා දීපු විදිහට එයාලට දැනුනේ ලැජ්ජාවක්. "චූටි බේබි උදේ ඉදන් යකා ආවේස වෙලා වගේ හිටියේ හිතේ දුකට වෙන්න ඇති,"කෝලිත් කිව්වේ වෙන කියන්න දෙයක් නැති නිසා. "අපිට මේ වැඩ එක්ක ඒක අමතක ම වුනානේ දුව" "මොන දරුවටද තමන් වදපු හදපු අම්මාගේ මරනේ අමතක පව්,බේබි "කෝලිතටත් එයාලා ගැන තිබ්බේ නොරිස්සුමක්. ."මල්ලි කොහෙද යනවා කිව්වේ අංකල්"දුශේනි ඇහුවේ පිටව යන කෝලිතගෙන්. "කැලණියේ පංසලට"....... 🌼🌼🌼 හෙට කොටසට විරාමයක්....... Novel by✍🏻 Sewmini Kaweesha ✨ බොරු කියන්න ඕනේ නෑ ළමයි,මට හරි දුකයි කතාවට ලැබෙන ප්‍රතිචාර වලට,හැමදාම ලස්සනට මට අකුරුකරලා අදහස් කියන ළමයි ටිකකට නම් මං ආදරෙයි,ඒත් කියවලා අහක බලන් යන අනිත් අයටයි මං කියන්නේ,කතාව හරි නැත්ත්නම් හිතට අල්ලන්නේ නැත්ත්නම් කියන්න,මට නොදී ඉන්න.තරහක් නෑ කා එක්කවත්,කියවන්නේ එක ලමයද මං එයාට කතාව දෙනවා,මේක විනෝදෙට කරන දෙයක් ඕනේ සතුට ඔයාලගේ ඇගයීම,සත පහක ලාභයක් අපිට නෑ
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: *🩷ආදරියේ🩷*     ~දඩබ්බර හිත් දෙකක් මැද අතරමං වූ ආදරියයි ඇය~     💋💋�...
❤️ 💗 💜 🩷 💙 🩵 💖 🤍 398

Comments