දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 11, 2025 at 02:31 PM
* *ප්‍රේමණීය හදවත්🥀❤‍🩹* > *ₕᵢₘₐₐ...♡* _ආදරය කියන්නෙ ආත්මීය පරිවර්තනයක්..._ *53. කොටස* " භාවී...මට තේරෙන්නෑ භාවී...අදිත්ට එච්චර දරුණු ලෙඩක් තිබිලත් මේ මිනීහා අපට එක වචනයක් කිව්වෙ නෑනෙ...දැන් අරහෙන් රමිඳුවා පිස්සු කෙලිනවා..මෙහෙන් අපේ පොඩි එකී....මට හිතාගන්න බෑ භාවී...ඌ හොඳින් ඇති නේද...ඌ මට කෙල්ලව බේරලා දීලා ඌ තනියෙන් ඌ වෙනුවෙන් සටන් කරන්න තීරනේ කරේ ඇයි භාවී...අපි උගේ කවුරුවත් නෙවෙයිද...අපෙ කෙල්ලත් හිත හදා ගත්තා විතරයි..ආයිමත් ආයිමත් එකම දේ වෙන්නෙ ඇයි...අපේ කෙල්ලට හිනා වෙන්න ඉඩක් දෙවියො දෙන්නෙම නැද්ද භාවී...මල්ලිට කරදරයක් වෙන්නෙ නෑ..ඌ හොඳින් ඉන්නවා ඇති...අපෙ පොඩි උන් දෙන්නා එච්චර අවාසනාවන්ත නෑනේ...ඔව් ඔව් එයාලා හොඳින් ඇති..." ගිය සතියෙ වෙච්ච සිද්දිය නිසා ගෙවල් වල මිනිස්සු තාම ඉන්නෙ ලොකු ශොක් එකක...ඒ ශොක් එක කොච්චර ලොකුද කියනවනම් ගහක් ගලක් වගේ හිටපු රමිඳු පවා භාගෙට පිස්සු වගේ ඉන්නෙ...ආයූට ආයිමත් කාමරේට වෙලා ඔහේ බලාගත්ත අත බලාගෙන ඉන්නවා...සෙනූ තමයි ලෙච් ගිහිල්ලා ආයුට නෝට් ටික ආයුට ගෙනල්ලා දෙන්නෙ... "භාවී....කෝ චූටීයි දෝණීයි..." "සුවී..සුවී..ඔයාට මම කිව්වානෙ ඔයා මෙතන කලබල වෙලා බෑ..ම්ම් මල්ලිවත් නංගිවත් එච්චර අවාසනාවන්ත නෑ සුවී...මල්ලි හොඳින් ඇති...අපි එයාව හොයමු..අපි හෙව්වත් නැතත් එයා ඉක්මනට අපිව හොයාගෙන ඒවී....මන් ගිහින් බලලා ආවේ චූටි අපේ දෝණී තුරුල් කරන් නිදි...අනේ මන්දා සුවී...හැමදේම හරියයි.." භාවනා එහෙම කියද්දි සෙනුයි රමිඳුයිත් ආවා.. "අක්කේ...කෝ ආයූ..." සෙනූ එහෙම අහගෙන එද්දි රමිඳු ගිහින් සුවීන් ළඟින් වාඩි උනා.. " චූටි කාමරේ නංගී..නිදාගෙන හිටියෙ පොඩ්ඩක් බලනවද ගිහින්.." භාවනා කිව්වම සෙනූ උඩට ගියා... ...............................................................................♡.. "ආයූ...උබ නිදි නෑ නේද..මන් එන්නද.." සෙනූ අහද්දි ආයූ කාමරේ ඉදම් හූමිටි තිබ්බා... "උබ තව කොච්චර කාලයක් ඔහොම ඉන්නද බන් කල්පනාව..දරාගන්න අමාරුයි තමයි..ඒත්.." සෙනූ ආයූ ළඟින් වාඩි වෙලා අහද්දි ආයූ අවීට කොට්ටයක් තියලා ඇදෙන් වාඩි උනා.. "එ..ච්චර දෙයක් මට කිව්වෙ නැත්තේ.හ් ආයි..හ් සෙනූ..." "අයූ...බන්...උගේ පැත්තෙන් ඌ හරි බන්..ඌට බය හිතෙන්න ඇති ඌ ලෙඩෙක් නිසා උබේ ජීවිතේ නාස්ති වෙයි කියලා..." " ඉති..න් මන් අහන්නෙ අපිට කිව්වා නම් මොකක් හරි කරනවනෙ...බන්..එයා අපි ඔක්කොම ගැන හිතලා එහෙම වෙන් උනාම හරිද.හ්..ආ..හ් එයා තනියෙන්නෙ...හොඳින්ට නැද්ද කියලවත් දන්නෙ නෑ මන්...අනේ.සෙනූ...මට බයයි..හ්...හ්හ්හ්" අවී නිදි නිසා හීනියට පිටවෙන ඉකියක් නවත්ත ගන්න ට්‍රයි කරන ගමන් ආයූ කියද්දි සෙනූ ඇවිත් ආයුගේ කදුළු පිහිදලා අතක් තද කරලා අල්ලා ගත්තා.. "ආයූ..උබ ඩොක්ටර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්නේ...උබ දන්නවා ඒක සනීප කරන්න පුළුවන් කියලා...ම්ම්..චුට්ටක් කලබල වෙන්නැතුව ඉමු..ම්ම්" "සීයට විස්සක් තිහක් විතර ඒකෙන් සනීප වෙන්නෙ..හ් සෙනූ...මට බයයි...මන් වත් එයා ළඟ හිටියනම්..." "මට විශ්වාසයි අදිත්වත් උබවත් ඒතරම් පව් කාර නෑ බන්...එයා ඒ සීයට විස්ස ඇතුලෙ ඉන්නවාඅ.ම්ම්ම් එයා සනීප වෙනවා...ඔයාව හොයාගෙන එනවා..හරි..අපිත් එයාව හොයමු...අපි ඉක්මනට අදිත්ව හොයාගමු..ම්ම් ඌට උබ දාලා යන්න බෑ...ඌ හොඳින් ඉන්නවා..තේරුනාද..." "ම්ම්ම්..හික්..." "ම්ම් නෙවෙයි අහපන්...ඌ උබ වෙනුවෙන් සනීප වෙලා එද්දි උබ ලෙඩෙක් වෙලා හිටයම හරියනවද...එයා උබව දාලා ගියෙත් උබ විඳවනවා බලන්න බැරි හින්දා..ම්ම් උබ මෙහෙම විදවද්දි උගෙ කැපකිරීමට සාධාරනයක් වෙන්නෑනේද....උබට අර කලින් වැටුන වලට ආයි වැටෙන්න දෙන්න නම් එපා කෙල්ලෙ...උබ එක්ක අපි ඉන්නවා....අපි හැමෝම අදිත් එක්ක ඉන්නවා..ම්ම් අපි ඉක්මනට එයාව හොයාගමු..හරිද.....ආ මෙන්න නෝට් ඔක්කොම මෙතන තියෙනවා...විකාර හිතන් නැතුව වැඩ ටික කරපන්...ඌ හොඳින් ඉන්නවා...අපි ඉක්මනට හොයාගමු.." "ම්ම්..." ..........................................................................♡......... ඔය විදියට මාස තුනක් ගෙවිලා ගියේ රමිඳුයි සුවීනුයි එකතු වෙලා අදිත්ව හොයන අතරෙ...ආයුගෙත් ලෙඩේ ආයිත් වැඩිවෙන්න ගත්තත් අදිත් වෙනුවෙන් ලෙඩ නොවී ඉන්න තීරණේ කරපු ආයූ ආයිමත් කලින් වගේම තමන්ගෙ වැඩකටයුතු ටික කරගෙන යන්නත් පටන් ගත්තෙ අදිත් ආයිමත් සනීප වෙලා එනවා කියන විශ්වාසෙ උඩ...ආයූ පුලුවන් උන හැම වෙලාවකම පන්සල් ගිහින් අදිත්ව හොඳින් තියන්න කියලා ප්‍රාර්ථනා කරන්නත් අමතක කරෙ නෑ....ආයූ එයාගෙ ලොකු අයියයි, ශාක්‍ය අයියයි අදිත්ව කොහොම හරි හොයාගනී කියලා බලාපොරොත්තුවෙන්, අදිත් හැමදාම බලාපොරොත්තු උනා වගේම ඩොක්ටර් කෙනෙක් වෙන්න මහන්සි වෙලා වැඩ කරා...මොකද ආයූ හොදටම විශ්වාස කරා අදිත් ඉක්මනට ආයූව හොයාගෙන එයි කියලා ...සැරින් සැරේ අදිත් ගැන පොඩි භයක් ආවත් ආයූගෙ හිත අදිත් එයි කියලා තරයේම විශ්වාස කළා.... අදත් හොස්පිට්ල් ගිහින් ඇවිත් ආයූ එයා ආයිපෙරලන්නෑ කියලා වහපු ඩයරි එක අරන් පෙරලලා එක පිටුවකින් නතර උනා... _" කාටද කියන්නෙ මං මට_ _හුගක් පාලුයි කියලා!_ _හිත ඇතුලෙ කියාගන්න බැරි හුගක් දේවල් හිරවෙලා දෝන්කාර දෙනවා_ _හැමදේම අත ඇරලා පැත්තකට වෙන්න හිතපු වාර එමටයි_ _කවුරු කොහොම මන් ළඟ හිටියත් කෝ මන් හොයන ඒ සැනසීම_ _මගෙ සැනසීම කොහෙද_ කොතනද කියලා නොදැන _මම මේ බැදීම් අස්සෙ_ _හිරවෙලා මතක පොදි බැදන්_ _රෑට අමුතුම ලෝක වල_ _තනිවෙලා ඇස් වලට හොරෙන් හිතින් අඩන්න මම පුරුදු වෙලා_ _ප්‍රශ්න කෝටියක් හිතේ හිර කරන් ලෝකෙට පේන්න හිනා වෙන්න මම පුරුදු වෙලා_ _ඒයි,_ _එක වරුවකට විතරක් මන් කියන දේ අහන් ඉන්න පුලුවන්ද ?_ _එක දෙයක් විතරක් ලියලා තියාගන්න_ _මම හොදින් කියපු හැම වාරෙකම ඇතුළතින්_ _මැ..රිලා හිටියෙ හදවත විතරක් ගැහුනට "_ ඒ අකුරු උඩින් ආයූගෙ ඇගිලි අරන් ගියපු ආයූ, "තනිඋනේ මන් කියලා හිතුවට ඇත්තටම තනිවෙලා තියෙන්නෙ ඔයානෙ...හැමදේම තනියෙන් දරාගන්න ඔයාගෙ හැටිද...ඇයි මටවත් කිව්වෙ නැත්තෙ..නාහින් කටින් ලේ යනකොට තවුසෙ ඉවසුවෙ කොහොමද...මන් මෙහේ හැමරෑකම ජීවත්වෙන්න හිත හදාගද්දි ඔයා ජීවිතේ අතාරින්න හිත හදාගන්න ඇති නේද..? තවුසෙ හොඳින් ඉන්නවා නේද...මට දැනෙනවා...තවුසෙට මාව දාලා යන්න බෑ..ඉක්මනට මාව හොයන් එන්න...මන් බලන් ඉන්නවා....මට හුඟක් රිදෙනවා අදිත්..හැමදුකක්ම ඔයා තනියෙන් ඉවසුවා කියලා හිතද්දිත් මට හුඟක් රිදෙනවා...ඔයා නැතුව මට ලස්සන කාලයක් නෑ...ඔයා කිව්වා වගේ ලස්සන කාලයක් එයි නේද...ඔයා එනකන් මන් බලන් ඉන්නවා පිස්සු පූසෝ..." ආයූ හිතද්දි ඇස්වලට ආපූ කඳුලු ඔහේ පල්ලම් බැහැලා ගියා.. ඒ පොත වහලා , විලුඹ ළඟට දිග සුදුපාට රෙද්දෙ කලු පාට මල් මල් වැටිච්ච ගව්මක් ඇදලා ලේයර් කපලා තඹපාට කරලා තිබ්බ දිග කොන්ඩෙ අල්ලලා හයි පෝනිටේල් දාගෙන කෙල්ල ලෑස්ති උනේ පන්සල් යන්න...අද ශනෙව්තුත් එනවා කිව්වා කෙල්ල එක්ක යන්න...කෙල්ල ලෑස්තිවෙලා පල්ලෙහට එද්දිත් පොඩි බඩ්ඩ ශනෙව්ගෙ කරේ.. "තූති අම්මී...බබ ඩා ගන්නකූ..." ශනෙව්ගෙ කරේ ඉදන් චූටි මල් මල් ගවුමක් ඇදලා හිටපු කෙල්ල අත්දෙක දික් කරලා කියද්දි ආයූ ඇවිත් කෙල්ලව වඩා ගත්තා... "ම්ම් මගේ බටු ඇටේ කොහෙ යන්නද සෝයියක් දාගත්තේ ඒ.." "තූතිම්මී....තාදු..කීන්න්..න..." ආයූගෙ බෙල්ලවටේ චූටි අත්දෙක ඔතා ගන්න ගමන් කියද්දි ආයූ ශනෙව්ගෙන් ඔලුව උස්සලා ඇහුවේ ඇත්තද අහන්න...ශනෙව් අනිත් පැත්තට උරහිස අකුලලා දන්නෑ කියද්දි භාවනා එතෙන්ට ආවා.. "චූටි පන්සල් යනවා කියලා දැන ගත්තෙ වෙලේ ඉදම් කුනු කුනු ගගා එයාටත් යන්න ඕනිලු...ඔය ඇදුමත් උස්සන් ඇවිත් අන්දන්නලු...." "ආහ්....චූටි බබා යන් අද චූටි අම්මි එක්ක සාදු කියන්න...." "තූතිම්මි තෝයි...බබා ලයි යූ" "හනේ හනේ..හොර ගෙඩියා...යන් යන් අම්මි දාලා අපියන් ඇ.." ආයුයි, ශනෙව්තුයි, අවියි තුන්දෙනාම පන්සල් ගිහිල්ලා මල් පහන් පූජා කරලා බුදුන් වැන්දා.. " සුද්දි දුවන්නෑ හරිද..." වැලි මලුවෙ පුරා වැටි වැටි දුවන බට්ටිට ශනෙව් කියද්දි කෙල්ල මූන දොඩම් ලෙල්ලම් වගේ කරගෙන ආයුගෙ කකුලෙ එල්ලුනා.. " ඇයී...මාමි බැන්නද මගෙ කෙල්ලට...අපි ගාමු ගිහින් ම්ම්" ආයූ කෙල්ලව වඩාගෙන කියද්දි පොඩ්ඩි ශනෙව්ට රවලා ආයුගෙ බෙල්ලෙන් මූන තියාගත්තා... හිනාවෙවීම පොඩ්ඩි ළඟට ආපු ශනෙව් ආයුගෙ බෙල්ල ගාවට පහත් වෙලා පොඩ්ඩිගෙ කම්මුලක් ඇල්ලුවම කෙල්ල ශනෙව්ගෙ අත අයින් කරලා 'හුහ්' ගාලා අනිත් පැත්ත බැලුවේ ආයුටත් බකස් ගාලා හිනා යද්දි.... "ආපෝ..චූටි අම්මිගේ කෝලම් සේරම එහෙම්මම පුරුදු වෙලා...මොනාද ඕයි මේ කෙල්ලට පුරුදු කරලා තියෙන්නෙ.." ශනෙව් අවීගෙ කොන්ඩෙ අව්ස්සලා කියද්දි ආයු ශනෙව්ට ඇද කරා.. ඒ තුන්දෙනා පිටට පේන්නෙ නිකන් පව්ලක් වගේ...දන්නැති කෙනෙක් දැක්කම ඒ තුන්දෙනා අම්මයි තාත්තයි බබයි කියලා රැවටෙනවා... අවීව බෝ මළුව වටේම ආයුයි ශනෙව්තුයි අතින් අල්ලන් ඇවිද්දවද්දි චෛත්‍යට නගින පඩි පෙළට වෙලා කෙනෙක් බලන් හිටියේ අවුරුදු ගානකින් දකින ආයුගෙ රූපෙ දිහා බලාගෙන..ඒ කඩවසම් කොලු පරාණෙත් ෆ්ල්‍යිට් එකෙන් බැස්ස ගමන් ආවේ පන්සලට..හදිස්සියේම පන්සලේ කෙල්ලව දැක්ක කොල්ලා එතනම වාඩි වෙලා ඈතින් පේන කෙල්ල දිහා බලාගෙන...කොණ්ඩෙ දිග අඩු වෙන්නැති වෙන්න ලේයර් කපලා ලාවට තඹ කරලා තියෙන කොන්ඩෙ කොල්ලට කලින්ටත් වඩා ඕනවටත් වඩා ලස්සනයි කියලා හිතුනා...ඉස්සර හිටපු චූටි කෙල්ල වෙනුවට ටිකක් පරිණත පෙනුමට ඉන්න කෙල්ලගෙ ඉස්සර තිබ්බ කෙට්ටු ඇග මස් දාලා ගානට ලස්සනට මේන්ටේන් කරලා තිබ්බ නිසා කෙල්ල ඉස්සරට වඩා දහස් ගුනේකින් ලස්සන වෙලා කියලා අවුරුදු ගානකින් කෙල්ලව නොදැක්ක කොල්ලගේ ඇස් දෙක තත්පර ගානකින් අදුර ගත්තා... කොල්ලා ඉන්න තැන කෙල්ලට හරියට පෙනුන් නැති උනත් කොල්ලට කෙල්ලව හොඳට පේනවා..ඉතින් කෙල්ලට කතා කරන්න යන්න හැදුවත් මේක වෙලාව නෙවෙයි කියලා හිතපු කොල්ලා එතෙන්ටම වෙලා කෙල්ල දිහාම බලන් හිටියේ අවුරුදු ගාන ඇතුලත කෙල්ලගෙ ජීවිතේ ගොඩක් වෙනස් වෙලා කියලා හිතලා...අවී බබයි , ශනෙව්තුයි, ආයුයි එකට ඉද්දි කොල්ලට හිතුනෙම ආයූ ශනෙව්ව කසාද බැදලා කියලා....පොඩි බට්ටිත් ආයුගෙ අස්සෙ හුරතල් වෙවී ඇස් නටව නටව කියවනවා කොල්ලා බලාගෙන..._ලස්සනයී...ඒ දෙන්නම ටිකක් එක වගේ..._ බබා දිහයි ආයූ දිහයි බලාගෙන එයා හිතුවා...... මතු සම්බන්ධයි!💗 ______________________________ ඔන්න එයා ආවෝ.............. එහෙනම් මන් ගියෝ........... හෙට ආයිත් එනවෝ............ ලව් යූ.....🦦💗...................... himaa...♡✍️
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: * *ප්‍රේමණීය හදවත්🥀❤‍🩹* > *ₕᵢₘₐₐ...♡*    _ආදරය කියන්නෙ ආත්මීය පරිවර්...
❤️ 💙 💚 💛 💜 😡 😢 🤎 🥺 85

Comments