
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 11, 2025 at 02:33 PM
Episode 37 🤍💐
වෙනදා වගේම මන් අදත් ඒ උණුහුමට ලෝභ වෙලා තව තවත් ගුලි වෙන ගමන් ඇස් ඇරියා එයා මන් දිහා බලන් ඉන්නෙ මාව හැමදාම වගේ පිස්සු වට්ටන්න පුළුවන් හිනාවෙන්මයි
'ගුඩ් මෝර්නින්ග්'
'ගුඩ් මෝර්නින්ග්'
මගේ නහය මිරිකන ගමන් එයා එහෙම කියද්දි මන් ආයේමත් එයාට තුරුල් වෙලා ඇස් දෙක පියාගත්තා
එයත් මගේ ඔලුව අත ගාන ගමන් මාව තව ටිකක් තුරුලට ගත්තා
'නැගිටුමු ද ඔෆිස් යන්නත් ඕනි මන්'
'ම්ම් චුට්ටක්'
එයාගෙ තුරුලෙන් එහාට නොවීම මන් එහෙම කිව්වා අහකට වෙන්න ලෝභයි මට
'සුදු අයියා'
අනේ අම්මපා මේ අයුමිගෙ මිත්තණියගෙ වස්ත්රෙ මතක් වෙන්නෙ මේ වෙලාවට මට
'ආව්'
සහස්වරගෙ පපුව හයියෙන් හපලා මන් නැගිට්ටා මගුල මේ උදේ පාන්දර අරකි දොරට තඩි බානවා රෙද්ද මේ මිනිහා තමා වගකියන්න ඕනි
මගේ කම්මුලත් හයියෙන් හපලා සහස්වර ගියෙ දොර අරින්න
'ඇයි චූටි සුදූ'
'සුදු අයියා මට මේ සාරි එකද හොද මේකද'
සාරි දෙකකුත් අතේ තියාගෙන තොදොල් වෙනවා සහස්වර ගාව මේ මිනිහත් ඉණටත් අත් දෙක තියන් බලන් ඉන්නවා මේ මගේ මිනිහද මේකිගෙ මිනිහද රෙද්ද
මේ විකාර බල බල ඉන්නැතුව මන් අතට ගත්තේ ෆෝන් එක ඩේටත් ඔන් කරලා වට්සැප් එකට ලොග් උනා එකපාරට නොටිෆිකේශන් විස්සක් විතර ආවා ඒ අයාන්ගේ නම්බර් එකෙන් එවලා තිබුණේ ෆොටෝස් වගයක් මන් හොද හුස්මකුත් අරන් ඩව්න්ලොඩ් කලේ ඒ ෆොටෝ ටික
මගේ මුළු ඇගම වෙව්ලන්න ගත්තේ ඇස් වලින් කදුළුත් එනවා එක්කමයි මන් ෆෝන් එකත් පපුවට තුරුල් කරගෙන මන් කල්පනා කලේ මොකද කරන්නෙ කියලා මේක සහස්වර දැක්කොත් එයා මාව අවිශ්වාස් කරයිද ෆෝන් එක රින්ග් වෙන සද්දෙට මන් ආපහු බැලුවේ කවුද කියලා
'අ..අ..යාන් ...මො..මොනාද මේ මේවා බො..රුනේ ම..න් ත..මුසේ එක්ක මෙ..මෙහෙම කවදා..වත් හැ..සිරිලා..නැහැ..'
'ඔහ් ඕ බේබි ඇත්ත අත්ත ඔය ෆොටෝ ඔක්කොම එඩිට් තාමා ඒත් ඉතින් සමාජේ මිනිස්සු ඒවා දන්නවා ඈ ස්පෙශලි යුවර් හස්බන්ඩ් '
අයාන් හිනාවෙ වී එහෙම කියනකොට මන් තවත් ඇඩුවේ මන් කවදාවත් එයා එක්ක නිරුවත්ව හැසිරිලා නෑ ඉතින් මේ ෆොටෝ බොරුවක්
'බේබි ඇහෙනවද මාව ම්ම් මන් මේ ටික පබ්ලිශ් කරන්න හිතන් ඉන්නෙ හෙට රෑ වෙන්න කලින් තමුසෙව මන් විනාස කරලා දානවා අපූර්වා මට ගහපු කම්මුල් පාර තමුසෙට මතක ඇති නේ විදවන්න බලන් ඉන්නවා බායි සී යූ බේබි'
මන් සහස්වර දිහා බැලුවේ එයා තාමත් අයුමි එක්ක කතාවක එයා මේ දේවල් දැනගත්තොත් මන් මොකද කරන්නෙ ඇඩුම නවත්තගන්න බැරි නිසා මන් ආයෙමත් ඇදෙන් දිගා උනා මනුස්සයෙක් වෙනස් වෙන්න යන්නෙ පොඩි කාලයක් විතරයි එයාට එච්චර ජරා හිතක් තියෙන බව මන් කවදාවත් දැනන් හිටියෙ නෑ
'අමා'
සහස්වර මට කතා කරගෙන මගේ පැත්තට එනවා මට දැනුන නිසා මන් පිට අත්ලෙන් කදුළු පිහිද ගත්තත් මට කදුළු එන එක නතර කරගන්න බැරි උනා
මන් එහෙම්ම තුරුල් උනේ මට ආරක්ශාවක් ආදරයක් දැනෙන ඒ පපුවට
'මැණික මොකද මේ ආ'
මන් අඩ අඩම තව ටිකක් තුරුල් උනේ කොහොමද මන් එයාට මේ දේ කියන්නේ
'මාව යකා අවුස්සන් නැතුව කියනවා අමා මොකද මේ'
මාව ඒ පපුවෙන් එහාට කරලා මගේ උරහිස්වලින් අල්ලගෙන් එයා කෑගැහුවා උනත් මන් කලේ අඩපු එක
'සොරි කෝ මෙහෙ බලනවා'
මගේ කම්මුල් වලින් අල්ලන් කදුළු පිහිදනවා එයා මන් මේක කියනවද මන් හිතින් හිතුවේ ඒ දේ විශ්වාස නොකලත් කලත් මන් මේක එයාට කියනවා
'ස..ස...හ..ස්..වර අ..යා..න් '
එයාට කේන්තිය ගිය බව ඒ ඇස් වලින් හොදටම පේනවා මන් ෆෝන් එක අරන් පෙන්නුවේ අයාන් එවපු ඒ බොරු මගේ නිරුවත් ඡායාරූප ටික
එයා කේන්තියෙන් ඒ දිහා බලන් ඉන්න බව මට තේරුනා
'මේ මේවා මොනාද '
ෆෝන් එකත් අතේ තියාගෙනම එයා මන් දිහාව හැරිලා එහෙම ඇහුවා මන් අඩ අඩම කිව්වෙ
'මේ...වා බො...රු ස..හ.ස්..වර මා..ව වි...ශ්..වාස ක..ර...න්න ප්...ලී..ස් මේ..වා බො..රු ..'
නැවත හමුවෙමු…🤍💐
අද ටිකයි ළමයි 🥲💔
ඉතින් සහස්වර විශ්වාස කොරයිද දන් නෑ නේ 🤔❤️🩹
කමෙන්ට් එකක් එහෙම දාන් ගියොත් ඔයත් සතුටින් මාත් සතුටින්😪❤️🩹
Writer :- Mandi

❤️
😢
❤
🤍
🥺
👍
💙
♥
💐
🖤
133