
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 11, 2025 at 02:37 PM
🌼🌼 චුට්ටි 🌼🌼
දඟකාර කෙලිපැටියෙකුගේ කතාව❤️
0️⃣9️⃣
එහෙම ඉන්නකොට චුට්ටි හයියෙන් කෑගැහුවෙ පිටිපස්සෙන් කෙනෙක් ඇවිත් චුට්ටිව වතුරට තල්ලු කරන්න හදපු නිසා
" මොකක්ද නවම් අයියෙ කරන්නෙ..මන් හොදටම බය උනා"
නවම් ඉතින් හිනාවෙනවා ඕලුටත් හිනා
" හරි නරකයි අනෙ ඔයාලා..මගුල 😒"
" මන් යනවා යන්න "
චුට්ටි එතනින් නැගිටලා ගුරු පාර දිගෙ දුවගෙන ගියා
" අනෙ පව් අයියෙ කෙල්ල.."
" මෙතන මොකද කරන්නෙ දෙන්නා "
" අපි නිකන් හිටියෙ අයියෙ..ඊයේ සිද්දිය ගැන කතා කර කර "
" ආහ්..එහෙමද "
" අරකි දුවන්න ඇත්තෙ පුංචි මහත්තයා බලන්න වෙන්න ඇති 🤭 "
ඕලු එහෙම කියල හිනාවෙනකොට නවම්ගෙ මූණ නම් දෙක වෙලා ගියා
" තාත්තා.."
" පුතේ"
" මම අර ඩිග්රි වැඩේ බැලුවා.මම කතා කලා ලගදි අලුත් බැජ් එකේ අයට පටන් ගන්නවලු ඒකට යන්න පුලුවන් නම් හොදයි චුට්ටිට "
" හරි පුතා මම ඒ දරුවට කියන්නම්කො "
" ඩිග්රි එක ගැන මගෙන් අහන්න කියන්න තාත්තා මම කියන්නම් එයාට"
" ඔව් මන් කියන්නම්කො පුතේ චුට්ටිට "
" පරට්ටි..කෙරුවොත් කරන්නෙ මොකක්හරි විනාසයක් "
පහලින් ඇහෙනවා මැනිකෙගෙ සද්දෙ
" තාත්තෙ..ආච්චි මොකද කෑගහන්නෙ "
" අනෙ මන්ද පුතේ කාටහරි බනිනව ඇති..පුතා ගිහින් බලන්න "
ආකාෂ් පහලට ආවෙ මොකක්ද වෙන්නෙ කියල බලන්න.මැනිකේ හොදටම බනින්නෙ චුට්ටිට
එතන බිම මල් පෝච්චියකුත් තියෙනව වැටිලා..දැන් ආකාෂ්ට හිතාගන්න පුලුවන් වෙලා තියෙන දේ.ගැන්ස්ට(ර්) ඔතනට අඩු මොකද කියල ආකාෂ් බලනකොට ඌත් ඉන්නවා එහාට වෙලා හොම්බත් බිම තියාගෙන
ආකාෂ්ට ඉතින් හිනා හොර ගෙඩියො දෙන්නා ඉන්න විදිහට
" මේ වගේ මල් පෝච්චි දහයක් ගේන්න ඕනෙ උබ..තේරුනාද 🤨"
චුට්ටි මූනත් බිමට හරවගෙන ඉන්නවා
" ආච්චි අම්මා..මොකද මේ"
" ආහ් මයි පුතේ..බලන්න මේ ජරා බල්ලයි මේ හිඟන කෙල්ලයි කරපු වැඩේ"
" ආ..එකනෙ නේද ආච්චි.."
ආකාෂ් ආච්චිගෙ කරට අතක් දාගෙන චුට්ටි දිහත් බල බල එහෙම කියනවා
" ආච්චි අම්මා දැන් මොන වගේ දඬුවමක්ද දෙන්නෙ "
" මේකිට දඩුවම් කරලා හදන්න පුලුවන් කෙල්ලෙක් නෙවෙයිනෙ..දාංගලේ තමයි ඔක්කොටම මුල 🤨 පේනවනෙ ඊයේ පන්සලේදි වෙච්ච දේ.."
ආච්චි ඉතින් බයිනවා හොදට.චුට්ටි බිම බලාගෙන කකුලෙ මහපට ඇගිල්ලෙන් බිම හාර හාර ඉන්නවා
" මේ ආච්චි අම්මා..මගෙ කාමරේ හොදටම හැඩි වෙලා.අපි ඒක මේකිට කියල අස්කරගමු 😌"
ආකාෂ් එහෙම කියද්දි චුට්ටි ඇස්දෙකත් ලොකු කරලා බැලුවෙ ආකාෂ් දිහා.
" ආහ්..ඇහුනනෙ..පලයං ගිහින් අස් කරපන් බේබිගෙ කාමරේ "
චුට්ටි බිම බලාගෙන උඩට ගියේ ආකාෂ්ගෙ කාමරේ අස් කරන්න
" චූටි පුතා..අර කරුනාපාලට කියපන් වාහනේ ලෑස්ති කරලා ගන්න..පපුවෙ පැත්තක් රිදෙනවා ඔය මගුල චෙක් කරගන්න ඕනෙ "
" හරි ආච්චි අම්මා මම කියන්නම් "
චුට්ටි ඉතින් කාමරේ අස් කරනවා..නිකන් නෙවෙයි පුංචි මහත්තයට බැන බැන තමයි අස් කරන්නෙ
" මහ ලොකු පුංචි මහත්තයා..තමන්ගෙ වැඩ තනියෙන් කරගන්න බෑ ඒකටත් තව කට්ටිය ඕනෙ
මහලොකුවට අර රටේ මේ රටේ ඉදලලු ආවෙ..කාමරේ වත් අතුගාන්න බෑ
චුට්ටි බැන බැන ආකාෂ්ගෙ මේසෙ අස් කරනවා.ආකාෂ් දොරලගට වෙලා ඔක්කොම අහගෙන ඉන්නෙ 🤭
ආකාෂ් පිටිපස්සෙන් ගිහින් ඉන වටේ අත දාලා චුට්ටිව පපුවට තද කරගත්තෙ චුට්ටිව සීතල වෙලා යද්දි
අතේ බැන්ඩේජ් එක නිසා චුට්ටිට අදුරගන්න පුලුවන් උනා ඒ ආකාෂ් කියල
ආකාෂ් චුට්ටිගෙ උරහිසට නිකට තියාගත්තා
" දැන් මගෙ චුට්ටි මැනික කාටද ඔය බනින්නෙ "
" නෑ මේ..මම "
" මම තමයි..ඇටකිච්චි.
අහනවකො ඉතින් "
" මොනාද 😒"
" ඔයා කාමරේ අස් කරන්න ඕනෙ නෑ චුට්ටි..ආච්චිගෙන් ඔයාව බේරගන්න ඕනෙ නිසා මම එහෙම කිව්වේ..දැන් හොද බබා වගේ ගෙදර යන්න "
චුට්ටිව ආකාෂ්ගෙ පැත්තට හරවගෙන කොන්ඩ කෑලි ටිකක් කන පිටිපස්සෙ රදවන ගමන් ආකාෂ් එහෙම කිව්වා
චුට්ටි ලැජ්ජාවෙ බිම බලාගත්තා..එයාට ලැජ්ජයි ආකාෂ්ගෙ මූන දිහා බලන්න
නවම් එක්ක වගේම ගමේ ඕන කොල්ලෙක් එක්ක හරි හරියට කතා කරන චුට්ටි..ආකාෂ් ලග සයිලන්ට්
" මේ චුට්ටි "
" ම්ම්ම් "
කෙල්ල බිම බලාගෙනම ම්ම්ම් කිව්වා
" මම ඩිග්රි එකක් බැලුවා ඔයාට..අපි ඒක කරමු හරිද"
" අනෙ මහත්තයා "
කෙල්ල ආකාෂ්ගෙ මූන දිහා බැලුවෙ මූනත් බෙරි කරගෙන
" අනේ නෙවෙයි..අපි කරමු
ඊට පස්සෙ අපෙ තාත්තගෙ කම්පැනි එකක ජොබ් එකක් කරමු හරිද"
" හා මහත්තයා "
කෙල්ල බිම බලාගෙන පොඩි එකෙක් වගේ ඔලුව වනලා හා කිව්වා
" හොද ලමයා..දැන් චුට්ටි ගෙදර යන්න ආච්චි අම්මා ආවොත් තව වැඩක් කියයි "
"ආහ් කමක් නෑ මහත්තයා මන් අස් කරලා යන්නම්..නැත්නම් මැනිකේ ඇවිල්ලා බලනකොට අස් කරලා තිබුනෙ නැත්නම් ආයෙ මට බනී"
" ම්ම්ම්..එහෙනම් මෙහෙම කරමු..ඔයා ඉන්න මම අස් කරන්නම්"
" බෑ බෑ මහත්තයා ඉන්න..මම කරන්නම් "
" පන්ඩිත ආච්චි..ගුටි දෙන්නෙ හරිද ඔහොම ඉන්නවා මම කරන්නම් "
කොල්ලා කොස්ස ගත්තෙ අතුගාන්න
චුට්ටිට ඉතින් හිනා මෙයාගෙ වැඩ වලට
" දෙන්න මහත්තයා මන් අතුගාන්න.."
" බෑ ඔයා රෙදි ටික නමන්න ඇදේ ඉඳගෙන..මම අස් කරන්නම් "
" එහෙනම් මහත්තයා අර කබඩ් එක උඩ අස් පස් කරන්න..ඔක්කොම කරලා ඉවර වෙලා අතුගාමු"
" හොදමයි නෝනා"
ආකාෂ් චුට්ටි ලගට ඇවිත් ඔලුව පාත් කරලා එහෙම කියල ගියේ චුට්ටි හිනා වෙද්දි
ආකාෂ් කබඩ් එක අස් කරනවා.චුට්ටි රෙදි ටික නමලා ඉවරයි.කෙල්ල කොස්ස අරගෙන මකුලු දැල් කැඩුවා.
ටික වෙලාවක් යනකොට කෙල්ලව ඉනවටේ අතදාලා වඩා ගත්තෙ ආකාෂ්
කෙල්ල මකුලු දැල් කඩනවා බලන් ඉදලා..චුට්ටි උස මදිනෙ කොල්ලා ඇවිත් කෙල්ලව වඩාගත්තා
කෙල්ල මකුලු දැල් කඩන එක පැත්තක තියලා පහල බැලුවෙ කොල්ලගෙ මූන දිහා
ආකාෂ්ගෙ මූනෙ හරි ලස්සන හිනාවක්..ඒකට නම් චුට්ටිත් වශී උනා
" මගෙ මූනෙ මකුලු දැල් නෑ චුට්ටි "
කෙල්ල එතකොට ලැජ්ජාවෙ මකුලු දැල් කඩන්න ගත්තා..ඔක්කොම කරලා ඉවර වෙලා කෙල්ල දැන් කාමරේ අතුගානවා
ආකාෂ්ට දාඩියයි හොදටම.වොශ් රූම් එකට ගිහින් මූන අතපය හෝදගෙන එලියට ආවා
කෙල්ල අතුගාලා ඉවර වෙලා අනිත් පැත්ත හැරුනා විතරයි අත් දෙකෙන් මූනත් වහගෙන ආයෙ අනිත් පැත්ත හැරුනා
ආකාෂ් බලනවා මේ මොකද උනේ කියල..කොල්ලා දැනගත්තා ෂර්ට් එක නැති නිසා වෙන්න ඇති කියල
කොල්ලට දාඩිය නිසා ෂර්ට් එකත් ගලවලා තමයි හේදුවෙ..
ආකාෂ් කෙල්ල ලගට ඇවිත් බඳ වටේ අත්දෙක දාලා කෙල්ලව පපුවට හේත්තු කරගත්තා
කෙල්ල ඇස්දෙක වහගෙන ඉන්නෙ ලැජ්ජාවෙ
" මොකද මේ ඇස් දෙකත් වහගෙන..මන් කලිසම ගලවලා නෑනෙ ෂර්ට් එක විතරයි නැත්තෙ..ඕක ඔච්චර දෙයක් නෙවෙයිනෙ බලනවා මන් දිහා "
ආකාෂ් එහෙම කිව්වම කෙල්ල හෙමීට එක ඇහැක් ඇරලා කොල්ලා දිහා බැලුවා
ආකාෂ්ට ඉතින් හිනා මේ කෝලම් වලට
ආකාෂ් චුට්ටිගෙ නලලට තොල් තද කලේ චුට්ටිගෙ ඇස් ඉබේම වැහෙද්දි
" පුතා.."
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
අදට ඉවරයි
කමෙන්ට් නෑනෙ නේද 😒 කමක් නෑ
I" nimasha 🌼

❤️
❤
💙
🌝
👀
💛
🖤
😂
🥰
🩵
114