දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 11, 2025 at 02:37 PM
*පිනිදි - 2🎀🖤* (මැර බලය පාගා දැමූ යුවතිය.......) *🚫කතු අයිතියකින් තොරව උපුටා ගැනීම තහනම්* ------------------------------------------------------------------------------------------------------------------------------------------------------ *🥀 හතළිස් වන කොටස🥀* දෙන්නා ගෙදරට එනකොට ටිකක් රෑ වෙලා .ගෙදර හැමෝම මග බලාගෙන ඉන්නවා වෙනදට නම් පරක්කු වෙන හේතුව අහන කමලම්මා අදනම් ඒ ගැන අහන්න ගියේ නෑ ..මොකද කාලෙකට පස්සේ හම්බවුණේ අඹුසැමියන්ට කතා බහ කරන්න නිදහසක් ඕන ..ගෙදර කට්ටිය ඉන්න නිසා මග නතර වෙන්න ඇති නැත්නම් නිදහසේ කොහේට හරි යන්න ඇති ඒ නිදහස වුණත් මේ දෙන්නා ලබන්නේ උඩ දවසකින් කියලා කමලම්මා දන්නවා වෙනදට නම් පිනිදි ගෙදර එන්න පරක්කු වෙනකොට කොල් දෙක තුනක්ම ගන්නේ ඒ ජීවිතේ ගැන හොයල ලබන්න පිරිමි පුළුටක් නොහිටපු නිසා . "ඇයි මේ ඔක්කොම කට්ටිය එළියේ " "පරක්කු නිසා බලාගෙන හිටිය " "දැන් ඉතින් කමලම් මට බයවෙන්න දෙයක් නෑ .මම පිරිනිවනේ මගේ නෝනා ළඟ " "ඒක හින්දා තමයි මගේ ෆෝන් එකට අද නිදහසක් තියෙන්නේ .නැත්තං පරක්කු වෙන විනාඩි පහෙන් පහට කමලම් වගේම කෝල් එකක් එනවාමයි " "එහෙම තමයි ඉතින් පරිස්සම් කරගන්න එපැයි '" "කමලම්මා හැමවෙලේම ළඟින් ඉන්න නිසා තමයි මාත් හිතේ බයක් නැතුව හිටියේ....මෙයා කොහේ ගියත් කමලම්මා මෙයාව අතාරින්නේ නෑ කියලා මම දැනගෙන හිටියා..නැත්නම් ඉතින් මේ කොච්චි කරල මං තනියම අතාරින්නෙ නෑ........" "මම කොච්චි කරලක් නූනනම් මේ මහත්තයාව හදාගන්න වෙයිද වෙන්නෙ නෑ....." "හරි හරි ළමයිනේ දැන් යන්න ගිහින් හෝදගෙන එන්න...දෝණිටත් බඩගිනි ඇති ..තව බලාගෙන ඉඳලා ඒ දරුවා බඩගින්නෙම නිදාගනි...." "අම්මටත් බෙහෙත් බොන්න තියෙනවනෙ අම්මත් කන්න දොණිත් එක්ක මාත් වොශ් එකක් දාගෙන එන්නම්...." "ඇයි එයා විතරක් මාත් වොෂ් එකක් දාගෙන එන්නම් තාමත් හිතාගෙන ඉන්නේ තනියම ඉන්නවා කියලා. එහෙම බෑ නෝනා දැන් .මතක තියාගන්න මාත් ඉන්නවා කියලා සයිඩ් එකෙන් " අම්මල දෙන්නා බලාගෙන ඉන්දැද්දිම කෙල්ලගේ ඉන්නට අත දාලා ළඟට ඇදලා ගත්තා .. " බලන්නකෝ දැන්නම් පුතාගේ ලැජ්ජාව නැත්තටම නැති වෙලා ගිහිල්ලා .මට මුල ඉඳලම හදල ගන්නයි වෙන්නේ .." "අනේ මන්ද ළමයෝ සුදු දුවට කිව්වහම මොකද මම ඔය දෙන්නගෙ කසාදෙන් පස්සේ දැකපු මගේ පුතාව දකින්නේ අවුරුදු එකහමාරකට විතර පස්සේ ...මේ වගේ දවසක් දකින්න ලැබෙන එකක් නැතිවෙයිද කියලත් මං බයෙන් හිටියේ ...ඒක හින්දා ඔන්න මට නං මුකුත්ම කියන්න බෑ .ඕන දෙයක් දෙන්නත් එක්ක බලා ගන්න එකයි ඇත්තේ නේද කමලා " "ඇද්ද අහගත්තා එනවා යන්න මෙන්න මෙහේ .....යනව කේලං කියන්න...." අනෝද් කෙල්ලවත් ඇදගෙන ගේ ඇතුලට ගියා ....කාමරේ දොර ඇරලා කෙල්ල ඇතුළට ගියාම කෙල්ල දැක්කේ ඇඳ උඩ තියෙන පාර්සල් ටික ....එතන බෑග් විස්සකට වඩා තියෙන්න ඇති .... අනෝද් දිහාත් පුදුමෙන් වගේ බලලා ගිහිල්ලා ඇඳ උඩින් ඉඳගත්තා ..... මේ අවුරුදු එකහමාර පුරාවටම මට මගේ නෝනට මුකුත්ම දෙන්න බැරි වුණානෙ . ඔන්න මං ඒ අවුරුදු එකහමාරටම හරියන්න අද අරගෙන ආවා......ඕව බලන්න පුළුවන් පස්සේ දැන් ගිහිල්ලා හෝදගෙන එන්න අද දවසම මහන්සි වෙලා නේ ඉන්නේ " .."මොනවද අප්පා මෙච්චරටම මේවයෙ තියෙන්නේ මට මොකටද මෙච්චර දේවල් මට ඔයා විතරක් හිටියාම හොදටම ඇති .." " හරි හරි ඒවා මං දුන්නෙ මගෙ ගෑනිට......ඔයා කලබල වෙන්නෙ නැතුව ඉන්නකො .හරිද ...." "කවුද දන්නේ නැමෙයාගේ ගෑනි නේද .......හොයලා බලලා කියන්න ඕනේ. මේ ගෙනත් දෙන දේවල් ගන්න එපා කියලා...." "මේ ඒක මං බලාගන්නං මගෙ ගෑනි එක්ක .....ඔයා වදවෙන්න එපා ඒ ගැන ..." "ඕන මගුලක් මං යනවා හෝදගන්න .....'" "මේ.........මාත් එන්නද......" "ඕන් නෑ....මට තනියම හෝදගන්න පුළුවන් ....." "මට ගොඩ දවසකින් මැණිකෙ එක්ක හෝදන්න බැරිවුණා නේ..........පාළුයි පාළුයි වගේ .....එන්නද ....." කෙල්ල එපා කියන්නෙ නැතුවම බාත් රූම් එකට ගියා.....බාත් රූම් එකේ දොර වහන්නෙත් නැතුවයි ගියේ....අවස්ථාව ලැබුණ වෙලාවෙ කොල්ලා නිකම් ඉදීද ....දැන් දෙන්නම බාත් රූම් එකේ ......කෙල්ලගෙ තොල්පෙති වලින් අල්ලගත්තා සැරටම ......කෙල්ලත් මේ ආගමනය බලාපොරොත්තුවෙන් මයි හිටියේ... වසර ඒකහමාරක් ලියලන්නට ඉඩ නොදී හිරකරගෙන හිටපු දෙන්නගෙ හැගීම් ගිනි ගන්න ඕන මොහොතක් මේක ....ඒත් දෙන්නම මනා පාලනයකින් මනා සංයමයකින් සෙනෙහසේ හැඟීම් විතරක් ඒ මොහොතේ බෙදා හදා ගත්තා ... "මහත්තයෝ.........අම්මල බලාගෙන ඇති ..යමු නේද.....ආයෙමත් මේ නෝනා ඳුරකට යන්නෙ නෑ.....හැමදාම අද වගේ ඉන්න උත්සාහ කරමු......" කොල්ලගෙන් තොල්පෙති මුදව ගත්ත ගමන් කෙල්ල එහෙම කිව්වා... "අයිතියක් ඇතත් නැතත් අද ඉඳලා නම් මගේ නෝනා මට ඕන.....ඇරියස් ගොඩකුත් තියෙනවා කවර් කරගන්න......අනිත් එක අලුතින් එක්කෙනෙක් ගේන්නත් එපැයි...ඒ වැඩ රාජකාරීත් තියෙනවා.." "මෙයා හරිම කුකුලා..." "එහෙම කියලා නම් මගෙන් බේරෙන්න වෙන්නේ නැහැ නෝනා .....අද හැම එකටම පලිගන්නවා ...රෑ එළිවෙනකම් නිදාගන්න දෙන්නෙ නෑ ..." "මාවනේ ඇහැරවලා තියන්න බලාගෙන ඉන්නේ අනිත් අයට කන්න දීලා නිදි ය ගන්න දෙන්න....දැන් යමු.." දවල් කෑම මේසෙදි කෙල්ලට කියලා පවා ගත්ත හින්දා රෑ කෑම මේසෙදි අනෝද් කෙල්ලට කැව්වා .... ඒ වෙද්දි නම් දෝනි පැටියා අනෝජත් එක්ක බත් කාලා නිදාගන්න ආච්චිගේ කාමරයට ගිහිල්ලා ...... කෑමකාමරයෙන් ආපහු එන්න කලින් දෙන්නත් එක්ක ගිහිල්ලා දෝණිව බැලුවා .....ආච්චිට තුරුල් වෙලා සැපට නිදි පොඩිඩි ..... "අම්මා හෙට ඉඳලා නම් මට ඕනි දෝණිව .... අදට අම්මගාව හිටපුවාවෙ......." අප්පහු එන්න හැරිලත් අනෝජ ගාවට ගිහිල්ලා කොල්ලා කිව්වහම අනෝජට හිනා ... "හරි හරි හෙට දෙන්නම්කෝ දැන් යන්නකෝ ..." කාමරයේ දොර ළඟට කිට්ටු වෙද්දි අනෝද් පිනිදිව හරහට අරගත්තා ...... "අනේ බිම තියන්න විකාර නැතුව " "මම විකාරයක්ද මයි කා මයි පැට්‍රල් ...." කෙල්ල මොනවාම කිව්වත් කොල්ල නෙමෙයි බිමින් තිබ්බේ ...කාමරේටම අරගෙන ගියා ....දොරත් වහගෙන කෙල්ලව ඇදටම අරගෙන ගියා .. "ම්.........මගෙ මැණිකේ .....මගෙ ළඟ ඔන්න ආපහු ඉන්නවා .සතුටුයි මට ගොඩක් ගොඩක් ගොඩාරියක්...උඩ පැනල කෑ ගහල නටන්න හිතෙනවා මට...." "අම්මෝ ......මෙයා තාත්ත කෙනෙක් ද පොඩි එකෙක් ද..ම්........" "දෝණිගෙ තාත්තත් මම ඔයාට ඉස්සෙල්ලාම හම්බ වුණ පොඩි එකත් මං හරිද නෝන....." "ඇත්තද............ම්..." "එන්නකො මැණිකේ මගෙ පපුවට ගොඩක් කාලෙකින් තියාගන්න බැරිවුණා පපුවෙ .......හැංගිලා හිටියනෙ මගෙ මැණික......" කෙල්ලව ඇග උඩටම ඇදල ගත්තෙ නළලත් ඉඹලම... "ම්.......මටත් මේ පපුවේ උණුසුම නැතුව නින්ද ගියෙ නෑ මටත් ....ඒක ඔයාට කොහොම විස්තර කරන්න ද මන්ද ..." "මට තේරුම් ගන්න පුළුවන් ..." "නින්දක් නැතුව ගෙවපු රැයවල් ගාන වැඩියි කියල දන්නෙ ඒ දවස් ගෙවපු අපි නේද .." "ඒකනේ......" "අනේ.....මේ මූණ දකින්න නැතුව මං කොච්චර නං දුක් වුණාද.....ම්......." කෙල්ලගෙ මූණ දෝතට අරගෙන කොල්ලා කියන්නෙ හරි අහිංසක විදිහට ..කෙල්ලට ලෝභයී එහෙම කියනකොට .....එහෙම්මම කෙල්ල නළල තියාගත්ත කොල්ලගෙ නළලට...... කොල්ලා එහෙම්මම කෙල්ලගෙ ඇගට බරවුණේ ඒ සිනිඳු පපුවට මූණ තියාගෙන ....කාලෙකට පස්සෙ දැණුන ඒ පපුවෙ රස්නය කොල්ලගෙ හිත අවුලනවා වෙනුවට නිවල දැම්මා...කෙල්ලගෙ පපුවෙ රස්නෙත් එක්ක කොල්ලට නින්ද ගියා. කෙල්ලට පුදුමයි මෙච්චර කාලෙකින් ළඟට කිට්ටු වෙලත් කායික ඇසුරක් හොයන්නේ නැතුව මේ විදියට පොඩි එකෙක් වගේ ලඟට තුරුල් වෙලා ඉන්න එක ගැන දඩම්බරයෙක් උනාට හරිම ලාමක හිතක් තියෙන කෙනෙක් තමන්ගේ හෙවනට වැටුණට පස්සේ ගොඩක්ම හොඳ වෙලා කියලා කෙල්ලට දැනෙනවා. හිමීට ඒ ඔලුව අත ගෑවේ තවත් හොඳට නින්ද යන්න කියලා..... ඒත් ටික වෙලාවක් යද්දී බෝල ඇස් දෙක කරකවලා ලස්සනට හිනාවෙලා කෙල්ල දිහා බැලුවා... "අද නම් මගේ මැණිකට කීයටවත් බෑ මාව නිදි කරවන්න..කලිනුත් සින්නක්කරේටම දීපු අයිතිය මට ආයෙත් වතාවක් ඕන....ඔයා මගෙ විතරයි මැණිකේ......." කොල්ලා කෙල්ලගෙ මුළු ඇගම සිහින්ව අතගෑවා.....ටික ටික රළු වෙන කොල්ලගෙ ස්පර්ශය කෙල්ල දරාගත්තා..... "මැ.......ණි.......කේ........" "ඇයි රත්තරං ...." "මගෙ නේද ඔයා....." "ඔව් දෙයියනේ.........ඇයි එහෙම අහන්නෙ " "ම.......ගෙ.......අයි....තිය......ඉල්ල...ගන්න......දෙ.......න....ව......නේද ....ම............ගෙ ......මැ...............ණි..........ක." පිනිදි තමන්ගෙ තොල් වලින් කොල්ලගෙ තොල් අල්ලගත්තෙ කොල්ලගෙන් එච්චර බැගෑපත් වීමක් ඕනෙ නැති නිසා .... කෙල්ලගෙ ස්පර්ශයක් ලැබෙන කොට කොල්ලගෙ හැගීම් ට්ක ටික ගිනියම් වුණා.....වසර එකහමාරකට පස්සෙ කොල්ලට සතුටින් පටන් ගත් දවසක් තෘප්තිමත් බවින් නිමා කරන්න ලැබුණා .......... "අද නිදාගන්න ඕන නෑ නේද මැණිකේ ....ම්ම්ම්ම්?ම්ම්" කොල්ලා කෙල්ලගෙ කණට කරල කියනකොට කෙල්ල කිසි කැවිලා ඇඹරිලා ගිහින් කොල්ලගේ පපුව අස්සේ හැංගුනා.... කසාද ජීවිතයට අවුරුදු හතරක් පිරිලා තිබුණත් තවම ඉන්නේ අර පරණ පිනිදි මයි කිසි වෙනසක් නෑ ..... රෑ එලි වෙනකම්ම දෙන්නා..ලඟින් නොහිටපු කාලෙ වෙච්ච සිදුවීම් බෙදා හදා ගත්ත...... ===========================-================================================ අදට කතාව ඉවරයි ළමයි... කමෙන්ට් කරගෙන යන්න දිගටම කතාව බලන්න ඕන නම්......... > 𝔀𝓻𝓲𝓽𝓮𝓻 𝓼𝓪𝓷𝓭𝓪 0702756395 නම්බර් එකට whatsapp message එකක් දාලා ඔයාලගෙ අදහස කියන්න කෝ බලන්න කතාව ගැන
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: *පිනිදි - 2🎀🖤* (මැර බලය පාගා දැමූ යුවතිය.......)  *🚫කතු අයිතියකින් ...
❤️ ♥️ ❤‍🔥 👍 💐 💙 💛 💜 71

Comments