
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 11, 2025 at 02:40 PM
මගෙ හුස්ම නුඹයි🕊️♥✨
~episode 45~
(අවසානය)
*🚫කතෘ අයිතිය සුරකින්න*
" ඒක නෙවේ අම්මේ තාත්තා කෝ.."
මාලිනි මොකුත් නොකියා සේලයින් බටේ දිහා බලාගෙන හිටියා.
" අයියෙ කෝ තාත්තා.."
මිනුදිගෙ අම්මා කිසි පිලිතුරක් නොදුන් නිසා මිනුදි යෂ් ගෙන් ඇහුවා.
" ඔය කොහෙහරි ගිහින් ඇති නංගි.."
යෂ් කලකිරුනු හඬකින් කියලා බිම බලාගත්තා.
ඒත් එක්කම නර්ස් කෙනෙක් රූම් එකට ආවා.
" එස්කියුස් මී මිසිස් සමරවීර..ඩොක්ට ශාලිත කිව්වා මිස්ටර් සමරවීරගෙ බොඩි එක බාරගන්න ෆැමිලි එකේ කාට හරි එන්න කියලා.."
නර්ස් ඒක කියලා යන්න ගියත් එතන හිටපු හැම කෙනෙක්ගෙම ඇස් උඩ ගියා. මොනාද මේ කියන්නෙ.? මිස්ටර් සමරවීරගෙ බොඩි එක..? දෙයියනෙ නලීන්දට මොකද උනේ..?
" ඇයි අයියෙ තාත්තට මොකද..අයියේ මොකද තාත්තාට අනෙ කියන්නකො.."
මිනුදි හොදටම බය වෙලා ඇදෙන් නැගිටින්න යද්දි මනූෂ මිනුදිව අල්ලාගත්තා.
මාලිනි ගල් පිලිමයක් වගෙ හිටපු විදිහටම ගල් ගැහිලා දොර දිහා බලාගෙනම ඉන්නවා.
" මනුවා නංගිව බලාගනින්..චිකූ අම්මා ලග ඉන්නකො මම ඉක්මනට ගිහින් බලලා එන්නම්.."
එහෙම් කියලා යෂ් දුවගෙන ගියේ මෝචරිය පැත්තට.
" ඩොක්ට.. ඩොක්ට අපෙ තාත්තා..කො එයා..මොකද උනේ එයාට.."
යෂ් කලබලෙන් ඇහුවා.
" ආ පුතා මේ මිනුදි දුවට හාර්ට් එක දුන්නෙ මිස්ටර් සමරවීර.. පුතා ඇවිත් බොඩී එක බාරගන්න.."
ඩොක්ට ශාලිත යෂ්ගෙ කනගාටු දායක සිදුවීමක් කියන්න වගේ බැල්මක් දීලා පිටට තට්ටුවකුත් දාලා එතනින් ගියා.
නලින්ද කරපු හැම වැරැද්දකටම අද දඩුවම් විදින්නේ තමන්ගෙම දුව. ඉතින් නලින්ද කරපු සේරටම දඩුවම් එයාම ලබා ගත්තා. තමන්ගෙ දුවගෙ ජීවිතේ බේරගන්න නලින්ද හදවත දන්දීලා මේ ලෝකෙන් ගිහින් ජිවිතෙන් වන්දි ගෙව්වා.
යෂ් ආයෙත් එද්දි මිනුදි හොදටම අඩනවා.
" අයියේ තාත්තාට මොකද උනේ..කෝ එයා..එන්න කියන්නකො මම තරහා නෑ කියන්න එයා මට බොරු කිව්වට.."
ඒත් තාම මිනුදි සම්පූර්ණ ඇත්ත විස්තරේ දන්නෙ නැහැ.
" මචං අන්කල්ට මොකද.."
" මනූ අපෙ තාත්තා..හ්හ්.."
යෂ්ගෙ ඇස් වලින් කදුළු වැටෙනවත් එක්ක ඉකියකුත් ඇහුනා.
" ඇයි මචං අඩන්නෙ..මොකද උනේ කියපන්.."
" මනූ මචං තාත්තා..තාත්තා නංගිට හාර්ට් එක දීලා අපෙන් ඈතටම යන්නම ගිහින්.."
යෂ් ගිහින් මනූෂව බදාගෙන ඇඩුවා.
එතනින් එහාට මිනුදිගෙ තත්වේ පැහැදිලි කරලා දෙන්න ඕනත් නැහැ. මොකද එයාගෙ තත්වෙ ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් දැන්.
තමන් ජීවත් වෙන්නෙ තමන්ගෙ තාත්තාගෙ හදවතින් කියලා දැනෙද්දි...
මාලිනි ට එහෙම්ම සිහිය නැතුව ඇදගෙන වැටුනෙ රිකාශාගෙ ඇඟට. රිකාශා ඉක්මනට මාලිනිව වාරු කරගද්දි අඩ අඩ හිටපු යෂ් තමන්ගෙ අම්මා ලගට දුවගෙන ඇවිත් අම්මාව අල්ලගත්තා. මනූෂත් ඒත් එක්කම ආවා.
මිනුදි කිසිම කතාවක් නැහැ. එහෙම්ම ඇදේ උඩු අතට තිබ්බ කොට්ටෙන් ඔලුව හේත්තු කරගෙන බලාගත්තු අත බලාගෙන ඉන්නවා.
ඉතින් බොඩි එක හොස්පිට්ල් එකෙන් මල්ශාලාවට ගෙනියලා ගෙදරට ගේද්දි රෑ 10ට විතර ඇති.
පහුවදා උදේ මලගෙදර වැඩ අස්සෙම මනූෂට ඩැගීගේ නඩුවට යන්න සිද්ධ උනා.
" මචං මට මේකට යන්නම වෙනවා බන්..මම ගිහින් ටග්ගාලා එන්නම්..නංගිව බලාගනින් බන් ප්ලීස්..මට දාලා යන්න මොකදො වගෙ බන්..රිකාශාට කියපන් නංගි ගාවින් හෙල්ලෙන්න්වත් එපා කියලා.."
" පිස්සුද බන්..උබ පරිස්සමට ගිහින් වරෙන්..මම මෙහෙ වැඩ ටික බලාගන්නම්..කොහොමත් නංගි දැන් ඉන්න තත්වෙ දන්නවනෙ..ඒ නිසා ඉක්මනට වරෙන්, අපි කියන දෙයක් අහන්නෙ නෑනෙ නංගි..හැබැයි මලගෙදර අස්සෙ මට මේව මතක නැ කියලා හිතන්න එපා මනුවා හොදෙ.. මේ වැඩ ටික ඉවර උන ගමන් මට උබෙ ඇත්ත තත්වෙ කියපන්.."
" හරි හරි බන්..මම ගිහින් එන්නම්.."
එහෙම කියලා මනූෂ ඩැගී ගෙ නඩුවට ගියා.
පැය තුනකින් හතරකින් වගේ නඩුව ඉවර උනා. ඩැගීට වසර දහයක සිරදඬුවම් නියම වෙලා තියෙනවා. එක අතකින් මනූෂට සතුටට කාරනාවක් එක.. මොකද නිසි වැරදිකාරයොන්ට නිසි දඩුවම් දෙන්න එයාට පුළුවන් උන නිසා. ඒත් තවත් අතකින් ගත්තොත් දුකක්. මොකද නලින්දගෙ මරණෙත් මිනුදිගෙ හැසිරීමත් මනූෂට ලොකුවටම දැනුනා.
" බොස්..බොස් දැන් මලගෙදර ද යන්නෙ.."
" ඔව් පියත්.. වැඩ ගොඩක් තියෙනවා එහෙ.."
පියත් කියන්නෙ පොලිස් ඔෆිසර් කෙනෙක්. පොලිසියෙ ඕ.අයි.සී (O.I.C) කෙනෙක්.
" නලින්ද සර් ගෙ මරණෙ නම් අපිට හිතා ගන්නවත් බැ සර්..කොච්චර හොදට හිටපු මනුස්සයෙක්ද..ඒත් පුදුමයි තමන්ගෙම දරුවා වෙනුවෙන් හදවතක් දන් දුන්නා කීවාම.."
" හ්ම්.."
මනූෂ ලොකු හුස්මක් පිට කලා. ඒ දේ විතරයි පොලිසියෙන් පවා දන්නෙ. අනිත් කිසි දෙයක් පිටට නොයන්න මනූෂ වගබලාගත්තා.
" ඒක නෙවේ බොස්..දැන් ඉතින් අපෙ සී.අයි.ඩි ලොක්කා බොස් නෙ.. ඉතින් බොස් දිගටම වැඩ කරනවද අපි එක්ක.."
" බලමුකො බලමුකො පියත්.. මෙ අපි යමුද වෙලා ගිහින්.."
ඒ කියන්නෙ මනූෂත් සී.අයි.ඩී කෙනෙක්ද..? දෙයියනේ මේ කිසි දෙයක් කවුරුත් දැනගෙන හිටියෙ නෑනෙ..
මනූෂ ගෙදර එද්දි මිනුදි, ගේ කනපිට පෙරලලා තිබ්බෙ. වෙලාවකට ගල් පිලිමයක් වගේ. තවත් වෙලාවකට පිස්සෙක් වගේ මිනුදි හැසිරුනෙ.
" මනූ පොඩ්ඩක් බලපන්කො අපිට බෑ බන් මිනූව කන්ට්‍රෝල් කරගන්න.. ගේ දෙවනක් වෙන්න කෑ ගහනවා ලගට ගියාම..මිනිස්සුත් හෙනට ඉන්නවා.."
"හරි උබ මේ වැඩ ටික බලාගනින් මම මිනූව බලන්නම්.."
මනූ ඉක්මනට දුවගෙන පඩිපෙල නැගගෙන ගියේ මිනුදිගෙ කාමරේට.
" අනෙ මනූ මට නංගිව කන්ට්‍රෝල් කරගන්න අමාරුයි පොඩ්ඩක් බලන්නකො.."
" අනෙ ඔව් අයියේ අක්කා අපි කියන කිසිම දෙයක් අහන්නෙ නෑ.."
රිකාශා මනූෂ ඇතුලට එනවත් එක්කම කියලා ඉවර වෙනකොටම එතන හිටපු මිනුදිලාගෙ නෑදෑ ගෑණු ළමයෙක් කිව්වා.
" හරි මම ඉන්නවනෙ..රිකාශා කෝ අම්මා.. පොඩ්ඩක් අම්මාව බලන්නකො.."
" අම්මා ලග ප්‍රියා නංගියි පවන් මල්ලි ඉන්නවා.."
මනූෂ මොකුත් නොකියා හා කියන්න ඔලුව වනලා හිමින් සැරේ මිනුදි ලගට ගියා. මිනුදි හිටියේ කොට්ටෙකුත් බදාගෙන ඇඳ මුල්ලට වෙලා කකුල් දෙකම ගුලි කරන් කොට්ටෙත් එක්කම අල්ලගෙන.
" මිනූ.."
" තමුසෙලා යනවා මෙතනින්..මට කවුරුත් එපා යනවා.."
මිනුදි අඩ අඩම අර කොට්ටෙන් රිකාශායි අර අනිත් ලමයයි හිටපු පැත්තට දමලා ගැහුවේ හරියට එයාලට යන්න මනූ විතරක් ඉන්න කියන්න වගේ.
" නංගි, රිකාශා ඔයාලා පහලට යන්නකො මම මිනූව බලාගන්නම්.."
රිකාශා ඒ කියපු දේට එකඟ වෙලා ඔලුව වනලා හා කියලා අර ගෑණු ලමයාවත් එක්කගෙන ගියා.
මිනුදි මනූෂ දිහාවත් නොබලා බිම බලාගත්තා.
" මිනූ..මැණික..ඇයි මේ..ම්ම්ම්.."
මනූෂ මිනුදිගෙ ඔලුව අත ගෑවා.
කාටවත්ම පාලනේ කරගන්න බැරි උන කෙල්ල මනූෂ ලග හා පැටියෙක් වගේ හීලෑ උනා.
මිනුදි එහෙම්ම ඉදගෙන මනූෂව තද කරලා බදා ගෙන අඩන්න ගත්තා. මනූෂ මිනුදිව තමන්ගෙ පපුවට තුරුල් කරගත්තා. ඊට පස්සෙ මිනුදිගෙ නිකටින් අල්ලගෙන මනූගෙ මූණ පැත්තට මිනුදිගෙ මූණ නිකටින් ඉස්සුවා.
" කෑවෙ නෑ නේද මැනික.."
ඒ ඇස් වලින් මනූ එයාගෙ ඇස් දෙක නම් අහකට ගත්තෙම නැ. හරියට මිනුදි හැසිරුනේ පොඩි ළමයෙක් වගෙ. මනූෂට මිනුදි ගැන ආදරේ තව තවත් වැඩි උනා මිස අඩු උනේ නම් නෑ.
මිනුදි ගැන උපන් දුක, අනුකම්පාව ආදරය මේ හැමදේම මනූෂගෙ ඇස් වලින් පෙන්නුම් කරා.
"ම්හ්ම්.."
මිනුදි ලාවට ඔලුව වැනුවෙ 'නෑ' කියන්න.
" එහෙනම් ඉන්නකො මම කන්න අරගෙන එන්නම් පහළට ගිහින්..එතකල් මගෙ හොද කෙල්ල වගෙ දඟ නොකර ඉන්න ඕන තේරුනාද.."
මනූෂ මිනුදිව ග්‍රහනයෙන් ඈත් කරලා යන්න නැගිටිද්දිම මිනුදි මනූෂගෙ කකුලකින් අල්ලගෙන මනූෂ දිහා බැලුවා.
මනූෂ 'ඇයි' කියලා අහන්න ඇහි බැමි ඉස්සුවා.
" එපා.."
" මොකක්ද මැණික.."
" එපා..යන්න එපා..එන්න..මාව බදාගන්න.."
මිනුදි අර ලා ඇඩිල්ල එක්ක චූටි ලමයෙක් වගේ කට හදාගෙන කියද්දි මනූට ලාවට හිනා ගියා.
" හරි මගෙ රත්තරං මම කොහෙවත් යන්නැ.."
මනූෂ මිනුදිගෙ උරහිසින් උස්සලා නැගිට්ටවලා ඇඳ උඩින් ඉන්දුවා.
එකල්ලා ෆෝන් එක අරගෙන කෝල් එකක් ගත්තෙ යෂ්ට.
" යෂ්..මචං රිකාශා ට කියපන්කො නංගිගෙ කෑම එක කාමරේට ගේන්න කියලා.."
යෂ් හා කියලා කෝල් එක කට් කලා.
ටිකකින් රිකාශා ඉඳිආප්ප පිගානකුත් අරගෙන කාමරේට ඇවිත් මනූෂ අතට ඉඳිආප්ප එක දුන්නා.
" යන්..න කි..යන්..න..එ..යාට.."
මිනුදි ඇස් පියාගෙන මනූෂව තදින්ම බදාගත්තා. මනූෂගෙ ශර්ට් එක පොඩි කරලා අල්ලගෙන එයාගෙ පපුව අස්සෙ හැංගුනා.
මිනුදි මනූෂ ඇරෙන්න අනිත් හැම කෙනෙක්ම දැක්ක ගමන් බය වෙන්නෙ හරියට යකෙක් දැක්කා වගේ. ඒකයි එන හැමෝටම එලවන්නෙ. ඉතින් මිනූගෙ තත්වේ තේරුම් ගත්ත නිසා මනූෂ රිකාශාට ඇස්පිල්ලමකුත් ගහලා ඔලුවෙන් ඉඟි කලේ යන්න කියලා.
රිකාශා එතනින් ගියාට පස්සෙ මනූෂ මිනුදිට ඉඳිආප්ප එක කැව්වා.
ඉතින් ඔහොම භූමිදාන කටයුතුත් ඉවර වෙලා දවස්,සති,මාස ගෙවුනා දැනුනෙවත් නෑ. ඒ අතර කාලේ මිනුදි මනූෂ ඇරෙන්න අනිත් කිසිම කෙනෙක් එක්ක කතා කලේ නෑ. මිනුදිගෙ ශොක් එක තුන්මාසේ දානෙ ඉවර වෙනකල්ම තිබ්බා. පස්සෙ හැමදේම හොද අතට හැරෙද්දි මිනුදිත් හොද තත්වෙට පත් උනා. ඒකට ගොඩක්ම හේතුව උනේ මනූෂ. මනූෂ මිනුදිත් එක්කම හිටපු නිසා තමා එයාට මෙච්චර ඉක්මනට හොද උනේ.
" අපිට මෙච්චර දේවල් උනාද මනූ..අපි මෙච්චර ප්‍රශ්න වලට මූණ දුන්නා කියලා මතක් වෙද්දිත් පුදුමයි.."
මනූෂ, මිනුදි කියන්නෙ දැන් ලස්සන ආදරේකට හිමිකම් කියන පෙම් යුවලක්.
" මං දන්නෙ නැති සමහර දේවල් මට දැනගන්න ඕන මනූ.."
" ඒ මොනාද ලමයෝ.."
මිනූදි හිටියේ මනූගෙ තුරුලට වෙලා පපුවෙන් නිකට තියාගෙන මනූගෙ මූණ දිහා බලන්.
" මගෙ සී.අයි.ඩි මහත්තයා මට හැංගුවානේද ඒක.."
" හරි ලමයො ඉතින්..සී.අයි.ඩී එකේ වැඩ කරද්දි එහෙම හැමෝටම කියන්න බැනෙ.."
" මේ එක නෙවෙයි..ඒකත් හරි කියමුකො..ඒත් මට තාම තියෙන ප්‍රශ්නෙ තමයි අර දවසක් මගෙ බර්ත්ඩේ එක දවසේ නුවරඑළියෙ ගියාට පස්සෙ කොන්ඩෙ වවාගෙන රැවුල වවාගෙන හිටියෙ ඔයානෙද..ඒත් ඒ ඇයි..."
මනූෂගෙ මූණෙ ඇදුනෙ කෝළ හිනාවක්.
" මොකද හිනාවෙන්නෙ මෝඩයා..කියනවකො.."
මිනුදි මනූෂට රවලා පපුවට හිමිට එකක් ගැහුවා.
" ඔව් ඔව් ඒ මම තමයි..ඔයාට මාව අදුරගන්නත් පුළුවන් නේද..එහෙම ආවේ ඒ දවස් වල මම පිස්සුවෙන් වගෙ පණ ඇරලා ආදරේ කරා පිස්සියෙක්ට..අන්න ඒ පිස්සු යක්ෂ කෙල්ල ආරක්ශා කරන්න ආවෙ.."
" ආ හරිම ශෝක්..එතකොට මම පිස්සි..මම යක්ෂණි..අනෙ යන්න..මොකටද දන්නැ ආදරේ කලේ..හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න.. ඒ දවස් වල ආදරේ කලා කියල නේද කිවේ ආ..එතකොට දැන් ආදරේ නැද්ද.."
මිනුදි මනූගේ අතකින් කෙනිත්තුවා.
" ආව් මැට්ටි..රිදෙනවා.. යක්ෂණියක්ම තමා.. දැනුත් ආදරෙයි..මොනා කරන්නද ඉතින් බැදගත්තු බෙරේ ගහන්නම එපැයි.."
මනූෂ හිනා වෙවී කියද්දි මිනුදි මනූෂට දෙකක් රවලා අහක බලාගත්තා.
" අහන්නකො මනූ..ඔයා මට කොච්චර කල් ඉදන්ද ආදරේ කරන්නෙ..ඇයි ඒක මට කිව්වෙ නැත්තෙ.."
" ඔයාට මතකද ඔයා ඒ ලෙවල් බිස්නස් ක්ලාස් ආවා චමින්ද සර්ගෙ..අන්න ඒකෙදි තමා මුලින්ම දැක්කෙ..ඔයා නම් මාව දැකලවත් නැතුව ඇති..ඒ දවසෙ ඉදන් ඔයා ගැන හොයන්න ගත්තා, ඔයා යන තැන්වල පවා මම හිටියා..හැබැයි මං ඔයාට ප්‍රපෝස් කරන්න ඕන කියලා හිතද්දි ඔයා ඒශාන්ගෙ වෙලා ඉවරයි.. ඉතින් හිතේම තියාගෙන අවුරුදු ගානක් ආදරේ කලා..හැබැයි දවසක් ඔයා බස් නැතුව රෑ වෙනකල් පාරට වෙලා හිටියා නේද..ඒ දවසෙ මට ඔයා ලගට එන්න බැරි උනා මොකද මම හදිස්සියකට පැරිස් ගිහින් හිටියෙ..වෙලාවට එතෙන්ට ඒශාන් ආවේ.."
" අනේහ්.. ඔයා එච්චර කල් ඉදන් මට ආදරේ කරනවද.."
" හ්ම් ඔව්..අතීතේ වැඩක් නෑ ලමයෝ..කොහොම හරි ඉතින් ඒ යක්ෂණි මගෙම උනානෙ.."
" අනෙ යනවා යන්න මෝඩයා..තරහයි මම.."
මිනුදි මනූගෙ අතට එකක් ගහලා අත්දෙක බැදගෙන අහක බලාගත්තා.
" අම්මො..මගෙ කොච්චි කරලට ඉක්මනට කේන්ති යනවනෙ.."
" යැයි යැයි යැයි තමා.."
මිනුදි මනූට ඇද කරලා එයාගෙ පපුවටම තුරුල් වෙද්දි මනූෂ මිනූගෙ නළලින් සියුම් උනත් ආදරණීය හද්දක් තිබ්බා.
*මාස තුනකට පෙර*
" ඒශාන්..එශූ..කන් ඇහෙන්නෙ නැද්ද මොන ලෝකෙද ඉන්නෙ.."
හෙඩ්සෙට් එකත් කනේ දාගෙන සෝෆා එකට වෙලා කකුල් දෙකත් උඩ දාගෙන සිංදු අහ අහ හිටපු ඒශාන් ගැස්සුනේ තමන්ගෙ අයියා වෙශාන්ගෙ ගුටියකින්.
" ඇයි.."
හෙඩ්සෙට් එක පැත්තකින් තියලා ඇහුවා.
" අන්න උබෙ ආසාව ඉෂ්ට උනා.."
" මොනවද කියවන්නෙ.."
" නලින්ද අන්කල් නැතිවෙලා.."
" නැතිවෙලා කිව්වෙ..?"
ඒශාන් නළලත් රැලි කරගෙන වෙශාන් දිහා බලන් හිටියා.
" නැති වෙලා කිව්වේ මැරිලා යකො.."
" මොකක්..ඒ මොනවා වෙලාද.."
" තමුසෙ දැනන් හිටියෙ නැද්ද මිනුදිගෙ හාර්ට් එකේ ප්‍රශ්නයක් තිබ්බා කියලා.."
" නෑ.."
ඒශාන් ටිකක් පුදුම උනා.
" මිනුදිගෙ හාර්ට් එකෙ පොබ්ලම් වගයක් තිබිලා.. තමුසෙ කරපු බලු වැඩේට ඒ කෙල්ලට ශොක් එකට සිහිය නැති වෙලා..ඉතින් ඒක නිසා තත්වෙ ටිකක් සීරියස් වෙලා මිනුදිගෙ හාර්ට් එක අයින් කරලා වෙන හාර්ට් එකක් බද්ධ කලේ නැත්තම් මිනුදිට ජීවත් වෙන්න බැහැයි කිව්වලු ඩොක්ට.. ඊට පස්සෙ නලින්ද අන්කල් එයාගෙ හදවත දන් දීලා එයා මැරිලා.."
ඒශාන් ටිකක් කලබල උනා නම් තමයි.
" දැන් පසුතැවෙනවා ඇති කරපු වැඩේ ගැන.."
වෙශාන් කටකොනින් නක්කලේට හිනා වෙලා එතනින් ඉදගත්තා. ඒත් එක්කම ඒශාන්ට කෝල් එකක් ආවා. ඒශාන්ගෙ වයිෆ් ශහිෂාගෙන්.
" හෙලෝ ශාහි කියන්න.."
" ආ මෙ ඒශාන් මම ශාහි නෙවෙයි එයාගෙ යාලුවා කතා කරන්නෙ.."
" ආ කියන්න.."
" මේ මම කියන්න ගත්තෙ..මෙ ඊයේ ශහීෂා පඩිපෙලෙන් ලිස්සලා වැටුනා.."
" මොකක්.."
ඒශාන් ට හිටපු තැනින් නැගිටුනා.
" ලමයට කොහොමද..කියනවා ඕයි මොකද කතා නැත්තෙ.. මගෙ ලමයා හොදින් නෙද.."
" මේ..මේකයි..ළමයා නැති උනා.."
" ආ යූ සීරියස්ලී.."
" යාහ්..මේ ශහී කතා කරන්න ඉල්ලනවා දෙන්නම්.."
ඒ ගෑණු කෙනා ඒශාන්ගෙ වයිෆ්ට ෆෝන් එක දුන්නා.
" හෙලෝ බබා..ඔයාට ප්‍රශ්නයක් නෑනෙද..මගෙ ලමයාට මොකද උනේ.. තමුසෙට පරිස්සමෙන් ඇවිදින්නවත් බැරිද ආ.."
ඒශාන් කෑගහද්දි වෙශාන් අහන් හිටියෙ හරි සාවදානෙන්.
" ඔයාගෙ ලමයෙක් නැති වෙන්න ඔයාට ලමයි හිටියෙ නැනෙ ඒශාන්.. "
" මොකක්..මොනාද මෙ කියවන්නෙ තමුසෙ.."
" මං කියන්නෙ ඇත්ත..එදා ඔයාට ඩොක්ට කීවේ ලමයි හදන්න බෑ කියලා ඒ කතාව ඇත්ත..මගෙ බඩේ හිටපු ලමයා ඔයාගෙ නෙවෙයි..ඔයාගෙන් මට ලමයි නැති නිසා මට වෙන එෆෙයාර් එකක් තිබ්බා..මේ ලමයා ඔයාගෙ නෙවෙයි එයාගෙ.. අයිම් සොරි ඒශාන්..මම තව මාසයකින් ලංකාවට එනවා මට ඩිවෝස් එක ඕන.."
" මොනවද මේ කියවන්නෙ.."
" කියවන්නෙ ඔයාට ඇහුන දේ තමයි ඒශාන්..ආය කියන්න ඕන නෑනෙ..මට ඩිවෝස් එක දෙන්න ලෑස්ති වෙලා ඉන්න..ටෙක් කෙයාර්.."
ශහීෂා කෝල් එක කට් කලා.
ඉතින් කර්මය විශ්වාස කරන්න කියන්නෙ බොරුවටද..? ඒශාන් කරපු දේවල් වලට එයාට මේ ආත්මේදිම ඒවාට පටිසන් ගෙවන්න වෙනවා. දිට්ඨදම්මවේදනීය කර්මය ඒශාන්ට ගෙවන්නම වෙනවා.
*නැවතත් වර්තමානය*
ඉතින් ඔහොම කිසි ප්‍රශ්නයක් නැතුව අවුරුද්දක්ම ගෙවුනා. ඒ වෙද්දි මනූෂ මිනුදි, යෂ් රිකාශා මේ කපල් දෙකම විවාහ වෙලා සතුටින් ජීවිතේ පටන් ගත්තා.
ඉතින් නලින්දගෙ අවුරුද්දේ දානේ අද. ඊයෙ බණ තිබ්බා. හැමෝම ඉතින් පන්සලට දානෙ අරන් ගියා. ඒ වැඩ කටයුතු ටිකත් ඉවර වෙලා ගෙදර ඇවිත් ගමේ අයට එහෙමත් කෑම දීලා ඔක්කොම ඉවර වෙද්දි කොහොමත් පහට විතර කිට්ටු උනා.
මිනුදියි මනුෂයි දෙන්නා වෙනම ජීවත් උනත් යෂ් රිකාශා එක්ක එයාලගෙ ගෙදරම හිටියෙ මොකද නැත්තම් අම්මාත් තනිවෙන නිසා. ඉතින් තාත්තගෙ දානෙ නිසා මිනූ මනූෂ එක්ක සතියක් විතර නතර වෙන්න එයාලගෙ ගෙදර ආවා.
හවස් වෙලා ගෙදර හැමෝම සාලෙට වෙලා පවුල් සාකච්ඡාවක යෙදුනා. ඒ අතරේ රිකාශා වැලිතලප වගයක් අරන් ආවා හැමෝටම කන්න කියලා.
" ආ නංගි ගන්න.."
" එපා බෑ අක්කෙ මට කන්න බෑ අප්පිරියයි.."
මිනුදි වැලිතලප ප්‍රතික්ශේප කරපු එක නම් හැමෝටම පුදුම හිතෙන සිදුවීමක්. මොකද ඒ ගෙදර මිනුදි තරම් වැලිතලප කන්න පෙරේත කෙනෙක් තවත් නැතුව ඇති. නැතුව ඇති නෙවෙයි එහෙම කෙනෙක් මේ ගමේම නෑ. ඒ තරම් පෙරේතයි කෙල්ල වැලිතලප වලට.
" ඒ මොකද නංගි ඒ..පුදුමයිනෙ අම්මෙ.."
යෂ් මිනුදි දිහා බලලා කියලා ආයෙත් මාලිනි දිහා බැලුවා.
" ඒක තමයි.."
මාලිනිත් පුදුම උනේ දුවගෙ වෙනස්වීමට.
" ඇයි බබා මේ..මූණත් එක්ක මැළවිලා වගේ.."
" මගෙ ඇඟට ටිකක් පණ නෑ වගේ මනූ...උණ ගන්නවත් වෙන්න ඇති..මම ටිකක් නිදාගන්න යනවා.."
එහෙම කියලා මිනුදි කාමරේට ගියාට පස්සෙ ඒත් එක්කම මනූෂත් කාමරේට ගියා.
" ඇයි බබා මොකද මේ එකපාරට.."
මිනුදි ඇදෙන් ඉදගත්තට පස්සෙ මනූත් ගිහින් එතනින් එහා පැත්තෙන් ඉදගෙන මිනුදිගෙ නළලට අත තියලා බැලුවෙ උණද කියලා. ඒත් නැහැ එහෙම උණක් අහලකවත් නැති පාටයි.
" මනූ..මග්.."
මිනුදි කියන්න ගිය එක කියන්න උනේ නැහැ ඒත් එක්ක්ම එයාට වමනෙට ඇවිත් අතෙන් කටත් වහගෙන වොශෲම් එකට දිව්වා.
මනූෂ පුදුම වෙලා වගේ බලන් හිටියා.
විනාඩි 10කට විතර පස්සෙ මිනුදි එළියට ආවා.
" බබා ඇයි මේ.."
මිනුදිගෙ ඇස් වල තිබ්බ කදුළු දැකලා මනූෂ බය උනා.
මිනුදි අත්දෙක ට්‍රව්සර් එකේ සාක්කුවට දාගෙන ඉදලා අත් දෙක එලියට අරන් මනූෂගෙ කම්මුලක් පිරිමැද්දා.
" මොකද ලමයෝ මේ.."
ඒ පාර මිනුදි මනූෂගෙ බෙල්ල බදාගෙන බෙල්ල අස්සෙ මූණ හංගගෙන ඇඩුවා.
ටික වෙලාවක් එහෙම ඉදලා මිනුදි මනූගෙ අතකින් අල්ලගත්තා. වම් අතින් අල්ලගෙන මනූගෙ ඒ අත මිනුදිගෙ බඩ උඩින් තියාගෙන අත දීහා බලන් හිටියා.
මනූෂ පුදුම වෙලා වගේ ඒ දිහාම බලන් හිටියා.
" බබා ඔයා..මේ..අම්මා කෙනෙක් වෙන්නද යන්නෙ.."
මිනුදි ඔව් කියන්න ඔලුව හෙල්ලුවා.
මනූෂ මිනුදිගෙ මූණ ඉඹගෙන ඉඹගෙන ගියා. මනූෂට ඒතරම් සතුටක් තවත් නැතුව ඇති.
" ඒත් ඔයාට සැකයක් නැද්ද මනූ.."
" මොකක් ගැනද.."
" නෑ මේ ලමයා ඒශාන්ගෙද ඔයාගෙද කියන එක ගැන.."
මනූට ඒ වෙලාවෙ හිනා ගියා.
" මේ ලමයා මගෙ තමයි.."
" හරියටම කොහොමද කියන්නෙ.."
" ඒශාන්ට ලමයි හදන්න බෑ.."
මනූෂ ඒ විස්තරේ දැනගත්තෙ පවන්ගෙන්. ඉතින් විස්තරේම මිනුදි අතින් කිව්වා. මිනුදි ලොකු හුස්මක් පිට කරලා ලාවට හිනා උනා.
ඒ සුභ ආරංචිය හැමෝම එක්ක බෙදාගන්න එයාලා පහලට ගියා.
ඉතින් ඔහොම හරි ලස්සනට කිසිම ප්‍රශ්නයක් නැතුව කාලේ ගෙවුනා.
ඒත්,
*වසර 16කට පසු*
" ආරූ..බබා ඔයා කොහෙද ඉන්නෙ.."
රිතිකා ගේ දෙවනක් වෙන්න කතා කලා.
ආරූ කියන්නෙ මිනුදිගෙයි මනූෂගෙයි දූ සිඟිත්ත අහස්නා ආර්යා නුගේරා.
රිතිකා කෙල්ලව හොයන් යද්දි කෙල්ල බුදු පහන ලඟ වදිනවා. ආරූගෙ එක පුරුද්දක් තියෙනවා ගාථා කියද්දි, ප්‍රාර්ථනාවක් කරද්දි එහෙම ඒක කට ඇරලා කියනවා.
රිතිකා ගිහින් ආරූගෙ පිටිපස්සහින් හිටගත්තා.
" අනේ බුදු හාමුදුරුවනේ, අනෙ දෙවියනෙ මං ඔබ වහන්සේගෙන් ඉල්ලන්නෙ එකම එක දෙයයි..මගෙ අප්පච්චි මගේම බඩේ මගේම ළමයෙක් වෙලා ඉපදෙන්න කියලා.. මගෙ අම්මායි අප්පච්චි දෙන්නා ඊළඟ ආත්මේදිවත් කිසිම කරදරයක් නැතුව එකටම ඉන්න ලැබෙන්න කියලා.. ඒ දෙන්නාව ඊලඟ ආත්මෙවත් වෙන් නොකර ඉන්න දෙවියනෙ.."
ආරූගෙ ඒ වචන වලට රිතිකාගෙ ඇස් වලින් කදුළු ආවා.
ප්‍රාර්ථනා කරලා ඉවර වෙලා ආරූ රිතිකාගෙ පැත්ත හැරෙද්දිම රිතිකා ආරුව බදාගත්තා.
" අනෙ මැනික..ඔයාගෙ අම්මායි තාත්තයි දෙන්නා ඊළග ආත්මේ එකටම ඉදී..දැන් ඒ ගැන හිතන්න එපා ලමයෝ..ඔයා අඬද්දි මටත් ඇඬෙනවනෙ.."
ඒත් එක්කම ආරුගෙ ඇස් වලිනුත් කදුළු ආවා.
ඉතින් ධෛවයේ දෙයක් වෙන්න තියෙනවනම් අපිට ඒක වළක්වන්න බැහැ.
ඒත් මිනුදිටයි මනූෂටයි මොකද උනේ..?
මතු සම්බන්ධයි!
*මොකද ඕයි රවන්නෙ*
*ඇයි තමුසෙට ඇහෙන්නෙ නැද්ද..කනේ අඟුල්ද..ඊයේ ඉස්කෝලේ ට ඇවිත් තමුසෙ මට පාට් එක දානවද.?*
*අයියෝ ඕයි ඇණයක් වෙන්නෙ නැතුව යන්න ආපු ගමන යනවා..බොරුවට මගෙ ඇඟේ එල්ලෙන්නෙ නැතුව..*
*ආසම පොතේ තමන් ආසම පිටුව ගැලවෙනවට කවුරුත් කැමති නැ. ඉතින් මේ පොතේ මං ආසම පිටුව ඔයා*
━━━━━━━━━━━━━━
ඔන්න ලමයි එහෙනම් *මගෙ හුස්ම නුඹයි* අදින් ඉවරයි🥺💞
ඔයාලට ප්‍රශ්නයක් නේද මිනුදිටයි මනූටයි මොකද උනේ කියලා.
මිනුදිටයි මනූටයි මොකද උනේ කියලා දැනගන්න නම් දෙවනි කොටස කියවන්නම වෙනවා🤭🌝
එහෙනම් අපි *ආදරණීය සේයාවකි නුඹ* කතාවෙන් හම්බෙමු. හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්න🥺 ඉවරයිනෙ දැන් කතාව😭💞
බායි ලමයි🥺💞

❤️
❤
😭
👍
💙
💜
😒
🥺
66