දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 11, 2025 at 02:40 PM
~~~~~~~𝗔𝗦𝗛𝗶𝗶~~~~~~~~ 💎💎💎💎💎💎💎💎💎💎💎💎 𝘄𝗿𝗶𝘁𝗲𝗿. 𝔇𝔞𝔫𝔲.......................... e͟p͟i͟s͟o͟d͟e͟ --- 17 ================================== " ආශි කැටේ මොකද පරක්කු.. ? " සුසී ආශිගේ කාමරේට ආවෙ දොරත් ඇරලා තිබුන නිසා. " අනේ අද තිබුනෙ පොඩ්ඩක් ඩාක් උනාම ශූට් එකක්.. " අම්මේ යන්තම් සිහිනගේ බොරුව ගානට ආශි කිව්ව.. " එහෙමද.. මේ ඔයාගේ ඩැඩී ගත්තා.. " ආශි හීතල වෙලා ගියේ හිතේ එක එක විකාර මතක් වෙද්දි. " ඇ.. ඇයි ඒ. " " ඔයාගේ පෝන් එක වැඩ නෑලු... ඔයාට ආව ම ගන්න කිව්ව.. " ආශිගේ උගුරෙන් පහලට දැන් නම් කෙල ගිලෙන්නෙත් නැති තරම්.. සුසී පහලට ගියත් ආශි සුදු ඇදුමින් ම තාම ඇදේ වාඩිවෙලා. මල්ලි! ඒ තමයි විශ්වාසවන්ත ම ආරංචි මාර්ගය. ආශි ඉක්මනින් මල්ලිට කෝල් එකක් ගත්තේ ගෙදර තත්ත්වෙ දැනගන්නට ය. " ඒ ස්වීට්.. අප්පා එංගේ.. " " නා දාන් අප්පා.. " හරි නෙ.. පොන් එක ආන්සර් කරේ ම තාත්තා. තාත්තාගෙ කටහඩත් ටිකක් දරුනුයි. ආශි හිතුවෙ ම අද ගමන ගැන දැනගෙන තමා කියලා. " ආ . අප්පා.. සුසී සොල්ලේන් නී කෝල්... " " සරි සරි.. tomorrow come back home.. " " යේ.. ? " " ශෙවාන් වාංග සොල්ලේන්.. " " අප්ප... එනක්කු.. " ආශි වැඩක් තියෙනව කියන්න හැදුවත් තාත්තා පොන් එක කට් කරලා දැම්මෙ ආශිගේ බය වැඩි කරන ගමන්.. " සිහිනට කොහොමද කියන්නේ.. අද ම මෙහෙම දෙයක්.. " ආශි මෙච්චර දවසක් ශෙවාන් ව ගනන් ගත්තේ නැතිව හිටියට දැන් වැඩේ තේරුනා.. ආශිගේ ඔලුවත් එක්ක රිදෙන්න ගත්තේ හෙට වෙන්න තව තියෙන්නෙ පොඩි වෙලාවක් නිසා. රෑ 12ත් පහු වෙනකම් ආශි කොට්ටෙ එක්ක ඔට්ටු උනේ අඩන ගමන්. ආශි හොදට ම දන්නව ගෙදරට පිටුපාලා කිසිම දෙයක් කරන්න බැරි බව. අනික එයා ගෙදර හිටපු හැටි. එයා මේ වගේ දෙයක් කරා කියලා දැනගත්තොත් අනිවාර්යයෙන් සිහින ව තාත්තා කපන එක කපනවා. මේ හැමදෙයක් ම ආශිගේ ඔලුව කැකුමත් වැඩි කරා. පාන්දර වෙනකම් ම කල්පනා කරලා ආශි තීරනේ කරේ නොයා ඉන්න.. මොකද මල්ලි මැසෙජ් එකක් දාලා තිබුනා හෙට ශෙවාන්ගේ ගෙදර අයත් එනවා කියලා. අනිවාර්යයෙන් ම මගුල කතා කරන්න කියලා හිතාගෙන ආශි වැඩට ගියේ තාත්තාගෙ වචනේ අහක දාලා. 🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂❀❀❀❀
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: ~~~~~~~𝗔𝗦𝗛𝗶𝗶~~~~~~~~  💎💎💎💎💎💎💎💎💎💎💎💎  𝘄𝗿𝗶𝘁𝗲𝗿.    ...
❤️ 💙 💚 💛 36

Comments