දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 11, 2025 at 02:41 PM
~~~~~~~𝗔𝗦𝗛𝗶𝗶~~~~~~~~ 💎💎💎💎💎💎💎💎💎💎💎💎 𝘄𝗿𝗶𝘁𝗲𝗿. 𝔇𝔞𝔫𝔲.......................... e͟p͟i͟s͟o͟d͟e͟ --- 18 ================================== " ගුඩ් මෝනිම් මගෙ සූටි කැටේ.... " 7ට විතර ඔෆිස් එකේ වාහනෙන් ම යන ගමන් හිටපු ආශිට ඒ කෝල් එකත් මාර සැනසීමක්. " ගුඩ් මෝනිම්.. අද මොකද කරන්නෙ.." ආශිගේ වචනවල හඩ එහෙ මෙහෙ වෙද්දි සිහිනට හොදට ම තේරුනා මොකක් හරි ප්‍රශ්නයක් කියලා. " මන් නම් අද සුරංගනාවියක් බලන්න පිටත් උනා... සුරංගනාවි ඉන්නෙ කොහෙද කිව්ව නම් දැන්.. " " මන් යන ගමන්... " " ඔයා යනත්ද.. මන් මේ බෝඩිම ලගට යන්න හැදුවේ..කොහෙද ඉන්නෙ.. " නේල් ස්ට්‍රීට් එකේ.... " " හරි බහින්නකො.. මන් එන්නම් ඔතනට... " " දැන්.. මෙතන.. " " ඔව් ඔව්. බහින්නකො.." " ඩ්‍රයිවර් ඉස්සරහ නවත්තන්න.. " වාහනේ නැවැත්තුවට පස්සේ ආශි බැස්සේ කෝල් එකේ සිහින ඉද්දි ම. " හරි බැස්සා.." " අයියෝ අපරාදේ. මට හදිස්සියක් වෙලා ඔෆිස් එකට යන්න වෙනවා. .. " අනේ මොකක්ද.. මන් යන්නෙ කොහොමද දැන්.." " ටැක්සි එකක් දාගෙන යන්නකො.. සොරි ඩාලින්. " " ඉඩියට්.. " සිහින ඉතිම් කොහොමත් මැජික්කාරයා නෙ. ආශි මූනත් රතු කරන් අයිනට වෙද්දි ම සිහින ඇවිත් කාර් එක නැවැත්තුවේ පිටුපසින්. " මැඩම්.. නගින්න." " අනේ මහ... පුදුම වැඩ කරන්නෙ.. තව පොඩ්ඩෙන් බැනුම් අහනවා. ලූසර්.. " ආශි සිහිනගේ ජනේලෙන් අත දාලා කන මිරිකුවේ කොල්ලා කෑ ගහද්දිම. " නගින්න නගින්න... පරක්කු වෙයි. " ආශි නැගලා ශීට් බෙල්ට් එකත් දාගන්න ගමන් ටිකක් කල්පනා කරේ ශෙවාන් ගැන කියනවදෝ කියා මතක් කරමින්. " සිහින..." " ම්ම්ම්... " " ඊයේ තාත්තා කතා කරා. " " ඉතින් කතා කරන්න එපැ. තාත්තා නෙ.." " අයියෝ එහෙම නෙවේ. මට ගෙදර එන්න කිව්ව අද.." " හදිස්සියේ ම.. " " හ්ම්... කලබල වෙන්නැත්තන් දෙයක් කියන්න ද.. " " කිව්ව ම බලමු කලබලේ ගැන. " " ශෙවාන් කියලා කෙනෙක් අපේ ගෙදරින් මන් ගැන අහලා. එයාලගෙ ගෙදරින් එනවලු අද... " සිහිනගේ අතින් කාර් එක නැවතුනේ නිකම් ම. ඒ ඇස් ගියේ ආශිගේ කදුලු පිරිච්ච මූනට.. " ඇයි ඔයා ගියේ නැත්තේ ...කිව්ව නම් මන් ගිහින් දානව නෙ.. " ඒ කටහඩේ දුක පිරිලා කියලා ආශි තේරුම්ගත්තා. " මන් කොහොමද යන්නෙ ඔයාව දාලා. අනික ගියොත් මට අනිවාර්යයෙන් කැමති වෙන්න වෙනවා.. මොකද අපේ ගෙදර හැටි ඒ.. " " හ්ම්... සිහිනගේ වචන පිටවෙන්නෙ නැති තරම් ගොලු වෙලා. එකපාරට ඒ දුක කදුලු උනේ ආශිගේ උනුහුමත් ලැබෙද්දි. " වෙන දෙයක් වෙයි.. මන් යන්නෑ ආයේ ගෙදර.. " ආශි සිහිනගේ ඔලුව අතගාන ගමන් කිව්වත් සිහිනට මතු උනේ තව තව ප්‍රශ්න විතරයි. " මෙහෙ ආවොත්.. " " මන් හොයාගන්න බැරි වෙන්න හැංගිලා ඉන්නම්.. ටික දවසකට නිවාඩු දාලා වැඩටත් නොයා..." මේ තීරනේ කොච්චර දරුනු උනත් ආශිට වැදගත් උනේ සිහින විතරයි. තමන්ගේ අම්මා, තාත්තා, ස්වීට්(මල්ලි ) හැමෝගෙන් ම ඈත් වෙලා සිහිනගේ වෙන්න තරම් ආශිගේ හිතේ සිහින කෙරෙහි දවසින් විශ්වාසෙ ඇති වෙලා... 🍂❀🍂❀🍂❀🍂🍂❀🍂❀🍂❀🍂❀🍂❀🍂🍂❀
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: ~~~~~~~𝗔𝗦𝗛𝗶𝗶~~~~~~~~  💎💎💎💎💎💎💎💎💎💎💎💎  𝘄𝗿𝗶𝘁𝗲𝗿.    ...
❤️ 💙 💚 💛 50

Comments