
Explore Lanka 📚🇱🇰
June 5, 2025 at 02:05 PM
තමන්ගේ කැමැත්තට හෝ නෑයන්ගේ කීමට හෝ හැඟීම්වලට වහල් වෙලා හෝ පරක්කු වෙයි කියලා හෝ දරුවෝ හදන්න කලින් මේ ගැනත් හිතන්න.
" ඔයා හදන දරුවන්ට අවශ්ය දේවල් ලබාදෙන්නට තරම් ඔයා ආර්ථික වශයෙන් ශක්තිමත්ද ? ඔයා සහ ඔයාගේ සහකරු හෝ සහකාරිය තමන්ගේ පවුලට ප්රමාණවත් පරිදි උපයනවද? ඔයාලට මුදල් එන ක්රම තියෙනවද? ආර්ථිකය ස්ථාවරයිද?"
දරුවෙක් හදන්න කලින් හිතන්න තව ගොඩක් දේවල් තියෙනවා. ඒත් ඒ දේවල් අතරිනුත් මෙන්න මේ කාරණාව ගොඩක් විශේෂයි. මොකද වර්තමාන සමාජයේ මුදල් කියලා කියන්නේ අපිට ජීවත් වෙන්න අත්යවශ්ය කාරණාවක්!
ඇයි දන්නවද මම මේ දේ කියන්නේ.. මං දැකලා තියෙනවා කිසිම පාලනයක් නැතුව, ළමයි හදනවා කිසිම ආර්ථිකයක් නැති මිනිස්සු. ඊට පස්සේ ළමයින්ට කන්න අඳින්න විදිහක් නෑ කියලා ළමයින්ව පාරට දානවා. සමහර වෙලාවට ණය බර වැඩි හින්ද පවුල් පිටින් හිතාගන්න බැරි විදියට තමන්ව විනාස කරගන්නවා. තවත් කොටසක් දරුවො හදල හදල ඒ දරුවන්ට කන්න අඳින්න දෙන්න බැරුව අසරණ වෙලා මුළු ජීවිතේම විඳවනවා...
මේ අහන්න..
දරුවෙක් හදන්න කලින් තමන් දරුවෙක්ට කන්න අඳින්න දෙන්න තරම් ආර්ථිකයෙන් ස්ථාවරයිද කියලා මුලින්ම හිතලා බලන්න!
තමන් මානසික සෞඛ්ය අතින් පවා ලෑස්තිද කියල බලන්න.. තමන් සූදානම්ද කියලා හිතන්න.. තමන්ගේ සහකරු හෝ සහකාරියා ඒ සඳහා සූදානම්ද කියලා බලන්න. දෙන්නම සූදානම් නම් පුංචි අලුත් ජීවිතයක් මේ ලෝකයට අරගෙන එන්න...
එහෙම නැතුව කාගෙවත් කීමට කිසිම දෙයක් දන්නේ නැති පුංචි දරුවෝ මේ ලෝකෙට ගෙනල්ලා එයාලටත් දුක් දෙන්න එපා !!!
මෙක ඔයලාට දැම්මේ ඔයලාත් කවදා හරි අම්මලා තාත්තා වෙන නිසා.ඉතිම් එහෙම වෙන්න කලින් ඔයලා මේ දෙවල් ගැන අනිවාර්යයෙන් හිතන්න ඕනේ.එහෙම නැති උනොත් ඔයලාත් අසරණයි.එ ළමයාත් අසරණයි.
උපුටා ගැනිමකි.

❤️
💯
👍
❤
🫡
👏
😂
❤🔥
💙
💚
263