
Charitha Dissanayake
June 10, 2025 at 04:29 AM
🌼
*පොසොන් පොහොය දිනය බෞද්ධයන්ට ඉතා වැදගත් පොහොය දිනයකි.* 🪔✨
ඉන්දියාවේ පැවැත්වූ තෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව ධර්මාශෝක අධිරාජයාගේ පූර්ණ සහාය ලබාගෙන මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ නව රටකට ධර්ම දූතයන් පිටත්කොට යැවීමට කටයුතු කළහ. ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉට්ඨිය, උත්තිය, සම්බල,භද්දසාල, යන උපසපන් රහත් පස් නමත් ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත්, අනාගාමි භණ්ඩුක උපාසකතුමාත් ශ්‍රී ලංකාවට එවීමට සූදානම් කළ දූත පිරිසට ඇතුළත් වූහ.
අන්රටවලට වඩා ශ්‍රී ලංකාවට එවනලද දූත පිරිස සුවිශේෂත්වයක් ගත් බව පැහැදිලිය. මේ දූත පිරිසට අයත් හත් දෙනාගෙන් වැඩි පිරිසට රාජ්‍ය සුහදතාව දැඩි ලෙස පැවතීම වැදගත් ලක්ෂණයකි. මිහිඳු මා හිමි අශෝක අධිරාජ්‍යයාගේ පුතණුකෙනෙක් වූ අතර “සුමන” සාමණේරයන් වහන්සේ අශෝක අධිරාජ්‍යයාගේ “සංඝමිත්තා” නම් දියණියගේ පුත්‍රයා වූහ. මිහිඳු මාහිමියන්ගේ මෑණියන්ගේ සොහොයුරියගේ දියණියගේ පුතා වශයෙන් “භණ්ඩුක” උපාසකතුමා සඳහන් වේ.මෙවැනි රාජකීය දූත පිරිසක් ශ්‍රී ලංකාවට සැපැත් වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය සතිස් වන වසරෙහි පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක බව ඉතිහාසය පැහැදිලිව සඳහන් කරයි.
මිහිඳු මා හිමියන් ප්‍රධාන බෞද්ධ ධර්ම දූත පිරිස අනුරාධපුරයේ මිහින්තලා කඳු මුතට වැඩම වන අවස්ථාව වන විට ලංකාවේ පාලකයා වූ දෙවනපෑතිස් රජතුමා පෙර සිරිත අනුව හතළිස් දහසක් පිරිස සමග පොසොන් සැණකෙළිය සඳහා මුව දඩයමේ යෙදෙමින් ඒ මිහින්තලා පර්වතය අසල කල්ගත කළේය. මිහිඳු මා හිමියෝ රජතුමා අමතා “අපි ධර්ම රාජ වූ බුදුරදුන්ගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට පැමිණියෙමු” යනුවෙන් ප්‍රකාශ කළහ.රජතුමාගේ තුටු පඬුරු ගෙන අශෝක රජතුමා වෙත ගිය අරිට්ඨ මහ ඇමතියන් මගින් තුණුරුවන් පිළිබඳ පණිවුඩය කලින් එවා තිබූ හෙයින් පැමිණි මේ දූත පිරිස පිළිබඳ සෑහෙන අවබෝධයක් දෙවනපෑතිස්ස රජතුමාට ලැබී තිබුණි. මිහිඳු හිමියන් රජතුමා ඇමතීමත් සමග ඉක්මන් සුහදතාවක් ගොඩනගා ගැනීමට ඒ තොරතුරු හේතු වූවාට සැක නැත.
ඇතිවූ සුහද සාකච්ඡාවකින් අනතුරුව ධර්මය වටහා ගැනීමට රජතුමාට ශක්තියක් ඇත්දැයි පරික්‍ෂා කිරීම සඳහා අඹ ගස් සහ ඥාතීන් සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්න මාලාව ඉතා වැදගත්ය.
ලංකාවේ පැවැත්වූ ප්‍රථම බුද්ධි පරීක්‍ෂණය වූ මෙයින් ලක් රජතුමා තුළ පැවැති උසස් ඥාන ශක්තිය ගැන පැහැදුනු මිහිඳු මාහිමියෝ “චුල්ලහත්ථි පදෝපම සූත්‍රය” මාතෘකා කොට මෙරටට වැඩම වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේදීම ධර්මය දේශනා කළහ.තුණුරුවන් පිළිබඳවත් ශාසනයට අතුළත් වීමත් භික්‍ෂූන්ගේ පැවැත්මත් ධර්මයෙන් ලබාගත හැකි අග්‍ර ඵලයත් යන වැදගත් කරුණු පිළිබඳ අවබෝධයක් ලැබිය හැකි අන්දමට මේ සූත්‍රය තෝරා ගැනීම අතිශයින් වැදගත්ය.මේ ප්‍රථම ධර්ම දේශනාව අවසන්වත්ම මහත් ප්‍රසාදයට පත් රජතුමා ප්‍රධාන පිරිස තෙරුවන් සරණ ගිය උපාසකයෝ බවට පත් වූහ.මේ පොහොය වඩාත් වැදගත්වීමට රටේ පාලකයා බෞද්ධයකුවීම හේතුවක් විය.
*සිත් නිවී සැනහෙන පින්බර පොසොන් පොහොය දිනයක් වේවා..!* ☸️🙏
🔹 _Charitha Dissanayake_
🔹 _Chemistry Team_

❤️
🙏
👍
30