
Charitha Dissanayake
3.0K subscribers
About Charitha Dissanayake
Popular Chemistry Lecturer in Sri Lanka 👨🏻🔬🇱🇰
Similar Channels
Swipe to see more
Posts

🌼 *පොසොන් පොහොය දිනය බෞද්ධයන්ට ඉතා වැදගත් පොහොය දිනයකි.* 🪔✨ ඉන්දියාවේ පැවැත්වූ තෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව ධර්මාශෝක අධිරාජයාගේ පූර්ණ සහාය ලබාගෙන මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ නව රටකට ධර්ම දූතයන් පිටත්කොට යැවීමට කටයුතු කළහ. ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉට්ඨිය, උත්තිය, සම්බල,භද්දසාල, යන උපසපන් රහත් පස් නමත් ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත්, අනාගාමි භණ්ඩුක උපාසකතුමාත් ශ්‍රී ලංකාවට එවීමට සූදානම් කළ දූත පිරිසට ඇතුළත් වූහ. අන්රටවලට වඩා ශ්‍රී ලංකාවට එවනලද දූත පිරිස සුවිශේෂත්වයක් ගත් බව පැහැදිලිය. මේ දූත පිරිසට අයත් හත් දෙනාගෙන් වැඩි පිරිසට රාජ්‍ය සුහදතාව දැඩි ලෙස පැවතීම වැදගත් ලක්ෂණයකි. මිහිඳු මා හිමි අශෝක අධිරාජ්‍යයාගේ පුතණුකෙනෙක් වූ අතර “සුමන” සාමණේරයන් වහන්සේ අශෝක අධිරාජ්‍යයාගේ “සංඝමිත්තා” නම් දියණියගේ පුත්‍රයා වූහ. මිහිඳු මාහිමියන්ගේ මෑණියන්ගේ සොහොයුරියගේ දියණියගේ පුතා වශයෙන් “භණ්ඩුක” උපාසකතුමා සඳහන් වේ.මෙවැනි රාජකීය දූත පිරිසක් ශ්‍රී ලංකාවට සැපැත් වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය සතිස් වන වසරෙහි පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක බව ඉතිහාසය පැහැදිලිව සඳහන් කරයි. මිහිඳු මා හිමියන් ප්‍රධාන බෞද්ධ ධර්ම දූත පිරිස අනුරාධපුරයේ මිහින්තලා කඳු මුතට වැඩම වන අවස්ථාව වන විට ලංකාවේ පාලකයා වූ දෙවනපෑතිස් රජතුමා පෙර සිරිත අනුව හතළිස් දහසක් පිරිස සමග පොසොන් සැණකෙළිය සඳහා මුව දඩයමේ යෙදෙමින් ඒ මිහින්තලා පර්වතය අසල කල්ගත කළේය. මිහිඳු මා හිමියෝ රජතුමා අමතා “අපි ධර්ම රාජ වූ බුදුරදුන්ගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට පැමිණියෙමු” යනුවෙන් ප්‍රකාශ කළහ.රජතුමාගේ තුටු පඬුරු ගෙන අශෝක රජතුමා වෙත ගිය අරිට්ඨ මහ ඇමතියන් මගින් තුණුරුවන් පිළිබඳ පණිවුඩය කලින් එවා තිබූ හෙයින් පැමිණි මේ දූත පිරිස පිළිබඳ සෑහෙන අවබෝධයක් දෙවනපෑතිස්ස රජතුමාට ලැබී තිබුණි. මිහිඳු හිමියන් රජතුමා ඇමතීමත් සමග ඉක්මන් සුහදතාවක් ගොඩනගා ගැනීමට ඒ තොරතුරු හේතු වූවාට සැක නැත. ඇතිවූ සුහද සාකච්ඡාවකින් අනතුරුව ධර්මය වටහා ගැනීමට රජතුමාට ශක්තියක් ඇත්දැයි පරික්‍ෂා කිරීම සඳහා අඹ ගස් සහ ඥාතීන් සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්න මාලාව ඉතා වැදගත්ය. ලංකාවේ පැවැත්වූ ප්‍රථම බුද්ධි පරීක්‍ෂණය වූ මෙයින් ලක් රජතුමා තුළ පැවැති උසස් ඥාන ශක්තිය ගැන පැහැදුනු මිහිඳු මාහිමියෝ “චුල්ලහත්ථි පදෝපම සූත්‍රය” මාතෘකා කොට මෙරටට වැඩම වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේදීම ධර්මය දේශනා කළහ.තුණුරුවන් පිළිබඳවත් ශාසනයට අතුළත් වීමත් භික්‍ෂූන්ගේ පැවැත්මත් ධර්මයෙන් ලබාගත හැකි අග්‍ර ඵලයත් යන වැදගත් කරුණු පිළිබඳ අවබෝධයක් ලැබිය හැකි අන්දමට මේ සූත්‍රය තෝරා ගැනීම අතිශයින් වැදගත්ය.මේ ප්‍රථම ධර්ම දේශනාව අවසන්වත්ම මහත් ප්‍රසාදයට පත් රජතුමා ප්‍රධාන පිරිස තෙරුවන් සරණ ගිය උපාසකයෝ බවට පත් වූහ.මේ පොහොය වඩාත් වැදගත්වීමට රටේ පාලකයා බෞද්ධයකුවීම හේතුවක් විය. *සිත් නිවී සැනහෙන පින්බර පොසොන් පොහොය දිනයක් වේවා..!* ☸️🙏 🔹 _Charitha Dissanayake_ 🔹 _Chemistry Team_


චරිත සර් එක්ක පල්හෑලි කියවන්න සෙට් වෙන්න... මේ ඉරිදා රාත්‍රී 7.30 සිට සජීවීව YouTube ඔස්සේ... Live එක miss කරගන්නේ නැතුව සෙට් වෙන්න channel එක subscribe කරලා තියාගන්න. Channel Link: https://www.youtube.com/@charithajbdissanayake සර්ගෙන් ප්‍රශ්න අහන්න තියෙනවා නම් පහල Link එක click කර group එකට join වෙන්න! Link: https://t.me/CDPalHali


✅ *Questions and Answers..* ❓& 🅰️ ❓ *මේ පාර "A" සාමාර්ථ කොච්චරක් තියෙනවද..?* > *🅰 මේ පාර අපිට "A" සාමාර්ථ දහස ඉක්මවා තියෙනවා.* ❓ *ඉතින් ඒක ඇයි දැන්ම කියන්නෙ නැත්තෙ..?* > *🅰️ තව පොඩ්ඩක් බොරුවට ඉඩදීලා අපි බලන් ඉමු.* ❓ *ඔය කියන "A" ප්‍රතිඵල වල සියලුම දරුවන්ගෙ සියලුම විස්තර තියෙනවද..?* > *🅰️ ඔව් අනිවාර්‍යෙන්ම.දරුවගෙ නම,පාසල,විභාග අංකය,දිස්ත්‍රික් කුසලතාවය,මේ සියල්ලම ඉතා පිළිවෙලට තියෙනවා.ඉදිරියේදි ඕනිම කෙනෙකුට මේක බලාගන්න පුලුවන්.* ❓ *විශ්වාසයෙන්ද කියන්නෙ..?* > *🅰️ඔව්.අනිවාර්‍යෙන්ම.මොකද අපි ළග Fake වැඩ නැහැ.* ❓ *ඉතින් "A" 1000 ක් පන්නලා තියෙනවනම් ඇයි මේක කියන්න පරක්කු වුනෙ..?* > *🅰️මෙහෙමනේ.ළමයෙක්ගෙ ප්‍රතිඵලයක් ලේඛනයකට ගන්නවනම් ඒක ඉතා වගකීම් සහගත වෙන්න ඕනි.ආවට ගියාට කරන්න බැහැ.Google form එකක මෙච්චරයි කියලා තිබුන පමණින් ඒක එළියට දාන්න බැහැ.මේවට තියෙන්න ඕනි වගකීමක්.මොකද මේ වැඩ යන්නෙ රටේ දරුවො එක්ක.* ❓ *මොකක්ද ඒ Google form කතාව.?* > *🅰️අපි ප්‍රතිඵල ගන්නකොට ළමයින්ට දානවා ඒ විස්තර දන්වලා එවන්න කියලා Google form එකක්.ළමයි ඒක පුරවලා එවනවා.ඒ එවපු ප්‍රතිඵල හරිද කියලා නැවත අපි විභාග අංක වලින් බලලා තහවුරු කරගන්නවා.ඒ වගේම අපි ප්‍රතිඵලයක් ලමයෙක්ගෙන් දානවනම් ඒක දාන්නද කියලා ළමයගෙන් කෝල් කරලා අහනවා.සියල්ල තහවුරු වුනාට පස්සෙ තමයි අපි දරුවගෙ ප්‍රතිඵලය අපේ ලේඛනයට ගන්නෙ.* ❓ *ඒකද මේකට අති පිරිසිදුම වැඩිම "A" කියන්නෙ.?* > *🅰️ඔව්.අනිවාර්‍යෙන්ම.ඒකයි බය නැතුව කියන්නෙ.* ❓ *කලින් එක වගේම මේකත් ළමයින්ගෙ අතට දෙනවද..?* > *🅰️ඔව්.අනිවාර්‍යෙන්ම.අපි වැඩ කරන්නෙ වගකීමක් ඇතුව.මේ ඇත්ත ලංකාවෙම දරුවන්ගෙ අතට අපි දෙනවා.ඇස්දෙකෙන්ම බලන්න.මේක ගිය අවුරුද්දෙත් අපි දුන්නා.මෙහෙම දෙයක් කලෙත් අපි විතරයි.අච්චරයි, මෙච්චරයි ගගා කිය කියා හිටියෙ නැහැ.* ❓ *ඒ කියන්නෙ.?* > *🅰️ඒ කියන්නෙ අපි ලග මෙච්චරයි,ලංකාවෙ වැඩිම අපි ලග,මේ වගේ කතා කිය කිය අපි ප්‍රතිඵල ලේඛනය හැංගුවෙ නැහැ.ඉදිරියට කරන්නෙත් නැහැ.තියෙන්නෙ කීයද තියෙන ගාන ඇති සැටියෙන් සමාජයට ඔප්පු කලා.* ❓ *එහෙමනම් මේ පාරත් දැවන්ත ප්‍රතිඵල ලේඛනයක් බලාපොරොත්තුවෙන්න පුලුවන්.?* > *🅰️ ඔව් අනිවාර්‍යෙන්ම.* *හරි අපි අවදානයෙන් ඉන්නවා.ඔය කියන A දහස ඉක්මවූ ප්‍රතිඵල ලේඛනය එළියට එනකම්.* *බලන් ඉන්න.ලංකාවෙ අති පිරිසිදුම වැඩිම "A" සාමාර්ථ ලේඛනය මේ පාරත් අපි අතටම ගෙනත් දෙනවා.* ```Thank You..!``` ❣️ 🔹 _Charitha Dissanayake_ 🔹 _Chemistry Team_


📊 *2024 උසස් පෙළ විභාගය* *ප්‍රතිඵල සටහන - අංක 01* *අපි ප්‍රධාන වශයෙන් පන්ති කරන නගර තුනයි තියෙන්නෙ.ඒ නුගේගොඩ, ගම්පහ, රත්නපුර.මේ නගර තුනේම දිස්ත්‍රික් ප්‍රථමයින් 4 දෙනෙක් අපි ළග.* *ඊට අමතරව පුත්තලම, මොණරාගල කියන නගර දෙකෙත් දිස්ත්‍රික් ප්‍රථමයින් දෙදෙනෙකුත් අපි ළග ඉන්නවා.* *මේ අනූව සමස්ථයක් විදිහට ගත්තාම දිස්ත්‍රික් ප්‍රථමයන් 06 දෙනෙකුම අපෙන් Chemistry ඉගෙන ගත්ත ළමයි.* *මේ තියෙන්නෙ 2024 විභාග වර්ෂයේ ප්‍රතිඵලම පමණි.එහේන් මෙහේන් ගෙන සම්මිශ්‍රණයක් නොවන වගත් මෙහිදී කිවයුතුය.* ✅ *ගම්පහ දිස්ත්‍රික් ප්‍රථමයා - (Maths )* ✅ *කොළඹ දිස්ත්‍රික් ප්‍රථමයා - (Maths)* ✅ *රත්නපුර දිස්ත්‍රික් ප්‍රථමයා - (Maths)* ✅ *රත්නපුර දිස්ත්‍රික් ප්‍රථමයා - ( Bio )* ✅ *පුත්තලම දිස්ත්‍රික් ප්‍රථමයා - ( Maths)* ✅ *මොණරාගල දිස්ත්‍රික් ප්‍රථමයා - ( Maths )* *මේ අයුරින් රසායන විද්‍යා විෂයට අපි නිවැරදිම මග පෙන්වාදීම කර ඇත.* 🎯 *පන්තියක වැඩ පිළිවෙල දක්ෂ දරුවාගේ සිට සමස්ථයටම ගොඩ යා හැකි පරිපූර්ණ වැඩසටහනක් විය යුතුය. ඒ වගේම එහි වැඩ පිළිවෙල ඕනෑම අවස්තාවකදි දරුවෙකුට අවබෝධයෙන් ග්‍රහණය කරගත හැකිවිය යුතුය. අපේ පන්තිවල අභ්‍යන්තරය දරුවන්ට ගැළපෙන්නෙ අන්න ඒ නිසාය.* *-----------------* 👊👊👊👇 *අපේ ප්‍රතිඵල කතාව ඉදිරියේදී තවත් රසවත් වනු ඇත.අවසානය තෙක් රැදීසිටින්න.* ```Thank You..!``` ❣️ 🔹 _Charitha Dissanayake_ 🔹 _Chemistry Team_


⭕ *චරිත සර් එක්ක පල්හෑලි කියවන්න සෙට් වෙන්න...* *අද මැයි 18 ඉරිදා සජීවීව ▶️ YouTube ඔස්සේ...* 🔘 *අද,* 🔘 *මැයි 18,* 🔘 *ඉරිදා,* 🔘 *ප.ව 7.30 ට.* *පහල link එකෙන් රෑ 7.30 ට සජීවීව සම්බන්ධ වන්න.* 📺 *_YouTube Link: -_* https://www.youtube.com/live/1E_E-tjNjyo?si=lS6A88nfRpJHO6bf *සර්ගෙන් ප්‍රශ්න අහන්න තියෙනවා නම් පහල Link එක click කර group එකට join වෙන්න!* 🌐 Link: https://t.me/CDPalHali #PalHali


🔰 2025 REVISION 🔰 CHEMISTRY 🅾️ ORGANIC ඇරඹේ..😍🔥 A/L Chemistry paper එකෙන් ලකුණු 24 ක්.. ♨️♨️♨️ A/L Paper එකට Organic වලින් අනිවාර්යයෙන්ම, ⛔️ MCQ 10 ක් ⛔️ ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් (4 වෙනි Structured Essay ප්‍රශ්නය) ⛔️ රචනා ප්‍රශ්නයක් (8 වෙනි රචනා ප්‍රශ්නය) එනවා. ඒ නිසා Chemistry A එකක් ගන්න බලන් ඉන්න හැමෝටම Organic කියන්නෙ අතාරින්නම බැරි කොටසක්. Theory දරුවන්ට ද ගැලපෙන පරිදි මෙම Revision Organic ක්‍රමවේදය සකස් කර ඇත.ප්‍රතිඵල පැමිණි පසු දෙවන වර, තෙවන වර විභාගයට මුහූණ දෙන දරුවෙක් නම් ඔබ මෙම Organic අත්දැකීම අනිවාර්යයෙන් ලබාගත යුතුය. ✅ Organic වල අංගසම්පූර්ණ Theory ටික. ✅ Organic ප්‍රතික්‍රියා ටික පහසුවෙන් මතක තියාගන්න ඒවා මෙනෙහි කිරීමේ Charts. ✅ පටන් ගන්න දවසෙ ඉදලම සියලුම පරිවර්තන හුරු කිරීම් ආරම්භ කිරීම. ✅ Organic ප්‍රතික්‍රියා පුහුණුව. ✅ මේ සියල්ල සමග Organic Past Papers MCQ, SEQ, ESSAY පුහුණුව. ගම්පහ | නුගේගොඩ | රත්නපුර | බණ්ඩාරවෙල දිවයිනටම Online 🔰 ප්‍රින්සිපියා - බණ්ඩාරවෙල මැයි 14 බදාදා පෙ.ව. 7.30 - 2.00 🔰 සිසුල්කා රත්නපුර මැයි 16 සිකුරාදා පෙ.ව. 7.30 - 2.00 🔰 SyZyGy - න


⭕ *එන්න අලුත් හද බලන්න..* 🌕 *අංගසම්පූර්ණ නිබන්ධන සමගින්*👇 🅾️ *Inorganic ඇරඹේ.* 🔥🔥 > *Inorganic කිව්වම ළමයින්ගේ ඔලුවට හරිම වදයක්. ඒකට හේතුව Inorganic වල ප්‍රතික්‍රියා ගොඩක් තියෙනවා. සංයෝග වල පාට පාට ගොඩාක් මතක තියාගන්නත් ඕනී. මේවා මතක් වුණාම ගොඩක් ළමයින්ට ඔලුවට එන්නේම Inorganic එපා වෙන අදහසක්.* *Inorganic වලින් A/L Paper එකේ මුලු ලකුණු වලින් 20% - 23% ක් වගේ ලැබෙනවා. ඉතින් මේක ඔයාට අතාරින්න බැරි පාඩමක්..* 🔰 *Inorganic Work Books* 🔰 *ප්‍රතික්‍රියා මෙනෙහි කිරීමේ Short Notes* 🔰 *ප්‍රතික්‍රියා සහ වර්ණ මෙනෙහි කිරීමේ Charts* 🔰 *Inorganic Question Tute + විවරණය* ✍️ *කට පාඩම් කරලා උගන්වන එකයි පාඩම රහට පැහැදිලි කරලා උගන්වන එකයි දෙකක්. ළමයෙකුට ඉතා වැදගත්ම දේ තමයි මේකෙ දෙවන ක්‍රමය. ඉතින් ඒ රහට Inorganic ඉගෙන ගන්න එන්න.* 🔰 *SyZyGy - නුගේගොඩ* •මාර්තු 03 සදුදා, •පෙ.ව 7.30 - 2.00. 0701663839 - whatsapp 0777453275 - call 🔰 *SyZyGy - ගම්පහ* •මාර්තු 04 අගහරුවාදා, •පෙ.ව 7.30 - 2.00. 0714683239 - whatsapp/call 0724683239 - whatsapp/call 0777688507 - call 🔰 *ප්‍රින්සිපියා - බණ්ඩාරවෙල* •මාර්තු 05 බදාදා, •පෙ.ව 7.30 - 2.00. 0714683239 - whatsapp/call 0724683239 - whatsapp/call 🔰 *සිසුල්කා - රත්නපුර* •මාර්තු 07 සිකුරාදා, •පෙ.ව 7.30 - 2.00. 0706330330 - whatsapp 0712643509 - call 🔰 *Online පන්ති සම්බන්ධ විමසීම්* 0714683239 - whatsapp/call 🍃 *Telegram Channel:-* https://t.me/NMCHM Thank you..! ❣️ 🎓 *නිපුන් මද්දුමගේ.* #අපි_තමයි_අහස

⭕ *ඔබත් ඔබ වගේම තවත් නංගි කෙනෙකුට මල්ලි කෙනෙකුට ඉගන ගන්න උදව් කරන්න කැමති ද?* *පොතක් පෑනක් ගන්න බැරිකම නිසා පාසල් යන්න නැති අනුරාධපුර ප්‍රදේශයේ අහිංසක නංගිලා මල්ලිලා 500 කට ඔබටත් උදව් කරන්න අවස්ථාවක්. ඔබට පුළුවන් නම් පෙබරවාරි 24 වෙනිදාට ඉස්සර වෙලා SyZyGy ගම්පහ හෝ නුගේගොඩ ආයතනයට අලුත් පොතක් හෝ පෑනක් ගෙනත් දෙන්න.* *තවත් අහිංසක දරුවෙකුට ඉගන ගන්න උදව් වෙන්න.* ❤️
