
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
June 12, 2025 at 03:16 PM
ඇමසෝනියා - Amazonia
ඇමසන් ඝන වනාන්තරයට ඇතුළු වූ කාල් රැන්ඩ්ගේ විද්‍යා ගවේෂක කණ්ඩායම සලකුණකුදු නොමැතිව අතුරුදන් වේ. වසර ගණනකට පසු, එකී කණ්ඩායමේ විශේෂ බලකා සෙබළ සාමාජිකයකු වනයෙන් මිදී නැවත මිනිස් ශිෂ්ඨාචාරය කරා පැමිණීමට සමත් වේ. තුවාල කැළලින් ද අංග ඡේදයෙන් ද, බියෙන් ද පීඩාවට පත්ව සිටි ඔහු දැවැන්ත අභිරහසක් ලෝකය හමුවේ ඉතිරි කරමින් පැය කීපයක් තුළ ද මරණයට පත් වේ.
නේතන් රැන්ඩිගේ කණ්ඩායම, මෙකී ගුප්ත අබිරහස් සැඟවුණු වනය කරා පිටත් වන්නේ අතුරුදන් වූ ඔහුගේ පියා පිළිබඳ තොරතුරක් ද සෙවීම සඳහා ය. එහෙත් එහි දී ඔවුනට, නොසිතූ විරූ අනතුරුවලට සහ සතුරන්ට මුහුණ දීමට සිදුවේ. මිනිස් පරිකල්පනයෙන් පවා ඔබ්බට දිවෙන බියකරු සිදුවීම්වලට මුහුණ දෙමින්, රුධිර ගංගාවන් මතින්, අවසානයේ දී ඇමසන් වනයට භීතිය ගෙනා වූත් ඇඟ ලොමුදැහැගන්වනසුලු වූත් යමක් සොයා ගැනීමට ඔවුහු සමත් වෙති.
ඇමසන් වනයේ අඳුරු ලෝකය තුළ මානව ශිෂ්ටාචාරයෙන් වෙන් ව හුදෙකලාව සිදුවන මේ බියකරු සිදුවීම කුමක් ද? මිනිසාට කිසිවිටෙක පැරදවිය නොහැකි ස්වභාවධර්මයේ නියමයට පිටුපෑමට නේතන් ඇතුළු පිරිසට හැකි වේ ද?
*Oder now 078 444 3223*

❤️
6