රාදි 🤎🍂
රාදි 🤎🍂
May 16, 2025 at 12:02 PM
දවල් වරුවෙ කාමරේට පැනපු පිම්මට මං ආයෙ රෑ වෙනකල්ම එලියට ගියේම නෑ.. ටිකක් රෑ උනාම වෙනදා පුරුද්දට රූම් එකේ බැල්කනියට නොයා මං ශේප් එකේ ඇවිදන් ගියේ ඉස්සරහා පැත්තෙන් තිබුන බැල්කනියට.. මෙතෙන්ට මේ මුලු පලාතක්ම පේනවා.. මගෙ රූම් එකේ වගේ නෙවෙයි.. මේ මුලු බැල්කනි එකටම තියෙන්නෙ ලොකු පැද්දෙන ඔංචිල්ලාවකුයි කුෂන් දෙක තුනකුයි විතරයි.. මෙතන ඉඳගෙන මමයි තාත්‍තයි සමහර දවසට අහස දිහා බලන් ඉන්නවා..  ඒ වෙලාවට එයා මට එක එක ජාතියෙ කතා කියනවා.. එයාලගෙ ඉස්කෝලෙ කාලේ.. අම්මයි තාත්තයි ගැන.. නැන්දගෙයි අම්මගෙයි දඟ වැඩ.. එයාලා ට්‍රිප් ගියපු හැටි.. ඒ වගේ ගොඩාක් කතා.. ඉතින් ඒ පුරුද්දටම මෙතෙන්ට ආවම මට අහස දිහා බැලෙනවා.. අහසෙ එකම එක තරුවක්වත් නෑ.. මුලු අහසටම හඳ විතරයි.. මං හිතන්නෙ පෝය දවසක් ලඟ ඇති.. තාත්තා කියන්නෙ.. ෆුල් මූන් ඩේ එකක් කියන්නෙ පෝය දවසක් කියලා.. අහස දිහා බලන් ඉන්න එකත් වෙනමම පිස්සුවක්.. ඒ වෙලාවට දැනෙන විදිය කියන්න ඇත්තටම මට තේරුමක් නෑ.. ඉතින් හඳත් එක්ක ගොඩාක් දුර ගිහින් හිටපු මම ඒ වෙනකොටත් හිටියෙ වෙනම ලෝකෙක.. ඒත් දුර ගිහින් තිබුන මගේ හිත ආයෙමත් මේ ලෝකෙට ආවේ පහලින් ඇහුන ගිටාර් එකක සද්දෙට.. මේ රෑ.. ශවී බෝයි ඇහැරලද.. කල්පනාවෙන්ම ඇස් කැරකෙව්වත් ඉඳගෙන හිටපු තැනට  මට කිසිදෙයක් හරියට පැහැදිලිව පෙනුනෙ නෑ.. ඒ එක්කම වගේ මට ඇහුනෙ මම කවදාවත් අහලා නොතිබ්බ සින්දුවක්.. ඒක සිංහල සින්දුවක්.. "සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිද ඔබ දෙස බලන්නම් ලංව ඉන්නට බෑ ‍ඔබේ අපට අප හිමි නෑ ලොවේ ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ..." වෝහ්.. ඒ කටහඬ.. මම ටක් ගාලා ඉඳගෙන හිටපු තැනින් නැගිටලා බැල්කනියෙන් පහලට එබිලා බැලුවෙ මට මේ වෙලාවෙ ඇහෙන්නෙ මායාවක්ද කියලා හිතාගන්න බැරුව.. "Oh my god Seriously. මෙහ්.. මෙයා.." පහල බෙන්ච් එකේ ඉඳගෙන හිටපු රූපෙ දැක්කම ඉබේටම මගේ කටින් ඒ වචන ටික ලෙස්සලා ගියා.. බාප්පා.. එයා... ඔව් ඒ හිටියෙ එයා.. "නිසල නෙතින් ඔබ මදෙස බලා හිදි දෙතොල් ඔබගේ මදහසින් සැරසේ දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ දෙතොල් සිනහා මවනු මට ‍බෑ අපට අප හිමි නෑ ලොවේ ඔබට මා හිමි නෑ ම‍ටද ඔබ හිමි නෑ.." ඒත් දෙයියනේ ඒ උනාට.. ඒ කටහඬ.. ඒක හරියට වශියක් වගේ.. හරියටම කිව්වොත්.. අර සුරංගනා කතාවල මායාවෙන් ඇවිත් මිනිස්සු වශී කරගන්න කටහඬවල් තියෙන්නෙ.. අන්න ඒ වගේ.. මටනම් විශ්වාස කරන්නත් බෑ.. මේ මනුස්සයට මෙච්චර සුපිරි.... මං කියන්නෙ  පිස්සු හැදෙන තරම් සුපිරි වොයිස් එකක් තියෙනවා කියලා.. ඇත්තමයි මටනම් හිතාගන්නවත් බෑ.. "සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිද ඔබ දෙස බලන්නම් ලංව ඉන්නට බෑ ‍ඔබේ අපට අප හිමි නෑ ලොවේ ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ සසල උනත් මගෙ සිතිවිලි ඔබ ලග නිසල කරන් මම ඉන්නම් සෑම දින කාත් කවුරුවත් නොමැති මා හට ඔබත් අහිමීව ගියපු අරුමය අපට අප හිමි නෑ ලොවේ ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ.." ඒත්... ඒත්.. පොඩ්ඩක් හෝව්.. මේ වචන.. මේ සින්දුවෙ තියෙන වචන.. හෙහ්.. මේ යකා මේ දඩිබිඩියෙ ජොබ් එකකුත් හදාගෙන ඔසී ඇවිත් තියෙන්නෙ බූට් එකක් කාලද.. සිරාවටම.. ඒත් ඉතින්.. කවුද යකෝ මේ වගේ මූලක්ගිනිකාරයෙක් එක්ක සෙට් උන මොලේ හොඳනැති එකී.. මං මේ ඇත්තමයි කියන්නේ.. දවසක මෙන්න මේ යකාට අහුවෙන කෙල්ලනම් සුපිරි ජාතියෙ පවක් කරලා තියෙන්නෙ ආයෙ ඉතින් ලොවෙත් නැති වෙන්නම ඈ.. "සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිද ඔබ දෙස බලන්නම් ලංව ඉන්නට බෑ ‍ඔබේ අපට අප හිමි නෑ ලොවේ ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ මටද ඔබ හිමි නෑ මටද ඔබ හිමි නෑ..." අයියෝ සින්දුව ඉවරද.. ඒත් තව ටිකක් තිබුනනම් හොඳයි වගේ.. මනුස්සයෙක්ගෙ කටහඬකට ඒ තරම් හැඟීම් පුරවන්නෙ කොහොමද.. මටනම් හිතාගන්න බෑ.. එයාගෙ කටහඬේ ඒ තරමට හැඟීම් පිරිලා තිබුනෙ.. ඒ කටහඬේ අනික් හැමදේම වගේම ලොකුම ලොකු වේදනාවකුත් තැවරිලා තිබුනා.. ඇයි.. ඇයි ඒ.. ඒ කියන්නෙ මිස්ටර් සිහස් කාට හරි ආදරේ කරනවද.. ඒකද ඒ.. ඒත් ඉතින් ඇයි එහෙම කියන්නේ.. මං කියන්නෙ මේ අපිට අපි හිමි නෑ කියලා.. ආයෙ ඉතින් ජොබ් එකකට රට ආවා කියලා ලව් එකක් කැඩෙනවයැ.. පිස්සු මල විකාර.. ඒ කොහොම උනත් මාත් ඒ සින්දුව හොයාගෙන අහන්න ඕනෙ.. ඒක මාර ලස්සනයිනේ.. ශවී බෝයිගෙන් අහගන්න ඕනෙ දැවෙන ප්‍රශ්න ටික ඔක්කොටම උත්තර.. ඒකට ඉතින් උදේ වෙනකල් ඉන්න එපැයි.. ඒක නිසා දෙයියනේ කියලා නිදාගත්තනම් හරි.. මොකද මම මගේ නින්දට අසීමාන්තිකව ලව් කරන කෙල්ලෙක්.. ..........................................................♡ "What the hell are you doing.. ඔය ටික ඉක්මනට ඉවර කරනවා මනුස්සයෝ.. We need to submit this before tomorrow." කරුමෙ.. කරුමෙ.. මේකනම් මම පූරුවෙ කරපු කරුමයක්.. අහිංසක මං මොන වරදක් කරාටද දෙයියනේ මේ ප්‍රොජෙක්ට් එක මට මේ ඉස්ගෙඩියා එක්කම කරන්න උනේ.. තියෝ.. මේ ඇටිකුබ්බා මම හැම තිස්සෙ කරන්නෙ කියන එක නෙවේ ඒකෙ අනික් පැත්ත.. පිස්සු වගේ මටනම් දැන්.. තව පැය කීයද තියෙන්නෙ මේක ඉවර කරන්න.. අපි පටන් ගත්තෙත් නොසෑහෙන්න පරක්කු වෙලා.. "අනේ දෙයියනේ.. තාම ප්‍රසන්ටේෂන් එක ලෑස්ති කරලත් නෑ. තව කීයක් දේවල් තියෙනවද කරන්න.." ස්ටඩි රූම් එකේ බිමටම කඩන් වැටිලා එහෙමම ඉඳගන්න ගමන් මගේ කොණ්ඩෙනුත් ඇදගෙන මම කෑගැහුවෙ තව ඉතුරු වෙලා තියෙන වැඩ කන්දරාව මතක් වෙලා.. දෙයියනේ.. මෙහෙම ගියොත්නම් මං පිස්සෙක් වේවි.. "Hay.. let's go.." නෝට්ස් ගොඩත් බදාගෙන ආපහු ටේබල් එක ලඟින් ඉඳගත්තු මගේ ලඟට ඇවිත් මගේ අතිනුත් අල්ලගෙන තියෝ එහෙම කියද්දි මම් තියෝ දිහා බැලුවෙ ඇස් දෙකත් ලොකු කරගෙන.. මම පිස්සියෙක් වගේ මේක ඉවර කරගන්න දඟලනවා.. ඒ අස්සෙ මේ යකා මොකද මේ කරන්නේ.. "මොනවද කියවන්නෙ තියෝ.. පිස්සු හැදිලද.." මං ආයෙමත් රවාගෙන එහෙම ඇහුවෙ මේ වෙලාවෙ රණ්ඩු වෙන්නවත් මට මූඩ් එකක් නැති නිසා.. මොකද කිව්වොත් මේ වෙද්දි සම්පූර්ණෙන්ම මගේ ඔලුවෙ තිබ්බෙ හෙට වෙන්න කලින් ප්‍රොජෙක්ට් එක ඉවර කරගන්න එක.. ඒ ස්ට්‍රෙස් එක තමයි මගේ ඔලුව පුරාවටම තිබුනේ... ඒත් ඉතින් තියෝනම් මගේ කෑගැහිල්ල සතපහකට ගණන් ගත්තෙ නෑ.. බලෙන්ම මාවත් නැගිට්ටවගෙන ස්ටඩි රූම් එකෙන් එලියට ඇවිත් කොහෙටදෝ යනවා.. "ඒයි.. පිස්සු හැදීගෙන එනවද තියෝ.. මේක ඉවර කරන්න ඕනෙ. අයිසෙ මේකෙ ඩෙඩ්ලයින් එක තියෙන්නෙ හෙට. මොලේ විකාර වෙලාද.. ආපහු යං.." "මං කිව්වෙ ආපහු යමු කියලා තියෝ.. තමුසෙට බැරිනම් මට යන්න දෙනවා.. මාව අතාරිනවා...." මම මොන මොන දේවල් කියලා බෙරිහන් දුන්නත් මේ යකා නෙවේනෙ කනකටවත් ගන්නෙ. මෙව්වට තමයි ඉතින් මට.. "ඕයි.. මෙහෙම ගියොත් මට ඩිසයිනර් කෙනෙක් වෙන්න වෙන්නෙ ලබන ආත්මෙ තමයි..මට මගෙ ප්‍රොජෙක්ට් එක ඉවර කරගන්න දෙනවා මිනිහෝ.. ආහ්හ්හ්.. Are you deaf.. Hay I'm talking to you.. මාව අතාරිනවා තියෝ.." මම මොන තරම් බෙරිහන් දීලා කෑගැහුවත් තියෝ නැවතුනේ එයාට ඕනෙ උනාම.. අපරාදෙ ඉතින් මං බොරුවට බෙරිහන් දීලා වැය කරපු ශක්තිය.. එක දිගටම ඇවිදපු තියෝ ග්‍රවුන්ඩ් එකේ කෙලවරකට ඇවිත් මාව එතනින් ඉන්දවලා එයත් මගේ එහා පැත්තෙන් ඉඳගත්තෙ මගේ අතට බබල් ටී එකකුත් බොන ගමන්.. ඒක මම කැමතිම ෆ්ලේවර් එකෙන්.. මොනා උනත් පොර මම කැමති අකමැති දේවල්නම් හොඳට දන්නවා.. ඒත් ඒ උනාට.. මේක බබල් ටී බොන වෙලාවක්ද යකෝ.. අච්චර කෝටියක් වැඩ තියාගෙන මෙතන විවේක සුවයෙන් ගත කරන්න පුලුවන්ද මං අහන්නෙ.. ඉතින් මං කට ඇරියෙ ආපහු යමු කියලා කියන්න.. ඒත් ඉතින් මං කට අරින්න හදද්දිම මගේ දිහාට එබුන තියෝ මගෙ තොල් දෙක මැද්දෙන් ඇඟිල්ලකුත් තියාගෙන කතා කරන්න ගත්තෙ මං ඇසුත් ලොකු කරන් තියෝ දිහාම බලාගෙන ඉද්දි.. "ෂ්.... කේන්ති ගන්න එපා ඩෝල්. බලන්නකෝ. ඔයා රතු වෙලා.. මොකටද මෙච්චර ස්ට්‍රෙස් වෙන්නේ. ම්ම්ම්ම්... Be cool baby.." වෝහ්.. මේ යකා කවදද මෙච්චර හැන්ඩ්සම් උනේ.. මූණෙ පැත්තකට අවුව වැටිලා දිලිසෙනවා.. ලිප්ස් රෝසම රෝස පාටයි.. ඒ මදිවට අලුතෙන් සයිඩ් නෙක් ටැටූ එකකුත් ගහලා.. මෙච්චර ලස්සන කොල්ලෙක් ඇයි දෙයියනේ මගෙ පස්සෙන් ඇවිත් දුක් විඳින්නේ.. ඒ ඇස් දෙක.. අල්ලගෙන ඉඹින්න හිතෙන... ඇහ් ඇහ් මොකක්.. මට පිස්සු හැදීගෙන එනවද.. මටත් දැන් මහ අසහනකාරී විකාර සිතුවිලිමයි ඇති වෙන්නෙ.. ඕවා නෙවෙයි ප්‍රොජෙක්ට් එක ගැන මතක් කරපන් සංකී.. "මේක කූල් එකේ ඉන්න වෙලාවක් වගේද තමුසෙට පේන්නෙ තියෝ.. අර්ස් ප්‍රොජෙක්ට් එකේ තව කොච්චර වැඩ ඉතුරුද දන්නවා නේද.." මං රවාගෙන අහනකොට මෙන්න මේ යකා හිනා වෙනවා.. මොලේ හොඳ නැති වේගෙන එනවද මන්දා.. බනිද්දි පිස්සෙක් වගේ හිනා වෙන්නෙ.. "මොකද හිනා වෙන්නේ.. පිස්සුද.." මං රවාගෙන ඔරවගෙන බුම්බගෙන අහද්දි තියෝ මගෙ කම්මුලක් අල්ලගෙන හොලවන්න ගත්තෙ පොඩි එකෙක් වගේ.. "තරහා ගිහින් රතු උනාම පොඩි එකෙක් වගේ ඩෝල්.. විනාඩි දහයක් මගෙත් එක්ක රණ්ඩු නොවී කතා කරන්න ඩෝල්. ප්‍රොමිස් මම හෙට උදේ වෙද්දි ඔයාගෙ ප්‍රොජෙක්ට් එක සම්පූර්ණෙන් ඉවර කරලා ඔයාට ගෙනත් දෙනවා.." මගේ කම්මුලේ තිබ්බ අත අහකට අරන් මගෙ අතිනුත් අල්ලගෙන එහෙම කියද්දි බෑ කියන්නද ඉතින්.. "හ්ම්ම්.. හරි.. හැබැයි මම බොරුවට රණ්ඩු වෙන්නෑ. තමුන් කරන ගොන් වැඩ වලට මට තරහා යනවා.." "ඕකේ ඕකේ.. සොරි මෑම්.. මං දන්නවා ඩෝල් දැනට ඔයා මට කැමති නෑ කියලා.. ඉස්සරහට එහෙම නොවෙන දවසක් එනකල් මම බලන් ඉන්නම්. But until then.. can you please stop arguing with me.. please don't hurt my feelings.. at least as a best friend.. please doll.." (ඒත් එතකල්.. ඔයාට මාත් එක්ක වාද කරන එක නවත්තන්න පුලුවන්ද.. කරුණාකරලා මගේ හිත රිද්දන්න එපා.. අඩුම තරමේ හොඳම යාලුවෙක් විදියටවත්..) මගේ දිහාට හෙන අසරණ බැල්මක් දාගෙන තියෝ ඒක ඇහුවෙත් මාරම හීනි කටහඬකින්.. ඇත්තටම මං ඉස්සරහා මෙහෙම වෙන්න ඕනෙ කොල්ලෙක් නෙවෙයි තියෝ කියන්නෙ.. කීයටවත් එහෙම නෙවෙයි..  ඒත් ඉතින්.. "යාලුකම් මැද්දට ආදරේ කියන වචනෙ නාවනම් අපිට මේ කිසි ප්‍රශ්නයක් නෑ නේද.. ඒත් ඉතින් ඒකට ඔයාගෙ වැරැද්දකුත් නෑනේ.. ඒ උනාට මම වැරදිත් නෑ නේද.. මගේ හිතේ බලෙන් ෆීලින්ග්ස් ඇති කරවන්න මට බෑනේ.. හරි.. කොහොම උනත් කමක් නෑ.. අපි ආයෙ රණ්ඩු නොවී ඉමු.. හරිනේ.." මං තියෝගෙ මූණ දිහා බලාගෙන හිනාවෙවී කියද්දි හිනා කටයි පොරගෙ මූණෙත්.. "Doll.. are you serious.." "Yeh.. promise.." තියෝ කටත් ඇරගෙන අහනකොට මං ඒකට උත්තර දුන්නෙ ඇහැකුත් ගහලා.. "Oh my god. Oh my god.. I can't beleve this.. oohhh.." පිස්සුවෙන් වගේ කියවගෙන කියවගෙන ගිහින් මේ යකා මගේ හුස්මත් හිර වෙන ගානට මාව බදාගත්තා.. "ඒයි ඒයි.. මං ප්‍රොමිස් උනා තමයි.. හැබැයි මොනාහරි අසික්කිත වැඩක් කරලා තිබ්බොත් මම පාඩුවෙ ඉන්නෙත් නෑ හරිනේ.." මං එහෙම කිව්වෙ මාව බදාගෙන ඉන්න තියෝගෙ අතකට ඇඟිල්ලකිනුත් ඇනලා..  "Woah.. what a beautiful scene is this.. අම්මා වගේමයි දුවත්. කිසිම වෙනසක් නෑ.." එක පාරටම අපි දෙන්නගෙ පිටිපස්සෙන් ඇහුන කටහඬට තියෝ මගෙන් ඈත් උනෙත් මම ආපහු හැරිලා බැලුවෙත් එකටම වගේ.. ආහ්.. මෙයා ආයෙමත්.. මේ බාප්පා මොන තරහක් පිරිමහනවද මන්දා මගෙන්.. "Why.. any problem mr. Sihas.." (ඇයි.. ප්‍රශ්නයක් තියෙද මිස්ටර් සිහස්..) එදා මගෙන් ඇහුවා වගේම නක්කල් හිනාවකුත් දාගෙන ඒ වොයිස් එකෙන්ම මං එහෙම අහද්දි බාප්පගෙ මූණනම් ඇද වෙලා ගියා.. හුහ්.. හොඳම වැඩේ..   රවාගෙන ඔරවගෙන මගෙයි තියෝගෙයි දිහා බලන් ඉන්නවා.. "Ohh. My bad, I didn't introduce him.. Mr. Sihas. This is thio. He is the apple of my eyes.." (අපොයි.. මම එයාව අඳුන්වලා දුන්නෑනේ.. මේ තියෝ.. එයා තමයි මම කැමතිම පුද්ගලයා..) "I think it's not my cup of tea.. තමුන් හිතන් ඉන්නෙ මම පොට්ටයි කියලද සාංකේති. මගේ ක්ලාස් එකේ ළමයෙක්වම අඳුරගන්න බැරි වෙන්න.." හහ්.. මෙයාගෙ ලොකු ටෝක් ටික බලහල්ලකො.. "Oh really. ඒත් ඉතින් මං මේ කතා කරන්නේ ඔයාගෙ ක්ලාස් එකේ ස්ටුඩන්ට්ලා ගැන නෙවෙයිනේ.. මං කතා කරන්නෙ මගේ යාලුවෝ ගැන. මගෙ තාත්තගෙ මල්ලි විදියට ඔයා දැනගෙන ඉන්න එපැයි අනේ මේවා.. ඇරත් අපි එකම ගෙදරනෙ ඉන්නේ.. කවුද දන්නේ.. සමහරවිට දවසක තාත්තට මේවා කියන්න මට ඔයාගෙ උදවු ඕනෙ වෙයිද කියලා.." මං ආයෙමත් කට කොනකින් හිනාවක් දාගෙන එහෙම කියද්දි බාප්පා විතරක් නෙවෙයි තියෝත් මගේ දිහා බලන් හිටියෙ කට ඇරගෙන.. ඇයි ඉතින් මොන ලෝකෙද අනේ බාප්පෙකුයි දුවෙකුයි මෙහෙම හැසිරෙන්නේ.. "හහ්.. දැන්නම් ඒක හොඳටම පැහැදිලියි. තමුසෙත් තමුසෙගෙ අම්මා වගේම තමයි. කිසි ලැජ්ජාවක් නැති කිසිම නම්....." "Enough.. තව එක වචනයක්වත් මගේ අම්මා ගැනනම් ඔයා කතා කරන්න එපා.. මං ආයෙම කියන්නෙ මෙහෙම නෙවෙයි.. මගෙත් එක්ක ප්‍රශ්නයක් තියේනම් ඒකෙ තරහා මගෙන් පිරිමහගන්නවා. මගේ අම්මව ගාවගන්නෙ නැතුව.." "ඩෝල්.." මෙච්චර වෙලාවක් බොහොම අමාරුවෙන් කන්ට්‍රෝල් කරගෙන හිටපු මගේ කේන්තිය එක පාරටම පුපුරලා ගියේ මමවත් හිතුවෙ නැති තරම් සද්දෙකින් මට කෑගැස්සිලා.. මගේ සද්දෙ ඕනෙවටත් වඩා වැඩි උන හින්දමද කොහෙද තියෝ පිටිපස්සෙ ඉඳන් මගෙ අතින් අල්ලගත්තේ.. ඒත් අම්මව ඇදලා අරන් බාප්පා ඒවා මේවා කියද්දි මම හිටියෙ මගේ කේන්තියෙ උපරිම තැන.. මොකද්ද මෙයාට මගේ අම්මයි මායි එක්ක මෙච්චරටම තියෙන තරහා.. මං කොහොම උනත් මගේ අම්මා කාටවත් වැරැද්දක් කරන්නෙ නැති අහිංසක කෙනෙක්.. එහෙමයි හැමෝම කියන්නේ.. ඉතින් ඇයි මේ.. "මොකද.. ඒවා කියද්දි තරහා යනවද.. තමුන්ට.." "Shut up mr. Sihas. I said shut up. ඔයා මේ සතියට දෙකට දැක්කෙ මේ සාංකේතිගෙන් දශම ගානයි.. I'm warning you.. මීට පස්සෙ මගේ ඉස්සරහා මගේ අම්මා ගැන කතා කරද්දි දෙපාරක් හිතන්න.. මොකද මම කැමති නෑ මගේ පවුලෙ මිනිස්සුන්ට අත උස්සන්න.. හැබැයි.. මං කිසිම දෙයක් එක පාරකට වඩා ඉවසන්නෙත් නෑ." ආයෙම පාරක් බාප්පා ඇස් දෙකත් රතු කරගෙන කෑගහන්න හදද්දි මම අඩියක් දෙකක් ඉස්සරහට ඇවිදගෙන ගිහින් බාප්පා දිහාට නැවිලා එහෙම කිව්වෙ මේ වටේ පිටේ ඉන්න අයට විහිලුවක් වෙන්න ඕනෙ නැති නිසා.. ඒත් ඒ එක්කම... ..........................................................♡ අනේ මම ටිකක් බිසී ළමයි මේ ටිකේම... ඒකයි මෙහෙම පරක්කු වෙන්නේ.. මේ දවස් ටික පහු උනාම එහෙම වෙන්නෑ හොඳද.. ඊලඟ එපිය අරන් ආයෙත් එන්නම්.. ✍️ රාදි
❤️ 👍 9️⃣ 😒 🤎 42

Comments