
රාදි 🤎🍂
May 26, 2025 at 08:13 AM
"මොකද.. ඒවා කියද්දි තරහා යනවද.. තමුන්ට.."
"Shut up mr. Sihas. I said shut up. ඔයා මේ සතියට දෙකට දැක්කෙ මේ සාංකේතිගෙන් දශම ගානයි.. I'm warning you.. මීට පස්සෙ මගේ ඉස්සරහා මගේ අම්මා ගැන කතා කරද්දි දෙපාරක් හිතන්න.. මොකද මම කැමති නෑ මගේ පවුලෙ මිනිස්සුන්ට අත උස්සන්න.. හැබැයි.. මං කිසිම දෙයක් එක පාරකට වඩා ඉවසන්නෙත් නෑ."
ආයෙම පාරක් බාප්පා ඇස් දෙකත් රතු කරගෙන කෑගහන්න හදද්දි මම අඩියක් දෙකක් ඉස්සරහට ඇවිදගෙන ගිහින් බාප්පා දිහාට නැවිලා එහෙම කිව්වෙ මේ වටේ පිටේ ඉන්න අයට විහිලුවක් වෙන්න ඕනෙ නැති නිසා..
ඒත් ඒ එක්කම ඇස් දෙක හීනි කරගෙන හිටපු බාප්පා මගේ අතේ වැලමිට ලඟින් අල්ලලා මාව එයාගෙ දිහාට ඇදලා ගත්තු පාරටනම් මම විසි වෙලා ගියා..
"තමුසේ...."
ඒ නපුරු පාට ඇස් රතු කරගෙන විනාඩි ගානක්ම මුකුත් නොකියා මගේ දිහා බලන් හිටියෙ මම දඟලලා දඟලලා අත ගලවගන්න හදන විදිය ගානකටවත් නොගෙන..
ඒත් එක්කම පිටිපස්සෙන් ඇහුන නිකොලාගෙ සද්දෙට ගැස්සිලා ගිහින් මාව අතෑරලා දාපු බාප්පා මගේ දිහාට ඇඟිල්ලක් දික් කරේ තව මොනවහරි කියන්න..
ඒත් ඒ වෙලාවෙම තියෝ මැද්දට පැන්නෙ ජේසන් කෙවින් ලියම් තුන්කට්ටුව මෙතෙන්ට ආවොත් දැන් කිසිම හොඳක් නොවෙන බව දැනගෙනම වෙන්න ඇති..
"මිස්ටර් සිහස්.. මං හිතන්නෙ දැන් ඔයා ගියොත් හොඳයි. මේක කොලේජ් එකක්නේ.. You know what I'm saying.."
තියෝ පැනපු ගමන් එහෙම කිව්වම තියෝ දිහත් ටික වෙලාවක් බලාගෙන හිටපු බාප්පා ආයෙමත් මට රවාගෙන ඔරවගෙන එතනින් ගියේ මගේ දිහාට දික් කරපු අතත් මිට මොලවගෙන..
" Hay.. That's mr. Sihas. Isn't he."
(හේයි. ඒ මිස්ටර් සිහස් නේද..)
බාප්පා යනකොටම වගේ අපි ලඟට කඩාගෙන වැදුන ඇන්ඩ්‍රියා එහෙම ඇහුවෙ ඇස් දෙකත් ලොකු කරගෙන..
"Yeh.. That's him."
(ඔව් ඒ එයා.)
"But doll.. Do you know each other.. You guys seem very close.. But I didn't understand anything because you spoke in Sinhala.."
(ඒත් ඩෝල්. ඔයාලා එකිනෙකා අඳුරනවද. ඔයාලා ගොඩක් සමීපයි වගේනේ.. ඒත් මට මුකුත් තේරුනේනම් නෑ ඔයාලා සිංහලෙන් කතා කරපු නිසා..)
මං ඔනෑවට එපාවට ඇන්ඩ්‍රියාට උත්තර බඳිද්දි මගේ අතකිනුත් අල්ලගෙන කටත් ඇද කරගෙන එහෙම ඇහුවෙ නිකොලා..
නිකොලාගෙ ප්‍රශ්නෙත් එක්ක තියෝනම් මගේ දිහා බැලුවෙ කටත් ඇරගෙන..
ඇයි ඉතින් පොර දන්නෑනෙ අර යකා එක්ක තිබුන තරහට මම අපේ නෑදෑකම ගැන කාටවත් කියන්න එපා කියලා සාරට කිව්වා කියලා..
මේ වෙනකලුත් මුලු කොලේජ් එකෙන්ම ඕක දන්නෙ තියෝයි සාරයි විතරයි..
ඒත් එහෙමයි කියලා මෙහෙම ගොන් බූරුවෙක් වගේ මගේ දිහා බලන්න දෙයක් නෑනේ..
"Don't look at me like that, Theo. They don't know that."
(ඒ විදියට මගේ දිහා බලන්න එපා තියෝ. එයාලා ඒක දන්නෙ නෑ..)
"What don't we know.."
(අපි දන්නෙ නැත්තෙ මොනවද..)
"Umm.. Actually... he's my dad's brother.. He is staying at our place.."
(අම්ම්.. ඇත්තටම.. එයා මගේ තාත්තගෙ සහෝදරයා. එයා නැවතිලා ඉන්නෙ අපේ ගෙදර..)
"Wait.. Whaaaaaat."
මං මෝඩ හිනාවක් දාගෙන උත්තර දුන්නු සැනින් ඇන්ඩ්‍රියායි නිකොලායි දෙන්නම බෙරිහන් තියන්න ගත්තෙ නිකන් පිස්සු හැදිලා වගේ..
මේ මොකද අනේ මේ.. ඔය පොඩි දේට මෙච්චර කෑගහන්නෙ ඇයි..
"Why did you hide such a big secret from us Doll.. uuuuuuuh.."
(ඇයි ඔයා එච්චර ලොකු රහසක් අපෙන් හැංගුවේ ඩෝල්..)
ඒ පාර බෙරිහන් දෙනවා මදිවට ඇන්ඩ්‍රියා ඇවිත් මාව දෙපැත්තෙන් හොලවනවා.. නිකොලාට ජබර කලන්තෙ හැදිලද මන්දා..
"What the f$ck. Such a big secret.."
මුන්ට පිස්සුද.. ලොකු රහසක්.. මොකද්ද යකෝ ලොකු රහස..
හරියට නිකන් කොලේජ් එකේ ළමයින්ගෙ පවුලෙ අය මේකෙ උගන්නලා නෑ වගේ..
"Oh my god.. our handsome sexy coach and doll are relatives. I can't beleve this."
(අනේ මගෙ දෙයියනේ.. අපේ හැන්ඩ්සම් සෙක්සි කෝචුයි ඩෝලුයි නෑදෑයෝ. මටනම් මේක විශ්වාස කරන්නත් බෑ..)
මේ මොන විකාරයක්ද මේ.. මුන්ටනම් පිස්සු..
"oh my god , oh my god.. look. He is back."
(බලන්න. එයා ආපහු එනවා)
ඒ අස්සෙ නිකොලා ආයෙම බෙරිහන් දෙද්දි අපි කට්ටියගෙම අවදානෙ නිකොලා බලන් හිටපු දිහාට හැරුනා..
ඇත්ත තමයි..
තවත් ප්‍රොෆෙසර් කෙනෙක් එක්ක කතා කර කර බාප්පා ග්‍රවුන්ඩ් එක ඉස්සරහා පාරෙන් අනික් පැත්තට යනවා..
ඒ උනාට මුන් මොකටද මෙච්චර මැරෙන්නෙ මේ..
" that's true baby.. He's very handsome. That birthmark near his Adam's apple... ohh.. it's very sexy."
ලියම්.. ඒ පාර එයත්..
මගේ කර වටේට අතකුත් දාගෙන යටි තොලත් ලාවට හපාගෙන එහෙම කියන ලියම් දිහා මං බැලුවෙ ඇස් දෙකත් ලොකු කරගෙන..
හරි.. ඇත්ත. ලියම් ගෑණුළමයින්ට කැමති නෑ. එයා ගේ තමයි. ඒ උනාට.. මේ යක්ෂයා..
හෙහ්.. හැබැයි කියන්නත් බෑ.. මෙයත් කෙල්ලෙක් දිහා ඇහැක්වත් ඇරලා බලන්නෑනෙ..
ඌප්ස්.. අර එදා අපට අප හිමි නෑ කිව්වෙ ඒකද දන්නෑ..
අපොයි අපොයි.. හැබැයි නෑ.. එහෙම වෙන්නත් බෑ..
ඒ කොහොම උනත් මං කැමති නෑ මගේ යාලුවෝ කවුරුවත් මේ හිතක් පපුවක් නැති යක්ෂයාව ක්‍රශ් එකක් කරගන්නවට..
ඒ ඇන්ඩ්‍රියා හරි නිකොලා හරි උනත්.. එහෙම නැත්තන් ලියම් උනත්..
මේ සංකි ඒකනම් වෙන්න දෙන්නෑ..
"Stop it, Liam. Don't look at him like that.. he is a handsome devil. Forget about that shit.. and you two too.."
(නවත්තගන්න ලියම්. එයා දිහා ඒ විදියට බලන්න එපා.. එයා කඩවසම් යක්ෂයෙක්. ඔය මගුල අමතක කරලා දාන්න. ඒ වගේම ඔයාලා දෙන්නත්..)
"Ahhh ok ok. Just for fun baby. Anyway doll. How old is he.."
(හරි හරි. විනෝදෙට බැලුවේ.. ඒක නෙවෙයි ඩෝල්. එයාගෙ වයස කීයද..)
මං රවාගෙන ඔරවගෙන එහෙම කියපු හින්දා තව ටිකකින් ගුටිකන්න වෙන බව දැනගෙනම තමයි ඔය මං ඉඳගෙන හිටපු තැනට ඇවිත් බටර් පාර ගාන ගමන් ඇන්ඩ්‍රියා එහෙම ඇහුවෙ..
"He's 28"
"Whaaaaaaat.."
ඔය ඉතින්.. ආයෙ කන අස්සෙ බෙරිහන් දෙනවා..
හරියට නිකන් පිස්සෙක් වගේ..
"Yeh. I know. He is young. And handsome..."
(ඔව් මම දන්නවා. එයා තරුණයි. ඒ වගේම හැන්ඩ්සම්.)
ඇන්ඩ්‍රියා බෙරිහන් දීලා ඉවර උනාම මම ආයෙමත් කතා කරන්න ගත්තේ කම්මුලකට අතකුත් තියාගෙන ඈතින් පේන බාප්පගෙ රූපෙ දිහාම බලාගෙන ලාවට හිනාවෙන ගමන්..
මොනවා උනත් ඇත්ත කතා කරන්න එපැයි මං..
නපුරු පාට ඇස්.. ඝන ඇහිබැම.. දිග ඇහිපිහාටු.. රෝස පාට තොල්.. ගානට හදපු ඇඟ... අර මුන් හැම වෙලාවෙම කියවන ඇඩම්ස් ඇපල් එකට පහලින් බෙල්ලෙ තියෙන බර්ත්මාක් එක..
ඇයි අර ඉඳලා හිටලා දාන පිස්සු හැදිලා ආයෙත් හැදෙන හිනාව.. ඒකටනම් ඕනෙ එකෙක් වශී වෙනවා..
අනික් අතට ඉතින් එයා හැන්ඩ්සම් නොවී කොහොමද.. මොනා උනත් ශවී බෝයිගෙ මල්ලි බබානේ මේ.. පෙරේරා පවුලෙ කොල්ලො කවදත් හැන්ඩ්සම් තමයි..
තුන්වෙනි පරම්පරාවට මෙච්චර සෙම්සි බනිස් ගෙඩියක් වගේ කෙල්ලෙක් ඉන්න පවුලෙ දෙවනි පරම්පරාවෙ කොල්ලො එහෙම නොවී තියෙයිද..
"But he is our coach. And also my uncle. Please show some respect gyes."
(ඒත් එයා අපේ කෝච්.. ඒ වගේම මගේ බාප්පා.. ඒක නිසා පොඩ්ඩක් හරි ගරු කරන්න..)
ඔය මොනවා තිබ්බත් ඔය යකාගෙ පණ්ඩිතකම වැඩී..
එතකොට අර සේරම ඉවරයි...
මෙච්චර වෙලා බාප්පගෙ රූපෙ ලඟ නවත්තගෙන හිටපු ඇස් සෙට් එක ලඟට ගෙනැල්ලා ඔරවගෙන කටත් ඇද කරගෙන මං එහෙම කිව්වෙ ඒකයි..
"Ok. Ok. That's enough. Doll.. Let's go. Come here. Theo. Come here.."
(හරි හරි. ඒ ඇති. ඩෝල්. අපි යං.. තියෝ. මෙහෙ එන්න..)
මමවත් අනික් උන්වත් මොනවහරි කියන්න කලින් මැද්දට පැනලා සාරා එහෙම කිව්වෙ මගේ මූණෙන් පෙනුන සබ්ටයිට්ල් ටිකේ කිසිම සුහද බවක් ගෑවිලා තිබ්බෙ නැති හින්දා වෙන්න ඇති මෙලහකට..
කොහොමත් මම මල විකාර එපා කරපු මූඩ් එකක හිටපු හින්දා සේරම දාලා කට්ටියටම ටටා බායි කියලා මම තියෝයි සාරායි එක්ක ආපහු ගෙදර එන්න ආවා..
ඇත්තටම ඒ යන අතරමගදි තමයි මට මෙච්චර වෙලාවක් අමතක වෙලා තිබ්බ ඒවා මතක් උනේ..
"අනේ දෙයියනේ මගෙ ප්‍රොජෙක්ට් එක.."
අර කුම්භාණ්ඩ නරපණුවා නිසා මට නැති උනේ මගෙ ප්‍රොජෙක්ට් එක කරගන්න තිබුන වෙලාව නේද..
"මොකද ඩෝල් කෑගහන්නේ.."
"කෑගහන්නේ.. කෑගහන්නෙ මට වෙන කරන්න දෙයක් නැති හින්දා.. තමුසෙ හින්දා තමයි තියෝ මේ සේරම. අච්චර වැඩ අස්සෙ තමුසෙ මාව ග්‍රවුන්ඩ් එකට ඇදගෙන ගියේ නැත්තන් මේ කිසි දෙයක් නෑනේ.. මට අර උද්දච්ච බාප්පා එක්ක රණ්ඩු වෙන්න වෙන්නෙත් නෑ.. දෙයියනේ.. දැන් ඉතින් මුලු රෑම ඇහැරගෙන හිටියත් ප්‍රොජෙක්ට් එකනම් ඉවර කරගන්න හම්බෙන්නෑ.."
මං පොඩි එකෙක් වගේ බෙරිහන් දෙන ගමන් අත මිට මොලවලා තියෝට ගහන්න ගත්තෙ ඉන්නෙ පාරෙ කියලත් අමතක කරලා..
තියෝ මගෙ අත් දෙක එහාට කර කර බේරෙන්න මාර ගේමක් දෙන්නෙ.. ඊට හපන් සාරා.. මාව නවත්තන්න පුදුම කට්ටක් කනවා..
පාරෙ මිනිස්සුත් අපි දිහා බල බල යන්නෙ අමුතුවට.. ඇයි ඉතින් පිස්සො වගේ මෙතන ගහගන්නවනේ...
ඒත් ඒක නෙවෙයිනෙ දැන් මෙතන ප්‍රශ්නේ..
ඇයි දෙයියනේ.. දැන් කොහොමද හෙට වෙද්දි ප්‍රොජෙක්ට් එක සබ්මිට් කරන්නේ.. ප්‍රසන්ටේෂන් එක කරන්නත් ඕනෙ ගිහින්..
"අයියෝ ඩෝල්. Stop it.."
"ඩෝල් ඩෝල්. ආහ්.. ගහන්න එපා ගෑණියේ.. ඔය.. ආයි.. ඩෝල්.. මේ කියන එක.. ඌහ්හ්.. බඩට ගහන්න එපා යකෝ.. ඇයි කොනිත්තන්නෙ.. කියන එක අහලා හිටපන්. ප්‍රොජෙක්ට් එක... ආයී.. හූරන්න එපා.. ඒක කරලා ඉවරයි යක්ෂණියේ..."
එක පාරට මගෙන් බේරෙන්න දඟල දඟල එහෙම කියද්දි මගෙ තරහා තවත් ඇවිස්සුනා..
"ඉවරයි.. අනේ මේ.. මගෙන් අහගන්න එපා.."
එහෙම කියාගෙනම මම ආයෙම අත ඉස්සුවෙ තව දෙතුන් පාරක් තියෝගෙ හොම්බට අනින්න..
ඒත් ඉතින් මේ පාර තියෝ මට කලින්ම ක්‍රියාත්මක උනා..
මගේ අත් දෙකම එක මිටකට අල්ලලා අපි දෙන්නා අතරෙ පරතරයක් නැති වෙන ගානටම මාව ඒ යකාගෙ දිහාට ඇදලා ගත්තෙ හරියට පුලුන් ගොඩක් අදිනවා වගේ.. ඔක්කොමත් හරි මේ අල්ලගෙන ඉන්න විදියට මට හෙල්ලෙන්නවත් බෑ..
"මොහ්.. මේ.. මොකද.."
"දෙයක් කියද්දි මුරණ්ඩුකමයි පණ්ඩිතකමයි අතෑරලා ඒ කියන එක අහලා ඉන්නවා ඩෝල්. ඇත්තටම ඒක කරලා ඉවරයි.. ඔයාට ඒක බලලා සබ්මිට් කරන්න විතරයි තියෙන්නේ.."
ඒ පාර තියෝ ඒක කිව්වෙ බොහොම නිවුන කටහඬකින්..
"මොහ්.. are you serious.."
"Yeh baby.. it almost done. මම ඔයා හදපු ප්ලෑන් එකේ විදියට වැඩ ටික ඉවර කරලා තියෙන්නෙ. ප්‍රසන්ටේෂන් එකත් එක්කම. ඔයාට සැටිස්නම් අපිට දැන් උනත් සබ්මිට් කරන්න පුලුවන්.."
තියෝ එහෙම කියද්දි මගෙ ඇස් නලලට ගිහින් කටත් ඇරුනෙ ඉබේටම වගේ...
"ම්.. මෙහ්.. ඒකද ඔයා.."
" oh honey.. මං කිව්වෙ නැද්ද ඔයාට.. ස්ට්‍රෙස් වෙන්න එපා කියලා . ම්ම්ම්.."
මෙච්චර වෙලා මාව අල්ලගෙන හිටපු අතක් මගෙ මූණ ලඟට ගෙනත් ඇඟිල්ලකින් මගේ කම්මුලට තට්ටු දාන ගමන් තියෝ එහෙම ඇහුවෙ ලස්සන හිනාවකුත් මූණෙ තියාගෙන..
ආහ්හ්.. අනේ දෙයියනේ..
මෙච්චර වෙලාවක් මං මේ මනුස්සයට ඇලිලා නේද හිටියෙ මෙතන..
කොහොමද යකෝ මට ඒක අමතක උනේ..
"ඒයි ඒයි.. එහාට වෙන්නයි කිව්වෙ. අතාරිනවා මාව.."
මං මහ හයියෙන් එහෙම කියලා කෑගහන ගමන් තියෝව අත් දෙකෙන්ම පිටිපස්සට තල්ලු කරා..
සෑහ්.. ජාත්‍යන්තර මට්ටමේ විලි ලැජ්ජාවක්නෙ යකෝ ඒ උනේ..
ඒ අස්සෙ සාරා ඇස් උඩ තියාගෙන කටත් ඇරගෙන තාමත් ගල් වෙලා වගේ බලන් ඉන්නවා..
අනේ දෙයියනේ.. මෙහෙමත් ලැජ්ජාවක්..
මං හයියෙන්ම මගේ නලලට පාරක් ගහගත්තෙ මේ තරම් අසිහියක් මට ආවෙ කොහෙන්ද කියලා කල්පනා කරන ගමන්මයි..
"Oh shit. සාරා.. මෙහෙ එනවා යන්න.. අදනම් මහ එපාම කරපු දවසක්.. ආහ්හ්.."
තාමත් ගල් වෙලා උඩ බලන් ඉන්න සාරවත් ඇදගෙන ලැජ්ජාවට නලියට කම්මුලක් අනික් අතෙන් වහගෙන මම එතනින් එහාට දුවගෙන ගියේ තියෝ හිටපු තැනම ඉඳන් හයියෙන්ම හිනා වෙන සද්දෙ ඇහුනෙවත් නැති ගානට..
..........................................................♡
"සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිද ඔබ දෙස බලන්නම්
ලංව ඉන්නට බෑ ඔබේ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි....."
"Woah.. what a beautiful song girl.."
(වාව්.. මොන තරම් ලස්සන සින්දුවක්ද..)
අනේ අනේ ඉතින්.. මේ තරම් පිනක්..
දවසෙ තියෙන විකාර එපා කරපු වැඩ ටික සේරම ඉවර වෙලා දෙයියනේ කියලා පොඩ්ඩක් නිදහසේ ඉන්න හැදුවා විතරයි..
මගේ ලස්සන හැන්දෑ වරු කාබාසිනියා කරලා නැති නාස්ති කරලා දාන්න මේ සාරාට පුදුම හැකියාවක්නෙ තියෙන්නෙ..
සින්දුව මැද්දෙන්ම ගොන් හරකෙක් වගේ කඩන් පැනපු හැටි විතරක්..
තූ තූ තූ..
කොහෙන් ආව හැකියාවල්ද මන්දා මේවා.. මට නිදහසේ පාඩුවෙ ඉන්න දෙන්නෙම නෑනේ මේ හොල්මන..
කොටින්ම කිව්වොත් මගේ ජීවිතේ කියන හිස් සිවිලිමේ හැමතිස්සෙම එහෙට මෙහෙට දුවන කලවැද්දා තමයි මේ සාරා..
"What the f$ck Saraah. Why are you here. You ruined my song. And my mood too.."
( මොන මගුලක්ද සාරා.. ඇයි ඔයා මෙහෙ. ඔයා මගේ සින්දුව විනාස කරා.. ඒ වගේම මගේ මූඩ් එකත්..)
නිහඬ නිස්කලංක ලස්සන හවසක් කිසිම හේතුවක් නැතුව විනාස කරලා දාපු තරහටත් එක්කමයි මං කෑගැහුවෙ..
ඒත් මං ආපහු කටත් ඇරගෙන සාරා දිහා බැලුවෙ ඒ හොල්මන ඊලඟට කියපු මෙලෝ අපබ්‍රංසයක් මට තේරුම් ගන්න බැරි උන නිසා..
"Oh my bad. But I've never heard it before. ම්ම්ම් ම්ම්ම්ම්ම්.. අපට අප හිමි නෑ ලොවේ.. කාටද කාටද.. ශෝනාට කවි ලියන සිත්ටද මේවා කියන්නෙ ඉතින්.. ආහ් ආහ්.."
පාඩුවෙ ඉඳගෙන හිටපු මගේ අතකට ඇඟිල්ලකිනුත් ඇන ඇන පිස්සියෙක් වගේ කියව කියව හිනාවෙවී සාරා මේ දඟලන දැඟලිල්ලට තව ටිකෙන් මම ඉඳගෙන හිටපු පුටුවෙනුත් බිම..
ඒත් මොනවද මෙයා මේ කියවන්නේ..
ශෝනාට කවි ලියන සිත්.. ඒ මොකෙද්ද ඒ..
"මොනාද ඕයි මේ කියවන්නෙ. කියන එකක් තේරෙන්න කියහන්කෝ.."
මං ආයෙමත් කට අනිත්පැත්ත පෙරලගෙන එහෙම කිව්වෙ ඒකමයි..
ඒ පාර මුකුත් නොකියා කිරිමැටි ගිලපු කිඹුලි වගේ මගේ දිහා බලන් ඉන්නවා..
"ඕයි සාරා.. I'm talking to you.. don't you here me."
(මම ඔයාටයි කතා කරන්නේ.. ඇහෙන්නැද්ද..)
මං අතකිනුත් අල්ලලා හොලව හොලව එහෙම කියද්දි මෙන්න මේකි හිනා වෙනවා..
"Awww doll. Look how cute when you are mad at me.. oooooh. But it seems like.. you don't know anything about sith. Mmm.. here. Take a look."
(අව්ව්ව් ඩෝල්. බලන්න ඔයා මගෙත් එක්ක තරහා ගත්ත වෙලාවට මොන තරම්නම් කියුට්ද කියලා.. ඕහ්හ්හ්හ්. හැබැයි පේන විදියට.. ඔයා සිත් ගැන කිසි දෙයක් දන්නෑ වගේ.. ම්ම්ම්ම්.. මෙන්න බලන්න..)
එහෙම කියාගෙන එයාගෙ අත් දෙකෙන් මගේ කම්මුල් දෙක තැලෙන්න තරම් පොඩි කරලා හිනාවෙන ගමන් සාරා මට එයාගෙ ෆෝන් එක දුන්නෙනම් හරි සීරියස් මූඩ් එකකින්..
මං ආයෙම පාරක් සාරා දිහාත් බලලා ආපහු මගෙ අතේ තිබුන ෆෝන් එක දිහා බැලුවෙ මේ මොන පිස්සුවක්ද කියලා තේරුම් ගන්න බැරි නිසා..
සාරා ඕපන් කරන් හිටියෙ ශෝනා පේජ් එක..
අයි මීන් රයිටර් ශෝනාගෙ පේජ් එක..
ඒකත් තව පේජ් එකකින් මගේ පේජ් එක මෙන්ශන් කරලා දාපු පෝස්ට් එකක්..
කිසි දෙයක් තේරුම් ගන්න බැරි තැන මම ආයෙම සාරාගෙ මූණ දිහා බැලුවෙ මේක මට දුන්නෙ ඇයි කියලා අහන්න වගේ..
"ඕක කියවලා බලන්නකෝ.."
ඇස් වලිනුත් ෆෝන් එක පෙන්නන ගමන් සාරා එහෙම කිව්වම මම ආයෙමත් මගේ ඇස් දෙක ෆෝන් එක පැත්තට හැරෙව්වා..
හැම රෑකම මගේ නින්ද උබ ඇවිත් හොරකම් කරනකොට..
ඒ ඇයි කියලා තේරුම් ගන්න බැරුව මං වද උනා..
දවසක් දවසක් ගානෙ ඔය ඇස් වල දිස්නෙට මාව පිච්චෙනකොට..
මං උබේ ඇස් නොපෙනෙන්නෙ හැංගුනා..
ඒත් තවත් මට උබේ ඇස් වලින් හැංගෙන්න බැරි දවසක් ආව බව තේරුනාම..
දන්නවද මං දැන් ඔය ඇස් දිහා බලන් ඉන්නවා..
මගෙ ප්‍රේමි..
මගේ ඇස් වල තියෙන කතාව උබේ ඇස් වල නැති වගත් මං දන්නවා..
තාමත් කාගෙවත් වෙනුවෙන් නොලියවුන කතාව වෙන කෙනෙක්ට අයිති වෙයිදෝ කියලත් මගේ හිත කියනවා..
මගෙ බෝනික්කි..
දවසක උබව මගෙන් ඈතටම ගිලිහිලා ගියත්..
දන්නවද මං එදාටත් උබට මේ වගේම ආදරේ කරනවා..
~ සිත් ~
එච්චරයි.. ඒකෙ තිබුනෙ ඒ වචන ටික විතරමයි..
ඒත් දෙයියනේ.. ඇයි මගෙ ඇස් වලට කඳුලු පිරෙන්නෙ.. ඇයි මගේ පපුව හිරවෙනවා වගේ දැනෙන්නෙ..
ඒ මුලු පේජ් එකටම තියෙන්නෙ පැයකට කලින් දාපු ඒ පෝස්ට් එකයි තව පෝස්ට් දෙක තුනකුයි විතරයි..
සිත්.. කවුද මේ සිත්.. ඇයි එයා මේකට මාව මෙන්ශන් කරලා තියෙන්නෙ..
දැනටමත් මගේ රීඩර්ස්ලා ටික මාර විදියට කලබල වෙලා.. එයාලා හෝ ගාලා මේ සිත් කවුද කියලා හොයනවා..
ඒ එක්කම අහම්බෙන් වගේ මගේ ඇස් වලට අහු උනේ...
..........................................................♡
මෙච්චර පරක්කු උනාට සමාවෙන්න හරිද.. මගේ ෆෝන් එක ටිකක් මරණ මංචකේට ලං වෙලා තියෙන්නෙ මේ දවස් වල..
අනික් එක.. මගෙ මූඩ් එක අවුල්.. මං කියන්නෙ ළමයි.. මං ලියන්නෑ. මට ඉබේ ලියවෙන්න ඕනෙ. එහෙම නොවී බලෙන් ලියන වෙලාවට මගේ වචන මටම සෙට් නෑ.. ඔයාලට කියන්න මේ එපිය මම ලිව්වෙ මැයි 17 වෙනිදා ඉඳන්.. ඉතින් දෙයියනේ කියලා මගෙ හිත හැදෙන්න මොනාහරි කියන් යන්න පොඩ්ඩක්..
ඊලඟ එපිය අරන් එන්නම්..
✍️ රාදි
❤️
♥
💗
🔜
🤎
43