රාදි 🤎🍂
රාදි 🤎🍂
May 30, 2025 at 12:32 PM
හැම රෑකම මගේ නින්ද උබ ඇවිත් හොරකම් කරනකොට.. ඒ ඇයි කියලා තේරුම් ගන්න බැරුව මං වද උනා.. දවසක් දවසක් ගානෙ ඔය ඇස් වල දිස්නෙට මාව පිච්චෙනකොට.. මං උබේ ඇස් නොපෙනෙන්නෙ හැංගුනා.. ඒත් තවත් මට උබේ ඇස් වලින් හැංගෙන්න බැරි දවසක් ආව බව තේරුනාම.. දන්නවද මං දැන් ඔය ඇස් දිහා බලන් ඉන්නවා.. මගෙ ප්‍රේමි.. මගේ ඇස් වල තියෙන කතාව උබේ ඇස් වල නැති වගත් මං දන්නවා.. තාමත් කාගෙවත් වෙනුවෙන් නොලියවුන කතාව වෙන කෙනෙක්ට අයිති වෙයිදෝ කියලත් මගේ හිත කියනවා.. මගෙ බෝනික්කි.. දවසක උබව මගෙන් ඈතටම ගිලිහිලා ගියත්.. දන්නවද මං එදාටත් උබට මේ වගේම ආදරේ කරනවා.. ~ සිත් ~ එච්චරයි.. ඒකෙ තිබුනෙ ඒ වචන ටික විතරමයි.. ඒත් දෙයියනේ.. ඇයි මගෙ ඇස් වලට කඳුලු පිරෙන්නෙ.. ඇයි මගේ පපුව හිරවෙනවා වගේ දැනෙන්නෙ.. ඒ මුලු පේජ් එකටම තියෙන්නෙ පැයකට කලින් දාපු ඒ පෝස්ට් එකයි තව පෝස්ට් දෙක තුනකුයි විතරයි.. සිත්.. කවුද මේ සිත්.. ඇයි එයා මේකට මාව මෙන්ශන් කරලා තියෙන්නෙ.. දැනටමත් මගේ රීඩර්ස්ලා ටික මාර විදියට කලබල වෙලා.. එයාලා හෝ ගාලා මේ සිත් කවුද කියලා හොයනවා.. ඒ එක්කම අහම්බෙන් වගේ මගේ ඇස් වලට අහු උනේ පේජ් එකේ නමට යටින් තිබුන වචන ටික.. To my beloved girl Shonaa ඒ වචන ටිකටනම් මගේ ඇස් ඉබේටම ලොකු වෙන්න ඇති.. මොනවද දෙයියනේ මේ මම දකින්නෙ.. කවුද මේ මට කවි ලියන්නේ.. ඒත් ඒ ලියන්නෙ මටද.. නැත්තන් කවුරුවත් දැකලා නැති ශෝනාටද.. "Hay.. You got stuck, didn't you.. ඔයාට කියන්න ඩෝල් ඕක දැක්කම මාත් ඔය විදියටම හිර උනා.. But who could this be.." (හේයි ඔයා හිර උනා නේද.. ඔයාට කියන්න ඩෝල් ඕක දැක්කම මාත් ඔය විදියටම හිර උනා.. ඒත් මේ කවුරු වෙන්න පුලුවන්ද..) මගේ ලඟම පුටුවෙන් ඉඳගත්තු සාරා එහෙම අහන්නෙ පුටු ඇන්දට වැලමිට තියාගත්තු අත කම්මුලේ තියාගන්න ගමන්.. "Take it easy girl. ඔහොම නමක් නැතුව කවි ලියන ඕනෙ තරම් අය ඉන්නේ.. වෙන එකක් තියා මාත් එහෙමනේ.." මේක අමුතුයි කියලා හිත කොච්චර කිව්වත් මම ඒක ගණන් නොගන්න තාලෙට එහෙම කිව්වෙ ෆෝන් එකත් ආපහු සාරගෙ අතටම දීලා.. "No... No... No... මේ වචන මේ එහෙම ආවට ගියාට ලියපුවා නෙවෙයි. කෙලින්ම ළිඳ පතුලෙන්ම ආව ආදරණීය වචන.." "What.. ළිඳ පතුලෙන්.. oh god.. ළිඳ පතුලෙන් නෙවෙයි යකෝ හද පතුලෙන්.. හද පතුලෙන්.. අනික හද පතුලෙන් නෙවෙයි මොන පතුලෙන් ආවත් ගණන් ගන්න එපා.. එයා ඒ කවි ලියලා තියෙන්නෙ ශෝනාට.. ඒ කියන්නේ.. එයා ඇත්තටම ආදරෙයිනම් ආදරේ ශෝනාට.. ඉතින් මොකද.. ශෝනා කියන්නෙ කවුද කියලා කවුරුත් දන්නෙ නෑ.. දැනගන්නෙත් නෑ.. මොකද ශෝනා කියන්නෙ සාංකේති නෙවෙයි.. අනික කවුද දන්නෙ මේක කාගෙහරි ආතල් එකක්ද කියලා.." "නෑ ඩෝල්.. මේක එහෙම එකක් නෙවෙයි.. මේක ලියලා තියෙන්නෙ ශෝනාව හොඳටම දන්න කෙනෙක්.. හැබැයි ඒක ලියලා තියෙන්නෙ ශෝනාට නෙවෙයි සාංකේතිට.. look.. මගෙ බෝනික්කි.. ඔයාට එහෙම කියන්නෙ ඔයාව හොඳටම දන්න අය විතරයි ඩෝල්.." මම ගණන් ගත්තෙ නැති විදියට රඟපෑවට සාරානම් මේක සීරියස්ම අරන්.. එක අතකට ඒකත් ඇත්ත.. ශෝනාට බෝනික්කි කියලා කතා කරන එක අහම්බෙන් උන දෙයක් කියලා හිතන්න අමාරුයිනෙ.. ඒ කියන්නෙ මේක සංකිව හොඳටම දන්න කෙනෙක් ලියපු එකක්.. ඒත් කවුද.. "ආශ්.. මොනා උනත් මාරම ආදරේකින් ඒක ලියලා තියෙන්නෙ ඈ.." ඒ පාර සාරා කින්ඩි හිනාවක් දාගෙන එහෙම කියනවා.. මාත් හැදුවෙ ඒ ජාතියෙම හිනාවක් දාගෙන ඒකට උත්තර දෙන්න.. "අන්න ඒකනෙ ඕයි කියන්නෙ. ඕක මට ලියපු එකක් නෙවෙයි.. මේ මට ඔය කියන විදියට ආදරේ කරන එකෙක් කොහෙද ඉන්.........." කොහොම පටන් ගත්තත් අන්තිම ටික කියද්දි මගේ වචන නැවතිලා ගියේ දෙයක් මතක් වෙලා... ඒ පුදුමෙටම මම ඇස් ලොකු කරන් සාරා දිහා බලද්දි සාරාත් ඒ විදියටම මගේ දිහා බලාගෙන.. "තියෝ............" ඇති හයියෙන් අපි දෙන්නටම ඒක කියවුනේ එකම වෙලාවක.. "No.. No.. Never.. එහෙම වෙන්න බෑ සාරා.. මේ තියෝ වෙන්න බෑ.. අනික මේකෙ නම තියෙන්නෙත් සිත් කියලනේ.. impossible.." මං ඔලුවටත් හයියෙන් පාරක් ගහගන්න ගමන් එහෙම කිව්වෙ ඇත්තටම.. මට මොන විකාරද මේ හිතෙන්නේ..  "Why Not.. Don't you remember girl. තියෝගෙ ෆුල් නේම් එක තියෝ සිත්නුජ ඇන්ඩර්සන්.. සිත්නුජ.. සිත්නුජ.. සිත්.. හිතන්න ඩෝල් හිතන්න. ඒක වෙන්න බැරි නෑ.." සිරාවටම.. සාරා පණ්ඩිතයෙක් වගේ එහෙම කියව කියව ඇඟිල්ලකින් මගෙ ඔලුවටත් අනිනවා.. ඒත්.. ඇත්තටම ඒ තියෝද.. ඒත් ඉතින් එයා කොහොමද දන්නෙ ශෝනා කියන්නෙ මම කියලා.. මං කියන්නෙ ශවී බෝයිවත් ඒක දන්නෑනෙ.. අනික් එක.. ඇයි එයාට බැරි ඕවා මට කෙලින් කියන්න.. අහ්.. හැබැයි කෙලින් කිව්වට මම අහන්නෙත් නෑනෙ නේද.. හෙහ්.. ඒ උනාට.. කොහොමද දෙයියනේ මේක කන්ෆර්ම් කරගන්නේ.. මාර පිස්සුවක් උනානේ මේක දැන්.. "ආව් ආව්ව්ව්.. පේන විදියටනම් කවිය බොක්කටම වැදිලා වගේ කෙල්ලට.. ම්ම්ම්ම්ම්ම්... හොඳයි හොඳයි. ඔහොම යමුකෝ.." ආහ්හ්.. මට අමතක උනානෙ මේ මෝඩ ඇටිකිකිලි මෙතන කියලා... කවිය ගැන හිත හිත මම මනෝපාර ගහන ටිකට මේ ගෙමිබි මගේ මූණටම එබීගෙන මහ කැත විදියට හිනා වෙනවා.. "මං කියන්නෑ ඉතින්. අහකට වෙනවා සාරා.." "ඌප්ස්.. හරි හරි.. ඒක නෙවෙයි. අද හවස තියෙන පාටි එකට DJ ශෝනා රෙඩිද.." සාරා එහෙම අහන්නෙ මූඩ් එක සම්පූර්ණෙන්ම වෙනස් කරගෙන මාර විදියට චිල් වොයිස් එකකින්.. ඉතින් මාත් ඒ චිල් එකෙන්ම සාරාට උත්තර බැන්දා.. " Definitely girl.." "ඒත් ඩෝල්. ඔයාට තිබුනෙ ඒ ඉන්විටේෂන් එක රිජෙක්ට් කරන්න. ඒ අපේ කොලේජ් එක ඕයි... කවුරුහරි ඔයාව අඳුරගත්තොත් අපේ සමාජෙ කලඹන ෆුල් ප්ලෑන් එකම වතුරෙනේ.." "ආහ්හ්.. relax girl. ඔච්චර හිතන්න එපා සාරා.. එහෙම වෙන්නෙ නෑ.. ඔන්න බලන්නකෝ.." සාරාගෙ කම්මුල් දෙකෙන්ම අල්ලලා දෙපැත්තට අදින ගමන් එහෙම කියලා මම ගිටාර් එකත් අරන් මගේ රූම් එකට පැන්නේ හවසට යන්න ලෑස්ති වෙන්නත් ඕනෙ නිසා.. ඔව් ඔව්ව්. පාටි එකක්.. අපේ කොලේජ් එකේ පාටි එකක්.. අපිට උඩ බැජ් එකක සෙට් එකකගෙ.. ඒකයි ඉතින් මං ඉන්විටේෂන් බාරගත්තෙ.. මොකද එයාලත් එක්ක අපිට ඉතින් වැඩි ඇයි හොඳයියක් නෑනේ.. කොලේජ් එකේ පාටි එකක් කියලා කලින්ම ශවී බෝයිගෙන්නම් පර්මිෂන් ගත්තා.. දැන් ඉතින් ලෑස්තිවිල්ලක් තමා තියෙන්නේ.. වෙනසකටත් එක්ක..... අද ගවුමක්.. ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්... හීනි අත් පටි එක්ක වී ශේප් කරක් තියෙන චූටි කොට රතු පාට ගවුමක්.. ගවුමට උඩින් දිලිසෙන ගෝල්ඩ් කලර් ජැකට් එකක් දාගත්තා.. ගෝල්ඩ් කලර්ම පොයින්ටඩ් හීල්ස් දෙකක් දාගත්තා.. කොණ්ඩෙ තදට හිටින්න උඩට පීරලා උඩින්ම පෝනිටේල් එකක් දැම්මා.. ෆොක්ස් අයිලයිනර් එකක් ඇඳලා අයි මේකප් එකත් ඉවර කරලා පෙනුනත් එකයි නැතත් එකයි කියලා රෙඩ් ලිප්ස්ටික් එකෙන් ගාගත්තා..  "Woah.. look at this sexy girl.. ගිනි ගින්දර වගේ අදනම් හොඳේ.. ඌහ්හ්හ්. සුරංගනාවියක් බිමට බැහැලා වගේ ඩෝල්.. අර කොල්ලො ටිකට පිස්සු හැදිලා ආයෙත් හැදෙයි අදනම්.." ලෑස්ති වෙලා ඉවර වෙද්දිම රූම් එකට පැනපු සාරා බෝනික්කෙක් වගේ මාව එහෙට මෙහෙට හරව හරව පිස්සු කියවනවා.. "බටර් ගාන එක නවත්තනවා සාරා.. පරක්කුයි. Hurry up.." එහෙම කියාගෙන මම ටක් ගාලා එලියට පැන්නෙ තවත් මේ හොල්මන මාව දෙපැත්තට හොලවන්න ගියොත් මගෙ කෑලි ගැලවිලා වැටෙයි කියලා බයට.. ඔන්න ඉතින් අපි ලෑස්ති වෙලා  යද්දි ශවී බෝයි ඉන්නවා එලියට වෙලා කෝල් එකක.. මාව දැක්කා විතරයි එයාගෙ ඇස් නලලේ..  "ඩ්..හ්.. ඩෝල්.." " කොහොමද මගේ ඩ්‍රස් කම්බිනේෂන්ස්.. සුපිරි නේහ්.." "Of course my love.. ඔයාගෙ ඇඳුම නිසා මට අම්මව මතක් උනා.. එයත් එක පාරක් ඔය විදියෙම ගවුමක් ඇන්දා මගෙත් එක්ක පාටි එකකට යන්න. හැබැයි කලු පාට..ආයෙ ඉතින් මට පිස්සු හැදුන්නැති ටික විතරයි.." "ඒ කියන්නෙ මාව දැක්කමත් අපේ කොල්ලොන්ට පිස්සු හැදෙයි නේහ් සඳ බොඳ වෙන්නම.. ඉතින් මං අම්මා වගේමද.." මං ඇහුවෙ ශවී බෝයි ලඟට ගිහින් එයාගෙ අතක එල්ලිලා හිනාවෙන ගමන්.. "ඔව් ඔව් සඳ බොඳ වෙයි.. හැබැයි මෙහෙමයි. අම්මා වගේම උනාට අම්මා තමයි නම්බර් වන්.." "ඔයාට ඉතින් කොහොමත් අම්මා ඇර වෙන කාවවත් පේන්නෑනෙ ශවී බෝයි.." ශවී බෝයි හෙන ආඩම්බර හිනාවක් දාගෙන කියද්දි මාත් එහෙම කිව්වෙ කටකොනකින් හිනා වෙලා ඇහැක් ගහන ගමන්.. "පණ්ඩිත ආච්චි.. පරිස්සමට ගිහින් එන්න එහෙනම්.. බායි බායි ඩෝල්.." "බායි බායී.. ලව් යූ.. උම්මාහ්.." ඉතින් සමුගැනීමේ මොහොතෙන් පස්සෙ අපි දෙන්නා ලෑස්ති උනේ කොලේජ් එකට යන්න.. ඒත් අතරමැද්දෙන් මට බඩගින්නක් ආව නිසා මම එහෙමම සාරාවත් ඇදගෙන සුපරි මාකට් එකට ගියා කන්න මොනවහරි ගන්න කියලා.. ම්ම්ම්ම්ම්... චොක්ලට්ස්.. මේවා තමයි ජීවිතේ කියන්නේ.. මම බරටම චොක්ලට් තෝරන අස්සේ සාරානම් චිප්ස් තොගයක් අරන් ඇවිත්.. කොහොමත් ඉතින් චිප්ස්නම් සාරා.. සාරානම් චිප්ස්.. බරටම කෑම බීමත් අරගෙන අපි දෙන්නා එලියට බහිද්දි සුපර් මාකට් එකේ ඉස්සරහා හිටියෙ හොඳ ෆැමිලියර් ඩෑල් එකක්.. වෙන කවුරුත් නෙවෙයි අනේ.. තියෝ තියෝ.. එලියට එන අපිව දැක්කා විතරයි මේ ගස් ගෙම්බා පිස්සුවෙන් වගේ බෙරිහන් තියන්න ගත්තා.. "අහ් නංගිලා.. ගිනි ගින්දර වගේ ඇඳගෙන කොහෙද දන්නෑ මේ ජෝඩුව යන්නෙ නේහ්.." චී... වස විලි ලැජ්ජාවයි අප්පා.. ඉන්ග්ලිශ් වලින් වගේ නෙවෙයිනෙ. සිංහලෙන් කියන ඒවා එයාලට තේරෙන්නැති නිසා අමුතුවෙන් හැරි හැරී බලනවා.. මේ යකානම් මාව කන්නම ආපු එකෙක් අප්පා.. මේ ඇත්තමයි.. "කට වහනවා තියෝ. බෙරිහන් දෙන්න එපා.. ඇඳගෙන ඉන්න විදියට පේන්නැද්ද කොහෙ යන්නද කියලා. බූරුවෙක් වගේ කෑගහන්නේ.." මේ යකාගෙ බෙරිහන් තියවිල්ල නවතින්නෙම නැති නිසා මම ලඟටම ගිහින් සද්දෙ අඩු කරලා එහෙම කිව්වෙ මොනාහරි කරලා ඒක නවත්තගන්න.. "අහ් අහ් අහ්.. අද කොලේජ් පාටියනෙ නේහ්.. මට ස්මිත් කිව්වා dj එකට ඉන්වයිට් කරේ ශෝනාට කියලා.. ඉතින් my lovely girl.. ඔයාගෙ මියුසික් ට්‍රැක්ස් ටික රෙඩිද.. ම්ම්ම්ම්.." "මොහ්.. මේ.." එකපාරට ඇහුන දේ විශ්වාස කරගන්න බැරුව ඇස් ලොකු කරගෙන තියෝ දිහා බලන් උන්නු මට වචන පැටලෙනකොටනම් තියෝගෙ කට කොනක තිබුන හිනාව තව ටිකක් වැඩි උනා.. "ඔයා.. කොහොමද.. ඒ.. ඒ කියන්නේ.. ඒ ඔයා.. සිත්.. ඒවා ලිව්වේ.." "ෂ්... ෂ්... ෂ්... කෑගහන්න එපා ඉතින්. එහෙම උනොත් කට්ටිය දැනගනියි ඩෝල් ඔයාගෙ සීක්‍රට් එක.." තියෝ කියන්නෙ මගෙ තොල් දෙක මැද්දෙන් එයාගෙ අතේ දබරගිල්ලත් තියලා.. "ඒ ඔයාද.. ඇත්තටම ඔයාද ඒ.. තියෝ... ඒත් ඇයි.." මම ඔලුව දෙපැත්තට වනන ගමන් එහෙම ඇහුවෙ මම ශොක් වෙලා වගේ ගියපු හින්දා.. "May be.." "May be කියන්නෙ මොකද්ද.. මට ඇත්ත කියනවා තියෝ. ඒ ඔයාද.." මං තියෝගෙ අතත් ගසලා දාලා හයියෙන්ම කෑගහන්න ගත්තෙ මට හොඳටම තරහා ගියපු නිසා.. ඇයි අනේ.. මම මේ පිස්සු හැදිලා ඉන්නවා. මෙයා මෙතන විකාර කරනවා.. "May be කියන්නෙ ඉතින් may be.. සමහර විට.. සමහරවිට ඒ මං තමයි.. හැබැයි සමහරවිට.. ඒ මම නොවෙන්නත් පුලුවන් baby.." "ඒ.. කියන්..නේ.."  "May be sweetheart. ඉවසලා ඉන්න. ඔයාටම දැනගන්න ලැබෙයි.." මගේ කම්මුලකට අත තියාගෙන ඒ ටික විතරක්ම කියලා අතත් වනාගෙනම තියෝ යන්න ගියේ මාව කිසි දෙයක් හිතාගන්න බැරි කරලා දාලා.. "මොකද්ද ඩෝල් ඒ තියෝ කියන්නේ.. ඒ එයාද.. නැත්තන් වෙන කෙනෙක්ද.. මොකද්ද ඒ කිව්වේ..." තියෝ ගියපු ගමන් සාරා ඇවිත් මගේ අතේ එල්ලිලා එහෙම ඇහුවෙ තියෝ කියපු මෙලෝ දෙයක් එයාටත් නොතේරුන හින්දා වෙන්න ඇති.. "මං දන්නෙත් නෑ සාරා.. මට තේරුනෙත් නෑ.. අර කිව්වත් වගේ අපිත් ඉවසගෙන බලන් ඉමු.. හ්ම්ම්.. පරක්කු වෙනවා. Let's go.." ..........................................................♡ වෝහ්.. වෙනදා වගේ නෙවෙයි.. මුලු රෙඩ් වෙල්ව්ට් ක්ලබ් එකම කොලේජ් එකෙන් බුක් කරලා. ඒක නිසා වැඩි සෙනගක් නෑ.. හැබැයි ඉන්න සේරම කොලේජ් එකේ දැකලා පුරුදු මූණු.. ඒකමද කොහෙද සාරා වටපිට බලලා එක පාරටම මගේ ලඟට ඇවිත් කතා කරන්න ගත්තෙ... "ඩෝල්.. ඔයාට ශුවර්ද මේ කවුරුත් අපිව අඳුරගන්න එකක් නෑ කියලා..." "ඔව් ඔව් අනේ. බය වෙන්න එපා.. එන්න යං.." මං එහෙම කියාගෙනම ගෝල්ඩ් කලර් ශෝල් එකෙන් මූණත් කවර් කරගෙන සාරා එක්කම ඇතුලට ගියේ dj එකට වෙන් කරලා තිබුන ඒරියා එකට.. "Gyezzzzzzzzz.. it's dj shonaa. Get ready to groove... here we go.." ඉතින් එතන ඉඳන් පුරුදු විදියටම මම මගේ හිතත් එක්ක මියුසික් ලෝකේ.. ටික වෙලාවක් එකදිගටම ප්ලේ කරලා මම ට්‍රැක් එකක් ඔටෝ ප්ලේ වෙන්න දාලා එහාපැත්තෙ ඉඳගෙන හිටපු සාරා ලඟට ගියා.. ඒකිනම් කරටි කැඩෙන්නම නටලා දැන් හති අරිනවා.. ටික වෙලාවක් ඕපදූප කියව කියව ඉද්දි සාරාට ජේසන්ගෙන් කෝල් එකක්.. ආයෙ ඉතින් වරුවකට ඕකි එන්නෑ.. සාරාත් නැති නිසා පොඩි මනෝ පාරක් දාගෙන ඔහේ ඉඳගෙන ඉද්දි මගේ ලඟින් ඇවිත් ඉඳගත්තෙ කලින් දෙතුන් පාරක් විතර දැකලා තියෙන සීනියර් කෙනෙක්... පොර හෙන ලොකු බිස්නස්මන් කෙනෙක්ගේ පුතෙක්ලු. හැබැයි අමුම සෙවලයා.. මොන එහෙකට මෙතෙන්ට කඩන් පාත් උනාද මන්දා.. "Hay girl. Are you tired..." (හේයි ගෑණුළමයෝ.. ඔයාට මහන්සිද..) මං කල්පනා කර කර ඉද්දි පොර එකපාරටම එහෙම ඇහුවෙ මගේ කල්පනා ලෝකේ බිඳලම දාලා.. "No No. I'm good.. Thankyou.." (නෑ නෑ.. මම හොඳින්. ස්තූතියි..) "Mmmm.. you know what.. I was waiting to meet this strange girl. An Anonymous dj player.." (ම්ම්ම්.. දන්නවද ඔයා.. මම මේ අමුතු කෙල්ලව මුණගැහෙන්න බලාගෙන හිටියා.. නිර්ණාමික dj ප්ලේයර්..) චී.... සෙවල හිනාවක් දාගෙන ඒක කියන කැත.. මූත් මලම ඇණයක් වීගෙන එන්නේ.. පාඩුවෙ මහන්සි අරින්න ආවම මෙතන මගුල් කතා කරන්න එනවනේ.. "Hay.. what's happend.." (හේයි.. මොකද උනේ..) මම සද්දයක් නැති හින්දද කොහෙද අරූ මගේ මූණට එබීගෙන ආයෙම කතා කරනවා.. "Mmh. Ah.. nothing.." (මුකුත් නෑ..) "Ohh. Anyway... Can I see your beautiful face covered by that shawl.." (ඕහ්. කොහොම උනත්.. මට ඔය ශෝල් එකෙන් වැහිලා තියෙන ඔයාගෙ ලස්සන මූණ බලන්න පුලුවන්ද..) මං ඔනෑවට එපාවට උත්තට දෙද්දි ඒ පාර ඒ යකා එහෙම ඇහුවෙ මගෙ අතකිනුත් අල්ලගෙන.. "No. You can't.." (නෑ.. ඔයාට බෑ..) ඇස් වලින්ම සැර බැල්මක් දෙන ගමන් ඒම කියාගෙන මම එතනින් නැගිට්ටේ සාරා ඉන්න තැනට යන්න හිතාගෙන.. "Hay hay. Come on girl. Let me see your face.." නැගිටලා යන්න හදද්දිම මගේ අතකිනුත් අල්ලගෙන ඒ යකා එහෙම කියද්දි මං ආපහු පොර දිහා බැලුවෙ රවාගෙන.. මොකද මෙතන කේස් දාගන්නත් බෑනේ.. ඒත් ඒක ගානකටවත් නොගෙන ඒ යකා මගේ ඉණ වටේට අතක් දාගෙන මාව ඇදලා ගන්න ගමන් මගේ මූණ වැහෙන්න ගැටගහලා තිබුන ශෝල් එකට අත තියන්න හදද්දි මම ඌව මගේ අත් දෙකෙන්ම තල්ලු කරලා දැම්මෙ උපරිම තරහෙන්.. "What the hell are you doing.. stop this nonsense. Don't touch me.. And.. Get away from me.." (මොන මගුලක්ද ඔයා කරන්නේ.. මේ විකාරෙ නවත්තනවා.. මාව අල්ලන්න එපා.. ඒ වගේම.. මගෙන් ඈත් වෙලා ඉන්නවා..) තවත් මොහොතක්වත් නොයිඳ ඒ යකා දිහාට ඇඟිල්ලක් දික් කරන ගමන් මං එහෙම කිව්වෙ උපරිම කේන්තියෙන්.. කේන්තිය නිසාමද මන්දා මට ඒක ටිකක් හයියෙන්ම කියවුනා.. හැබැයි ඉතින් වැඩක් නෑ.. කන් පැලෙන්න දාලා තියෙන මියුසික් සද්දෙට හැමෝම පිස්සො වගේ නටනවා.. අනික් අය මොකද කරන්නෙ කියලා කාටවත් කිසිම ගානක් නෑ.. "You bitch.. how could you.. don't you know who I am.." එක පාරටම තල්ලු කරපු එකටයි කෑගහපු එකටයි දෙකේම තරහටද කොහෙද මේ සෙවලයා මගෙ අත් දෙකම එක මිටකට අල්ලගෙන හෙලවෙන්නවත් නොදී මගෙ ශෝල් එක දිහාට අත අරන් ගියේ මට කර කියාගන්න දෙයක් නැති කරලා... "Awh.. leave me alone.." අනේ දෙයියනේ.. මොකද්ද මේ වෙන්න යන්නේ.. මේ යකා මගේ ශෝල් එක ගැලෙව්වොත් මොනවා වෙයිද.. මෙතන ඉන්න බහුතරය නමින් නොදන්නවා උනත් මාව දන්න අපේ කොලේජ් එකේම අය.. එහෙම සෙනගක් මැද ඇනොනිමස් ඩීජේ ප්ලේයර් මමයි කියලා එලි උනොත් විනාස වෙන්නෙ මං අවුරුද්දක් තිස්සෙ හදාගත්තු මගේ බ්‍රෑන්ඩ් නේම් එක.. මොකද ඩීජේ ප්ලේයර්ස්ලා කොච්චර හිටියත් මට ඕඩියන්ස් එකක් හැදුනෙ මම ඇනොනිමස් ප්ලේයර් කෙනෙක් නිසා.. ඒත් ඉතින් මං කොයි තරම් දැඟලුවත් වැඩක් නෑ.. ඌ ඒක නවත්තන්නෙ නෑ.. ඒ මනුස්සයගෙ අත ශෝල් එකට ගෑවෙන්න ඔන්න මෙන්න කියලා මම ඇස් පියාගත්තෙ ඕනෙ දෙයක් වෙච්චදෙන් කියලා හිතාගෙන.. ඒත් තප්පර කීපයක් ගිහිල්ලත් මුකුත් නොවුන නිසා මං ආයෙ ඇස් ඇරලා බලද්දි මම දැක්කෙ.. ..........................................................♡ මේ කතාව ඔයාලට කම්මැලිද ළමයි.. ඇත්තමයි මට ඒක මාර ප්‍රශ්නයක් අනේ.. කම්මැලිනම් කියවන්න එපා වෙනවනම් කියන්න. මං කතාව ඉක්මනට ඉවර කරන්නම්. ඊලඟ එපිය අරන් එන්නම්.. ✍️ රාදි
❤️ 💗 🔜 🤎 51

Comments