රාදි 🤎🍂
රාදි 🤎🍂
June 5, 2025 at 02:37 PM
අනේ දෙයියනේ.. මොකද්ද මේ වෙන්න යන්නේ.. මේ යකා මගේ ශෝල් එක ගැලෙව්වොත් මොනවා වෙයිද.. මෙතන ඉන්න බහුතරය නමින් නොදන්නවා උනත් මාව දන්න අපේ කොලේජ් එකේම අය.. එහෙම සෙනගක් මැද ඇනොනිමස් ඩීජේ ප්ලේයර් මමයි කියලා එලි උනොත් විනාස වෙන්නෙ මං අවුරුද්දක් තිස්සෙ හදාගත්තු මගේ බ්‍රෑන්ඩ් නේම් එක.. මොකද ඩීජේ ප්ලේයර්ස්ලා කොච්චර හිටියත් මට ඕඩියන්ස් එකක් හැදුනෙ මම ඇනොනිමස් ප්ලේයර් කෙනෙක් නිසා.. ඒත් ඉතින් මං කොයි තරම් දැඟලුවත් වැඩක් නෑ.. ඌ ඒක නවත්තන්නෙ නෑ.. ඒ මනුස්සයගෙ අත ශෝල් එකට ගෑවෙන්න ඔන්න මෙන්න කියලා මම ඇස් පියාගත්තෙ ඕනෙ දෙයක් වෙච්චදෙන් කියලා හිතාගෙන.. ඒත් තප්පර කීපයක් ගිහිල්ලත් මුකුත් නොවුන නිසා මං ආයෙ ඇස් ඇරලා බලද්දි මම දැක්කෙ ඒ යකාගෙ අතින් අල්ලගෙන දාගෙන හිටපු තඩි හීල් එකෙන් පොරගෙ කකුලත් පාගගෙන ඉන්න සාරාව.. අල්ලගෙන ඉන්න අත සම්පූර්ණෙන් අනික් පැත්තට නවන ගමන් සාරා කෑගහද්දි අර යකානම් අත ගලවගන්න ෆුල් ට්‍රයි එක දෙනවා.. හැබැයි ලේසි වෙන එකක් නෑ පුතෝ.. ඔය ඉන්නෙ මාෂල් ආට් ක්වීන් කෙනෙක්.. අත ගලවලාම දායි අදනම්.. "Stay away from her... I'm warning you.. Or you'll get in trouble. Get lost, you son of the bitch." ( එයාගෙන් ඈතට වෙලා ඉන්න. මං තමුන්ට අනතුරු අඟවනවා.. නැත්තන් තමුසෙ ලොකු කරදරේක වැටෙයි. මකබෑවිලා පලයන්.. බැ#ලිගෙ පුතා..) එක පාරටම එහෙම කියලා සාරා ඒ මනුස්සයාව තල්ලු කරලා දැම්මෙ කකුල උඩට උස්සලා ඇති වෙර දාලා ආයෙමත් ඒ යකාගෙ කකුල පෑගුවටත් පස්සෙ.. ආයෙ පොරනම් ඉතින් පලාතෙවත් හිටියෙ නෑ ඊට පස්සෙ.. හෙහ්.. ඔය හිතන තරම් ලේසි නෑ පුතෝ මේ ශෝනාව අල්ලගන්න. මොකද මට ඉන්නෙ හොඳ එකෙත් හොඳම බොඩිගාර්ඩ් කෙනෙක්.. ඒ උනාට.. සාරා වෙලාවට නාවනම් අද මං ඉවරටම ඉවරයි.. අම්මෝ.. හිතද්දිත් බය හිතෙනවා ඒකටනම්.. ඉතින් ආයෙම ගිහින් ප්ලේ කරන්න ගත්තත් මගෙ ඔලුවෙ වැඩ කරේනම් ඔය ටිකම තමයි.. ඔහ් ගෝඩ්. මටනම් දැන් පිස්සු හොඳටම.. කොහොමහරි ශෝ එක ඉවරවෙලා ආපහු යද්දි තමයි මට සාරා එක්ක ඒක ගැන කතා කරන්න ලැබුනෙ.. "Thankyou Saraah.. ඔයා ඉස්සෙල්ලා හරිම වෙලාවට ආවෙ නැත්තන් ලොකු අවුලක් වෙන්න තිබුනා.." කාර් එක ඩ්‍රයිව් කරන සාරා දිහා බලාගෙන මං එහෙම කියද්දි ඒකි හිනා වෙනවා.. "මොකද.." "ම්හ්.. නෑ නෑ.. හරියටම බැලුවොත් ඔයා තෑන්ක් කරන්න ඕනෙ මට නෙවෙයි ඩෝල්.." "එහෙනම්.." "ඔයා දන්නෑනෙ. මං ජේ එක්ක කෝල් එකේ ඉද්දි මිස්ටර් සිහස් මගේ ලඟට ආවා.. ඇවිත් You're Shona's assistant, right? I think she's in trouble කියලා කිව්වා.. සාක්කු දෙකට අත දාගෙන අහක බලාගෙන ගියා.." සාරා කටත් ඇද කරගෙන එහෙම කියද්දි මගේ ඇස් නලලේ.. ඒත්.... එතකොට ඒ කියන්නේ.. අනේ දෙයියනේ.. බාප්පා ඒ මම කියලා අඳුරගෙනනම්.. එයා ශවී බෝයිට මේ වෙච්ච දේ කිව්වොත්.. අයියෝ මං ඉවරයි... මොකද එහෙම උනොත් ශවී බෝයිගෙ හිත රිදෙන්නෙ මම dj ප්ලේ කරන එකට නෙවෙයි. එයාගෙ විශ්වාසෙට බොරු කරලා හොරෙන් ගියපු එකට.. නෑ නෑ නෑ.. එහෙම වෙන්න බෑ.. "සාරා.. සාරා.. ඒ කියන්නේ.." බයටම මට වචනත් ගොතගැහෙනවා.. "ම්හ්.. I don't think so.. එයා මාව අඳුරගත්තු පාටක් පේන්න තිබුනෙ නෑ.. එයා කතා කරේ ශෝනාගේ ඇසිස්ටන්ට. එයා දන්න අඳුරන සාරාට නෙවේ.. so just calm down. Take it easy.." හිත ඇතුලෙන් ගිනිකන්දක් ඇවිලිලා තරම් බයක් තිබුනත් සාරා එක එක හේතු කිය කිය මාව නිවන්න ට්‍රයි කරපු හින්දා මමත් ඒක එහෙම වෙන්න ඇති කියලා හිත හදාගත්තා.. ඒ කොහොම උනත් මම ගෙදර එද්දි හිත හදාගෙන ආවෙ මෙච්චර කල් කියන්න බැරි උන දේ ශවී බෝයිට කියලා දාන්න.. සද්ද නැතුව ගෙවුන විනාඩි ගානකට පස්සෙ කවදාවත් නැතුව ගෙදර ගේට් එක ඉස්සරහින් සාරා කා එක නවත්තද්දි මං සාරා දිහා බැලුවෙ ඇස් ලොකු කරගෙන.. "සීරියස්ලි. ඇයි ඔයා අද අපේ ගෙදර එන්නැද්ද සාරා.." "ම්හ්.. අද මටයි ජේටයි ගමනක් යන්න තියෙනවා.. බායි බායි බේබී.. හෙට හම්බවෙමු එහෙනම්.." පැණි හිනාවකුත් දාගෙන සාරා එහෙම කියද්දි මං කා එකෙන් බැස්සෙ හයියෙන්ම හිනා වෙලා.. "එහෙනම් කෙල්ලේ. මං ගියා.. බායි.." ආයෙ ඉතින් මට හිතන්නවත් වෙලාවක් නෑ.. සාරා නිකන් ජෙට් එක වගේ විදගෙන ගියේ.. හෙහ්.. මේකිටත් පිස්සු වෙලාවකට.. ගේ ඇතුලට ආවත් මගෙ ඔලුව හරියට යකාගෙ කම්මල වගේ.. ශවී බෝයිට මේක කිව්වම මගෙත් එක්ක තරහා වෙයිද.. මං එයාට බොරු කරා කියලා හිතයිද.. මට බනියිද.. ඒ කොහොම උනත් අද මේක කියන්නම ඕනෙ.. "My little girl. You are back.. කොහොමද පාටි එක හොඳයිද.." ගේ ඇතුලට අඩියක් තියද්දිම ඇහුන කටහඬට මං ශවී බෝයි දිහා බැලුවෙ පුදුම වෙලා.. "තාත්තා.. ඔයා මොකද මේ ඇහැරලා.. දැනටමත් පාන්දර තුනටත් කිට්ටුයි නේද.. මොකද මේ.." "ම්හ්.. මං මේ වතුර එකක් ගන්න ඇහැරුනේ.. බාප්පයි දෝණියැන්දයි දෙන්නම පාටි වලට ගිහින් මං විතරනෙ ගෙදර. ඒකයි පොඩ්ඩක් බලන් හිටියෙ.. හරි හරි.. එහෙනම් අපි උදේට කතා කරමු ඩෝල්. මම යනවා නිදාගන්න. මගෙ ඔලුව ටිකක් රිදෙනවා.." ශවී බෝයි එහෙම කියද්දි මං එයා ලඟට පැන්නෙ හොඳටම බය වෙලා.. "අනේ ශවී බෝයි.. මොකද උනේ.. ඔයා බෙහෙත් බිව්වද.. ඔයාට අමාරුයිද.. හොස්පිට්ල් යන්න වෙයිද.. අනේ.." " ශ්... මොකද මේ.. calm down baby.. ටිකක් නිදාගත්තම මේක අඩු වෙයි ම්ම්ම්.. බය වෙන්න එපා හරිද.. දැන් ඔයා ගිහින් නිදාගන්නකෝ.. මං යන්නම්.." ශවී බෝයි හිනාවෙවී එහෙම කියලා මගෙ නලලත් ඉඹගෙනම එතනින් යද්දි මං සෝෆා එකට කඩන් වැටුනෙ ලොකු හුස්මකුත් අතෑරලා දාලා.. දැන් ඉතින් එයා එක්ක හෙටම කතා කරනවා.. ඒත් මගෙ ඔලුව නිකන් යකාගෙ කම්මල වගේ.. දැන් මොකද කරන්නේ.. ම්ම්ම්.. ම්ම්ම්ම්ම්.. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.. අහ්.. මේ තියෙන්නෙ බෙහෙත්.. ඒත් කොහෙන්ද මේ මේසෙ උඩට රෙඩ් වයින් බොට්ල් එකක්.. ඒකත් මේ දිලිසි දිලිසි තියෙන අලුත්ම එකක්.. අනෙහ්.. මයෙ මොකෝ ඉතින්.. කාගෙ උනත් මට අදාලම නෑ.. මං එතන තිබ්බ රෙඩ් වයින් එක අරන් ග්ලාස් එකක් පුරවගෙන ආපහු තිබ්බ විදියටම තියලා ආපහු හැරුනෙ රූම් එකට යන්න.. මෙච්චර වෙලා සින්දු එක්කම ඉඳලනෙ ආවේ.. මට දැන් ඉබේටම සින්දු කියවෙනවා.. "That you are not alone I am here with you Though you're far away I am here to stay But you are not alone I am here with you Though we're far apart You're always in my heart But you are not alone.." "Woah.. such a nice voice miss shoonaa.." (මාර ලස්සන කටහඬක්නෙ මිස් ශෝනා..) සින්දුව ඉවර කරලා වයින් ග්ලාස් එක කටේ තියාගත්තු තප්පරේම මට ඇහුන වචන ටිකට මගෙ හුස්මත් හිර උනා.. කටට ගත්තු වයින් ටික තොල් වලින් බේරිලා බෙල්ල දිගේ ගලාගෙන යද්දි මම ගල් ගිලලා වගේ බලන් හිටියෙ මගේ ඉස්සරහා හිටගෙන ඉන්න බාප්පා දිහා.. මිස් ශෝනා.. ඒ කියන්නේ.. ඒ කියන්නේ.. දෙයියනේ එයා ඒක දැනගෙන.. මං ඉවරයි.. "ම්හ්.. මෙහ්.. මොන.. මොන ශෝනාද.. විකාරද. ඔන්න ඔතනින් අයින් වෙන්න මට යන්න.." එයා දන්නෙ ඇත්ත කියලා ඔප්පු වෙන්නෙ මං ඒක පිලිගත්තොත්නෙ. ඒකමයි මම එහෙම කියලා ශේප් එකේ එතනින් මගේ රූම් එකට පනින්න හැදුවෙ.. ඒත් ඒ තප්පරෙන්ම බාප්පා මගේ අත් ගොබේකින් අල්ලලා මාව එයාගෙ දිහාට ඇදලා ගත්තෙ අමුතු නෝන්ඩි හිනාවකුත් දාගෙන මගේ දිහාට එබෙන ගමන්.. "සේරම ඇස් පනාපිටම එලිවෙලා තියෙද්දිත් තමුසෙ රඟපානවනේ.. හහ්.. සම්මාන ලැබෙන්න ඕනෙ ජාතියෙ නිලි රැජිනක්නෙ ඕයි තමුසෙ.. It's not a secret anymore... ඒක නිසා රඟපාන එක නවත්තනවා.." "ම්.. මොන.. මං ශෝනා නෙවෙයි. අනික මං කොලේජ් පාටියට ගියෙ නෑනෙ. ඔයා ඒ දැක්කෙ මාව නෙවෙයි. ඒ වෙන ශෝනා කෙනෙක් වෙන්න ඇති.." කලබලේට කියවගෙන ගියාට කිව්වෙ මොනාද කියලා මට තේරුනේ බාප්පගෙ මූණෙ තියෙන නක්කල් හිනාව දැක්කම. දැන් ඉතින් උබ මෙතනම වැලලියන් සංකී.. "හහ්.. තමුසෙනම් මහ ගොන් ගහක්.. හැබැයි මතක තියාගන්නවා.. ඇනොනිමස් ප්ලේයර් කෙනෙක් විදියට වැඩ කරන්න ඕනෙනම් මියුසික් ස්කිල්ස් විතරක් නෙවෙයි තමුන්ගෙ සේෆ්ටි එක හදාගන්න හැටිත් ඉගෙනගන්නවා.. මොකද යාලුවාට හැමතිස්සෙම තමුන්ව ප්‍රොටෙක්ට් කර කර ඉන්න බෑනෙ.. මේවා කියන්න මට කිසි අමාරුවක් නෑ.. හැබැයි මගේ අයියා තමුන්ව නොසෑහෙන්න පරිස්සම් කරනවා. ඒකනේ අච්චර අවුරුදු ගානක් අපිවත් දාලා ඇවිත් තමුන්ව මෙහෙ තියාගෙන ඉන්නේ. ඌ වෙනුවෙන්වත් පරිස්සම් වෙන්න ඉගෙනගන්නවා.. ශෝනාහ්.." මගේ මූණට එබීගෙන එහෙම කියලා මගේ අතේ තිබුන වයින් ග්ලාස් එකේ අන්තිම ටිකත් එක උගුරට බීලා ග්ලාස් එක මගේ අතින් තියලා බාප්පා ආපහු හැරිලා එයාගෙ රූම් එක පැත්තට යන්න ගියා... "ආහ්. ඒක නෙවෙයි. කාගෙන් අහලද තමුසෙ මගේ වයින් බොට්ල් එක කැඩුවේ.. පස්සෙ බලාගම්මු.." ආයෙම අඩියක් ආපස්සට හැරිලා ඒක කියලා දඩස් ගාලා ගිහින් දොර වහගත්තා.. ඊව්ව් ඒක කියපු හැටි විතරක්.. ඔච්චර හරියක් වෙනකලුත් මං එක තැනම හිටගෙන ගල් වෙලා වගේ බලන් හිටියෙ උනේ මොකද්ද කියලා හිතාගන්න බැරුව මොංගල් වෙලා.. "මොනහ්.. මගුලක්ද ඒ.." ආයෙම මේ ලෝකෙට ආව ගමන් මට කියවුනේ එච්චරයි.. අයියෝ.... දැන් ඉතින් ඉවරයි.. මොලේ නෑ කියලා මෙහෙමත් ගොන් වැඩ කරනවද සංකී.. අර මනුස්සයා සේරම දන්නවා විතරක් නෙවෙයි මට ඒ යකා ඉස්සරහා ලැජ්ජා වෙන්නත් උනා.. දෙයියනේ මහ පුදුම දවසක් අදනම්... ඒත් දවසෙ නෙවෙයි අවුල තිබිලා තියෙන්නෙ.. උදේ එලිය වැටුන ගමන් මං ශවී බෝයිව හොයාගෙන ගියේ මම තමයි ශෝනා කියලා එයාට කියන්න.. මොන.. සතපහකට ගණන් ගන්නෑනෙ.. "මොනවද තාත්තා.. මෙච්චර එකක් කියලත් ඔයාට ගානක්වත් නෑනේ.." "උපන් දා ඉඳන් මම හදපු ළමයව මට අඳුරගන්න බෑ කියලා හිතුවද.." මං කියන ඒවා සතපහකටවත් ගණන් නොගෙන ශවී බෝයි හිනාවෙවී එහෙම කියද්දි මගේ කටනම් ඇදවෙලා ගියා.. "ඒ කියන්නේ.. දැනගෙන හිටියද කලින්.." "ඔව්.. දැනගෙන හිටපු හින්දනෙ මම යන්න දුන්නෙ මැණිකේ.." ආහ්.. මෙහෙමත් ලැජ්ජාවක්.. මං හෙන ලොකුවට සීක්‍රට් සීක්‍රට් කියලා දැඟලුවාට ඒක නොදන්න කෙනෙක් නෑ බලන් යද්දි.. ඊයා සංකී.. වස විලි ලැජ්ජාවෙ බෑ මෙතන.. "It's ok බබා.. ඔහොම ලැජ්ජා වෙන්න එපා.. ඔයා ආස දෙයක් ආස විදියට කරන්න. තාත්තා ඉන්නවා ඔයත් එක්ක. ම්ම්ම්.. අනික ඉතින් කාටද ආඩම්බර මෙච්චර ෆේමස් කෙල්ලෙක් මගෙ දුව උනාම.." මං ලැජ්ජාවට තොල් හපාගෙන කල්පනා කර කර ඉන්නවා දැකලද කොහෙද එකපාරටම මගේ ලඟට ආව ශවී බෝයි එහෙම කිව්වෙ මගෙ ඔලුවත් අතගාලා.. "අනේ ඉතිම්ම්ම්.. ලව් යූ තාත්තා.." ..........................................................♡ හැමෝම එනකල් ආසාවෙන් බලන් ඉන්න දවසක් මගේ ජීවිතේට මේ විදියට ආවෙ ඇයි කියලා මම තාමත් කල්පනා කරනවා.. උදේ ඉඳන් කී දෙනෙක් කතා කරලා මොන තරම් දේවල් කිව්වත් මට අදනම් කිසි හැඟීමක් දැනීමක් නැති දවසක් වගේ.. ඒත් මං දන්නවා.. මට විතරක්ම නෙවෙයි මෙහෙම..  "Come on doll.. Hurry up. We have a lot on our plates.. Go and change your clothes quickly. Mr. Sihas is waiting there.." (ඉක්මන් කරන්න ඩෝල්. අපිට අද වැඩ ගොඩක් තියෙනවා.. ගිහින් ඉක්මනට ඔයාගෙ ඇඳුම් මාරු කරගන්න. මිස්ටර් සිහස් අරෙහෙ බලන් ඉන්නවා..) ටෙනිස් ස්කර්ට් එකත් අතේ තියාගෙනම ලොකු කල්පනාවක හිටපු මං ගැස්සිලා ගියේ පිටිපස්සෙන් ඇහුන ඇන්ඩ්‍රියාගෙ කටහඬට.. දවසක මට හාට් ඇටෑක් එකක් ඇවිත් මැරිලා යන්නෙ මෙන්න මුන්ගෙ වැඩ හින්දා.. හිතින් ඇන්ඩ්‍රියාට බනින ගමන්ම මම ස්පෝර්ට්ස් කිට් එකට මාරු වෙලා එද්දිත් මේ හොල්මන එලියෙ ඉඳගෙන කෝල් එකක.. "What are you doing, Andrea? You said we were already late." (ඔයා මොකද්ද කරන්නෙ ඇන්ඩ්‍රියා. ඔයා කිව්වා අපි දැනටමත් පරක්කුයි කියලා.) "Oh gosh.. I'm sorry baby. Go to the stadium. I'll be there in a minute." (අනේ දෙයියනේ.. මට සමාවෙන්න. ස්ටේඩියම් එකට යන්න. මම විනාඩියෙන් එතෙන්ට එන්නම්..) අනේ ඇත්තමයි මුන්නම් මහ පුදුම යාලුවෝ. ඇන්ඩ්‍රියාට හිතින් බැන බැනම මම ස්ටේඩියම් එකට ඇවිදගෙන ගියාට වැඩි වෙනසක් නෑ.. මෙතනත් බලු බල්ලෙක්වත් නෑ.. දැන් අර අච්චර හදිස්සියි කිව්වෙ මොකාටද දන්නෑ.. මං මගේ රැකට් එකත් අරන් වටයක් කැරකුනේ නිහඬ නිශ්ශබ්ද ස්ටේඩියම් එක ඇතුලේ නිදහස උපරිමේටම විඳින ගමන්.. හරියට නිකන් අර ෆිල්ම් එකක ඇක්ට්‍රස් කෙනෙක් වගේ.. ඒත් එක්කම මගේ ෆෝන් එකට මැසේජ් එකක් එන සද්දෙ ඇහුනම ඉතින් අර ඊස්තටික් මූඩ් එක කැලේ.. ටක් ගාලා ෆෝන් එක අරන් බැලුවෙ කාගෙන්ද මැසේජ් එක කියලා.. මැසේජ් එක ලියම්ගෙන්.. මම කාලෙකට කලින් එයාට අම්මගෙ ෆොටෝ එකක් යැව්වා පුලුවන්නම් මගෙයි ශවී බෝයිගෙයි ෆොටෝ එකකට ඒක ඇඩ් කරලා ෆැමිලි ෆොටෝ එකක් හදලා දෙන්න කියලා.. මොකද ඉතින් මට එහෙම ෆොටෝ නෑනේ.. ලියම් එවලා තියෙන්නෙ ඒක.. අනේ ඒක.. ඒක ඇත්තටම ඇත්ත එකක් වගේ.. අම්මගෙයි තාත්තගෙයි මැද්දෙන් හිනා වෙලා මම එබීගෙන ඉන්න විදියට හදපු ෆොටෝ එකක්.. මට කවදාවත් විඳින්න බැරි උන හැඟීමක්.. මගේ හීනවල උඩින්ම තියෙන හීනයක්.. ඒ හැමදේම හැබෑ කරපු ෆොටෝ එකක් මේක.. ඇත්තමයි.. අම්මා නැති ලෝකයක්.. එහෙම ජීවිතයක් හතුරෙක්ටවත් ලැබෙන්න හොඳ නෑ.. ඒක වචනෙකින්වත් විස්තර කරන්න බැරි තරමේ හිස්තැනක්..  අම්මගෙ ආදරේ මොනවගේද.. ඒක දැනෙන්නෙ කොහොමද.. ඒ කිසි දෙයක් මම දන්නෙ නෑ.. මම ප්‍රාර්තනා කරන්නෙ එච්චරයි.. මම කරන පොඩිම හරි පිනක් තියෙනවනම්.. ඒ පිනෙන් ලබන ආත්මෙවත් මට මගේ අම්මයි තාත්තයි දෙන්නම එක්ක ඉන්න ඕනෙ.. හැමදාටම.. ඇස් දෙකට ලාවට කඳුලු පිරුනෙ කොයි වෙලාවෙද කියලා මම තාමත් මතක් කරනවා.. " I miss you my queen. I really really miss you..." ඇස් දෙකේ කඳුලු පිටි අල්ලෙන් පිහිඳගන්න ගමන් මම මිමිණුවේ ෆොටෝ එක දිහාම බලාගෙන.. " මිනිස්සුන්ට රිද්දලා එයාලගෙ දේවල් උදුරගත්තම අනික් අතට ඒවට රිටර්න් හම්බෙන්නෙ ඔහොම තමයි.." පිටිපස්සෙන් ඇහුන කටහඬ හින්දම ඇස් දෙකේ තිබ්බ කඳුලු හොරෙන්ම පිහදාගන්න ගමන් ආපහු හැරුනෙ මගේ පිටිපස්සෙ හිටියෙ කවුද කියලා බලන්න.. වෙනසක් නෑ ඉතින්.. පුරුදු විදියටම මාව වචන වලින් රිද්දනවනම් ඒ බාප්පා ඇරෙන්න වෙන කවුද.. "තමුසෙට සෑහෙන්න රිදිලා වගේ නේහ්. ඒකනෙ මේ කවදාවත් නැතුව කඳුලුත් ඇවිත් තියෙන්නෙ. දන්නවද.. මමනම් කියන්නෙම.. ඔහොම වෙලා මදි තමුන්ට.." "ම්..මොකද්ද කියන්නේ.." "කියන්නේ.. කියන්න ඕනෙ දේ.. තමුසෙ දන්නවද.. මට තමුසෙගෙ අම්මත් එක්ක තියෙන්නෙ එකම එක තරහයි.. ඒ පුලුවන් තරම් ආදරේ දීලා දීලා මගේ අයියව පිස්සෙක් වෙන්න අතෑරලා මැරිලා ගියපු එක... හැබැයි තමුන්.. තමුසේ එක්ක මට තියෙන්නෙ එසේ මෙසේ තරහක් කියලනම් හිතන්නවත් එපා.. චූටිට වඩා මම ආදරේ කරේ ලොකූට.. අවුරුදු දාසයක ඒජ් ගැප් එක හින්දම එයාට මාව දරුවෙක් ගානයි.. ඒත් තමුසේ.. තමුසෙ ඉපදුනත් හරි ඒ සේරම කණපිට ගැහුවා.. තමුසෙ ආවම.. ලොකූ සේරම දාලා මෙහෙ ආවා.. තමුසෙගෙ අම්මා මැරුනම.. ලංකාවෙ ජීවත් වෙන්න බෑ කියලා සදහටම ලංකාව අතෑරියා.. යකෝ මට එතකොට අවුරුදු හයයි.. තමුන්ට හීනෙකින්වත් හිතාගන්න බෑ ඒ වේදනාව කොච්චරක්ද කියලා.." බාප්පා ඇස් දෙකත් රතු කරගෙන කෑගහනවා.. මගේ පපුව පුපුරන්න ඔන්න මෙන්න තියෙන බෝම්බයක් වගේ.. මේ ඇහෙන වචන දරාගන්න තරම් හයියක් අද මගේ හිතට තියෙනවද කියලා මටම සැකයි.. "ප්ලීස් බාප්පේ.. ඔයා.. ඕනෙ දෙයක් කියලා මට බනින්න.. ඒත්.. ප්ලීස්.. අද එපා.. දෙයියගෙ නාමෙට අද එපා.." ඇහෙන නෑහෙන ගානට මම එහෙම කියලා කෙඳිරුවේ මගේ දරාගැනීමේ සීමාව පැනලා යන්න කලින්.. "හහ්.. උබට රිදෙනවද.. අහන් ඉන්න අමාරුද.. ඒත් අහන් ඉඳපන්.. අන්න එහෙමයි මං උබට රිද්දන්නෙ.. ලොකූ ලංකාවෙන් යනකොට මට යන්තම් අවුරුදු හයයි.. උබ දන්නවද.. ලොකූ එන්නෑ කියලා දැනගත්තම මට සතියක් උණ හැදිලා හිටියා.. අවුරුදු හයක පොඩි එකෙක්ට දරන්න පුලුවන් තරමෙ වෙන්වීමක් නෙවෙයි මට උබ නිසා ලැබුනෙ.. සේරමත් හරි.. අපි හැමෝටම වැඩිය උබව වටිනවා කියලා නොකියා කියන ගමන් ලොකූ තමුසෙව තෝරගත්තු දවස.. ආයෙ ලංකාවට එන්නෑ කියපු දවස.. ඇත්තමයි මට උබව දකිද්දිත් තරහයි.. මාව පැත්තකින් තිබ්බත් අම්මලා.. අම්මා ලොකූ නැති එක ගැන කොයි තරම් දුක් වෙනවද කියලා දන්නවද.. නොකිව්වට චූටි කොච්චර වේදනාවෙන්ද ඉන්නෙ කියලා දන්නවද.. තමුසෙට නිකමටවත් හිතාගන්න බෑ අවුරුදු විසි දෙකකට පස්සෙ එදා එයාපෝට් එකේදි ලොකූව දැක්කම මට හිතුන දේවල්.. මං විඳපු වේදනාවට.. මට රිදුන රිදිල්ලට.. තමුන්ට සාංකේති. කවමදාවත් අම්මා කෙනෙක්ගෙ උණුහුමක් ලැබෙන්න හොඳ නෑ.." ඉතින් ඉවරයි.. කොයි තරම් ඉවසන් හිටියත් මගේ ඉවසීම පැන්නෙ බාප්පා අන්තිමට කියපු වචන ලඟ.. රතු වෙලා තියෙන ඇස් වලින් එලියට පනින්න ඔන්න මෙන්න තියෙන කඳුලු අමාරුවෙන් නවත්තගෙන මම බැලුවෙ බාප්පගෙ දිහා.. ..........................................................♡ හරිනෙ. හරිනෙ.. දැන් ඉතින් ගිණිකෙලි සහ මල්වඩම් තමා හුම්ම්. 😌😂 ඊලඟ එපියෙන් හම්බෙමු.. ✍️ රාදි
❤️ 🤎 💗 🔜 😶 48

Comments