රාදි 🤎🍂
රාදි 🤎🍂
June 9, 2025 at 03:26 PM
"හහ්.. උබට රිදෙනවද.. අහන් ඉන්න අමාරුද.. ඒත් අහන් ඉඳපන්.. අන්න එහෙමයි මං උබට රිද්දන්නෙ.. ලොකූ ලංකාවෙන් යනකොට මට යන්තම් අවුරුදු හයයි.. උබ දන්නවද.. ලොකූ එන්නෑ කියලා දැනගත්තම මට සතියක් උණ හැදිලා හිටියා.. අවුරුදු හයක පොඩි එකෙක්ට දරන්න පුලුවන් තරමෙ වෙන්වීමක් නෙවෙයි මට උබ නිසා ලැබුනෙ.. සේරමත් හරි.. අපි හැමෝටම වැඩිය උබව වටිනවා කියලා නොකියා කියන ගමන් ලොකූ තමුසෙව තෝරගත්තු දවස.. ආයෙ ලංකාවට එන්නෑ කියපු දවස.. ඇත්තමයි මට උබව දකිද්දිත් තරහයි.. මාව පැත්තකින් තිබ්බත් අම්මලා.. අම්මා ලොකූ නැති එක ගැන කොයි තරම් දුක් වෙනවද කියලා දන්නවද.. නොකිව්වට චූටි කොච්චර වේදනාවෙන්ද ඉන්නෙ කියලා දන්නවද.. තමුසෙට නිකමටවත් හිතාගන්න බෑ අවුරුදු විසි දෙකකට පස්සෙ එදා එයාපෝට් එකේදි ලොකූව දැක්කම මට හිතුන දේවල්.. මං විඳපු වේදනාවට.. මට රිදුන රිදිල්ලට.. තමුන්ට සාංකේති. කවමදාවත් අම්මා කෙනෙක්ගෙ උණුහුමක් ලැබෙන්න හොඳ නෑ.." ඉතින් ඉවරයි.. කොයි තරම් ඉවසන් හිටියත් මගේ ඉවසීම පැන්නෙ බාප්පා අන්තිමට කියපු වචන ලඟ.. රතු වෙලා තියෙන ඇස් වලින් එලියට පනින්න ඔන්න මෙන්න තියෙන කඳුලු අමාරුවෙන් නවත්තගෙන මම බැලුවෙ බාප්පගෙ දිහා.. "ඉවරද.. කියලා ඉවරද.. තමුන්ට කියන්න ඕනෙ සේරම කියලා ඉවරයිද කියලා කියනවා සිහස්.." ඒ ඇස් දිහාම බලාගෙන බාප්පගෙ ෂර්ට් කොලර් එකෙන් ඇදලා අල්ලගන්න ගමන් මං එහෙම ඇහුවෙ ඇති හයියෙන් කෑගහලා.. කඳුලු වැටෙන්න නොදී ඇස් වල හිර කරගත්තු හින්දම උගුර මුලින් පටන් ගත්තු මහ ලොකු වේදනාවක් මගේ මුලු පපුවම හිර කරනවා.. ඒත් නෑ.. මං මේ මනුස්සයගෙ ඉස්සරහනම් කීයටවත් අඬන්නෑ.. "සේරම උනේ මං නිසා නේද.. හරි.. ඔව් මමත් පිලිගන්නවා.. සේරම උනේ මම නිසා.. තාත්තා මෙහෙ නැවතුනේ මම නිසා. ඔයාටයි අහස් බාප්පටයි නැන්දටයි අයියා කෙනෙක් නැති උනේ මම නිසා. සුදු ආච්චිට පුතෙක් නැති උනෙත් මම නිසා.. ඉතින් දෙයියන්ගෙ නාමෙට.. මට සමාවෙන්න බාප්පේ.. ඒත් ඔය මහලොකුවට කෑගහන තමුසෙ දන්නවද.. අවුරුදු විසි දෙකක්.. අවුරුදුම විසි දෙකක් මම මේ රටට වෙලා තට්ට තනියම ඉන්නවා.. තාත්තා ඇරෙන්න වෙන කිසි කෙනෙක් මට හිටියෙ නෑ.. ඔයාට නැති උනේ එක සහෝදරයෙක් විතරයි.. ඒ ඇරෙන්න මුලු පවුලක්ම ඔයා ලඟ හිටියා.. ඒත් මට.. මට කවුද හිටියෙ.. තාත්තා ඇරෙන්න කවුරුත්ම නෑ.. කතා කරන්න කවුරුත් නෑ.. ප්‍රශ්නයක් උනාම උදවු කරන්න කවුරුත් නෑ.. පවුලක් ඇතුලෙ මිනිස්සු ආදරේ කරන්නෙ ජීවත් වෙන්නෙ කොහොමද කියලා මම දන්නෑ.. අර සාරායි තාත්තයි නොහිටින්න මමත් මේ වෙද්දි පිස්සියෙක් වෙලා.. පවුලක් තිබිලත් ඒ පවුලෙ ආදරේ විඳින්න එයාලා එක්ක ජීවත් වෙන්න මට පිනක් නෑ.." හිතට ආව හැමදේම කියාගෙන කියාගෙන ඇවිත් මම එක තප්පරේකට නැවතුනේ මගේ හුස්ම හිරවෙනවා වගේ දැනුන නිසා.. ඒත් නෑ.. මේ හැමදේම අද මම කියලා ඉවර කරන්න ඕනෙ.. "මං කියන්නෙ.. මමත් ආසයි හැමෝම එකට ඉන්නවා බලන්න.. ඔයා හිතාගෙන ඉන්නෙ අවුරුදු ගානක් දුක් වින්දෙ ඔයා විතරයි කියලද.. දෙයියනේ මමත් විඳෙව්වා.. සමහරවිට තමුන්ටත් වඩා විඳෙව්වා.. තාමත්.. තාමත් කියන්නෙ මේ හැමදේකම වගකීම මට ගන්න කියලද ආ.. කියනවා.. කියනවා ඉතින්.." මං කෑගගහා එහෙම අහද්දිත් බාප්පා නක්කලේට වගේ හිනාවෙලා මගේ අත් දෙක එයාගෙ අත් දෙකෙන්ම දෙපැත්තට විසි වෙන්න තල්ලු කරලා දැම්මා.. "කොහොමත් හැමදේටම වගකියන්න් ඕනෙ තමුසෙ තමයි ඕයි.. තමුන් තමුන්ගෙ අම්මව මරාගත්තා.. අන්න ඒකයි මේ හැමදේකටම මුල.." දෙයියනේ.. මොනවද මට මේ ඇහෙන්නේ.. නපුරුම නපුරු බැල්මක් දාගෙන බාප්පා එහෙම කිව්වෙ මගෙ මූණටම එබීගෙන.. ආයෙමත් හුස්ම හිරවේගෙන එනවා දකිද්දි මම හයියෙන්ම හුස්ම ගන්න ගමන් බාප්පගෙ මූණ දිහා බැලුවෙ මොකද්ද මේකෙ තේරුම කියලා හිතාගන්න බැරි තැන.. "දැන් මොනවද අහිංසක පාටට බලන් ඉන්නේ.. මං කියන්නෙ ඇත්ත.. තමුන් තමයි මේ හැමදේටම වගකියන්න ඕනේ.. එදා තමුන්ගෙ බර්ත්ඩේ එක දවසෙ තමුන්ට පාක් යන්න ඕනෙ කිව්වෙ නැත්තන්.. යන අතරමගදි අර මගුලෙ බැලූන් එකක් අහුලන්න පාරට පැන්නෙ නැත්තන්.. එහෙනම් තමුසෙ යටවෙන්න ගියපු වාහනේට තමුසෙව බේරගන්න ගියපු තමුසෙගෙ අම්මා අහුවෙන්නෙ නෑ.. මගෙ අයියා අර වගේ තනි වෙන්නෙත් නෑ.. එහෙනම් මේ කිසිම ප්‍රශ්නයක් නෑ.. ඉතින් තමුසෙ නෙවෙයිනම් මේවට වැරදි කවුද කියලා කියනවා සාංකේති.. කියනවා.." "ම්.. මං.. මං.." තව තවත් හයියෙන් හුස්ම ගන්න ගමන් මං කල්පනා කරේ මට මේ ඇහෙන්නෙ මොනවද කියලා.. බලහත්කාරෙන් කඳුලු උහුලගෙන හිටපු ඉඳිල්ලට උගුරෙන් දැනෙන්නෙ මට කතා කරගන්නත් බැරි තරමෙ වේදනාවක්.. මුලු ඇඟම පණ නැති වෙලා.. මට හිතුනෙම දැන් දැන් මම බිමට ඇදගෙන වැටෙයි කියලා.. ඒත් ඊලඟ තප්පරේම මට දැනුනා මගේ ඉණ වටේට කාගෙ හරි අතක් එතෙන හැටි.. "Doll. What happend.. You look strange. Why do you look like this.." (ඩෝල්.. මොකද්ද උනේ.. ඔයා හරි අමුතුයි.. ඇයි ඔයාව එහෙම පේන්නේ..) ඉතින් ඒ ඇවිත් හිටියෙ වෙන කවුරුත් නෙවෙයි. ඇන්ඩ්‍රියායි සාරායි.. සාරා මාව වාරු කරගන්න අතරෙ ඇන්ඩ්‍රියා මගෙ ඔලුවත් අතගාලා එහෙම ඇහුවම ඉතින් කොහොමද මම තවත් කඳුලු හිර කරගෙන ඉන්නේ.. කොයි තරම් මෙතන අඬන්නෑ කියලා හිතන් හිටියත් තවත් මං ඉවසන් ඉන්නෙ කොහොමද.. ඉතින් මං සාරාට තුරුල් වෙලා ඉකි ගගහා අඬන්න ගත්තම ඒ දෙන්නත් බය උනාද කොහෙද.. " Mr. Sihas.. What did you say to Doll.. Whatever it is, you can't make her cry like this.. At least today, you should have stopped hurting her feelings. Becouse today is doll's birthday.." ( මිස්ටර් සිහස්.. ඔයා මොනවද ඩෝල්ට කිව්වෙ.. ඒක මොකක් උනත් ඔයාට බෑ එයාව මෙහෙම අඬවන්න.. මොකද අද එයාගෙ උපන්දිනය..) මගේ ඇඬිල්ලෙන් කලබල උන ඇන්ඩ්‍රියා ආයෙමත් බාප්පා දිහාට හැරිලා කෑගහන්න ගත්තම මම දැක්කා එයාගෙ හීනි වෙලා රතු වෙලා තිබ්බ ඇස් ඉබේටම ජිල්බෝල වගේ ලොකු වෙනවා.. "මෙහ්.. Th. That means.." (මෙහ්.. ඒ.. ඒ කියන්නේ..) "මට ඔයා කියපු හැමදේම ඇහුනා මිස්ටර් සිහස්.. හැමදේම.. ඉතින් දැන් ඔයා ඔය හිතන දේ.. Yes you're absolutely correct mr. Sihas.. Today is also her mother's remembrance day.." (ඔව්.. ඔයා හරියටම හරි මිස්ටර් සිහස්.. එයාගෙ අම්මගෙ මරණ සංවත්සරයත් අදම තමයි..) මගේ දිහාම බලාගෙන ඉන්න බාප්පා දිහාට රවාගෙන තරහා ගියපු කටහඬකින් සාරා ඒක කියද්දි මට තවදුරටත් එතන ඉන්න කිසිම විදියකට පුලුවන්කමක් තිබුනෙ නෑ.. මම එහෙමම දුවගෙන කොලේජ් එකෙන් එලියට ආවෙ සාරායි ඇන්ඩ්‍රියායි දෙන්නම මගේ නම කියලා කැගහනවා ඇහෙද්දිමයි.. ..........................................................♡ කොලේජ් එකෙන් එලියට ආව මම ටික වෙලාවක් එතනම හිටගෙන හිටියෙ යන්නෙ කොහෙටද කියලා හිතාගන්නම බැරි තැන. ඒත් ඉතින් අන්තිමේදි මට යන්න ඉතුරු එකම එක තැනක් විතරයි.. මගේ කඳුලු පිහදාන්න බැරි උනත් එයා මගේ කඳුලු දරාගනියි.. තනි කලු පාටින් දිලිසෙන බ්ලැක්‍ රෝස් බන්ච් එකකුත් අරගෙන මම යන්න ලෑස්ති උනේ වෙන කොහෙටවත් නෙවෙයි සෙමෙට්‍රි එකට.. අම්මා ලඟට.. ඇත්ත.. ඒ හැමදේටම වගකියන්න ඕනෙ මම.. මම.. මම නිසයි හැමදේම උනේ.. මම හින්දා.. හැමෝටම රිදුනේ.. මම නිසා.. ඒත් දෙයියනේ.. මම එතකොට අවුරුදු දෙකක පොඩි ළමයෙක්.. අවුරුදු දෙකක.. මට මොනවා තේරෙනවටද.. දෙයක් තේරුම්ගන්න පුලුවන් වයසක හිටියනම් මම කවදාවත් එහෙම කරන්නෑ.. ඇයි මම..... ඇයි.. මොකද්ද මගේ වැරැද්ද.. මම මෙහෙම ඉපදුන එකද.. ඒකද වැරැද්ද.. මං සෙමෙට්‍රි එක ලඟට ඇවිදන් ගියේ කොහොමද කියලවත් මට සිහියක් නෑ.. ඒත් අම්මගෙ සොහොන් කොත දැක්ක මුල්ම තප්පරේ ආයෙමත් මගේ ඇස් වලින් කඳුලු ගලන්න ගත්තෙ මටම හිතාගන්න බැරි විදියට.. "අම්..මා.. ඔයාගෙ රෝස මල ඔයාව බලන්න ආවා.. මේ.. ඔයා ආ..සම.. මලුත් අරන් ආවා.. අනේ මං ලඟට එන්නකො අම්මා.. මට.. මට ඔයා නැතුව ගොඩක් පාලුයි.. මට ඔයාව ඕනිනේ.. මං.. කොහොමද.. මේවා ඉවසන් ඉන්නෙ අම්..මා.. ඔයා දන්..නවද.. ශවී බෝයි.. එයාට ගොඩක්.. පාලු ඇ..ති.. එයාගෙ.. චූටි..හ්හ්.. ඔයා නැතුව එයාට.. පාලු ඇති.. අම්මා.. ඒ හැමදේම මගේ වැරදිනේ.. අනේ.. මට.. සමාවෙන්න අම්..මාහ්.. හැමදේම.. මම නිසා.. මම නිසා.. හැමදේම.. මට.. මම තමයි.. වැරදි.." කොච්චර වෙලාවක් ගියාද කියලා දන්නෙ නෑ.. මම මගේ හිතේ තියෙන හැමදේම අම්මත් එක්ක කිව්වා.. ඇති වෙනකල් ඇඬුවා. හිතේ දුක දිය කරලා දැම්මට පස්සෙත් මම තවත් වෙලාවක් එකදිගටම අම්මගෙ ෆොටෝ එක දිහා බලාගෙන හිටියෙ ඇහිපිල්ලමක්වත් නොගහා.. ඒත් ටික වෙලාවක් යද්දි මට දැනුනෙ පිටිපස්සෙන් ඉඳන් කවුරුහරි මගේ දිහා බලන් ඉන්නවා වගේ.. ඒත් කවුද.. මාව හොයාගෙන මෙතෙන්ට එන්නේ.. හිතේ සැකේට ආයෙමත් හැරිලා බලපු මම දැක්කේ කලිසම් සාක්කු දෙකට අත් දෙකත් දාගෙන හරිම අසරණ විදියට මගේ දිහා බලන් ඉන්න චූටි බාප්පව.. ඔහොම නෙවෙයි කොහොම බැලුවත් අද කියපු දේවල් වලටනම් එයාට මගෙන් කිසිම සමාවක් නෑ.. බෑග් එකත් අරගෙන හිටපු තැනින් නැගිටපු මම ලෑස්ති උනේ බාප්පව දැකපු නැති ගානට එතනින් යන්න.. ඒත් මං සෙමෙට්‍රි එකෙන් එලියට යන්න ඔන්න මෙන්න තියෙද්දි මගෙ ලඟට දුවගෙන ආව බාප්පා මගෙ අතින් අල්ලගත්තා.. "What the hell are you doing.. මාව අතාරිනවා.. පිස්සු හැදිලද.." " I'm sorry සාංකේති.. අහනවා.. මං දැනන් හිටියෙ නෑ අද තමුසෙගෙ බර්ත්ඩේ එක කියලා.. අඩුම තරමෙ අද අක්කගෙ ඩෙත් ඇනිවසරි එක කියලවත් මට ගානක් තිබුනෙ නෑ.." අක්කා... එයා පලවෙනි පාරට අම්මට අක්කා කියනවා ඇහුනෙ.. ඒ කියන්නෙ එයාට කොහොමත් තරහා තියෙන්නෙ මගෙ එක්ක තමයි.. ඒත් මට මෙයා එක්ක ඇයි කියන්න ඕනෙත් නෑ. හොඳයි කියන්න ඕනෙත් නෑ.. මං ආයෙමත් පාරක් එතනින් යන්න හැදුවත් බාප්පා හයියෙන්ම මගේ අත් දෙක අල්ලගත්තා.. "අහනවා සාංකේති. මට සමාවෙනවා.. I'm really really sorry. මං දැනන් හිටියනම්.." "ඇති ඇති.. නවත්තගන්න ඔය සමාවගැනිල්ල.. දැනන් හිටියනම් මොකද්ද.. දැනන් හිටියත් නැතත් කිසි වෙනසක් නෑනේ.. ඔයාට මාව පේන්න බෑනේ.. මං පිලිගන්නවා ඔයාට උන හැමදේකටම වැරදි මම.. මම ඉපදුන නිසානෙ මේ සේරම.. දැන් මට ඒකට මොකද්ද කරන්න කියන්නෙ.. මැ  රෙ  න්නද.. එතකොට සේරම විසඳෙනවනම් මම ඒකත් කරන්නම්.. ඔයාට ඕනෙ මාව රිද්දන්නනම් මං ඒකත් ඉවසන්නම්.. ඒත් දෙයියන්ගෙ නාමෙට මට දැන් යන්න දෙන්න.. අද මම ඉන්නෙ ඔය කිසිම දෙයක් දරාගන්න පුලුවන් මෙන්ටලිටි එකකින් නෙවෙයි.. ඔයාව ඉවසලාම මට දැන් හොඳටම මහන්සියි.. ප්ලීස්.." මං ඒ ටිකනම් කියලා දැම්මෙ අන්තෙටම අසරණ වෙලා... තවත් වෙලාවක් මේවා ඉවසගෙන ඉන්න තරම් හයියක් මට නෑ.. මං කෙඳිරිල්ලකින් වගේ එහෙම කිව්වම බාප්පට මාව අතෑරුනේ ඉබේටම වගේ.. තප්පර ගානක් එහෙමම මගේ දිහා බලන් හිටපු බාප්පා මගේ ලඟින් එහාට උනේ මට යන්න ඉඩ හදලා දෙන ගමන්.. ඉතින් මං තවත් තප්පරයක්වත් එතන නොරැඳී ආයෙම ආවෙ ගෙදර එන්න.. ..........................................................♡ "අහ්.. දෙන්නම එකටම ඇවිත්.. ඒකත් හොඳයි.. කෝ එන්න එන්න කන්න.." මං දොරෙන් ඇතුලට එද්දිම ලස්සන හිනාවක් දාගෙන ශවී බෝයි එහෙම කියද්දි මං උඩ බිම බැලුවෙ ඒ කියපු කතාවෙ තේරුම මොකද්ද කියලා.. දෙන්නෙක් කොහෙන්ද ආවේ.. ඒත් ඉතින් සෙමෙට්‍රි එකේ ඉඳන් මං එනවත් එක්කම බාප්පත් ගෙදර ඇවිත් කියලා මට තේරුනේ ආපහු පිටිපස්ස හැරිලා බැලුවම.. "ආයෙ ඉතින් දොර ලඟ හිටගෙන බලන් ඉන්නේ.. මෙන්න මෙහෙ එන්න කිව්වෙ දෙන්නටම.." "මට කන්න බෑ..." ඒක අපි දෙන්නම කිව්වෙ එකම වෙලාවක.. බාප්පා මගේ දිහා ඇස් කොනකින් බලනවා දැක්කත් මමනම් වැරදිලාවත් ඒ දිහා බැලුවෙ නෑ..  ඒත් ඉතින් ශවී බෝයි අපි දෙන්නම දිහා බලාගෙන ඇවිත් අපේ ඉස්සරහින් හිටගත්තම ඒ බැල්මෙන් මට තේරුනා අදනම් බඩු බනිස් කියලා.. "මොකද්ද උනේ.." එච්චරයි.. ශවී බෝයි ඇහුවෙ එච්චරමයි.. දෙයියනේ.. දැන්නම් ඉවරයි.. බයටම මාව වෙවුලනවා වගේ.. ඒත් මගේ කටින් වචනයක්වත් පිට උනේ නෑ.. ඒ විතරක් නෙවෙයි බාප්පත් සද්දයක් නෑ.. ඕකනෙ මං කිව්වෙ. කට කියෙව්වට මෙයා ශවී බෝයිට පට්ට බයයි.. "මං ඇහුවෙ මොකද්ද උනේ කියලා.." ඒ පාරනම් ශවී බෝයි ටිකක් හයියෙන් කෑගැහුවම මාව ගැස්සිලා ගියා.. "අයියෙ මේ.." "මම අද ප්ලේ කරපු මැච් එක පැරදුනා.. ඒකයි.." අර යකා මෝඩ හරකෙක් වගේ මොනාහරි විලම්බීතයක් කියන්න කලින්ම මං මැද්දට පැනලා එහෙම කිව්වා.. නැත්තන් මොනවා වෙලා තියෙයිද දන්නෑ ඊලඟට.. "මැච් එකක් පැරදුනා කියලද ඔය මූණු එල්ලගෙන ඉන්නෙ. එතකොට ඩෝල් ඔච්චර ඇඬුවෙත් ඒකද.. හ්ම්ම් හරි හරි.. ඒ කොහොම උනත් කමක් නෑ.. මගෙන් ගුටි නොකා දෙන්නම ඇවිත් කෑම කනවලා විකාර නොකර.." මං කියපු එක වැඩිය විශ්වාස නොකරන කටහඬකින් ශවී බෝයි එහෙම කිව්වම මං සද්ද නැතුවම අත් හෝදගෙන මේසෙන් වාඩි උනා.. නැත්තන් කන පලාගන්න තමා වෙන්නෙ ඊලඟට.. බාප්පත් සද්ද නැතුවම ඉඳගත්තෙ ඒක හින්දා වෙන්නැති.. "ඒක නෙවෙයි. ඔයාලට වැකේෂන් හම්බවෙනවා නේද ඩෝල් ටික දවසකින්.." "ම්ම්ම්ම්.. ටික දවසකින් නෙවෙයි අනේ.. අද විතරයි. හෙට ඉඳන්ම වැකේෂන් තමා.. ඔයානම් ඇත්තමයි ශවී බෝයි දැන් මගේ ගැන හොය...." මට මං කියන්න ගියපු එක කියලා ඉවර කරගන්නවත් බැරි උනේ එක පාරටම අපි තුන්දෙනාගෙම ෆෝන්ස් රිං වෙන්න ගත්තු හින්දා.. මේ මොකද මේ.. අපි තුන්දෙනාටම මූණට මූණ බැලුනෙ ඉබේටම වගේ.. කොහොමහරි මම බෑග් එකේ තිබුන මගේ ෆෝන් එක ගන්න යන ටිකට ශවී බෝයි කෝල් එක ආන්සර් කරලා.. ඒත් අනික් පැත්තෙන් ඊලඟට ඇහුන වචන ටිකටනම් මාව හිටපු තැනම ගල් වෙලා ගියා.. ..........................................................♡ මේ දවස් වල ආර්ථිකේ හිඳිලා නිසා ලෙසටම ඩේටා ප්‍රශ්න ළමයි.. ඒකයි මේ පරක්කුව.. ඔයාලා කතාවට දෙන අදහස් වලට ගොඩාක් ස්තූතියි හරිද. ඉස්සර වගේ හැම එකකටම වෙන වෙනම රිප්ලයි කරන්න බැරි උනත් මම ඒ ඔක්කොම කියවනවා.. පුලුවන් උන ගමන් මං රිප්ලයි කරන්නම්.. ඉතින් ඊලඟ එපියෙන් හම්බෙමු.. ✍️ රාදි
❤️ 😢 👍 💗 🔜 🤎 50

Comments