
Central College - Anuradhapura
May 15, 2025 at 10:38 AM
5 වැනි රාජධානි සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේදී පොළොන්නරුව රාජකීය විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 130ක පහසු ජයක් ලබමින් තරග ඉතිහාසයේ තම තෙවැනි ජය ලැබීමට අනුරාධපුර මධ්‍ය විද්‍යාලය පසුගිය දා සමත්විය.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පළමු වරට තෙදින තරගයක් ලෙස පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය හිමිකරගත් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඇරැයුමෙන් පළමුව පන්දුවට පහරදුන් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය සියල්ලන් දැවී ලකුණු 336 ක් රැස් කළේය. අංක 7 පිතිකරු නායක කවිඳු විමලසූරීය පන්දු 111 කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 124 ක් රැස් කළේය. පන්දුවෙන් දස්කම් දැක්වු ජිනාජිත් වීරමුණි ලකුණු 76 කට කඩුලු 6ක් දවාලීය.
පිළිතුරු ඉනිම දියත් කළ පොළොන්නරුව රාජකීය විද්‍යාලයට පළමු ඉනිම වෙනුවෙන් රැස්කරගත හැකිවූයේ ලකුණු 123ක් පමණි. එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූ කවිඳු විමලසූරිය ලකුණු 19කට කඩුලු 5ක් දවාලීය.
ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 213 ක් පසුපසින් සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ පොළොන්නරුව රාජකීය පිල ලකුණු 83 කට සීමා කිරීමට අනුරාධපුර මැදි විදුහල් පිලේ දහම් සෙනෙවිරත්න සහ නිර්මාල් තිලකසිරි ප්‍රධාන දායකත්වය සපයා තිබිණි.
පිත්තෙන් හා පන්දුවෙන් දස්කම් දැක්වූ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ නායක කවිඳු විමලසූරිය තරගයේ වීරයා සහ තරගයේ දක්ෂතම පිතිකරු ලෙස සම්මාන දෙකකට හිමිකම් කීය. පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ජිනාජිත් වීරමුණි තරගයේ දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන ලැබීය.
Credits : අද මව්බිම Newspaper
Template Design : Prabhashana Perera
https://www.facebook.com/share/19FG19KKRd/?mibextid=wwXIfr
#congratulations
#acc
#cbuacc
#battleofthekingdoms2025

❤️
❤
❤🔥
👍
💐
💚
🔰
😓
🥳
77