Central College - Anuradhapura
Central College - Anuradhapura
May 16, 2025 at 06:04 AM
ඔයා ඔයාගේ පාසල් පද්ධතිය අලංකාරව, ආරක්ෂිතව , විෂ ද්‍රව්‍ය වලින් තොරව පවත්වා ගැනීමට කැමති , පරිසරයට ආදරය කරන ACC දරුවෙක් ද 🌸💚 🌿ACC Clean Project 🌿යටතේ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන්ට විෂය බාහිර වැඩ වලට සම්බන්ධ වෙන්න පුළුවන්... 🍃📍 පරිසරය ආරක්ෂා කරනවා මෙන්ම ඔයාගේ වාර විභාග ඇගයීම් වලදී විෂය බාහිර ලකුනු ලබා දීම සදහා මෙම ව්‍යාපෘතිය ඇතුළත් වෙනවා 📝. 🍃එම ලකුණු ලබා ගැනීම සදහා පහත නිර්නායක ඔයා විසින් ක්‍රියාත්මක කල යුතුයි . 01. කුනු මල්ලක් යාවත්කාලීන කිරීම - ලකුණු 20 02. වාරයක් තුලදී පාසල් පද්ධතිය තුළ හෝ ඔයාගේ නිවස තුළ එකතුවන ප්ලාස්ටික් බෝතල් 20ක් ගෙනවිත් බෝතල් එකතු කරනයට දැමීම. - ලකුණු 20 03. ඔයාගේ පංතිය හෝ මිදුල පිරිසිදු කිරීමට ඇති දිනයේදී තමාගේ වගකීම නිසි ලෙස ඉටු කිරීම සහ පුටුව මේසය පිරිසිදුව තබා ගැනීම ( පංතිභාර ගුරුවරයාගේ අධීක්ෂණය මත) -ලකුණු 20 04. පංති කාමරය තුළ හෝ පාසල් පරිසරයේ එක් පැලයක් හෝ කිහිපයක් වාරය තුළ සිටුවා නඩත්තු කිරීම - ලකුණු 20 05. පාසල් පරිසරය අලංකාරව පවත්වා ගැනීම සදහා ඔබ විසින් සිදු කරන නව නිර්මාණශීලී ක්‍රියාකාරකමක් - ලකුණු 20 🍃මෙම ව්‍යාපෘතියට කැමැත්තක් දක්වන දරුවන් පහත whatsapp link එක මගින් group එකට එකතු වෙන්න. https://chat.whatsapp.com/IKTnMscR2lN8sxuFLT35xQ වැඩිදුර විමසීම් 1. නියෝජ්‍ය විදුහල්පති රේණුකා සමරසිංහ මිය 2. සහකාර විදුහල්පති උදය හපුගොල්ල මයා 3. සහකාර විදුහල්පතිවරුන් (6-7,8-9,10-11) 4. අංශ ප්‍රධාන ගුරුභවතුන් (6-11) 5. රුවන් දෙහිගම මයා 6. ඉමන්‍ති විජයරාජ මිය
Image from Central College - Anuradhapura : ඔයා ඔයාගේ පාසල් පද්ධතිය අලංකාරව, ආරක්ෂිතව , විෂ ද්‍රව්‍ය වලින් තොරව පව...
❤️ 🫡 👍 😂 🙂 21

Comments